ලංකාවට පැමිණ ඇත්තේ තරුණියන් පිරිසක් රැගෙ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලංකාවට පැමිණ ඇත්තේ තරුණියන් පිරිසක් රැගෙ

    දකුණු ආසියානු කලාපයේ රටවල තරුණියන් චීනය වෙත ගෙන්වා ගෙන සිදු කෙරෙන මහා මිනිස් ජාවාරමක ප්‍රධානියා ඊයේ (01) දින සවස කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුනා.

    මෙලෙස අත්අඩංගුවට ගෙන පිටුවහල් කර තිබුනේ වෑන් ඩොන්ග් (Wang Dong) නැමැති 28 හැවිරිදි අයෙකු වන අතර ඔහු චීනයේ ක්‍රියාත්මක වී-චැට් නැමති සමාජ ජාල වෙබ් අඩවියක් ඔස්සේ මිනිස් ජාවාරම් හි නිරත වන අයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

    ඊයේ සවස 2.45 ට අබුඩාබි නුවර සිට පැමිණි ඉතිහාඩ් ගුවන් සේවයේ EY- 264 දරන ගුවන් යානයෙන් මෙම චීන ජාතිකයා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති අතර ඔහු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ ආගමන කවුළුව වෙත පැමිණි විගසම ඔහු පිළිබඳව ඇති වූ සැකය මත ආගමන විගමන නිලධාරීන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණා.

    චීනයේ ක්‍රියාත්මක වී-චැට් නමැති සමාජ මාධ්‍ය ජාලයේ ගිණුමක් අරඹා ඇති මෙම පුද්ගලයා, චීන ජාතික සුරූපී තරුණියකගේ ජායාරූපයක් යොදා ගනිමින් කාන්තාවක් ලෙස පෙනී සිටිමින් මෙම මිනිස් ජාවාරමේ නිරතව තිබෙනවා.

    ඔහු විසින් ඒ හරහා දකුණු ආසියානු කළාපයේ රටවල තරුණියන් සමග සම්බන්ධතා ගොඩ නගා ගනිමින් පසුව ඔවුන්ගේ විශ්වාසය තහවුරු වූ පසුව එම තරුණියන්ට චීනයේ රැකියා ලබා දෙන බව පවසා ඔවුන් චීනය වෙත ගෙන්වා ගෙන ඔවුන්ව මිනිස් ජාවාරම් සඳහා යොමු කරනා බවයි හෙළිවී ඇත්තේ.

    අත්අඩංගුවට ගන්නා ලද එම චීන ජාතික ජාවරම්කරු සතු ජංගම දුරකථනය ඇසුරෙන් සිදු කරන ලද විමර්ශන වලදී ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඒ බව අනාවරණය කර ගෙන ඇති අතර වැඩිදුරටත් සිදු කරන ලද විමර්ශන වල දී මොහු ශ්‍රී ලංකාව වෙත මෙසේ පැමිණ ඇත්තේ ද මෙරට තරුණියන් පිරිසක් චීනය වෙත රැගෙන යෑමට බව ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරීන් අනාවරණය කර ගෙන තිබෙනවා.