ඒ කාලෙ 60,000ක් ද කොහෙද මැරුවලු නේ ඒව ගැන හොයන්ට කියපන්කො යහපාලනෙන් පුටලන්දෙ බසාත් ඉන්නෙ එකේ![]()
එයයි ප්‍රේමදාසයි කරපු දෙවල් තාමත් එහෙමම තමයි. වෙනසකට තියෙන්න් දැන් ප්‍රේමදාස මහත්තයා නැති එක.



ඒ කාලෙ 60,000ක් ද කොහෙද මැරුවලු නේ ඒව ගැන හොයන්ට කියපන්කො යහපාලනෙන් පුටලන්දෙ බසාත් ඉන්නෙ එකේ![]()



ඇත්තටම බැලුවොත් මාක්ස්වාදයේ කොහෙවත් කියල නැහැ ආයුධ අතට අරන් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් පෙරෙලල බලය ගන්න කියල. විජේවීර ලංකාවෙ කැම්පස් එකකට යන්න බැරුව රුසියාවෙ ගිහින් ආපහු ආවෙ තාත්තගෙ සල්ලිත් නැති කරල, උපාධියකුත් නැතිව. (බොරුද?)
ගෙනාවෙ කැම්පස් වෛරයක්. ඒ වෛරය නිසා 71දිත් 88/89දිත් සෑහෙන කොල්ලො කෙල්ලො ටිකක් නැතිකරල දැම්ම.
මැරුව 60000 මරුනේ විජේවීර ගෙ වරදින්ද? JRර් මහත්තයා බය උනේ මොකද JVP එකට? නිකන් කෑ ගහන නිසාද?

88/89 වෙච්ච දේට JVP එකටයි ඒකත් එක්ක තහනම් කරපු පක්ශ 5යි අත්තටම තහනම් කරේ රටේ ජාතිවාදය අවුස්සලද, නැත්තම් ඇත්ත කතා කරන්න ගිහින් ද?මැරුව 60000 මරුනේ විජේවීර ගෙ වරදින්ද? JRර් මහත්තයා බය උනේ මොකද JVP එකට? නිකන් කෑ ගහන නිසාද?
![]()

ඔය කියන JEPPO & 88-89 සිංහල කොල්ලන් සහ කෙල්ලන් 60000ක් මරා විජේවීර අල්ලා ගැනීමෙන් පසු මරදැමීම ගැන වගකීම භාර ගනිමින් පොත් ලියන්නට එක ජනරාල් කෙනෙකුටවත් කොන්දක් නැත. Road to Nandikadal ට වඩා විකිනෙනවා එහෙනම්!![]()
ඔව් අපි ගන්නවා තමයි. ඇයි jvp එක හමුදාවෙ පොලිසියෙ මිනිස්සුන්ගෙ ගෙවල්වල අය මරපුවා. Jvp එක කොටි එක්ක ඩීල් ගහන්න ගිය එකත් අපි දන්නවා. විජේවීර මැරුනම ප්‍රභාකරන් මැරිච්ච දවසෙ වගේ මිනිස්සු කිරිබත් කාලා තියෙන්නෙ. විජේවීරගෙ චින්තනයෙන් ඈත්වුන දවසට තමයි jvp එකට හරියන්නෙ



ජේවීපිය නිකන් කෑගහන පක්ෂයක් උනේ 94 ඉඳලනෙ. ඉස්සර තුවක්කු, කඩු කිනිසි තමයි. ඒකාලෙ ඔයා හිටියෙ නැද්ද?![]()



Den ethakota harima 'samajawadee kramaya' thienne
JVP ekeda?
Peratugamin lagada?

![]()
රෝහණ විජේවීර මහතා ඝාතනය කොට අදට අවුරුදු 27ක් පිරේ. ඔහු පිළිබඳව ලියවී ඇති ග්‍රන්ථ සංඛ්‍යාව සිය ගණනක් බවට සැකයක් නැත. ඔහු පිළිබඳව ලියවී ඇති ලිපි සංඛ්‍යාව දස දහස් ගණනක් බවටද කිසිදු සැකයක් නැත. ලංකා දේශපාලන වේදිකාවේ රඟ පෑ දේශපාලකයන් අතරින් වැඩිම සාකච්චාවට භාජනය වූ පුද්ගලයන් අතර රෝහණ විජේවීර ද එක් අයෙකු බවට සැකයක් නැත.
රෝහණ විජේවීර සුවිශේෂ පුද්ගයෙකු බව අමුතුවෙන් කිව යුතු නැත. ජවිපෙ සිටි හොඳම සංවිධායකයා මෙන්ම හොඳම කථිකයාද වුයේ ඔහුය. බොහෝ දේශපාලන පක්ෂවල නායකයනට එම දක්ෂතා දෙකම පිහිටා තිබුනේ නැත. පොත පත වෙනුවට යුක්තිය වෙනුවෙන් තුවක්කුව අතට ගැනීමට කුමන හෝ පීඩනයකට පත්ව සිටි බොහෝ තරුණයන් සුදානම් කිරීමට විජේවීරට හැකි වීම සුළු පටු දක්ෂතාවයක් නොවේ.
රෝහණ විජේවීර සිය දැක්ම වෙනුවෙන් ඉතා අවංකව කටයතු කළේය. ස්ටාලින් පන්නයේ සමාජවාදී රාජ්‍යයක් බිහිකිරීම ඔහුගේ අරමුණ වූ බව ඔහු අධ්‍යයන කිරීමෙන් එළඹ හැකි නිගමනයයි . ඒ සඳහා ඔහුගේ කැප කිරීම ලංකාවේ අනෙකුත් වමේ පක්ෂ වල නායකයන් හා සැසඳීමේදී ඉහලින්ම තිබු බවට කිසිදු දෙගිඩියාවකින් තොරව සඳහන් කළ හැක..
එකල ප්‍රධාන වමේ පක්ෂ වූ සම සමාජ පක්ෂයේ සහ කොමියුනිස්ට් පක්ෂයේ නායකයන්ට සමාජවාදී විප්ලවයක් කිරීමට කිසිදු උවමනාවක් නැති බවත් , කම්කරු පන්තිය පාවා දී ධනේශ්වර පාර්ලිමේන්තුව නමැති ඌරු කොටුවේ ලැගීම එකම අරමුණ බවත් කියා සිටියේය. 1953 හර්තාලය මගින් රාජ්‍ය බලය අත්පත් කර ගැනීමට අනගි අවස්ථාවක් උදාවූ බවත් ජනතාව එම අවස්ථාවේදී තව දුරටත් සටන් කිරීමට සුදානමින් සිටි නමුත් වමේ නායකයන් සටන් පාවා දුන් බවත් විජේවීර කියා සිටියේය. ඔහු වමට දැඩි ලෙස පහර දුන්නේ එම පක්ෂවල සිට අවංක පිරිස් තම පක්ෂය වෙත ආකර්ෂණය කර ගැනීමට පමණක්ම නොවේ.එම පක්ෂ සමග පුද්ගලික වෛරයක්ද විජේවීරට තිබිණ.
1971 පෙබරවාරි 29 දින හයිඩ් පිටියේ පැවති රැළියේදී ඔහුගේ කතාව සවන් දීමට මට අවස්ථාව ලැබිණ. එම කතාවේදී ඔහු වැඩි වශයෙන්ම පහර ගැසුවේ වමේ ප්‍රධාන පක්ෂ දෙකටය. මේ වන විට සිංහල ජනයා ජීවත් වූ ප්‍රදේශවල කැරැල්ලක් දියත් කිරීමට ඔහු පක්ෂය සුදානම් කොට තබා ගෙන සිටි බව එකල විවධ ස්ථානවල සිදුවූ කුඩා බෝම්බ පිපිරීම් වලින්ද , පොලීසිය විසින් නොකඩවාම ජවිපෙ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම් සිදුවීමෙන්ද පෙනී ගිය කරුණකි. විජේවීර එම රැළියේදී කතාව අවසන් කළේ මෙසේය.
![]()
"සමහරු අහනවා කවදද සමාජවාදී විප්ලවය කරන්නේ කියල . අපි ධනපති පන්තියට කියනව "උඹල කවදද මහා පරිමාණයෙන් අපිව මර්දනය කරන්න පටන් ගන්නේ . අන්න එදාට සමාජවාදී විප්ලවය සිද්ද වෙන බව අපි කියනව. සහෝදරවරුනි ! රුසියානු විප්ලවයේදී අවුරෝරා නැව සාර්ගේ සීත මාලිගාවට කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කරලයි විප්ලවය ආරම්හ කළේ . විජයබා නැව ලංකාවේ අවුරෝරා නැව වේවායි මා කියා සිටින්නට කැමතියි. ....කම්කරුවන්ගේද , ගොවියන්ගේද , සෙබළුන්ගේද තරුණයන්ගේද ශිෂයන්ගේද සමාජවාදී විප්ලවයට ජයවේවා .! "
1971 කැරැල්ල පරාජයට පත් වීමෙන් පසු දස දහසකට අධික රජයට භාරවූ අතර ඔවුහු නොමග ගිය තරුණයන් ලෙස නම් කළ ආණ්ඩුව විද්‍යෝදය සහ විද්‍යාලංකාර විශ්ව විද්‍යාලවලට රැඳවුම් මධ්‍යස්ථාන බවට පරිවර්තනය කොට එහි කොටු කරනු ලැබිණ. කැරැල්ලේ නායකයන් මැගසින් බන්ධනාගාරයේ සිරකරනු ලැබිණ. ඇතැමෙකු රැඳවනු ලැබුවේ දිවයිනේ වෙනත් ස්ථානවලය.
![]()
එකී ස්ථානවල රැඳ වීමෙන් පසු ජවිපෙ කල්ලි කණ්ඩායම් ගණනකට බෙදින . බහුතරය රෝහණ විජේවීරට විරුද්ධ වුහ. විජේවීර සමග ඉතිරිවූයේ කුඩා පිරිසකි. ඉදිරියේදී පැවත්වීමට නියමිතව තිබු නඩු විභාගයේදී තමන් කැරැල්ලක් නොගැසූ බවත් ආයුධ එකතු කලේ මර්දනයට මුහුණ දීමට බවත් කීමට විජේවීර කණ්ඩායම තීරණය කළහ. රාජ්‍ය බලය ඇල්ලීමට තමන්ගේ කිසිදු සුදානමක් නොතිබුණු බවත් කැරැල්ල දියත් කලේ තමන්ට විරුද්ධ ලොකු අතුලගේ කණ්ඩායම බවත් කීමටද ඔවුහු තීරණය කළහ.
1977 හිර ගෙදරින් නිදහස් වීමෙන් පසු පක්ෂයට එක්වන සාමජිකයනටද විජේවීර කිව්වේ එම කතාවමය. පාක්ෂිකයන්ට බොරු කීම වැරදි බවට මතයක් පක්ෂයේ ඉහල මට්ටමේ ඇති වූ අතර එය අවසන් වුයේ එම මතය ගෙන ගිය කෙලී සේනානායක පක්ෂයෙන් නෙරපා හැරීමෙනි.
විජේවීර හිරගෙදරින් නිදහස් වීමෙන් පසු පළමු රැළිය පවත්වනු ලැබුවේ කොළඹ නගර සභා පිටියේය. එම රැළිය සංවිධානය කලේ විජේවීරට පෙර හිර ගෙදරින් නිදහස් වූ කෙලී සේනානායක ඇතුළු පිරිසකි. එම රැළිය බැලීමට මා සැතපුම් 50කට අධික දුරක් ගෙවාගෙන ගියේ විජේවීර ගැන මා සිත තුළ තිබු භක්තිය නිසාය.එම රැළියේදී විජේවීර කිව් එක් කරුණක් මෙහි සඳහන් කිරීමට කැමතිය. " මීට පස්සේ අපි ආයුධ එකතු කරන්නේ නැහැ , බෝම්බ හදන්නේ නැහැ . බෝම්බ වලට වැඩිය භයානක දෙයක් අපි හදනවා. ඒ මිනිස්සු ."
![]()
විජේවීරගේ එම කතාව මට ඇල්ලුවේ නැත.ආයුධ නොමැතිව විප්ලවය කරන්නේ කෙලෙසද ? ඊට මසකට හමාරකට පමණ පසු මට විජේවීර හා කතා කරන්නට අවස්ථාව ලැබුණි. "මොකක්ද මේ ආයුධ එකතු කරන්නේ නැති කතාව" ? මා ඇසීමි " විජේවීර දුන් පිළිතුර මෙසේය. එකට හේතුව මේකයි අපේ පක්ෂෙට බැඳුණු අලුත් සහෝදරයෙකු ගේ ගෙදරට ගිහින් පොලිස් කාරයෙක් කියල තියෙනවා -ඔය ලමයට ජේවීපී එකට යන්න දෙන්න එපා. ඔය ළමය ලවා තව ටික දවසක් යන කොට බෝම්බ හදවන්න පටන් ගනීවි-. ඉතින් මිනිස්සුන්ගේ බය අරින්න එපැය . ඒ නිසයි මන් එහෙම කිව්වේ."
පහත දැක්වෙන්නේ ලෙනින්ගේ ප්‍රකාශයකි . එය මෙසේය.
"විප්ලවකාරී තත්ත්වයක් මෝරා නොමැති පරිසරයක් තුළ විප්ලවයක් සිදු කළ නොහැක. එපමණක් නොවේ. සෑම විප්ලවකාරී අවස්ථාවක්ම විප්ලවයක් දක්වා ගමන් කරන්නේද නැත..
![]()
ලෙනින්ගේ ඉහත ප්‍රකාශය සමග 1971 අප්‍රේල් කැරැල්ල දියත් කරන ලද පරිසරය ගැන විමසීමේදී එම අවස්ථාවේ විප්ලවයක් දියත් කරනු තබා සාර්ථක පෙළපාලියක් යාමට සුදුසු පරිසරයක්වත් ගොඩ නැගී තිබුනේ නැත. සිරිමා බණ්ඩාරනායක සම සමාජ සහ කොමියුනිස්ට් පක්ෂ සමග හවුල් ආණ්ඩුවක් ගොඩ නගා රට පාලනය කරන්නට පටන්ගෙන මාස 11ක්වත් ගතවී තිබුනේ නැත. 71 කැරැල්ලේදී පොලීසි ආරක්ෂා කරන්නට ගියේ ආණ්ඩුවට හිතවත් මහජනයාය. කොටින්ම කැරැල්ල ගැන මිනිස්සු දැන් ගත්තේ අප්‍රේල් 6 වනදාය. පැනයන කැරලි කරුවන් අල්ලා දීමට ඉදිරිපත් වුයේද මහජනයා ය.
ස්ටාලින් පන්නයේ සමාජවාදී රාජ්‍යයක් තමා මැදියම් වයසට යාමට පෙර පිහිටුවීම විජේවීරගේ අභිප්‍රාය වූ අතර ඔහුගේ සිහිනය ඉටු කර ගැනීම සඳහා සුදුසු අවස්ථාව එන තුරු බල සිටියේය. 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ඊට කදිම අවස්ථාවක් නිර්මාණය වී ඇතැයි විජේවීර නිගමනය කළේය. පළාත් සභා ඊළාම් රාජ්‍යයක් නිර්මාණය වෙන බව ප්‍රකාශ කළ ජවිපෙ එයට විරුද්ධව දියත් කළ කැරැල්ලක් ගැසීමෙන් මහජනයගේද සන්නද්ධ හමුදාවල සහය ලැබ ගත හැකි වනු ඇතැයි විජේවීර උපකල්පනය කළේය.
1988 වසර මැතිවරණ රැසකින් පිරි වසරක් විය. පළාත් සභා මැතිවරණ ගණනවක් තිබුණු අතර නොවැම්බර් මස ජනාධිපතිවරණය පැවැත්විණ. මෙම මැතිවරණ ප්‍රතික්ෂේප කරන ලෙස ජවිපෙ මහජනයාට නියෝග කළ අතර එම නියෝග කඩ කරන්නට මරණ දඩුවම හිමි වෙන බව ප්‍රකශ කළේය. එහෙත් චන්ද දායකයන් 55%ක් අධික පිරිසක් 88 ජනාධිපතිවරණයේදී චන්දය පාවිච්චි කළහ. ඒ අතර හොර චන්ද දැමීම් විශාල වශයෙන් සිදුවුයේ යු එන් පී විරෝධීන් චන්දය දැමීමට චන්ද පොලට යාමට බියවූ බැවිනි . අවසානයේදී ජවිපෙට මරු කැඳවූ ප්‍රේමදාස බලයට පත්වුයේ ජවිපෙ මරණ තර්ජනය නිසා යුඑන්පී විරෝධීන් චන්දය පාවිච්චි බෙහෙවින් අඩු වූ නිසාය. UNP කල්ලි රාත්‍රී කාලයේ මහපාරවල ජවිපෙ සටන් පාඨ ලියමින් තව දුරටත් ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයන් බිය ගන්වුහ.
ජනාධිපතිවරණයේදී විපක්ෂයේ අපේක්ෂක සිරිමා බණ්ඩාරනායකට වඩා රණසිංහ ප්‍රේමදාසට ලැබුණු චන්ද සංඛ්‍යාව 279339ක් පමණකි. තුන්වෙනි අපේක්ෂකයවූ ඔසී අබේගුණවර්ධන 235719ක් ලැබීය. විජේවීර මහතා ඥාණ වන්තයෙකු වුයේ නම් කළ යුතුව තිබුණේ තමන්ගේ පාක්ෂිකයන් මුහුණ දෙමින් සිටි නියත මරණයෙන් බේරා ගැනීම සඳහා සිරිමා බණ්ඩාරනායක මහත්මියට සහය දීමය. JR ගේ ඒකාධිපති පාලනයෙන් හෙම්බත්වී සිටි මහජනයාට අවශ්‍යව තිබුනේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා පරාජය කිරීමටය. එහෙත් මෙම චන්ද වර්ජනයට පින් සිදු වන්නට R. ප්‍රේමදාස බලයට පැමිණි අතර උතුරේ යුද්ධයෙන්ද දකුණේ කැරැල්ලෙන්ද මැදිව සිටි ප්‍රේමදාස ජවිපෙ සමග අවබෝධයක් ඇති කර ගෙන හුස්ම ගැනීමට ඉඩක් සලසා ගැනීමට උත්සාහයක්ද දැරුවේය. ඒ සඳහා ආරම්භක පියවරක් වශයෙන් අත් අඩංගුවට ගෙන සිටි ජවිපෙ නායකයෙකු වූ ශාන්ත බණ්ඩාර ඇතුලු පිරිසක් සාමාජිකයන් රැසක්ද නිදහස් කළේය. සාම සාකච්චා කිරීම සඳහා ජවිපෙට ආරාධනා කළේය. එහෙත් විජේවීර ප්‍රමුඛ ජවිපෙ ප්‍රේමදාසගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ගල්කටස් යුද්ධයේ නිමග්න විය.
![]()
මාර්ක්ස්වාදීන් ඉතිහාසයෙන් උගනිති. පැරිස් කොමියුනය කඩා වැටීමට හේතු මාක්ස් ලීවේ සමකාලීන සහ පශ්චාත් විප්ලවාදීනට ඉගැනීමටය. 1905 අසාර්ථක විප්ලවයෙන් ඉගෙනගත් යුතු දෑ ලෙනින් කීවේය . ලීවේය . එම අත්දැකීම හරහා 1917 දී බලය ලබා ගැනීමට ලෙනින් ප්‍රමුඛ බෝල්ෂෙවික් පක්ෂයට හැකි විය. 1955 මොන්කාඩා ප්‍රහාරය අසාර්ථක වීමෙන් ඉගෙන ගත් පාඩම් පිදෙල් කස්ත්‍රෝට 1959 කියුබාවේ රාජ්‍ය බලය ලබා ගැනීමට ඉවහල් විය. මහජන සහය නොමැතිව විප්ලවාදී කණ්ඩායමකට තුවක්කුවේ බලයෙන් රාජ්‍ය බලය ලබා ගත නොහැකි බව චේ ගෙවාරා බොලීවියාවේදී මරණය වැලද ගනිමින් ලෝකයේ විප්ලවදීන්ට කියා දුන්නේය. එහෙත් විජේවීර මහතා 71 කැරැල්ල අසාර්ථක වුයේ ප්‍රධාන වශයෙන්ම මහජන සහය නොමැතිවීම නිසා බව නිගමනය කිරීමට අසමත් විය ඔනෑම කරුණක් සම්බන්ධයෙන් සියලු පැතිකඩ දෙස බලා විග්‍රහ කර ගැනීමේ හැකියාව තිබු රෝහණ විජේවීර මහතාට බලය ලැබ ගැනීම සඳහා තිබු හදිසිය විසින් යථාර්තය දැකීම වලක්වනු ලැබීම නිමා වුයේ අඩු වශයෙන් තම පාක්ෂිකයන් 40000 ට වේදනාත්මක මරණ අත් කර දෙමින් පමණක් නොවේ. බහුතරයක් මිනිස්සුන්ට සමාජවාදය ද අප්‍රිය කරවමිනි.
2005 ජනධිපතිවරණය වර්ජනය කරන ලෙස ප්‍රභාකරන් නියෝග කිරීම හේතුකොට ගෙන මහින්ද රාජපක්ෂ බලයට පැමිණි අතර සාම සාකච්චා සඳහා කල ඉල්ලීම් ප්‍රභාකරන් ප්‍රතික්ෂේප කළේය .2009 දී ප්‍රභාකරන්ට මරණය උරුම කර දුන් රාජපක්ෂට බලයට ඒමට ප්‍රභාගේ චන්ද වර්ජනය ප්‍රධානතම හේතුව විය .1988 ජනාධිපතිවරනයෙදී නිදහසේ චන්දය පාවිච්චි කිරීමට විජේවීර ඉඩ නොදීමේ ප්‍රතිපලය ලෙස ප්‍රේමදාස ජනාධිපති විය. අවසානයේදී විජේවීර මැරීමට නියෝගය දුන්නේද තමන්ගේ අනියම් සහයෙන් බලයට පැමිනි ප්‍රේමදාසය.
හොදයි නම් බම්ප් එකක් දාගෙනම යන්න.
මම කොහොමත් JVP කාරය. තව දාන්නම්.![]()




විජේවීර ලංකාවෙ කැම්පස් ගිය එකෙක්ද? නෑනෙ. ඌට තිබුනේ ලංකාවෙ කැම්පස් යන උන් එක්ක වෛරයක්. ඒ නිසා තමයි අදටත් ජේවීපිය කැම්පස් වල වලි වලට මුල්වෙන්නෙ.
ඔය පුකේවීර කියන එකාව රුසියාවේ ලුමුම්බා විශ්ව විද්‍යලය බෙදන්න ගිහින් පුකට ගහල පැන්නුව. මෙකවුනේ 1963දී





විජේවීර ලංකාවෙ කැම්පස් ගිය එකෙක්ද? නෑනෙ. ඌට තිබුනේ ලංකාවෙ කැම්පස් යන උන් එක්ක වෛරයක්. ඒ නිසා තමයි අදටත් ජේවීපිය කැම්පස් වල වලි වලට මුල්වෙන්නෙ.
That's just your hatred speaking bruh!
He worked through his medical studies well up to third year and furthermore obtained a distinction in political economics in 1963. In late 1963 he suffered from illnesses and received medical treatment from a hospital in Moscow but finally he requested a full academic term of medical leave and returned to Ceylon.
![]()