ලංකාදීප ගනන් ඉස්සුවේ ඇයි ?
විජය පුවත්පත් සමාගම විසින් ප්‍රකාශයට පත්කරනු ලබන ඉරිදා ලංකාදීප සතිඅන්ත පුවත්පත රුපියල් 20කින් සිය මිල වැඩිකර තිබේ. සතිඅන්ත පුවත්පතක් එකවර මෙතරම් මුදලකින් සිය ප්‍රකාශනය වැඩිකරන ලද පළමු අවස්ථාව මෙය වේ. මේවන විට සතිඅන්ත පුවත්පත් වැඩි ප්‍රමාණයක් අලෙවිවන්නේ රුපියල් 60ක මිලකටය.
ජාත්‍යන්තර වෙළඳපොළේ මුද්‍රණ කඩදාසි මිල ඉහලයාමත්, රුපියල බාල්දුවීමත්, පුවත්පත් ප්‍රවාහනය ඇතුළු සියලු නිෂ්පාදන වියදම් වැඩිවීමත් හේතුකොටගෙන ඉරිදා ලංකාදීප මිල වැඩිකළ බව විජය පුවත්පත් සමාගම කියයි.
“ලංකාදීපෙ ගන්නෙ ප්‍රවෘත්ති බලන්න නෙවෙයි, දැන්විම් බලන්න”
ඉරිදා ලංකාදීප මිල වැඩිකිරීම සම්බන්ධයෙන් අප ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා මහතාගෙන් දුරකථනය ඔස්සේ කළ විමසීමකදී ”රැපියල් 20කින් මිල වැඩිකළා කියල ලංකාදීප නොගෙන ඉන්නෙ නෑ.. ඉරිදා ලංකාදීප පත්තරය බොහෝදෙනෙක් ගන්නේ ප්‍රවෘත්ති, කාලීන හෝ සමාජීය වටිනාකම් ඇති සංවාදයකට හවුල් වෙන්න නෙවෙයි.. බොහෝදෙනා එය මිලදී ගන්නේ වෙළඳ දැන්වීම් නිසා යයි” ඔහු කියා සිටියේය.
ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය
“ මම විශ්වාස කරන විදියට 40% – 50%ක් ඉරිදා ලංකාදීපය මිලදී ගන්නේ පත්තරයකින් සිදුවන වගකීම ගැන සැලකීමක් නිසා නෙවෙයි. එය මිලදී ගන්නේ එහි ඇති ඉඩම්, ගෙවල්, වාහන හෝ වෙනත් වෙළඳ දැන්වීම් බලා ගැනීමටයි. මම හිතන්නෙ ඒ නිසා රුපියල් විස්සකින් පුවත්පතේ මිල ඉහලයාම ලංකාදීප අලෙවිය පහල වැටීමට හේතුවක් වෙන්නෙ නෑ”
“කොහොමවුණත් ඉරිදා ලංකාදීප මිල ඉහල දැමීමට විජය පුවත්පත් සමාගම දක්වා ඇති හේතු සධාරණ හේතු හෝ වලංගු හේතු නොවෙයි. ඔවුන් එය ඉහල දමා ඇත්තේ මෙතෙක් එම පුවත්පතෙන් ලබාගත් ලාභ ප්‍රතිශය එලෙසම ඉදිරියටත් පවත්වාගෙනයාම සඳහායි. එම පුවත්පතට ලැබෙන දැන්වීම් අනුව එය ඉරිදාට නොමිලේ බෙදාදීමට උනත් හැකියි. ලාභය එක සතපහකින්වත් අඩු කරගන්න එහි හිමිකරුවන් අකමැති නිසයි මේ විදියට මිල වැඩිකරල තියෙන්නේ.”
“වැහුව පත්තර ගැහුවෙ පාඨකයො දිනාගන්න නෙවෙයි”
පසුගිය කාලයේ මෑතකදී ආරම්භ කළ පුවත්පත් රාශියක් වැසීයාම සම්බන්ධයෙන්ද අප ඔහුගෙන් විමසා සිටියේය.
“ අනිත් පත්තරකරුවන්ට වෙලා තියෙන අර්බුදය. ඒවා පත්තර ලෙස අලෙවිකරන්න පසුබිමක් ඔවුන් සකස්කරගත්තෙ නැහැ.අපේ මාධ්‍ය හිමිකරුවන්ට දේශපාලකයන් සමඟ කේවල් කරන්න නොයෙක්විට හැකි වුණා..ඒක ඉතාම කුපාඩි විදියට කරන විද්‍යුත් මාධ්‍ය ආයතනත් තියෙනවා..කිසිම සදාචාරයක් නැති, කිසිම හිරිකිතයක් නැති, විදියට තමන්ගෙ මාධ්‍ය පාවිච්චිකරන විද්‍යුත් මාධ්‍ය හිමිකරුවන් ඉන්නවා. සරල සිංහලෙන් කිව්වොත් තගදාල තමන්ට ඕනදේ කරගන්න පුළුවන් කියල හිතාගෙන මාධ්‍ය ඒ විදියට පාවිච්චි කරන අයත් ඉන්නවා. එහෙම බලයක් මාධයට තියෙනවයි කියල දේශපාලඥයොත් විශ්වාසකරනවා. ඒ වගේම කළු සල්ලි සුදුකරන අයත් මේ මාධ්‍යට ගොඩ බැහැල තියෙනවා. ඒ දේශපාලන බලයත් එක්ක තමන්ගෙ කළු සල්ලි සුදු කර ගැනීමට මාධ්‍ය භාවිතා කරන්න..එහෙම ආපු හුඟක් පුවත්පත්වලට නඩත්තු වෙන්න බැරිවුණා මේක ඇතුළේ ඊට පස්සෙ ඒව වහල ඒගොල්ලො ඊට පස්සෙ අපුල්ලපු සල්ලිටික වෙනත් ව්‍යාපාරවලට දාලා වෙන වැඩ කරන්න ගිහිල්ල තියෙනවා. පුවත්පත් අපේ පහුගිය අවුරුදු 10 – 15 වැටිල තියෙන්නෙ මාධ්‍යවේදයේ ප්‍රශ්න නිසාම නෙවෙයි පාඨකයො දිනාගැනීමට නොහැකිවීම නිසයි. ඒ පත්තර ගැහුවෙම පාඨකයෝ දිනාගන්නම නෙවෙයි”
Courtesy :srilankamirror.com

එක්කො gossip site එකක නැත්තං පත්තරේම දාන ඒව
වෙන රටවල කාලෙකට කලිං වුන දේ මෙහෙ දැන් වෙන්න ඇති වෙන්න පටං අරං තියෙන්නෙ 