ලංකාවට කාර්මිකකරණය වූ රටක් විය නොහැක්කේ &#3463

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලංකාවට කාර්මිකකරණය වූ රටක් විය නොහැක්කේ &#3463

    sri-lanka-economy-view-my-view-3-728.jpg

    හැඳින්වීම

    මේ ලිපියේ අරමුණ ශ්‍රී ලංකාවට කාර්මිකකරණයවීම සඳහා ඇති බාධක සාකච්ඡාකිරීමයි. මෙහිදී මුලින්ම කාර්මිකකරණය හා සංවර්ධිත තත්වය යන යෙදුම් දෙක පැහැදිලි කරගත යුතුය. ලේඛකයා කාර්මිකකරණය ලෙස හඳුන්වන්නේ රටෙහි ප්‍රධාන නිශ්පාදිත වලින් විශාල පංගුවක් ඉහල එකතුකල අගයක් ඇති කාර්මික නිශ්පාදන හෝ නිමිභාණ්ඩ වීමේ අවස්ථාවයි. සංවර්ධිත තත්වය යනු රටෙහි, ඒකපුද්ගල ආදායම, ජීවන තත්වය, මානව සංවර්ධන දර්ශකය යනාදී වැදගත් මාන සංවර්ධිත රටවල මට්ටමට පැමිණීමයි. ඒ අනුව ලේඛකයා ගොඩනගන තර්කය වන්නේ ශ්‍රී ලංකාව කාර්මිකකරණය විය නොහැකි බව පමණක් වන අතර ශ්‍රී ලංකාවට සංවර්ධිත රටක් විය නොහැකිය යන්න නොවේ.

    ශ්‍රී ලංකාවේ කාර්මික නිෂ්පාදන

    විකිපීඩියා විශ්වකෝෂය, සී.අයි.ඒ වර්ල්ඩ් ෆැක්ට් බුක් විශ්වකෝෂය හා මහබැංකු වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ කාර්මික නිශ්පාදන අතර මුල්තැනක් තේ, රබර්, පොල්, දුම්කොළ හා කුළුබඩු ආදී කෘෂිකාර්මික නිශ්පාදන අපනයනයට අවැසි ලෙස සූදානම් කරන නිෂ්පාදනවලට (export processing) හිමිවේ. මෙවැනි නිශ්පාදන සඳහා අඩු ආයෝජනයක් අවශ්‍යවන අතර, අඩු පිරිවැය යන්ත්‍රසූත්‍ර, අඩු-පුහුණු ශ්‍රමය හා සාම්ප්‍රදායික දැනුම භාවිතාවන අතර ඒ අනුව එකතුකල අගය අඩු (low value addition) නිශ්පාදනවේ.

    මීට අමතරව ඇඟලුම් අපනයනය ශ්‍රී ලංකාවේ විශාලම කාර්මික නිශ්පාදනයක් ලෙස ගතහැකිය. මාස් ලංකා, බ්‍රැන්ඩික්ස් වැනි සමාගම් අතලොස්සක් ඉහල එකතුකල අගයක් ඇති ඇඟලුම් අපනයනය කලද තවමත් ලංකාවේ ඇඟලුම් අපනයනය අඩු එකතුකල අගයකින් යුතුවේ. ඇඟලුම් සඳහා අවශ්‍ය රෙදි, නූල්, බොත්තම්, සිපර් වැනි සියල්ලම ආනයනය වන අතර නිෂ්පාදනය සඳහා යොදාගන්නා යන්ත්‍රසූත්‍ර ආදී ප්‍රාග්ධන භාණ්ඩද ආනයනය කෙරේ. මේ අනුව ඇඟලුම් කාර්මික නිෂ්පාදනය සඳහා ලැබෙන දේශීය දායකත්වය අඩු-පුහුණු ශ්‍රමයට සීමාවේ.

    මීට අමතරව කෘෂි රසායන හා රසායණික අමුද්‍රව්‍ය, රෙදි, සිමෙන්ති, සකසනලද පෙට්‍රෝලියම් නිෂ්පාදන, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපාංග, පරීගණක හා ලැප්ටොප් සුළු ප්‍රමාණයක්ද, වානිජ වාහන හා කුඩා කාර් හා වෑන් රථ සුළුප්‍රමාණයක්ද රටතුල එකලස්වේ. ශ්‍රී ලංකාව් බයිසිකල් නිශ්පාදනය හා අපනයනයටද යම් තැනක් දිනාගෙන ඇති බව වාර්තාවේ.

    මේ සියලුම කාර්මික නිශ්පාදන සළකාබැලූවිට පෙනෙන පොදු සාධක කිහිපයක් ඇත. එනම්;
    අඩු ආයෝජන ඇවැසි ප්‍රාග්ධන භාණ්ඩ භාවිතය
    අඩු පුහුණු ශ්‍රමය භාවිතය
    අවසන් නිෂ්පාදිතයේ දේශීය එකතුකල අගය ඉතා අඩුවීම
    ලංකාව කාර්මික වශයෙන් අසාර්ථකවීමට රජයන් වගකිව යුතුද?

    නිදහස ලැබූදා සිටම ලංකාව කාර්මිකකරණය වීමට විවිධ උත්සහයන් දරා ඇත. කාර්මික නිශ්පාදන දිරිමත් කිරීම සඳහා වෙන්වූ රජයේ ආයතන හා අමාත්‍යාංශ ඇත. මින් ප්‍රධාන තැනක් ගන්නේ කාර්මික සංවර්ධන මණ්ඩලය හෙවත් Industrial Development Board (IDB) එකයි. IDB වෙබ් අඩවිය තුල ඔවුන් තාක්ශණික දැනුම, පුහුණුව හා සහයෝගය ලබාදෙන, ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කාර්මික නිශ්පාදන භාණ්ඩ විශාල ලයිස්තුවක් ඇත. මෙම ලැයිස්තුව පරිශීලනය කරනවිට පෙනීයන ප්‍රධාන කරුණ වන්නේත්, අප ඉහත සඳහන් කල, සරළ, අඩු ආයෝජනයක් අවශ්‍ය අඩු පුහුණු ශ්‍රමයකින් නිශ්පාදනය කල හැකි භාණ්ඩ වලින් එම ලයිස්තුව පිරී ඇති බවයි. යෝගට් නිශ්පාදනය, සපත්තු නිශ්පාදනය, සුළු රබර් භාණ්ඩ නිශ්පාදනය, ලී බඩු නිශ්පාදනය, අත්බෑග් නිශ්පාදනය මේ අතරින් වඩාත් සරල සුළු කාර්මික නිශ්පාදන වේ

    මෙයට හේතුව කුමක්ද?

    නිදහස ලැබූදා සිට රජයන් හට ඉදිරි දැක්මක් නොමැතිවීම, බටහිර ගැති භාවය, විදෙස් රටවලට වාසිසහගත ලෙස ගිවිසුම් වලට එළඹීම, රටේ කාර්මික නිශ්පාදන අඩපණ කිරීම මගින් රට නොදියුණු තත්වයේම තබාගැනීම සඳහා වන විදෙස් කුම්ණ්ත්‍රණ වලට ලංකාවේ රජයන් හසුවීම ආදි විවිධ තර්ක ඉදිරිපත් වනවා ලේඛකයා දැක ඇත. උදාහරණයක් ලෙස ලංකාවේ පසුගිය රජයක් ඉදිරිපත් කල යලි පුබුදම ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශය, සම්පූර්ණයෙන්ම රට විදේශිකයින්ට පාවාදෙන, විදෙස් ගැත්තන් විසින් නිර්මාණය කොට දේශීයත්වයක් නැති නායකයින් විසින් ක්‍රියාත්මක කරන්නට යන විදෙස් කුමණ්ත්‍රණයක් ලෙස අර්ථදක්වන ලදී. ලේඛකයා යලි පුබුදමු ශ්‍රී ලංකා ප්‍රත්පත්ති ප්‍රකාශය දැක හෝ කියවා නොමැති නිසා ඒ පිලිබඳ මතයක් ඉදිරිපත් නොකලද, එම වැඩපිලිවෙලෙහි සාධනීය මෙන්ම විනාශකාරි කරුණුද අඩංගුවූ බව තතුදත්තන් ගෙන දැනගෙන ඇත.

    එමන්ම ඊට පෙර පැවති ජේ ආර් යුගයේ සිංගප්පූරු මොඩලයද, ප්‍රේමදාස යුගයේ ගමට කම්හල් ප්‍රතිපත්තියද එකලෙස විවේචනයට බඳුන්වූ අතර මෑතකාලයේදී වඩාත්ම විවේචනයට මෙන්ම සිනහවට බඳුන්කල ආර්ථික ප්‍රතිපත්තියක් වූයේ මහින්ද චින්තන වැඩපිලිවෙලේ (ලේඛකයාට මතක ආකාරයට ) දෙවන අදියරෙහි ඉදිරිපත්කල ශ්‍රී ලංකාව ආර්ථිකමය වැදගත් අංශ පහක කේන්ද්‍රස්ථනය බවට පත්කිරීමේ සංවර්ධන ප්‍රතිපත්තියය.

    කෙසේවෙතත් ලේඛකයාගේ උත්සහය ලංකාවේ කාර්මික නොදියුණුවට හේතුව අන්තර්ජාතික කුමන්ත්‍රණ හෝ බලයට පත්වූ සියලු රජයන් මෙම අංශයෙන් අසාර්ථක වීම නොව, රටක් ලෙස ගතකල මෙහි කාර්මික දියුණුව බාධාවන ආකෘතිමය කරුණු (structural issues) ගෙනහැර දැක්වීමයි. මේ සඳහා මොඩලයක් ලෙස මයිකල් පෝටර් ඉදිරිපත් කල එක්තරා ආර්ථික ආකෘතියක් උපයෝගීකර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

    ලංකාවේ කාර්මික අසාර්ථකත්වය උපායමාර්ගික ආර්ථික මොඩලයක් ඇසුරින් කියවීම

    1024px-The_Porter_Diamond.jpg

    ශ්‍රී ලංකාවේ කාර්මික අසාර්ථකත්වය පැහැදිලි කිරීමට ලේඛකයා උපයෝගී කරගැනීමට බලාපොරොත්තු වන්නේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරයෙකු හා උපායමාර්ගික නූතන කළමණාකරණ විද්‍යාවේ (Strategic Management) පීතෲ ලෙසද සැළකෙන මහාචාර්ය මයිකල් පෝටර් ඉදීරිපත්කල Competitive Advantage of Nations හෙවත් "ජාතීන්ගේ තරඟකාරිත්ව වාසිය" පිලිබඳ ආකෘතියයි.

    මයිකල් පෝටර්ගේ "තරඟකාරිත්ව වාසිය" ඉතා සරලව විස්තර කරන්නේනම්, රටක තරඟකාරිත්ව වාසිය යනු එම රටට, තවත් රටකට වඩා අඩු ආවස්ථික පිරිවැයකින් (opportunity cost) භාණ්ඩයක් නිශ්පාදනය කිරීමේ හැකියාව ලැබීම හෝ තරඟකාරී රටකට වඩා ඉහල එකතුකල අගයක් ඇති, වැඩි මිළකට අලෙවිකල හැකි විවිධාංගීකරණයට බඳුන්කරන ලද (differentiated), ඉහල නවෝත්පාදන (highly innovative) භාණ්ඩ නිශ්පාදනය කිරීමේ හැකියාවයි.

    පෝටර්ගේ මොඩලයට අනුව රටකට යම් භාණ්ඩයකට හෝ සේවාවකට තරඟකාරී වාසියක් ලැබෙන්නේ රූපසටහනේ දැක්වෙන ප්‍රධාන කරුණු 4ක් හා අමතර කරුණු 2ක් හේතුකොට ගෙනයි.

    තරඟකරිත්ව වාසියට තුඩුදෙන ප්‍රධාන සාධක

    1. සමාගම් උපායමාර්ග, තරඟකාරිත්වය හා ආකෘතිය - මෙහිදී රටක සමාගම් බිහිවන ආකාරය, එම සමාගම් සිය වර්ධනය සඳහා උපයෝගීකරගන්නා උපායමාර්ග හා තරඟකාරිත්වයේ තීව්‍රතාවය සළකනවා. රටක ආර්ථික වර්ධනය රඳා පවතින්නේ එම රටෙහි පෞද්ගලික අංශය ක්‍රියාත්මක වන ආකාරයට යන සංකළ්පය මත පදනම්ව සැළකූවිට ශ්‍රී ලංකාවේ සමාගම් බොහොමයක් සිය උපායමාර්ග ලෙස දීර්ඝකාලීන ආයෝජන වෙනුවට ඉක්මණින් ලාභ ලැබිය හැකි උපායමාර්ග වෙත යොමුවෙන හැටි ඉතා පැහැදිලිව දකින්නට තිබෙනවා.

    කර්මාන්තශාලාවක් අරඹා නිශ්පාදනයක් කරමින් සෙමෙන් සෙමෙන් දියුණුවනවාට වඩා ලංකාවේ සමාගම් බොහෝවිට සිදුකරන්නේ එම භාණ්ඩය පිටරටින් ආනයනය කොට විකිණීම. අවම ආයෝජනයෙන් වැඩිම ප්‍රථිලාභයක් ලබාගැනීමේ ආත්මාර්ථකාමී ප්‍රතිපත්ති සහිතව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ බොහෝ ධනවත් ව්‍යාපාර හිමියන් ජාතික අවශ්‍යතා, රැකියා උත්පාදනය, රටෙහි දියුණුව වෙනුවට, ආයෝජකයින්ගේ ධනවත්වීම පමණක් සලකා බැලීමට උනන්දුවනවා.

    උදාහරණයක් ලෙස වසර 60ක් 70ක් තිස්සේ ඉන්දියාවෙන් වාණිජ වාහන ආනයනය කරන සමාගමක්, තවමත් සිදුකරන්නේ එම වාණිජ වාහන ගෙඩි පිටින් ආනයනය කිරීම පමණයි (මා දන්නා හැටියට - වැරදි නම් නිවැරදි කරන්න). වසර 60ක් ගතවනවිට අඩුම ගණනේ කුඩා ලොරියක් හෝ ලංකාවේ නිපදවන්නට / එකල්ස් කරන්නට ලංකාවේ ලොරි හා ට්‍රක් වෙළඳපොලේ විශාලම වෙළඳපොල පංගුව ඇති මෙම සමාගම අසමත්වීම රටේ අභාග්‍යක් නොවේද? මෙවැනි කෝටිපති සමාගම් වලට, රටතුල පොඩි ලොරියක් හදාගන්නටත් ආණ්ඩුවෙන් බදුසහන හා/හෝ වෙනත් සහනාධාර ලබාදිය යුතුද?

    ලංකාවේ වෙනත් නමගිය දේශීය සමාගම් බොහොමයක පැටිගිරිය මීට වෙනස්වන්නේ නෑ. ටොයෝටා, නිසාන්, මිට්සුබිෂී ගෙන්වන නමගිය සමාගම් වලින් ලංකාවේ කුඩා වෑන් රථයක් නිපදවන්නේ මා දන්නා තරමට යුනයිටඩ් මෝටර්ස් අනුබද්ධ යුනිමෝ සමාගම පමණයි.

    මයික්‍රෝ කාර් සමාගම මුහුණදෙන ගැටලුද මෙයට අයත් වනවා. ඉතා අපහසුවෙන්, දහසක් බාධක මැද ආරම්භවූ මෙම ව්‍යාපාරය අද ලබා ඇති සාර්ථකත්වය ආඩම්බරයට කරුණක්. කෙසේ වෙතත් මෙම සමාගම බාල චීන වාහන ලාබෙට ගෙනත් විකුණන බවට චෝදනා කරන්නේත් ලංකාවේම ජනතාවයි. මයික්‍රෝ වාහන වලට ඇති භාවිතකල වාහන (used car demand) ඉල්ලුම ඉන්දියන් වාහන වලටත් අඩුයි. ලාභ වුවත් යම් වාහන ගැණුම්කරුවන් කුළකයක් මයික්‍රෝ වාහන නොගන්නේ විකුණාගන්නට බැරිවෙයි යන බිය නිසා. මෙයත් අපේ රටේ කර්මාණ්ත දියුණුවට පහරක්.

    2. භාණ්ඩ හා සේවාවලට රටතුල ඇති ඉල්ලුම - මෙයද ඉතා වැදගත් වන්නේ රටක සමාගම් අන්තර්ජාතික වෙළඳපොල ජයගැනීමට අවශ්‍ය පන්නරය හා ආයෝජන සඳහා මුදල් සපයා ගන්නේ දේශීය වෙළඳපොල ජයගැනීමෙන් පසුව වීමයි. මෙය ලෝකයේ ඕනෑම සමාගමකට පොදු දෙයක්. ඇමරිකාවේ ඇපල්, මයික්‍රෝසොෆ්ට් සමාගම් ලොව ජයගන්නට අවශ්‍ය ආයෝජන ශක්තිය හා පන්නරය ලබාගතේ අතිවිශාල අමෙරිකානු වෙළඳපොල තුල තහවුරුවීමෙන් පසුවයි. කොරියාවේ සැම්සුන්ග්, ඉන්දියාවේ ටාටා, ජපානයේ සෝනි, චීනයේ හුආවී වැනි යෝධ සමාගම්, ලෝක වෙලඳපොලට පා තැබීමට තමන්ගේ රටවල දේශීය වෙළඳපොලෙන් ලැබෙන විශාල ආදායම උදව්කොට ගත්තා.

    මෙහිදීද ලංකාව පත්වන්නේ ඉතාම අසරණ තත්වයකටයි. ලංකාව යනු මිලියන 20ක කුඩා ජනගහනයක් සිටින, කුඩා වෙළඳපොලක්. එමෙන්ම ලංකාව මිළදීගැනීමේ හැකියාව අඩු ජනතාවක් සිටින, ආදායමෙන් විශාල ප්‍රතිශතයක් ආහාර සඳහා වියදම් කිරීමට සිදුවන පාරිභෝගිකයින් සිටින වෙළඳපොලක්. කුඩා වුද මිළදීගැනීමේ හැකියාව වැඩිනම් (උදා- සිංගප්පූරුව, ස්වීඩනය, තායිවානය, හොං කොං) ව්‍යාපාර දියුණුවට පිටිවහලක් වනවා.

    සන්සන්දනාත්මකව ඉන්දියාවේ මුම්බායි නගරයේ ජනගහනය මිලියන 19-20ක් පමණ වනවා. ජපානයේ මිලියන 129ක වෙළඳපොලක් ඇති අතර, දකුණු කොරියානු සමාගම්වලට මිලියන 50ක ධනවත් ගැනුම්කරුවන්ගේ වෙළඳපොලක් තිබෙනවා. ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය වැනි යුරෝපයේ කාර්මික නිශ්පාදන අතින් ඉදිරියෙන් සිටින රටවල් වලද ජනගහණය ඉහලයි. ජර්මනියේ මිලියන 80කුත්, ප්‍රංශයේ මිලියන 66කුත්. ඉතාලියේ මිලියන 59ක ජනගහනයකුත් ජීවත් වෙනවා.

    මේ විශාල වෙළඳපොලවල් එම රටවල දේශීය සමාගම් වලට සිය කාර්මික නිශ්පාදනය කාර්යක්ශමව සිදුකර ගැනීමටත්, ලාභ ලබමින් එම ලාභයෙන් සිය ආයෝජන වැඩිකරගනිමින් විදෙස් වෙළඳ පොලවල් සොයායෑමට දිරියකුත් ලබාදෙනවා. එමෙන්ම මේ විශාල වෙළඳපොලවල් නිසා විදෙස් නිශ්පාදකයින්ද මේ රටවල සිය ආයෝජනයන් සිදුකරමින් කාර්මික නිශ්පාදනයට දායක වනවා. උදාහරණයක් ලෙස ජපානයේ ටොයෝටා සමාගම යුරෝපයේ, අමෙරිකා එක්සත් ජනපදයේ පමණක් නොව චීනයේ, තායිලන්තයේ හා මෙක්සිකෝවේත් වාහන නිශ්පාදනයන් සිදුකරන්නේ එම රටවල දේශීය වෙළඳපොලෙහි විශාලත්වය නිසා ආයෝජනයේ ප්‍රථිලාබ හොඳින් ලැබීමෙන්.

    ඉන්දියාව තුල මර්සඩීස් බෙන්ස් හා බී.එම්.ඩබ්ලිව් රථවල සිට ටොයෝටා, නිසාන්, ෆෝර්ඩ්, වොක්ස්වගන්, හුන්ඩායි, කියා ආදී සියලුම රථවාහන නිශ්පාදකයින් කර්මාණ්තශාලා පිහිටුවා ඇත්තේ ජනගහනය බිලියනයක වෙළඳපොලෙන් කොටසක් තමන් සතුකරගැනීමටයි.

    ලංකාවේ කුඩා වෙළඳපොල නිසා සෑමවිටම ලංකාවේ ව්‍යාපාර කළාපයේ රටවල ව්‍යාපාරවලට සාපේක්ශව කුඩා ව්‍යාපාර වනවා. උදාහරණයක් ලෙස ලංකාවේ 2014/2015 මූල්‍ය වර්ෂයේදී ඉහලම ආදායම වාර්තාකරන්නේ හේලීස් හා ජෝන් කීල්ස් සමාගම් දෙක. එම සමාගම් වල ආදායම් පිලිවෙලින් රුපියල් බිලියන 9.2 හා 9.1 වනවා.

    සන්සන්දනාත්මකව බංග්ලාදේශයේ විශාලම සමාගමක් වන ග්‍රාමීන්ෆෝන් සමාගමේ 2016 වසරේ පලමු කාර්තුවේ (පලමු මාස තුනෙහී ආදායම) ශ්‍රී ලංකා රුපියල් වලින් බිලියන 52ක් පමණ වනවා. ඒ අනුව දළවශයෙන් මේ සමාගම 2016 වසර අවසන් වන විට රුපියල් බිලියන 200ක් පමණ උපයනු ඇතැයි සිතිය හැකියි. ග්‍රාමීන්ෆෝන් සමාගමේ 2014 වසරේ ආදායම රුපියල් බිලියන 193ක් ලෙස සටහන් වනවා.

    ග්‍රාමීන්ෆෝන් සමාගම බන්ග්ලාදේශයේ විශාලම දුරකථන සමාගම නිසා ලංකාවේ විශාලම දුරකථන සමාගම (ආදායම අනුව) වන ඩයලොග් ඇක්සියාටා සමාගමේ 2014/2015 ආදායම රුපියල් බිලියන 6.7ක් පමණයි.

    ශ්‍රී ලංකාව - ඩයලොග් ඇක්සියාටා ආදායම (2014/2015) - රු. බිලියන 6.7බංග්ලාදේශය - ග්‍රාමීන් ෆෝන් ආදායම (2014) - රු. බිලියන 193

    සන්සන්දනාත්මකව ලංකාවේ ජනගහනය මිලියන් 20 වනවිට බංග්ලාදේශයේ ජනගහනය මිලියන 157ක් වනවා.

    මෙහි අවසාන ප්‍රතිපලය වන්නේ ලංකාවේ සමාගම් වලට විදෙස් සමාගම් සමග තරඟකාරීව කාර්මික භාණ්ඩ නිශ්පාදනය සඳහා අත්‍යාවශ්‍ය වෙළඳපොල නොමැතිවීම නිසා කුඩා පරිමාණයේ නිශ්පාදකයන් වීම මගින් භාණ්ඩයක නිශ්පාදන පිරිවැය, විශාල වෙලඳපොලකට එම භාණ්ඩය නිශ්පාදනය කරන විදෙස් සාමගමට වඩා සැමවිටම වැඩි වනවා. ඒ අනුව ආර්ථික වශයෙන් ඉතා අවාසිදායක, විශාල රාජ්‍ය සහනාධාර නොමැතිව ලංකාවේ කාර්මික නිශ්පාදනවලට ආනයනික නිශ්පාදන සමග තරඟකාරී වන්නට බෑ.

    කාර්මික නිශ්පාදන දියුණුවට රජයට සහනාධාර දෙන්නට බැරි ඇයිදැයි යමෙකුට අසන්නට පුලුවන්. එහෙත් එම සහනාධාර සඳහා රජය මුදල් සොයාගත යුත්තේ රටවැසියන්ගෙන් වැඩි වැඩියෙන් බදු අයකරගැනීමෙන් පමණයි. මේ දිනවල රඟදැක්වෙන වැට්බදු වැඩිකිරීමේ නාට්‍යයට ලැබෙන ජනතා ගල්මුල් අනුව මෙලෙස කාර්මික නිශ්පාදන සඳහා කුඩා ජනගහනයක් ඇති රටක රජයකට විශාල බදු අයකරගනිමින් සහනාධාර දිම කොතරම් අපහසුදැයි සිතාගන්න පුලුවන්.

    3. රට සතු නිශ්පාදන සාධකවල තත්වය - නිශ්පාදන සාධක ලෙස භාණ්ඩ හා සේවා නිශ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආදී ස්වාභාවික සම්පත්, භූගෝලීය පිහිටීම, දේශගුණය, ශ්‍රම බළකාය හා එහි ගුණාත්මක භාවය, රට සතු ප්‍රාග්ධන සම්පත් මෙන්ම ජනතාවගේ ව්‍යවසායික හැකියාවන්ද සැළකෙනවා.

    ලංකාව ස්වාභාවික සම්පත්වලින් අනූන රටක් ලෙස අප ආඩම්බරයෙන් පවසනවා. සැබැවින්ම ලංකාව ස්වාභාවික සම්පත් විශාල ප්‍රමාණයක් ඇති රටක්. කෙසේවෙතත්, ලංකාවතුල කාර්මික නිශ්පාදනය සඳහා අත්‍යාවශ්‍ය ස්වාභාවික සම්පත් පවතින්නේ අල්ප ප්‍රමාණයක්.

    යකඩ, ඇළුමිනියම්, තඹ, ටින්, මැග්නීසියම්, ඛණිජතෙල් හා ගෑස් වැනි ප්‍රධාන කාර්මික අමුද්‍රව්‍ය ලංකාවතුල ඇත්තේම නැති තරම්. උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිලිකා, ඉල්මනයිට්, රූටයිල්, ටයිටේනියම්, ටංස්ටන් වැනි විශේෂිත ලෝහ නිශ්පාදනයට ගන්නා අමුද්‍රව්‍ය ඇතත් 30 වසරක යුද්ධය නිසා එම සම්පත් ප්‍රයෝජනයට ගන්නට සැළසුම් සකස්කරන්නට හැකියාව ලැබී ඇත්තේ දැන්. එප්පාවල ටොන් මිලියන 60ක පොස්ෆේට් නිධියක් ඇතත් 2000 වසරේ ශ්‍රේෂ්ඨාධීකරණ තීන්දුවකින් පසුව එම වටිනා ජාතික සම්පත වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීම අත්හිටුවා තිබෙනවා. මෙය මහත් ජාතික අවාසනාවක්.

    ගුණාත්මක බවින් ඉහලවුවත්, ලංකාවේ ශ්‍රම බළකාය ඉතා කුඩා වන අතර කළාපීය වශයෙන් ගත්කල ඉහල පිරිවැයක් ඇති ශ්‍රම බළකායක් ලෙස පිලිගැනෙනවා. කාර්මික නිශ්පාදනයන්හි පිරිවැය අවමව තබාගැනීමට අවශ්‍ය සුළභ හා අඩු පිරිවැය ශ්‍රම බළකායක් ලංකාව සතු නොවන බව ලේඛකයාගේ විශ්වාසයයි.

    භූගෝලීය පිහිටීම හා දේශගුණය යම් කෘෂිකාර්මික නිශ්පාදන හා සේවා සැපයිම සඳහා ඉතා වාසිදායක වුවත්, කාර්මික නිශ්පාදන සඳහා එතරම් වාසිදායක දායකත්වයක් ලබාදෙන්නේ නෑ. ව්‍යවසායික හැකියාවන් ඉහල, දක්ශ ජනතාවක් වන ශ්‍රී ලාංකික ජනතාවට සිය ව්‍යවසායික හැකියාවන් කාර්මික නිෂ්පාදනයන් හට යොමුකල නොහැක්කේ කලින් සඳහන්කල වෙළඳපොල හා ස්වභාවික සම්පත්වල ඇති සාපේක්ෂ අවාසි නිසාබව ලේඛකයාගේ තර්කයයි. එමෙන්ම අඩු ජනගහනයක් ඇති නිසාත්, ඉහල ජීවන වියදම නිසා ඉතුරුම් අඩු නිසාත් ලංකාව තුල කාර්මික ව්‍යාපාරවලට අවශ්‍ය අධික ප්‍රාග්ධනය සපයාගත හැකි ප්‍රාග්ධන මූලාශ්‍රයක්ද නැතැයි කිව හැකියි.

    4. ආශ්‍රිත හා සහයක කර්මාණ්ත - ලංකාව තුල කාර්මික නිශ්පාදන මහාපරිමාණයෙන් සිදුකිරීම සඳහා අමුද්‍රව්‍ය, වෙළඳපොල, ලාභ ශ්‍රමය හෝ ප්‍රාග්ධන සංචිත නොමැති නිසා කර්මාණ්ත සඳහා අවශ්‍ය ආශ්‍රිත හා සහයක කර්මාණ්ත කිසිදු දියුණුවක් ලබා නෑ.

    අහඹු සිදුවීම් හා රජයේ ස්ථාවරභාවය හා ප්‍රතිපත්ති යන අතිරේක කරුණු නොසලකා හැරියත්, ලංකාවේ කාර්මික දියුණුව සිදු නොවන්නට ප්‍රධානම හේතු ලෙස,

    1] ව්‍යාපාරික ප්‍රජාවගේ ඉක්මණ් ලාභ හැසිරීම,
    2] ඉතා කුඩා වෙළඳපොල,
    3] කාර්මික අමුද්‍රව්‍ය ලෙස ගත හැකි ස්වාභාවික සම්පත් අවමවීම,
    4] කුඩා ශ්‍රම බළකාය

    ගතහැකි වනවා.

    මේ අනුව කොතෙක් උත්සහ දැරුවද ලංකාවට කිසි විටෙකත් විශාල එකතුකල අගයන් සහිත, දියුණු කාර්මික නිශ්පාදන තරඟකාරීව සිදුකිරීම කල නොහැකි රටක් යන්න ලේඛකයාගේ තර්කයි.

    http://vidya-gaweshana.blogspot.com/2016/06/blog-post_6.html
     
    • Like
    Reactions: Giant and hzr27

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    population eka adu vimath , natural resources nattatama nathi tharam vimath nisa kawadawath ape rate industrial companies hadanna baha.. apita financial city ekak vidiyata colombo develop karanna puluwannam ekak.. :yes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    kohomada ? edge ekak nane mchn.. poddak oya pahatha link eka balannako.. ape rate thanak tiyenne Tea(4th place) , coconut(5th place) ekath ape rate export valin podi percentage ekak :sorry:

    https://en.wikipedia.org/wiki/List_of_largest_producing_countries_of_agricultural_commodities

    දැනට තැනක් තියෙන්න ඔය ටිකට තමයි.නමුත් අපේ දේශීය සහල් වලට හොඳ ඉල්ලුමක් තියෙනවා.අඩු පිරිවැයකින් වගා කරන්නත් පුලුවන්.වගා නොකර අතෑරලා දාපු කුඹුරු කොච්චර තියෙනවද.ඒවා ප්‍රයෝජනයට ගන්න පුලුවන්.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    thamuse me baila gahanya kochara podi factory rata wate thiyanawada helies group ekata bara factory ganak thiyanwa / matakada dane na ratupaswala ana ekath unge thama

    habi eyaei data pita ewun dane na un shepe eke minusu huran kane
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    සොහොන;20253015 said:

    :oo: mokakda mchn oya kiyanna hadanne ? huran kanawa kiwwe ? poddak pahadili karanawada ? anika me article eke tiyenne ape rate industrialization karanna puluwanda kiyala, loketh ekka develop venna puluwanda kiyala..
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    දැනට තැනක් තියෙන්න ඔය ටිකට තමයි.නමුත් අපේ දේශීය සහල් වලට හොඳ ඉල්ලුමක් තියෙනවා.අඩු පිරිවැයකින් වගා කරන්නත් පුලුවන්.වගා නොකර අතෑරලා දාපු කුඹුරු කොච්චර තියෙනවද.ඒවා ප්‍රයෝජනයට ගන්න පුලුවන්.

    mchn oya article eke tiyenne ape rata Industrialisation karanna puluwanda barida kiyaala.. oya oya kiyanne agricultural society ekak gana...

    agricultural society --------> industrialisation

    api thama try karanawa, eth ape rate natural resources,capital nathi nisa apita kisima edge ekak naha... me article eke kiyana vidiyata ape ratata industrial nation ekak venna baha..
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    sri-lanka-economy-view-my-view-3-728.jpg

    හැඳින්වීම

    මේ ලිපියේ අරමුණ ශ්‍රී ලංකාවට කාර්මිකකරණයවීම සඳහා ඇති බාධක සාකච්ඡාකිරීමයි. මෙහිදී මුලින්ම කාර්මිකකරණය හා සංවර්ධිත තත්වය යන යෙදුම් දෙක පැහැදිලි කරගත යුතුය. ලේඛකයා කාර්මිකකරණය ලෙස හඳුන්වන්නේ රටෙහි ප්‍රධාන නිශ්පාදිත වලින් විශාල පංගුවක් ඉහල එකතුකල අගයක් ඇති කාර්මික නිශ්පාදන හෝ නිමිභාණ්ඩ වීමේ අවස්ථාවයි. සංවර්ධිත තත්වය යනු රටෙහි, ඒකපුද්ගල ආදායම, ජීවන තත්වය, මානව සංවර්ධන දර්ශකය යනාදී වැදගත් මාන සංවර්ධිත රටවල මට්ටමට පැමිණීමයි. ඒ අනුව ලේඛකයා ගොඩනගන තර්කය වන්නේ ශ්‍රී ලංකාව කාර්මිකකරණය විය නොහැකි බව පමණක් වන අතර ශ්‍රී ලංකාවට සංවර්ධිත රටක් විය නොහැකිය යන්න නොවේ.

    ශ්‍රී ලංකාවේ කාර්මික නිෂ්පාදන

    විකිපීඩියා විශ්වකෝෂය, සී.අයි.ඒ වර්ල්ඩ් ෆැක්ට් බුක් විශ්වකෝෂය හා මහබැංකු වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ කාර්මික නිශ්පාදන අතර මුල්තැනක් තේ, රබර්, පොල්, දුම්කොළ හා කුළුබඩු ආදී කෘෂිකාර්මික නිශ්පාදන අපනයනයට අවැසි ලෙස සූදානම් කරන නිෂ්පාදනවලට (export processing) හිමිවේ. මෙවැනි නිශ්පාදන සඳහා අඩු ආයෝජනයක් අවශ්‍යවන අතර, අඩු පිරිවැය යන්ත්‍රසූත්‍ර, අඩු-පුහුණු ශ්‍රමය හා සාම්ප්‍රදායික දැනුම භාවිතාවන අතර ඒ අනුව එකතුකල අගය අඩු (low value addition) නිශ්පාදනවේ.

    මීට අමතරව ඇඟලුම් අපනයනය ශ්‍රී ලංකාවේ විශාලම කාර්මික නිශ්පාදනයක් ලෙස ගතහැකිය. මාස් ලංකා, බ්‍රැන්ඩික්ස් වැනි සමාගම් අතලොස්සක් ඉහල එකතුකල අගයක් ඇති ඇඟලුම් අපනයනය කලද තවමත් ලංකාවේ ඇඟලුම් අපනයනය අඩු එකතුකල අගයකින් යුතුවේ. ඇඟලුම් සඳහා අවශ්‍ය රෙදි, නූල්, බොත්තම්, සිපර් වැනි සියල්ලම ආනයනය වන අතර නිෂ්පාදනය සඳහා යොදාගන්නා යන්ත්‍රසූත්‍ර ආදී ප්‍රාග්ධන භාණ්ඩද ආනයනය කෙරේ. මේ අනුව ඇඟලුම් කාර්මික නිෂ්පාදනය සඳහා ලැබෙන දේශීය දායකත්වය අඩු-පුහුණු ශ්‍රමයට සීමාවේ.

    මීට අමතරව කෘෂි රසායන හා රසායණික අමුද්‍රව්‍ය, රෙදි, සිමෙන්ති, සකසනලද පෙට්‍රෝලියම් නිෂ්පාදන, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපාංග, පරීගණක හා ලැප්ටොප් සුළු ප්‍රමාණයක්ද, වානිජ වාහන හා කුඩා කාර් හා වෑන් රථ සුළුප්‍රමාණයක්ද රටතුල එකලස්වේ. ශ්‍රී ලංකාව් බයිසිකල් නිශ්පාදනය හා අපනයනයටද යම් තැනක් දිනාගෙන ඇති බව වාර්තාවේ.

    මේ සියලුම කාර්මික නිශ්පාදන සළකාබැලූවිට පෙනෙන පොදු සාධක කිහිපයක් ඇත. එනම්;
    අඩු ආයෝජන ඇවැසි ප්‍රාග්ධන භාණ්ඩ භාවිතය
    අඩු පුහුණු ශ්‍රමය භාවිතය
    අවසන් නිෂ්පාදිතයේ දේශීය එකතුකල අගය ඉතා අඩුවීම
    ලංකාව කාර්මික වශයෙන් අසාර්ථකවීමට රජයන් වගකිව යුතුද?

    නිදහස ලැබූදා සිටම ලංකාව කාර්මිකකරණය වීමට විවිධ උත්සහයන් දරා ඇත. කාර්මික නිශ්පාදන දිරිමත් කිරීම සඳහා වෙන්වූ රජයේ ආයතන හා අමාත්‍යාංශ ඇත. මින් ප්‍රධාන තැනක් ගන්නේ කාර්මික සංවර්ධන මණ්ඩලය හෙවත් Industrial Development Board (IDB) එකයි. IDB වෙබ් අඩවිය තුල ඔවුන් තාක්ශණික දැනුම, පුහුණුව හා සහයෝගය ලබාදෙන, ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කාර්මික නිශ්පාදන භාණ්ඩ විශාල ලයිස්තුවක් ඇත. මෙම ලැයිස්තුව පරිශීලනය කරනවිට පෙනීයන ප්‍රධාන කරුණ වන්නේත්, අප ඉහත සඳහන් කල, සරළ, අඩු ආයෝජනයක් අවශ්‍ය අඩු පුහුණු ශ්‍රමයකින් නිශ්පාදනය කල හැකි භාණ්ඩ වලින් එම ලයිස්තුව පිරී ඇති බවයි. යෝගට් නිශ්පාදනය, සපත්තු නිශ්පාදනය, සුළු රබර් භාණ්ඩ නිශ්පාදනය, ලී බඩු නිශ්පාදනය, අත්බෑග් නිශ්පාදනය මේ අතරින් වඩාත් සරල සුළු කාර්මික නිශ්පාදන වේ

    මෙයට හේතුව කුමක්ද?

    නිදහස ලැබූදා සිට රජයන් හට ඉදිරි දැක්මක් නොමැතිවීම, බටහිර ගැති භාවය, විදෙස් රටවලට වාසිසහගත ලෙස ගිවිසුම් වලට එළඹීම, රටේ කාර්මික නිශ්පාදන අඩපණ කිරීම මගින් රට නොදියුණු තත්වයේම තබාගැනීම සඳහා වන විදෙස් කුම්ණ්ත්‍රණ වලට ලංකාවේ රජයන් හසුවීම ආදි විවිධ තර්ක ඉදිරිපත් වනවා ලේඛකයා දැක ඇත. උදාහරණයක් ලෙස ලංකාවේ පසුගිය රජයක් ඉදිරිපත් කල යලි පුබුදම ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශය, සම්පූර්ණයෙන්ම රට විදේශිකයින්ට පාවාදෙන, විදෙස් ගැත්තන් විසින් නිර්මාණය කොට දේශීයත්වයක් නැති නායකයින් විසින් ක්‍රියාත්මක කරන්නට යන විදෙස් කුමණ්ත්‍රණයක් ලෙස අර්ථදක්වන ලදී. ලේඛකයා යලි පුබුදමු ශ්‍රී ලංකා ප්‍රත්පත්ති ප්‍රකාශය දැක හෝ කියවා නොමැති නිසා ඒ පිලිබඳ මතයක් ඉදිරිපත් නොකලද, එම වැඩපිලිවෙලෙහි සාධනීය මෙන්ම විනාශකාරි කරුණුද අඩංගුවූ බව තතුදත්තන් ගෙන දැනගෙන ඇත.

    එමන්ම ඊට පෙර පැවති ජේ ආර් යුගයේ සිංගප්පූරු මොඩලයද, ප්‍රේමදාස යුගයේ ගමට කම්හල් ප්‍රතිපත්තියද එකලෙස විවේචනයට බඳුන්වූ අතර මෑතකාලයේදී වඩාත්ම විවේචනයට මෙන්ම සිනහවට බඳුන්කල ආර්ථික ප්‍රතිපත්තියක් වූයේ මහින්ද චින්තන වැඩපිලිවෙලේ (ලේඛකයාට මතක ආකාරයට ) දෙවන අදියරෙහි ඉදිරිපත්කල ශ්‍රී ලංකාව ආර්ථිකමය වැදගත් අංශ පහක කේන්ද්‍රස්ථනය බවට පත්කිරීමේ සංවර්ධන ප්‍රතිපත්තියය.

    කෙසේවෙතත් ලේඛකයාගේ උත්සහය ලංකාවේ කාර්මික නොදියුණුවට හේතුව අන්තර්ජාතික කුමන්ත්‍රණ හෝ බලයට පත්වූ සියලු රජයන් මෙම අංශයෙන් අසාර්ථක වීම නොව, රටක් ලෙස ගතකල මෙහි කාර්මික දියුණුව බාධාවන ආකෘතිමය කරුණු (structural issues) ගෙනහැර දැක්වීමයි. මේ සඳහා මොඩලයක් ලෙස මයිකල් පෝටර් ඉදිරිපත් කල එක්තරා ආර්ථික ආකෘතියක් උපයෝගීකර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

    ලංකාවේ කාර්මික අසාර්ථකත්වය උපායමාර්ගික ආර්ථික මොඩලයක් ඇසුරින් කියවීම

    1024px-The_Porter_Diamond.jpg

    ශ්‍රී ලංකාවේ කාර්මික අසාර්ථකත්වය පැහැදිලි කිරීමට ලේඛකයා උපයෝගී කරගැනීමට බලාපොරොත්තු වන්නේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරයෙකු හා උපායමාර්ගික නූතන කළමණාකරණ විද්‍යාවේ (Strategic Management) පීතෲ ලෙසද සැළකෙන මහාචාර්ය මයිකල් පෝටර් ඉදීරිපත්කල Competitive Advantage of Nations හෙවත් "ජාතීන්ගේ තරඟකාරිත්ව වාසිය" පිලිබඳ ආකෘතියයි.

    මයිකල් පෝටර්ගේ "තරඟකාරිත්ව වාසිය" ඉතා සරලව විස්තර කරන්නේනම්, රටක තරඟකාරිත්ව වාසිය යනු එම රටට, තවත් රටකට වඩා අඩු ආවස්ථික පිරිවැයකින් (opportunity cost) භාණ්ඩයක් නිශ්පාදනය කිරීමේ හැකියාව ලැබීම හෝ තරඟකාරී රටකට වඩා ඉහල එකතුකල අගයක් ඇති, වැඩි මිළකට අලෙවිකල හැකි විවිධාංගීකරණයට බඳුන්කරන ලද (differentiated), ඉහල නවෝත්පාදන (highly innovative) භාණ්ඩ නිශ්පාදනය කිරීමේ හැකියාවයි.

    පෝටර්ගේ මොඩලයට අනුව රටකට යම් භාණ්ඩයකට හෝ සේවාවකට තරඟකාරී වාසියක් ලැබෙන්නේ රූපසටහනේ දැක්වෙන ප්‍රධාන කරුණු 4ක් හා අමතර කරුණු 2ක් හේතුකොට ගෙනයි.

    තරඟකරිත්ව වාසියට තුඩුදෙන ප්‍රධාන සාධක

    1. සමාගම් උපායමාර්ග, තරඟකාරිත්වය හා ආකෘතිය - මෙහිදී රටක සමාගම් බිහිවන ආකාරය, එම සමාගම් සිය වර්ධනය සඳහා උපයෝගීකරගන්නා උපායමාර්ග හා තරඟකාරිත්වයේ තීව්‍රතාවය සළකනවා. රටක ආර්ථික වර්ධනය රඳා පවතින්නේ එම රටෙහි පෞද්ගලික අංශය ක්‍රියාත්මක වන ආකාරයට යන සංකළ්පය මත පදනම්ව සැළකූවිට ශ්‍රී ලංකාවේ සමාගම් බොහොමයක් සිය උපායමාර්ග ලෙස දීර්ඝකාලීන ආයෝජන වෙනුවට ඉක්මණින් ලාභ ලැබිය හැකි උපායමාර්ග වෙත යොමුවෙන හැටි ඉතා පැහැදිලිව දකින්නට තිබෙනවා.

    කර්මාන්තශාලාවක් අරඹා නිශ්පාදනයක් කරමින් සෙමෙන් සෙමෙන් දියුණුවනවාට වඩා ලංකාවේ සමාගම් බොහෝවිට සිදුකරන්නේ එම භාණ්ඩය පිටරටින් ආනයනය කොට විකිණීම. අවම ආයෝජනයෙන් වැඩිම ප්‍රථිලාභයක් ලබාගැනීමේ ආත්මාර්ථකාමී ප්‍රතිපත්ති සහිතව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ බොහෝ ධනවත් ව්‍යාපාර හිමියන් ජාතික අවශ්‍යතා, රැකියා උත්පාදනය, රටෙහි දියුණුව වෙනුවට, ආයෝජකයින්ගේ ධනවත්වීම පමණක් සලකා බැලීමට උනන්දුවනවා.

    උදාහරණයක් ලෙස වසර 60ක් 70ක් තිස්සේ ඉන්දියාවෙන් වාණිජ වාහන ආනයනය කරන සමාගමක්, තවමත් සිදුකරන්නේ එම වාණිජ වාහන ගෙඩි පිටින් ආනයනය කිරීම පමණයි (මා දන්නා හැටියට - වැරදි නම් නිවැරදි කරන්න). වසර 60ක් ගතවනවිට අඩුම ගණනේ කුඩා ලොරියක් හෝ ලංකාවේ නිපදවන්නට / එකල්ස් කරන්නට ලංකාවේ ලොරි හා ට්‍රක් වෙළඳපොලේ විශාලම වෙළඳපොල පංගුව ඇති මෙම සමාගම අසමත්වීම රටේ අභාග්‍යක් නොවේද? මෙවැනි කෝටිපති සමාගම් වලට, රටතුල පොඩි ලොරියක් හදාගන්නටත් ආණ්ඩුවෙන් බදුසහන හා/හෝ වෙනත් සහනාධාර ලබාදිය යුතුද?

    ලංකාවේ වෙනත් නමගිය දේශීය සමාගම් බොහොමයක පැටිගිරිය මීට වෙනස්වන්නේ නෑ. ටොයෝටා, නිසාන්, මිට්සුබිෂී ගෙන්වන නමගිය සමාගම් වලින් ලංකාවේ කුඩා වෑන් රථයක් නිපදවන්නේ මා දන්නා තරමට යුනයිටඩ් මෝටර්ස් අනුබද්ධ යුනිමෝ සමාගම පමණයි.

    මයික්‍රෝ කාර් සමාගම මුහුණදෙන ගැටලුද මෙයට අයත් වනවා. ඉතා අපහසුවෙන්, දහසක් බාධක මැද ආරම්භවූ මෙම ව්‍යාපාරය අද ලබා ඇති සාර්ථකත්වය ආඩම්බරයට කරුණක්. කෙසේ වෙතත් මෙම සමාගම බාල චීන වාහන ලාබෙට ගෙනත් විකුණන බවට චෝදනා කරන්නේත් ලංකාවේම ජනතාවයි. මයික්‍රෝ වාහන වලට ඇති භාවිතකල වාහන (used car demand) ඉල්ලුම ඉන්දියන් වාහන වලටත් අඩුයි. ලාභ වුවත් යම් වාහන ගැණුම්කරුවන් කුළකයක් මයික්‍රෝ වාහන නොගන්නේ විකුණාගන්නට බැරිවෙයි යන බිය නිසා. මෙයත් අපේ රටේ කර්මාණ්ත දියුණුවට පහරක්.

    2. භාණ්ඩ හා සේවාවලට රටතුල ඇති ඉල්ලුම - මෙයද ඉතා වැදගත් වන්නේ රටක සමාගම් අන්තර්ජාතික වෙළඳපොල ජයගැනීමට අවශ්‍ය පන්නරය හා ආයෝජන සඳහා මුදල් සපයා ගන්නේ දේශීය වෙළඳපොල ජයගැනීමෙන් පසුව වීමයි. මෙය ලෝකයේ ඕනෑම සමාගමකට පොදු දෙයක්. ඇමරිකාවේ ඇපල්, මයික්‍රෝසොෆ්ට් සමාගම් ලොව ජයගන්නට අවශ්‍ය ආයෝජන ශක්තිය හා පන්නරය ලබාගතේ අතිවිශාල අමෙරිකානු වෙළඳපොල තුල තහවුරුවීමෙන් පසුවයි. කොරියාවේ සැම්සුන්ග්, ඉන්දියාවේ ටාටා, ජපානයේ සෝනි, චීනයේ හුආවී වැනි යෝධ සමාගම්, ලෝක වෙලඳපොලට පා තැබීමට තමන්ගේ රටවල දේශීය වෙළඳපොලෙන් ලැබෙන විශාල ආදායම උදව්කොට ගත්තා.

    මෙහිදීද ලංකාව පත්වන්නේ ඉතාම අසරණ තත්වයකටයි. ලංකාව යනු මිලියන 20ක කුඩා ජනගහනයක් සිටින, කුඩා වෙළඳපොලක්. එමෙන්ම ලංකාව මිළදීගැනීමේ හැකියාව අඩු ජනතාවක් සිටින, ආදායමෙන් විශාල ප්‍රතිශතයක් ආහාර සඳහා වියදම් කිරීමට සිදුවන පාරිභෝගිකයින් සිටින වෙළඳපොලක්. කුඩා වුද මිළදීගැනීමේ හැකියාව වැඩිනම් (උදා- සිංගප්පූරුව, ස්වීඩනය, තායිවානය, හොං කොං) ව්‍යාපාර දියුණුවට පිටිවහලක් වනවා.

    සන්සන්දනාත්මකව ඉන්දියාවේ මුම්බායි නගරයේ ජනගහනය මිලියන 19-20ක් පමණ වනවා. ජපානයේ මිලියන 129ක වෙළඳපොලක් ඇති අතර, දකුණු කොරියානු සමාගම්වලට මිලියන 50ක ධනවත් ගැනුම්කරුවන්ගේ වෙළඳපොලක් තිබෙනවා. ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය වැනි යුරෝපයේ කාර්මික නිශ්පාදන අතින් ඉදිරියෙන් සිටින රටවල් වලද ජනගහණය ඉහලයි. ජර්මනියේ මිලියන 80කුත්, ප්‍රංශයේ මිලියන 66කුත්. ඉතාලියේ මිලියන 59ක ජනගහනයකුත් ජීවත් වෙනවා.

    මේ විශාල වෙළඳපොලවල් එම රටවල දේශීය සමාගම් වලට සිය කාර්මික නිශ්පාදනය කාර්යක්ශමව සිදුකර ගැනීමටත්, ලාභ ලබමින් එම ලාභයෙන් සිය ආයෝජන වැඩිකරගනිමින් විදෙස් වෙළඳ පොලවල් සොයායෑමට දිරියකුත් ලබාදෙනවා. එමෙන්ම මේ විශාල වෙළඳපොලවල් නිසා විදෙස් නිශ්පාදකයින්ද මේ රටවල සිය ආයෝජනයන් සිදුකරමින් කාර්මික නිශ්පාදනයට දායක වනවා. උදාහරණයක් ලෙස ජපානයේ ටොයෝටා සමාගම යුරෝපයේ, අමෙරිකා එක්සත් ජනපදයේ පමණක් නොව චීනයේ, තායිලන්තයේ හා මෙක්සිකෝවේත් වාහන නිශ්පාදනයන් සිදුකරන්නේ එම රටවල දේශීය වෙළඳපොලෙහි විශාලත්වය නිසා ආයෝජනයේ ප්‍රථිලාබ හොඳින් ලැබීමෙන්.

    ඉන්දියාව තුල මර්සඩීස් බෙන්ස් හා බී.එම්.ඩබ්ලිව් රථවල සිට ටොයෝටා, නිසාන්, ෆෝර්ඩ්, වොක්ස්වගන්, හුන්ඩායි, කියා ආදී සියලුම රථවාහන නිශ්පාදකයින් කර්මාණ්තශාලා පිහිටුවා ඇත්තේ ජනගහනය බිලියනයක වෙළඳපොලෙන් කොටසක් තමන් සතුකරගැනීමටයි.

    ලංකාවේ කුඩා වෙළඳපොල නිසා සෑමවිටම ලංකාවේ ව්‍යාපාර කළාපයේ රටවල ව්‍යාපාරවලට සාපේක්ශව කුඩා ව්‍යාපාර වනවා. උදාහරණයක් ලෙස ලංකාවේ 2014/2015 මූල්‍ය වර්ෂයේදී ඉහලම ආදායම වාර්තාකරන්නේ හේලීස් හා ජෝන් කීල්ස් සමාගම් දෙක. එම සමාගම් වල ආදායම් පිලිවෙලින් රුපියල් බිලියන 9.2 හා 9.1 වනවා.

    සන්සන්දනාත්මකව බංග්ලාදේශයේ විශාලම සමාගමක් වන ග්‍රාමීන්ෆෝන් සමාගමේ 2016 වසරේ පලමු කාර්තුවේ (පලමු මාස තුනෙහී ආදායම) ශ්‍රී ලංකා රුපියල් වලින් බිලියන 52ක් පමණ වනවා. ඒ අනුව දළවශයෙන් මේ සමාගම 2016 වසර අවසන් වන විට රුපියල් බිලියන 200ක් පමණ උපයනු ඇතැයි සිතිය හැකියි. ග්‍රාමීන්ෆෝන් සමාගමේ 2014 වසරේ ආදායම රුපියල් බිලියන 193ක් ලෙස සටහන් වනවා.

    ග්‍රාමීන්ෆෝන් සමාගම බන්ග්ලාදේශයේ විශාලම දුරකථන සමාගම නිසා ලංකාවේ විශාලම දුරකථන සමාගම (ආදායම අනුව) වන ඩයලොග් ඇක්සියාටා සමාගමේ 2014/2015 ආදායම රුපියල් බිලියන 6.7ක් පමණයි.

    ශ්‍රී ලංකාව - ඩයලොග් ඇක්සියාටා ආදායම (2014/2015) - රු. බිලියන 6.7බංග්ලාදේශය - ග්‍රාමීන් ෆෝන් ආදායම (2014) - රු. බිලියන 193

    සන්සන්දනාත්මකව ලංකාවේ ජනගහනය මිලියන් 20 වනවිට බංග්ලාදේශයේ ජනගහනය මිලියන 157ක් වනවා.

    මෙහි අවසාන ප්‍රතිපලය වන්නේ ලංකාවේ සමාගම් වලට විදෙස් සමාගම් සමග තරඟකාරීව කාර්මික භාණ්ඩ නිශ්පාදනය සඳහා අත්‍යාවශ්‍ය වෙළඳපොල නොමැතිවීම නිසා කුඩා පරිමාණයේ නිශ්පාදකයන් වීම මගින් භාණ්ඩයක නිශ්පාදන පිරිවැය, විශාල වෙලඳපොලකට එම භාණ්ඩය නිශ්පාදනය කරන විදෙස් සාමගමට වඩා සැමවිටම වැඩි වනවා. ඒ අනුව ආර්ථික වශයෙන් ඉතා අවාසිදායක, විශාල රාජ්‍ය සහනාධාර නොමැතිව ලංකාවේ කාර්මික නිශ්පාදනවලට ආනයනික නිශ්පාදන සමග තරඟකාරී වන්නට බෑ.

    කාර්මික නිශ්පාදන දියුණුවට රජයට සහනාධාර දෙන්නට බැරි ඇයිදැයි යමෙකුට අසන්නට පුලුවන්. එහෙත් එම සහනාධාර සඳහා රජය මුදල් සොයාගත යුත්තේ රටවැසියන්ගෙන් වැඩි වැඩියෙන් බදු අයකරගැනීමෙන් පමණයි. මේ දිනවල රඟදැක්වෙන වැට්බදු වැඩිකිරීමේ නාට්‍යයට ලැබෙන ජනතා ගල්මුල් අනුව මෙලෙස කාර්මික නිශ්පාදන සඳහා කුඩා ජනගහනයක් ඇති රටක රජයකට විශාල බදු අයකරගනිමින් සහනාධාර දිම කොතරම් අපහසුදැයි සිතාගන්න පුලුවන්.

    3. රට සතු නිශ්පාදන සාධකවල තත්වය - නිශ්පාදන සාධක ලෙස භාණ්ඩ හා සේවා නිශ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආදී ස්වාභාවික සම්පත්, භූගෝලීය පිහිටීම, දේශගුණය, ශ්‍රම බළකාය හා එහි ගුණාත්මක භාවය, රට සතු ප්‍රාග්ධන සම්පත් මෙන්ම ජනතාවගේ ව්‍යවසායික හැකියාවන්ද සැළකෙනවා.

    ලංකාව ස්වාභාවික සම්පත්වලින් අනූන රටක් ලෙස අප ආඩම්බරයෙන් පවසනවා. සැබැවින්ම ලංකාව ස්වාභාවික සම්පත් විශාල ප්‍රමාණයක් ඇති රටක්. කෙසේවෙතත්, ලංකාවතුල කාර්මික නිශ්පාදනය සඳහා අත්‍යාවශ්‍ය ස්වාභාවික සම්පත් පවතින්නේ අල්ප ප්‍රමාණයක්.

    යකඩ, ඇළුමිනියම්, තඹ, ටින්, මැග්නීසියම්, ඛණිජතෙල් හා ගෑස් වැනි ප්‍රධාන කාර්මික අමුද්‍රව්‍ය ලංකාවතුල ඇත්තේම නැති තරම්. උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිලිකා, ඉල්මනයිට්, රූටයිල්, ටයිටේනියම්, ටංස්ටන් වැනි විශේෂිත ලෝහ නිශ්පාදනයට ගන්නා අමුද්‍රව්‍ය ඇතත් 30 වසරක යුද්ධය නිසා එම සම්පත් ප්‍රයෝජනයට ගන්නට සැළසුම් සකස්කරන්නට හැකියාව ලැබී ඇත්තේ දැන්. එප්පාවල ටොන් මිලියන 60ක පොස්ෆේට් නිධියක් ඇතත් 2000 වසරේ ශ්‍රේෂ්ඨාධීකරණ තීන්දුවකින් පසුව එම වටිනා ජාතික සම්පත වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීම අත්හිටුවා තිබෙනවා. මෙය මහත් ජාතික අවාසනාවක්.

    ගුණාත්මක බවින් ඉහලවුවත්, ලංකාවේ ශ්‍රම බළකාය ඉතා කුඩා වන අතර කළාපීය වශයෙන් ගත්කල ඉහල පිරිවැයක් ඇති ශ්‍රම බළකායක් ලෙස පිලිගැනෙනවා. කාර්මික නිශ්පාදනයන්හි පිරිවැය අවමව තබාගැනීමට අවශ්‍ය සුළභ හා අඩු පිරිවැය ශ්‍රම බළකායක් ලංකාව සතු නොවන බව ලේඛකයාගේ විශ්වාසයයි.

    භූගෝලීය පිහිටීම හා දේශගුණය යම් කෘෂිකාර්මික නිශ්පාදන හා සේවා සැපයිම සඳහා ඉතා වාසිදායක වුවත්, කාර්මික නිශ්පාදන සඳහා එතරම් වාසිදායක දායකත්වයක් ලබාදෙන්නේ නෑ. ව්‍යවසායික හැකියාවන් ඉහල, දක්ශ ජනතාවක් වන ශ්‍රී ලාංකික ජනතාවට සිය ව්‍යවසායික හැකියාවන් කාර්මික නිෂ්පාදනයන් හට යොමුකල නොහැක්කේ කලින් සඳහන්කල වෙළඳපොල හා ස්වභාවික සම්පත්වල ඇති සාපේක්ෂ අවාසි නිසාබව ලේඛකයාගේ තර්කයයි. එමෙන්ම අඩු ජනගහනයක් ඇති නිසාත්, ඉහල ජීවන වියදම නිසා ඉතුරුම් අඩු නිසාත් ලංකාව තුල කාර්මික ව්‍යාපාරවලට අවශ්‍ය අධික ප්‍රාග්ධනය සපයාගත හැකි ප්‍රාග්ධන මූලාශ්‍රයක්ද නැතැයි කිව හැකියි.

    4. ආශ්‍රිත හා සහයක කර්මාණ්ත - ලංකාව තුල කාර්මික නිශ්පාදන මහාපරිමාණයෙන් සිදුකිරීම සඳහා අමුද්‍රව්‍ය, වෙළඳපොල, ලාභ ශ්‍රමය හෝ ප්‍රාග්ධන සංචිත නොමැති නිසා කර්මාණ්ත සඳහා අවශ්‍ය ආශ්‍රිත හා සහයක කර්මාණ්ත කිසිදු දියුණුවක් ලබා නෑ.

    අහඹු සිදුවීම් හා රජයේ ස්ථාවරභාවය හා ප්‍රතිපත්ති යන අතිරේක කරුණු නොසලකා හැරියත්, ලංකාවේ කාර්මික දියුණුව සිදු නොවන්නට ප්‍රධානම හේතු ලෙස,

    1] ව්‍යාපාරික ප්‍රජාවගේ ඉක්මණ් ලාභ හැසිරීම,
    2] ඉතා කුඩා වෙළඳපොල,
    3] කාර්මික අමුද්‍රව්‍ය ලෙස ගත හැකි ස්වාභාවික සම්පත් අවමවීම,
    4] කුඩා ශ්‍රම බළකාය

    ගතහැකි වනවා.

    මේ අනුව කොතෙක් උත්සහ දැරුවද ලංකාවට කිසි විටෙකත් විශාල එකතුකල අගයන් සහිත, දියුණු කාර්මික නිශ්පාදන තරඟකාරීව සිදුකිරීම කල නොහැකි රටක් යන්න ලේඛකයාගේ තර්කයි.

    http://vidya-gaweshana.blogspot.com/2016/06/blog-post_6.html
    ලේඛකයා වක්‍රව කියන්නේ ලංකාවේ වෙළඳපොළ විශාල නැති නිසා සීපා වැනි ගිවිසුම් මගින් විදේශිය වෙළඳපොල අල්ලාගැනිමයි :P
     
    • Like
    Reactions: ctooi

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    ටෙස්ලා කාර් නිපදවන සමාගම දකුණු ආසියානු වෙළෙදපොල අල්ලාගැනිමට ලංකාව නැතුව ඉංදියාව තොරාගෙත්තේ එහි ඇති විශාල වෙළදපොල නිසාය.ලංකාවේ එකලස් කරන භාණ්ඩ වලට වෙළඳපොලක් නැත.වෙළදපොල විශාල කරගැනිමට නම් තවත් විශාල වෙළදපොලක් සහිත රටක් සමග ගිවිසුම් ගත විය යුතුය (ආනයන අපනයන බදු සහන ) .උදාහරණයක් වශයෙන් ඉංදියාවේ වෙළදපොළ අල්ලාගැනිමට රාජතාන්ත්‍රික ගිවිසුම් ඇති කර ගත යුතුය.එවිට විදේශිය ආයෝජකයින් ලංකාව දෙස හැරි බලනු ඇත.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඉන්දියාව කවදාවත් ඉන්දීය වෙළද පොළ අල්ලාගන්න ලන්කාවට ‍ඉ‍ඩ දෙන්නෙ නෑ. උන් පිටින් නීති නොදැම්මත් ප්රාන්ත මට්ටමින් තද නීති දානව අපේ අපනයන වලට ඉන්දියාවේදී තරග කරන්න බැරිවෙන්න. අනිත් කාරණාව තමයි ලන්කාවේ ලාබෙට ශ්රමයක් හොයාගන්න බැරී වීම. ඒක තමයි ලන්කාවේ කාර්මික නිශ්පාදන කරන්න බැරි මූලික හේතුව.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඉන්දියාවේ ලදරන් කඩේකින් ඉන්දියන් රු.80කට වගේ ඇට්ටි හැලෙන දවල් කෑමක් කන්න පුළුවන්. පස්සේ බඩ යන එක වෙනම කතාවක්. ලංකාවේ පට්ටම නෝමල් කඩේකින් කෑවත් දැන් 400 පැනලා.