Kanthale, walachchena, veytex, thultex
මෙතන මුලින්ම "කන්තලේ" කියලා ලියලා තියන නිසා ඒ ගැන යමක් කියන්නම්.
කන්තලේ සීනි කම්හල ඒ කාලයේ ආසියාවේ තිබුන ලොකුම සීනි කම්හලයි. නමුත් ලංකාවේ උක් වගාවේ අස්වැන්න ඒ කම්හලේ මාස කිහිපයක නිෂ්පාදනයට පමණයි සෑහුණේ. ඒ නිසා මාස් තුනක් විතර කම්හල දුවලා, මාස හයක් වහලා තියලා, ඉතුරු මාස තුනේදී යන්ත්‍රවල කූඹි, මලකඩ ඉවත් කරලා, පිරිසිදු කිරීම්, නඩත්තු කටයුතු කරලා ඊළඟ උක් අස්වැන්න ලැබෙන කොට නිෂ්පාදන පටන් ගන්න සුදානම් වීම තමයි සිදු උනේ.
වාලච්චේනෙයි, වේටෙක්ස්, තුල්ටෙක්ස් වලට අමතරව, දාස මුදලාලිගේ ඩියුරෝ නිෂ්පාදන, ඔරුවල වානේ කම්හල, කැළණි ටයර්, ගලවිලවත්තේ UMC මැස්ඩා කම්හල එහෙම ලොකු සේවක සංඛ්‍යාවකට රැකියා දුන්නා. නමුත්, ඒ කාලේ ලංකාවේ රැකියා හිඟය බොහොම උග්‍රයි. ඒ නිසා රැකියා බැංකුව කියලා එකක් (මට මතක හැටියට මැනිං මාකට් එක හරියේ තිබුනා වාගේ) තිබුනා. රැකියා බලාපොරොත්තු වෙන මිනිස්සු මාසෙකට වරක් එතනට ගිහිල්ලා "සීල්" එකක් ගහගන්න ඕනෑ.
ලංකාවේ රැකියා අවස්ථා සුලභ නිසා ඉන්දියානුවන් ලංකාවට හොරෙන් ආවා කියන එක ඒ කාලේ සිදු උනේ නැහැ. ලංකාවේ විරැකියාව වැඩිම කාල සීමාව විවෘත ආර්ථිකයට(1977) පෙර කාලයයි.