වසර 23 ක් සම්පූර්ණ වුවද රෝහණ
විජේවීර ඝාතනය අදටත් අබිරහසකි
ඉල්මහ විරු සැමරුම බොරු සෝබනයක් නොවන්නට නම්......·
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ මෙන්ම විප්ලවවාදී දේශපාලනය පිළිබඳ ප්‍රබල නායකයා ලෙස ඉතිහාසයට එක්ව සිටින රෝහණ විජේවීර ඝාතනය වී මෙම 13 වන දිනට වසර 23 ක් සපිරේ. විජේවීරගේ ඝාතනය පිළිබඳව ගොඩනැගී තිබෙන ප්‍රවාද, කටකතා මෙන්ම ඔහුගේ විප්ලවීය චරිතයද සත්‍යයම නොවන බව මෙම ලියුම්කරු කියා සිටියි. අර්නස්ටෝ ෙච් ගුවේරාට ඉටුවූ යුක්තිය රෝහණ විජේවීරට ඉටු නොවූ බව ලියුම්කරු චෝදනාවක්ද කරයි. අප ඔහුගේ විග්‍රහය ඔබ අතට පත් කරන්නේ සැබැවින්ම විජේවීර පිළිබඳ සත්‍යය ඉතිහාසයට එක්වීම සාධාරණ යෑයි හැඟෙන නිසාය. විජේවීර සමග සමීපව සිටි අය අදත් සිටිති. මේ ඓතිහාසික වගකීම, ඉටු කිරීමට ඔව්හු සූදානම් වෙත්ද? ඉල් මහ විරුවාණන්ට මලින් පුදන ජ. වි. පෙ සගයන්ටද මේ වගකීමෙන් නිදහස් විය නොහැක.
ජනතා විමුක්ති පෙරමුණ නම් වූ පක්ෂය බිහිකළ රෝහණ විජේවීර නම් වූ සුවිශේෂී විප්ලවවාදියාද, එම පක්ෂයේ අරමුණු වෙනුවෙන් සිය නායකයා සමග උරෙන් උර ගැටී ක්‍රියා කළ උපනායක උපතිස්ස ගමනායක නම් සටන්කාමියාද කුරිරු ලෙස ඝාතනයට ලක්ව මෙම වසරේ නොවැ( 13 දිනට සහ 14 වැනි දිනට වසර 23 ක් සපිරෙයි. පෙරමුණේ සිටි ඉහළම නායකයන් ගෙන් වැඩි දෙනෙකු ඝාතනය කෙරෙන්නේද නොවැම්බරයේදීය. එම නිසා ඉල්මහ සමරුව නමින් සැමරුමක් පවත්වන ජ. වි. පෙරමුණ මිය ගිය සිය නායකයන් සහ සාමාජිකයන් සිහිපත් කරන්නේය. ඒ ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙනි.
මෙම වසර 23 පුරාම නොවැ. 13 දිනට ආසන්නතම දිනයක රෝහණ විජේවීර චරිතය අළලා ප්‍රධාන පුවත්පත් බොහොමයක ලිපියක් පළවීම සිරිතක් වී තිබේ. වසර 23 ක් පුරාම පළැවී ඇත්තේ මඳ වශයෙන් වෙනස් වූ එකම කරුණු රැගත් එකම කථාවය. ඊට අමතරව ඇතැම් පුවත්පත් දේශප්‍රේමී සන්නද්ධ අරගලය මර්දනය වී ජ. වි. පෙ. නායකයන් ඝාතනය වූ හැටිද, රෝහණ විජේවීර අත්අඩංගුවට ගෙන ඝාතනය කළ සැටි ද බොරැල්ල ආදාහනාගාරයේදී පුළුස්සා දැමූ හැටිද, උපතිස්ස ගමනායක අත්අඩංගුවට ගත් ආකාරය ගැනද වරින් වර වාර්තා පළකොට ඇත.
රටේ ජනතාව සේම ජ. වි. පෙ. සාමාජිකයන් සේම හිතවතුන් දන්නේද මාධ්‍යවේදීන් විසින් සොයා දැනගෙන හෙළිදරව් කළ එම කථා පුවත්ය.
ඒ අප රටේ මුද්‍රිත මාධ්‍ය වූ පුවත්පත් ඉටු කළ දේය.
ඒ හැරෙන්නට එම ඝාතනයන් සිදුවූ ආකාරය ගැන ජ. වි. පෙ අද වෙනතුරු කටක් ඇර නැත. හෙවත් රටේ ජනතාවට සහ තමන්ගේ පක්ෂ සාමාජිකයන්ටවත් කිසිදු නිල ප්රකාශනයක් කර නැත. එය මහා අබිරහසකි. බරපතළ වූ වැරැද්දකි. එබැවින් එම ඝාතනවලට සම්බන්ධ අසත්‍ය ප්‍රබන්ධ කථා සත්‍ය කථා සේ සමාජගතවී ඉතිහාසයේද ලියෑවෙමින් පවතී.
උලපනේ ශාන්ත මේරි වතුයායේ නිවසක විජේවීර පදිංචිව සිටින බව ආරක්ෂක අංශ දැනගත්තේ මහන මැෂිමක් මිලදී ගත් බිල් පතක් අසුවීම නිසාය යන්න එවැන්නකි. එය පට්ටපල් බේගලයකි. එසේම එය ආරක්ෂක අංශවලට හිමිනැති වටිනාකමක් ලබා දීමකි.
විජේවීර අල්ලා ගත්තේ මහන මැෂිමේ බිල්පත නිසා නම් ගමනායක අල්ලා ගත්තේ මොන බිල්පත අසුවීම නිසාද? ඊට ආසන්න දිනවලම පියදාස රණසිංහ, එච්. බී. හේරත් හා වනසිංහලා අත්අඩංගුවට ගන්නේ මොන බිල්පත් අසුවීමෙන්ද?
මේ නායකයන් සියලු දෙනාම අත්අඩංගුවට පත් වෙන්නේ මහා පාවාදීමකිනි. පුවත්පත් හෙළිකළ පරිදි ජ. වි. පෙ. ඉහළම මණ්ඩලය වූ දේශපාලන මණ්ඩලයේ (PB) සිට එච්. බී. හේරත් සහ ඩී. එම්. ආනන්ද විසින් එම පාවාදීම කර තිබේ.
එසේ නම් පක්ෂයට මහත් විනාශයක් අත්කරදුන් ඔවුන් දෙදෙනා "ජුදාස්"ලා වී 1987 - 89 අරගලයේ අංක එකේ ෙද්‍රdaහීන් ලෙස බෞතීස්ම විය යුතුය.
1971 කැරැල්ලේදී සේකරලා දෙදෙනෙකුද අතුලලා දෙදෙනෙකුද පාවාදීම් කළ ෙද්‍රdaහීන් වශයෙන් හංවඩු ගසා ඇත.
එහෙත් ජ. වි. පෙරමුණ හේරත් සහ ආනන්ද ෙද්‍රdaහීන් වශයෙන් කිසි තැනක හඳුන්වන්නේ නැත.
1989 නොවැ( 12 වැනි දින උදැසන රෝහණ විජේවීරයන්, උපතිස්ස ගමනායක සහ සමන් පියසිරි ප්‍රනාන්දු යන සගයන් දෙදෙනා සමග විශේෂිත (රහස්) රැස්වීමකට එන්නේ සුවිශේෂී තීරණයක් ගැනීම සඳහාය. නිවසින් පිටවීමට සුදානම් වූ විජේවීර තමන් දින කිහිපයකට නිවසට නොපැමිණෙන බව සිය බිරිඳ වූ ශ්‍රීමතී දැනුවත් කළේය. එසේ කියා ගිය විජේවීරලා දහවල් වනවිටම නැවත නිවසට පැමිණියහ. රහසිගත රැස්වීම නොපවත්වා ඔවුන් නැවත පැමිණියේ එම රැස්වීමට ඒමට නියමිතව සිටි දේශපාලන මණ්ඩල සගයන් දෙතුන් දෙනෙකු නොපැමිණීම හේතුවෙනි. එයින් ඇඟවෙන්නේ ඔවුන් ආරක්ෂක අංශ අතට පත්ව ඇති බවකි. අනෙක් විශේෂිත කරුණ නම් ඒ වනවිට දේශපාලන මණ්ඩලයෙන් ඉවත් කර (යම් බරපතළ චෝදනාවක් හේතුවෙන්) ඇති නමුත් පක්ෂයේ සිටින නායකයෙකු දින කිහිපයක සිට ආගිය අතක් නොමැතිව අතුරුදන්ව සිටීමයි.
උලපනේ විජේවීරගේ නිවසේදී තිදෙනා එක්ව කළ කෙටි සාකච්ඡාවකට පසුව ගමනායක සහ සමන් පියසිරි වහා පිටත්ව ගියහ.
රෝහණ වීජේවීර හමුදා අත්අඩංගුවට පත්වන්නේ එදිනම දහවල් දෙකට පමණය. (නොවැ( 12 දින) බණ්ඩාරගම සිය නිවසට පැමිණි ගමනායක පසුදා උදැසන සාකච්ඡාවක් සඳහා මීරිගම ප්‍රදේශයට ගියත් එයද අවලංගු වූ නිසා සවස තුනට පමණ සිය නිවසට පැමිණෙන්නේය. ඊයේ සවස තම නායකයා ආරක්ෂක අංශ ග්‍රහණයට පත්වූ පුවත ඔහු නොදනියි. ගමනායක සිය නිවසට පැමිණ පැයක් දෙකක් ගත වෙන්නටත් ප්‍රථම නිවසට කඩා විදින හමුදා කණ්ඩායමක් විසින් ඔහුද අත්අඩංගුවට ගනු ලැබෙයි.
කලින් සැලසුම් කළ රැස්වීම් පැවැත්වීමට හැකිවූයේ නම් විජේවීර හා ගමනායක මේ කියන වේලාවල්වල තම නිවෙස්වල රැඳී සිටින්නේ නැත. ඔවුන් දෙදෙනා නැති වේලාවක නිවෙස් වටකර හමුදාවට හිස් අතින් යන්නට සිදුවී නම් ඉන්පසු විජේවීර, ගමනායක සොයා ගැනීමට කිසිදාක අවස්ථාවක් නොලැබෙන්නට තිබුණි.
එබැවින් විජේවීර ගමනායක අත්අඩංගුවට පත්වීමේ පුවතේ යම් දෛවෝපගත බවක්ද රජයටත් හමුදාවටත් යම් "වාසනාවක්" තිබූ බවද බැලූ බැල්මට පෙනෙන්නේය.
එහෙත් හමුදාව පැමිණියේ ඔවුන් දෙදෙනා නිවෙස්වල සිටින බව නිශ්චිතවම දැනගෙනය. හමුදාව එවැනි හපන්කමක් කළේ පාවාදෙන්නාගේ සෘජු මඟ පෙන්වීම මතය. ප්රශ්නය, මේ ඉතිහාසගත මහා පාවාදීම කළේ කවුරුන්ද යන්නය.
ජ. වි. පෙ. ඒ ගැන රටේ ජනතාවට තබා පක්ෂයේ සාමාජිකයන්ටවත් කිසිදු පැහැදිලි පිළිතුරක් මේ දක්වාම ලබාදී නැත. සතාසිවම් නඩුවේ මිනීමැරුමට වැරැදිකරු වූයේ වංගෙඩිය මෙන් රෝහණ වීජේවීර අල්ලා දුන්නේ මැෂිමේ බිල්පත යෑයි විශ්වාස කිරීමට ජ. වි. පෙ. පැරැණි සාමාජිකයන් සුදානම් වූයේ නැත. ප්‍රතිඵලය වූයේ දේශීයවද විදේශගතවද සිටි ජ. වි. පෙ. පැරැණි සාමාජික හිතවතුන් ආකාර දෙකකට පක්ෂයට අහිමිව යාමය. 1. කලකිරීම නිසා ඉවත්වීම, 2. නායකත්වය දැඩිව ප්‍රශ්න කිරීම නිසා ඉවත් කිරීම. (උදා. ජ. වි. පෙ. ලන්ඩන් ශාඛාව විසුරුවා හැරීමට එක් හේතුවක් වූයේ මෙම ප්‍රශ්න කිරීමය.)
විජේවීර, ගමනායක ප්රමුඛ පළමු දේශපාලන මණ්ඩලය පමණක් නොව, සමන් පියසිරි, උපාලි ජයවීර, ශාන්ත බණ්ඩාර ඇතුළු දෙවන දේශපාලන මණ්ඩලයද පාවා දුන්නේ කව්ද? ඔවුන් ඝාතනයට ලක් කළේ කෙසේද? කවුරුන් විසින්ද? කියා සොයා ගැනීමට අවශ්‍ය නම් රටේ මාධ්‍යවේදීන්ට වඩා ඊට හැකියාව හා සම්පත් ඇත්තේ ජ. වි. පෙ. ටය. එහෙත් මේ වසර 23 පුරාම ජ. වි. පෙ. ට එහෙම වුවමනාවක් ඇතිවී නැත.
එසේම ජ. වි. පෙ. වත්මන් නායකයා විදේශගතවී සිටි කාලයේදී රෝහණ විජේවීර, ගමනායක ඝාතනය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා නඩුවක් පැවරීමට හැකියාව තිබූ නමුදු එවැන්නක් නොකළ අතර දේශීයවද කොමිසමක් පත්කර ඝාතන ගැන හොයා බලන්නැයි කිසිදු රජයකට බලකිරීමක් කළේද නැත.
එහෙත් සාමාන්‍ය පුද්ගලයන් පවා එසේ කර තිබේ. 1986 දී තරුණයෙකු පැහැර ගෙන ගොස් මරා දැමීයයි හමුදා නිලධාරී චාගි ගාල්ලගේට විරුද්ධව නඩුවක් පැවරීම එක් උදාහරණයකි.
රෝහණ විජේවීර ඝාතනයට විරුද්ධව නඩුවක් පැවරීමට පසු කලෙක හෝ ජ. වි. පෙ. ට උවමනාවක් තිබුණේ නම් ඊට අවශ්‍ය ප්‍රබල සාක්ෂි දෙකක්ම තිබිණ.
පළමුවැන්නා, විජේවීරගේ අවසන් කථාව වීඩියෝ ගත කළ. ඔහුගේ දෙනෙත බැඳ අරගෙන ගියේ කුමන හමුදා - පොලිස් නිලධාරීන්දැයි සියෑසින් දුටු ජ. වි. පෙ. හිතවතෙකුද වූ ඉන්ද්‍රානන්ද ද සිල්වාය.
දෙවැන්නා, මහ රෑ තම නිවසට පැමිණි හමුදා පොලිස් නිලධාරීන් හඳුනාගත්, විජේවීර දවා අළු කිරීම සියෑසින් දුටු බොරැල්ල කනත්තේ ආදාහනාගාරය ක්රියාකරවූ තැනැත්තාය. මරණ සහතිකයක් නැති මළසිරුරක් නීත්‍යානුකූල පොදු ආදාහනාගාරයක දැවීම නීතිවිරෝධී ක්‍රියාවකි. හදිසි නීතිය යටතේ වුව හමුදා පොලිස් නිලධාරීන් බරපතළ ලෙස නීතිය උල්ලංඝනය කර තිබේ. එසේම ඔවුන් දවා අළු කළේ මරණ සහතිකයක් නැති මළ සිරුරක් නොව කෙඳිරි ගාමින් සිටි පණ ඇති මිනිසෙකි.
අනෙක් පුදුම සහගත අනාවරණය නම් පසු කලෙක පැවිදි ජීවිතයට ඇතුළත් වූ එම ආදාහනාගාරයේ ක්‍රියාකරු විසින්ම රෝහණ විජේවීරයන් දැවූ අළු (භෂ්මාවශේෂ) වසර විස්සක තරම් කාලයක් සුරක්ෂිතව සඟවා තබාගෙන ආරක්ෂා කරගෙන සිටීමය. තමා මේ ගැන වර්තමාන ජ. වි. පෙ. නායකයන්ට සැල කළද ඔවුන් ඒ පිළිබඳව නිසි උනන්දුවක් නොදැක්වූ බව ඔහුම පවසා තිබුණි.
තම නිර්මාතෘවරයා වූ නායකයාට ජ. වි. පෙ. සලකන්නේ එසේ වුවද ජ. වි. පෙ. ද ගුරුකොට ගන්නා ශ්‍රේෂ්ඨ විප්ලවවාදියෙකු වූ අර්නස්ටෝ ෙච්ගුවාරාගේ ඇටකටු ඔහු මරාදමා වසර 30 කට පසුව සොයාගත් විටත් කියුබානු නායක පිදෙල් කස්ත්‍රොa එම මහඟු වස්තූන් කියුබාවට ගෙන එන ලදුව ජනතාවගේ උත්තමාචාර මැද සාන්ත ක්ලාරා හි තැන්පත් කරන ලදී. ෙච් ගේ ඇටකටු පවා අද දක්වා බුහුමනට පාත්රවේ. අද කියුබාවේ ආදර්ශ පාඨය ෙච් වගේ වෙන්න කියාය. (BE LIKE CHE)
අඩුම තරමින් තම ශ්‍රේෂ්ඨ නායකයාට කරන ගෞරවයක් වශයෙන් "විජේවීර වගේ වෙන්න" යන ආදර්ශ පාඨයවත් ජනතාව අතරට ගෙන යාමට ජ. වි. පෙ. ක්‍රියාකර නැත.
ෙච් ගුවේරා අත්අඩංගුවට ගත් සහ ඔහු මරණයට පත්කරන ලද හමුදා ඛණ්ඩයේ සිටි එකිනෙකා හදිසි මරණවලට බඳුන් වූ හැටි අප අසා තිබේ. රෝහණ විජේවීර සම්බන්ධයෙන්ද ඊට සමාන දෙයක් සිදුවී තිබීම පුදුම එළවන්නකි.
රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීමට සහ මරා දැමීමට රාජ්‍ය තාන්ත්‍රික අවසරය දී නියෝග නිකුත් කළ ජනාධිපතිවරයා සහ ආරක්ෂක ඇමැතිවරයාද, (ආර්. ප්‍රේමදාස සහ රන්ජන් විජේරත්න) ඒ සඳහා අණදුන් හමුදාපතිවරයාද, (සිසිල් වෛද්‍යරත්න) විෙ-වීර අත්අඩංගුවට ගත් හමුදා නිලධාරියාද, (ජානක පෙරේරා) විජේවීරගේ හිසට පපුවට වෙඩි තැබූ පොලිස් ලොක්කාද (රොනී ගුණසිංහ) ඔහු පාවාදුන්නේ යෑයි සැකයට බඳුන්ව ඇති දේශපාලන මණ්ඩලයේ සගයන් දෙදෙනාද (එච්. බී. හේරත් සහ ඩී. එම්. ආනන්ද) වශයෙන් විජේවීර ඝාතනයට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයන් 7 දෙනාටම ස්වාභාවික ලෙස මිය යන්නට ලැබුණේ නැත. ඔවුන් සියලු දෙනාටම අත්වූයේ විජේවීරට සේම බිහිසුණු වූ මරණයන් වීමම සිහිපත් කළ යුතුය.
රෝහිත මුණසිංහ
උපුටා ගැනිම mail එකෙන්...
