රෝහින්ග්‍යා_උතුරට

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
රෝහින්ග්‍යා_උතුරට

රෝහින්ග්‍යා සරණාගතයින්ට රැකවරණය දෙන්න උතුරු පළාත සූදානම්



1506650909_836316_hirunews_M-K-Sivajilingam1.jpg


මෙරට රැඳී සිටින රෝහින්ග්‍යා සරණාගතයින් රැක ගැනීමට උතුරු පළාත සූදානම් බව උතුරු පළාත් සභා මන්ත‍්‍රි එම්.කේ සිවාජිලිංගම් පවසනවා. යාපනය කයිතඩි පළාත් සභා සංකීර්ණයේදී පළාත් සභා සැසි වාරය අමතමින් ඔහු ඒ බව කියා සිටියා. රෝහින්ග්‍යා සරණාගතයින්ට එරෙහිව ඇතැම් පාර්ශවයන් සිදු කරන ප‍්‍රකාශ හෙළා දකින අතර එම සරණාගතයින් උතුරු පළාතට යොමු කරන ලෙසයි මන්ත‍්‍රීවරයා ඉල්ලා සිටින්නේ.
රෝහින්ග්‍යා සරණාගතයින් උතුරු පළාතට භාර දෙන්නේනම් එම සරණාගතයින් උතුරු පළාතේ කුමන ප‍්‍රදේශයක හෝ ආරක්ෂිතව රැඳවීමට උතුරු පළාත් සභාව සූදානම් බවද සිවාජිලිංගම් මන්ත‍්‍රීවරයා කියා සිටියා. මෙම යෝජනාවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් කැමැත්ත ද පළ කර තිබෙනවා. කෙසේ වෙතත් ඊයේ (28) පැවති පළාත් සභා සැසි වාරයට උතුරු පලාත් ප‍්‍රධාන අමාත්‍ය සී වි විග්නේෂ්වරන් සහභාගී නොවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

http://www.hirunews.lk/sinhala/172106/මෙරට-සිටින-රොහින්ග්‍යා-ජනතාව-ගැන-උතුරෙන්-යෝජනාවක්

http://nethnews.lk/article/46275
 

Similar threads