** ලංකාවට බැංකු ආව හැටි **
monte dei paschi di siena - Italy (Since 1472)
අදටත් පවතින ලොව පැරණිතම බැංකුව
ලංකාවෙ බැංකු ඉතිහාසෙ ක්‍රිස්තු පූරුව 4 වන කාලයේ ඉදලා තුබුණා කියල සදහන් වෙනවා . ආනමඩුවෙ තෝනිගල සෙල්ලිපිය තියෙනවැයි කියනවා ක්‍රිස්තු පූරුව 4 වන සත වරුසෙ ලංකාවෙ බැංකු කරමයක් තිබ්බා කියලා.
හැබැයි මචංස්ලා, ඔය බැංකු කරමෙට වඩා අපිට වැදගත් වෙන්නෙ මේ අද අපි දකින් බැංකු කරමය කවද්ද ඇතිවුනේ කියන එක. මේක ඉස්සෙල්ලම එන්නෙ අර රතුවංසලා කියන බටහිර අදිරාජ්ජවාදී යටත් විජිත කාලෙ. ඔය සුද්දො අපේ රටේ තේ වැව්වනෙ. ඉතිං තේ වවල බිව්ව නෙමෙයිනෙ. ඒවා රට පිට ඇරියා. ඒ ඇරියෙ කොළඹ වරාය හරහානෙ. ඉතිං කොළඹ වරාය ආසන්නෙ අද ඔය යෝක් වීදිය කියන හරිය ඒ කාලෙත් හොඳ වෙළඳපොලක්. තේ විතරක් නෙමේ රට පිට අරින ඕනි මගුලක් ඔතෙංට එංට එපෑ. ඉතිං මේ හරියෙ ඉන්න වෙළෙන්දංට නිතරම ඕනි වෙනවා ණය ගංට. සල්ලි තැම්පත් කරලා තියංට.
ඕං ඔතෙංදි ඔය කාලෙ තමිල්නාඩුවෙ ගිනිකොණ පැත්තට වෙංට තිබ්බ චෙට්ටිනාඩුව කියන පළාතෙ ඉඳල ලංකාවට ඉතරක් නෙමේ ජාවා, සුමාත්‍රා, බුරුමෙ (දැන් මියන්මාරෙ), මැලේසියාව, සිංගප්පූරුව, වියට්නාමෙ විතරක් නෙමේ අපේ මේ සිලෝන් එකටත් ආවා ඔය මුදල් ගණුදෙනු වලට කප් ගහපු කට්ටියක්. මෙයාලට කිව්වෙ නාට්ටුකොට්ටෙයි චෙට්ටියාර් කියලා. ඒ අය මුල් බැහැගෙන හිටපු පැත්ත තමා අදත් අපි හෙට්ටි වීදිය කියලා කියන්නෙ. රත්තරං බිසිනොස් එකත් ඒ කාලෙ ඉඳංම තිබිලා තියෙනවානෙ. අපේ මිනිස්සු මේ අයට කියලා තියෙන්නෙ හෙට්ටි කියලා. මේ මිනිස්සු තමා ඒ කාලෙ මුදල් සහ රත්තරං ගණුදෙනුවල යෙදිලා තියෙන්නෙ. මේ ඉන්නවා එයිං ඩබලක්...
තකොට බැංකු තිබ්බෙම නැද්ද? තිබ්බා. 1888 හැටන් බැංකුව (HNB-Hatton National Bank) පටං ගත්තා සුද්දො. වතු වවන සුද්දංට අවශ්‍ය මුදල් කටයුතු වලට තමා මේක පටං ගත්තෙ. ඒ කාලෙ කිව්වෙ හැටන් බැංකුව කියලා 1970 රීනේම් කොරනකං.
1920 දි එංගලංතුවෙ ඊස්ටර්න් බැංකුව කොළඹ ශාඛාවක් පටං ගන්නවා. පසුව මෙය ලංකා වාණිජ බැංකුව (Commercial Bank) ලෙස නම් කරනවා. ඒ සැනිං අපේ අල්ලපු රටෙං මෙහේට එනවා 1921 දි ඉම්පීරියල් බෑන්ක් ඔෆ් ඉන්ඩියා කියලා බැංකුවක්.
මේ ඔක්කොම සුලු මට්ටමෙන් තමා කිරියාත්මක වෙන්නෙ. ඒ වගේම මිනිස්සුන්ට වඩාත් විස්වාසවන්තව ගණුදෙනුකරන්න පරිසරයක් තිබුණෙ නෑ. විශේෂයෙන් හෙට්ටිලා මිනිස්සුන්ට දුන්නා නියම ගේම්. ණය වලට ගිනි පොලී ගන්න අතරෙ තැන්පතුවලට ගෙව්වෙ සොච්චමයි. මේ ගැන ඒ කාලෙ තිබ්බ රාජ්‍ය මන්ත්‍රණ සභාවෙ කතාවුනා. අද වගේ විල මැද පච බංගලාවක් නෙමේනෙ තිබ්බෙ.
1934 දි එතකොට හිටපු ආණ්ඩුකාරයා වෙච්ච ඇන්ඩෘෘ කැල්ඩිකෝට් කිව්වා, රජයේ මැදිහත්වීමෙන් වෙන ජාතික බැංකුවක් ඕනෑ කරනවා කියලා. ඉතිං ඕකට ගිය මන්ත්‍රණ සබා විවාදෙට අපි දන්න කියන දෙන්නෙකුත් ඉඳලා තියෙනවා. බණ්ඩාරනායක මහත්තයයි ජී.ජී. පොන්නම්බලම් මහත්තයයි. පොන්නම්බලම් මහත්තය තමා යෝජනාකරලා තියෙන්නෙ රජයේ මැදිහත්වීමෙන් නෙමේ රජයට අයිති රාජ්‍ය බැංකුවක් තමා පිහිටුවංට ඕනි කියලා.
ඉතිං එව්වා මෙව්වා සම්මත කරගෙන තමා ලංකාවෙ පළවෙනි රාජ්‍ය බැංකුව විදිහට 1939 අගෝස්තු පළවෙනිදා කොළඹ යෝක් වීදියෙදි ආණ්ඩුකාරයා අතින් ලංකා බැංකුව විවෘත වෙන්නෙ. අද ලංකා බැංකුවෙ නගර ශාඛාව තියෙන්නෙ මේ ගොඩනැගිල්ලෙ තමා
දැන් මේ විදිහට බැංකු කරමෙට රජයේ මැදිහත්වීම පටං ගත්තට මේක විධිමත් කොරගංටත් එපැයි. ඔන්න ඊට අවුරුදු 10 කට පස්සෙ පණතක් ගේනවා 1949 අංක 58 දරණ මුදල් නීති පණත ඕක විදිමත් කොරංට. එහෙම කොරංටනං ලංකාවටත් ඔය එංගලංතෙ තියෙන බෑන්ක් ඔෆ් ඉන්ග්ලන්ඩ්, එතකොට
ඇමෙරිකාවෙ තියෙන ෆෙඩරල් රිසර්ව් වගේ මධ්‍යම බැංකුවක් ඕනි වෙනවා. ඕං 1950 අගෝස්තු 28 වෙනදා පටංගන්නවා මහ බැංකුව. ඔන්න ළමයි මතක් තියාගංට අද අපි ශ්‍රී ලංකා මහ බැංකුව කියන ඕකෙ ඉස්ඉස්සෙල්ලම අධිපති උනේ ජෝන් එක්ස්ටර් කියන මහත්තයා. මේ ඉන්නෙ... නිකං බ්ලේක් කැරිංටං වගේ.
ඉතිං ඔය ඔක්කෝම පිහිටෝගෙන ටිකක් කල් යනකොට තව පුරස්නයක් ආවා. මේ කාලෙ වෙනකොට මිනිස්සු බැංකු ගණුදෙනුවලට ටික ටික සැට්වේගෙන එන කාලෙ. පොඩි පොඩි වෙළෙන්දන්ට වගේම ගමේ මිනිස්සුන්ටත් මේ කටයුතු වැදගත් උනානෙ. හැබැයි රජය යටතේ පිහිටවපු ලංකා බැංකුව ඒ තරම් මේ මිනිස්සුන්ට සමීප වෙලා තිබුනෙ නෑ. එයාලා වැඩිපුර හිටියෙ නාගරික තරමක දෙයක් කරගංට පුලුවං වියාපාරික පොරජාවත් එක්ක තමා.
ඔන්න ඉතිං ගමේ මිනිස්සුංටත් සුලු ව්යාපාරිකයංටත් සලකන්න බලාගෙන 1961 ජූලි පළවෙනිදා කොළඹ චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතේ පිහිටුවනවා මොකක්ද, මහජන බැංකුව. මේක ගම් දනවු සිසාරා යනවා සමූපාකාර ක්‍රමයත් එක්ක පසුකාලීනව.
ඔය 1977 ද අටේද මංදා ලංකාවට විවෘත ආර්තිකේ අඳුන්නල දීලා අවුරුදු නමයකට දහයකට පස්සෙ ලංකාවෙ පුද්ගලික බැංකු එක දෙක වැඩි වෙන්න ගන්නවා. ඒ අතරින් වඩාත් ප්‍රසිද්ධ 1986 දි Investment & Credit Bank විදිහට පටං ගත්තු සම්පත් බැංකුව සහ අපේ ලලිත් අයියා 1987 දි දාපු සෙලාන් බැංකුව Seylan Bank. තව බැංකු බොහොමයි දැන්නම්. ලංකාවෙ වාණිජ බැංකු (වාණිජ බැංකු කියන්නෙ චෙක්පත් ගණුදෙනු කළහැකි ජංගම ගිණුම් පවත්වාගෙන යන ඒවගේම විදේශ මුදල් ගණුදෙනු කළ හැකි බැංකු වලට... ඕවා හැමෝටම බෑ) 25 ක් තියෙනවා
එයින් 13 ක් දේශීය බැංකු.
ලංකා බැංකුව
මහජන බැංකුව
කොමර්ෂල් බැංකුව
හැටන් නැෂනල් බැංකුව
සම්පත් බැංකුව
සෙලාන් බැංකුව
National Development Bank - NDB
Pan Asia Banking Corporation - PABC
Nations Trust Bank
DFCC වර්ධන බැංකුව (DFCC බැංකුව නොවේ)
Amana Bank
Union Bank
Cargills Bank
විදේශීය රටවල් පවත්වාගෙන යන වාණිජ බැංකු තියෙනවා 12 ක්
State Bank of India - ඉන්දියාව
Indian Bank - ඉන්දියාව
Indian Overseas Bank - ඉන්දියාව
Industrial Credit & Investment Corporation of India - ICICI - ඉන්දියාව
Axis Bank - ඉන්දියාව
Standard Chartered Bank - බ්‍රිතාන්‍යය
Hongkong & Shanghai Banking Corporation - HSBC - බ්‍රිතාන්‍යය
Citibank - අමෙරිකා එක්සත් ජනපදය
Deutsche Bank - ජර්මනිය
Public Bank - මැලේසියාව
Habib Bank AG Zurich - ස්විට්සර්ලන්තය
Muslim Commercial Bank - MCB - පාකිස්ථානය
ඔය කිව්වෙ වාණිජ බැංකුනෙ. වාණිජ නොවන ඒ කියන්නෙ විශේෂ බලපත්‍රලාභී බැංකු තියෙනවා කීපයක්.
ජාතික ඉතිරිකිරීමේ බැංකුව - National Savings Bank - NSB
MBSL Savings Bank
ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව - SLSB
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව - RDB
ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව
DFCC Bank
සණස සංවර්ධන බැංකුව - SDBL
නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව - HDFC
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව - SMIB
ශ්‍රී ලංකා වාණිජ බැංකුව - Merchant Bank of Sri Lanka - MBSL
මහජන ව්‍යාපාරික බැංකුව - People's Merchant Bank
Seylan Merchant Bank
Mercantile Merchant Bank
Sterling Investment Management Corporation
ඔව්වා තමා ශ්‍රී ලංකා මහ බැංකුවෙ විශේෂ බලපත්‍ර යටතේ ලියාපදිංචි බැංකු. ඔය 10 ඉඳලා අවසානය දක්වා එව්වට කියන්නේ වණික් බැංකු කියලා. ඒවා ව්‍යාපාරවලට දීර්ඝකාලීන පහසුකං දෙංට තමා පිහිටෝලා තියෙන්නෙ.
මේ ලිපියේ අයිතිය http://visitor-v.blogspot.com සතු වේ .
අපිට වැදගත් නිසා share කරේ .

+