රෝහලේ ජනේලය

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    රෝහලේ ජනේලය


    look+outside+window.gif



    ඉතා දරුණු ලෙස රෝගාතුර වූ රෝගීන් දෙදෙනෙක් රෝහලක එකම කාමරයක නේවාසිකව ප්‍රතිකාර ලැබුවා. ඔවුන්ගෙන් එක රෝගියෙකුට සෑම දිනකම සවස 5 සිට පැයක් ඔහුගේ ඇද මත ඉදගෙන සිටීමට සැලස්සුවේ ඔහුගේ පෙනහලු වල එකතු වන යම් දියර විශේෂයක් ඉන් පිට කිරීමේ අරමුනින්. ඔහුගේ ඇද තිබුනේ කාමරයේ තිබූ එකම ජනේලය අසලයි. අනෙක් රෝගියාට මුලු දවසම ඇද මත නිදා සිටීමට සිදු වුනා.

    රෝගීන් දෙදෙනා පැය ගණන් කතා කලා. බොහෝ විට ඔවුන් දෙදෙ
    නා කතා කලේ තමන්ගේ පවුලේ විස්තර,තමන්ගේ රැකියාවන් වල විස්තර,තමන් කැමති ක්‍රීඩාවන් ගැන සහ රටේ දේශපාලනය ගැනයි.

    සෑම දිනකම ජනේලය අසල සිටින රෝගියා ඇද මත ඉදගත් විට ඒ පැයක කාලය ඔහු ගත කලේ ජනේලයෙන් ඔහු දකින පිටත ලෝකය අනෙක් රෝගියාට විස්තර කිරීමටයි.
    දරුණු ලෙස රෝගාතුර වී ජීවිතය ගැන කලකිරී අනෙක් ඇද මත සිටි රෝගියා සෑම දිනකම සවස උදා වන තමන් ගේ ලෝකය ප්‍රාණවත් කරන තම ජීවිතයට නව ප්‍රාණයක් ලබා දෙන මේ පැයක කාලය වෙනුවෙන් ජීවත් වීමට පටන් ගත්තා.

    ජනේලයෙන් පෙනුනේ ඉතා පියකරු උද්‍යානයකුයි. එය ඉතා මනරම් දිය ඇලි සහ විල් වලින් සමන්විත වුනා. ඉතා ලස්සන හංසයන් ඒ විල් වල වාසය කල අතර කුඩා ළමුන් ඒ මත කුඩා බෝට්ටු පදවමින් විනෝද වුනා. උද්‍යානය පාට පාට මල් වලින් පිරී තිබුනු අතර තරුණ පෙම්වතුන් අතිනත අල්ලාගෙන උද්‍යානය පුරා සක්මන් කලා.

    ජනේලය අසල ඇද මත සිටි මිනිසා සෑම සවසකම ඔහු දකින ජනේලයෙන් පිටත ඇති ඒ සොදුරු දසුන් විස්තර කරන විට අනෙක් ඇද මත සිටි මිනිසා තම දෙනෙත් වසා ගෙන ඒ සොදුරු දසුන් සිතින් මවා ගැනීමට උත්සාහ කලා.

    දින සති ගෙවී ගියා. දිනක් උදෑසන රෝගීන් ගේ උදෑසන ආහාර රැගෙන පැමිනි හෙදියක් දුටුවේ ජනේලය අසල ඇද මත සිටි රෝගියාගේ නිසල දේහයයි. ඔහු සාමකාමීව නින්දෙන්ම මිය ගොස් තිබුනා. තම මිතුරාගේ ආභාවය දැන ගත් අනෙක් ඇද මත සිටි මිතුරා බොහෝ දුක් වුනා.

    ටික වේලාවකින් ඔහුගේ දේහය ඉවතට ගෙන ගියා. අනෙක් ඇද මත සිටි පුද්ගලයා හෙදියගෙන් ඉල්ලීමක් කලා. එනම් තමන්ට ජනේලය අසල ඇදට යාමට අවශ්‍ය බවයි. හෙදිය ඒ පිලිබදව සතුට පල කල අතර ඔහුව ජනේලය අසල ඇදට මාරු කලා.

    ජනේලය අසල ඇද මතට පැමිනි රෝගියාට ජනේලයෙන් එහා ඇති තම මිතුරා විස්තර කල ඒ විසිතුරු ලෝකය බැලීමට සිත් වුනා. ඔහු ඉතා අපහසුවෙන් මදක් ඉස්සී ජනේලයෙන් එබී බැලූ අතර ඔහු දුටු දෙයින් අන් ද මන් ද වුනා.

    ජනේලයෙන් අපිට තිබුනේ විශාල හිස් බිත්තියක්.

    හෙදිය පැමිනි පසුව ඔහු හෙදියට සියලු දේ පවසා මිය ගිය මිතුරා ජනේලයෙන් එපිට ඉතා පියකරු ලෝකයක් විස්තර කිරීමට හේතුව කුමක් විය හැකි දැයි විමසා සිටියා.

    "ඔහු අන්ධයි..ඔහුට කිසිවක් පෙනෙන්නේ නෑ.." හෙදිය සෙමින් පැවසුවා..

    "සමහර විට ඔහුට ඔබව ධෛර්යමත් කිරීමට අවශ්‍ය වෙන්න ඇති"







    අප ජීවත් විය යුත්තේ අනුන් වෙනුවෙනි. තමන් කොපමන දුර්වල වූවත් තවත් කෙනෙක් වෙනුවෙන් අපට යමක් කල හැකි බව සිතට ගන්න.:):)




    SOURCE : කජුවත්ත එක්සත් Cricket සමාජය

    Code:
    https://www.facebook.com/Kaju.Waththa.Eksath


    :):)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අප ජීවත් විය යුත්තේ අනුන් වෙනුවෙනි. තමන් කොපමන දුර්වල වූවත් තවත් කෙනෙක් වෙනුවෙන් අපට යමක් කල හැකි බව සිතට ගන්න.:):)

    අති උත්කෘෂ්ඨයි කොල්ලා.......
    11.gif
    කජුවත්ත එක්සත් rox!!!!!!!
    :yes::yes:
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    යහපත් තෙමාවකට ලියු කදිම සටහනක් ලබාදුන්නාට ස්තුතියි!
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    පොඩි අදහසකින් ජිවිතයට නැවුම් පන්නරයක් ... ගොඩක් ස්තුතියි මචෝ...rep+