ලංකාවට යලි ක්‍රිකට් වසන්තය ‍රැගෙන හතුරුස

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ලංකාවට යලි ක්‍රිකට් වසන්තය ‍රැගෙන හතුරුස

හතුරුසිංහ ශ‍්‍රී ලංකාවේ.. ශ‍්‍රී ලංකා පිල බාර ගැනීමට සියල්ල සූදානම්..

හතුරුසිංහ ශ‍්‍රී ලංකාවේ.. ශ‍්‍රී ලංකා පිල බාර ගැනීමට සියල්ල සූදානම්..
මෑතකදී බංගලාදේශ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වූ චන්දික හතුරුසිංහ ඊයේ පස්වරුවේ මෙරටට පැමිණ තිබේ.

ඔහු පැමිණි වහාම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වෙත ගොස් බලධාරීන් සමග විශේෂ සාකච්චාවක්ද පවත්වා ඇත.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට පත් කිරීම සම්බන්දයෙන් එහිදී කරුණු සාකච්චා වී ඇති බවද වාර්තා වෙයි.

ලබන ජනවාරි මාසයට පෙර චන්දික හතුරුසිංහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස රාජකාරි ආරම්භ කරනු ඇති බවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේ වෙතත් හතුරුසිංහ මෙතෙක් බංග්ලාදේශ පුහුණුකරු ධුරයෙන් පුර්ණ ලෙස නිදහස් කර නැති අතර ඒ සම්බන්ධයෙන් දෙරටේ ක‍්‍රිකට් බලධාරීන් අතර සාකච්චා පැවැත්වෙයි.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඔය මැතිව්ස් චන්දිමාල තිරිමාන වගේ එවුන් එලවලා වැඩ පටන් ගමු