ලංකාවට වන්දි

lgayyamp

Well-known member
  • Jan 16, 2019
    3,321
    3,431
    113
    කොලොම්පුරේ
    + අයියෙ අර නැවේ සිද්දිය යට ගියේ නෑ නේද පියුම් හංසමාලි දාල යට ගහන්න හැදුවට
    - ඒකනෙ නේද
    + ඇයි අයියෙ ඔය නැව අපේ නොගැඹුරු මුහුදටම ආවෙ.වෙලාවට නේද අයියෙ ඔයින් ගියේ
    - වෙලාවට කිව්වෙ
    + නෑ ඉතින් කැස්බෑවො දෙතුන් දෙනයිනෙ මැරුනෙ
    - මල්ලි ටික් ටොක් කරනවද
    + ඇයි අයියෙ නෑ
    -දෙයක් කිව්වම තේරුම් ගන්න පුළුවන් අද්‍ය්යාපනයක් මල්ලිට තියේ ද
    + ඔව් අයියෙ
    - මල්ලි පක්ශ වලට කඩේ යන වහලෙක් ද
    + නෑ අයියෙ
    - එහෙනම් මෙහෙමයි මල්ලි.උඹට මේ විනාසය කොච්චර ද කියල කියන්නම්.මොකද හිතං ඉන්නෙ කැස්බෑවො දෙන්නෙක් මැරුන හින්ද මේ විනාසය පොඩී කියල
    මේ නැවේ තිබිල තියන දේවල් ගත්තම බං නයිට්‍රික් අම්ලය ටොන් 30 ක්,ප්ලාස්ටික් පෙලට්ස් ටොන් 3163ක්,එතනෝල් කියල ප්‍රචාරය යවපු ඒත් මෙතනෝල් කන්ටේනර් තොගයක් බං

    මෙතනෝල් කියන්නෙ 1% ක් අපේ ශරීරයට ගියත් ඇස් අන්ධ වෙන්න පුළුවන් ප්‍රමානයක්.ඉතින් හිතපං ඒක මුහුදට වැටුනම මොකද වෙන්නෙ කියල

    ඒක නෙවේ හොඳම සීන් එක
    කට්ටිය කියනවනෙ රූපලාවණ්‍ය වලට ගෙනිච්ච ඒව කියල

    + ඔව් අයියෙ !!! මාලුත් ලස්සන වෙයි.අනික ක්‍රීම්නෙ ඕව මාලු කන්නෙ නෑනෙ
    - ගොනෝ උඹ වගේ එවුන් තමා මේ රටේ ගොඩක්ම ඉන්නෙ.මේ අහපං
    ඒ රූපලාවණ්‍ය රෝ මැටීරියල්ස් ගොඩක් හදන්නෙ පෙට්‍රෝලියම් බේසික් කරල.පෙට්‍රෝලියම් බේසික් උන ඕන මගුලක් අධිල තාපයක් පිට කරනව.එතකොට ඔය ගිනිගන්නෙ ඒ දේවල්

    එතකොට තව රූපලාවණ්‍ය වැඩ වලට ගන්න බේසික් දෙයක් තමයි මයික්‍රො ප්ලාස්ටික් කියන්නෙ

    + ඔව් අර වෙරලට ගොඩ ගැහුව ඒව
    - නෑ !!! මයික්‍රො ප්ලාස්ටික් කියන එව්ව ඇහැට පේන්නෙ නෑ.උඹ හිතපං මාලුවෙක් ප්ලාස්ටික් ඇටයක් ගිලල මැරුන වගේ නෙවේ මයික්‍රො ප්ලාස්ටික් වලින් වෙන හානිය
    ඒව කෙලින්ම ගිහින් තැන්පත් වෙන්නෙ ඇල්ගි වල.ඇල්ගි වල තැන්පත් උනාම හිරු එලිය එන්නෙ නෑ.එතකොට ඔක්සිජන් හදන්න් වෙන්නෙ නෑ.ඔක්සිජන් අඩු උනාම මුහුදෙ ඒක ලොකුවටම දැනෙනව මුහුද යට ඉන හැම ජීවියාටම

    අනික තමා ආහාර දාම ගැන ගත්තොත් ඇල්ගි කන්නෙ පොඩි මාලු.පොඩි මාලු කන්නෙ ඊගාව සයිස් එකේ එවුන්.ඊගාව සයිස් එකේ එවුන් අපි කනව.ඒ මයික්‍රො ප්ලාස්ටික් අනිවාර්යයෙන්ම අපේ ඇඟේ තැන්පත් වෙනව.ඊට පස්සෙ අපිට ?

    අනික මන්නාරම පැත්තට වෙන්න යද්දි තියන Sea grass bed .ජෛව විවිධත්වය උපරිමයෙන් තියන මේ මුහුදු තනකොල පද්දතිය නැතිම වෙලා යනව නෙවේ මැරෙනව

    + 🥴
    - තව අහගනිං.ක්නිඩාරියා ( cnidariya ) එහෙමත් නැත්නම් කොරල් බුහුබාව කියන සතා සම්පූර්ණයෙන්ම පිටත කවචය හදන්නෙ කැල්සියම් කාබනේට් වලින්.නයිට්‍රික් අම්ලය ටොන් 30 ක් මුහුදට වැටුනම,ඒව දිය රැල් සහ හුලං වලින් රට වටේට ගහගෙන ගියාම රට වටේට තිබ්බ කොරල් පරයට මොකද වෙන්නෙ
    අර බුහුබාව කියන සතා අධික සංවේදී සතෙක්.සමහරවෙලාවට වතුරෙ PH අගය වෙනස් උනත් ඌ මැරෙනව.එතකොට ඌ මැරිල නවතින්නෙ නෑ.කැල්සියම් කාබනේට් නයිට්‍රික් අම්ලය එක්ක ප්‍රතික්‍රියා කරල තියන කොරල් ටිකත් දියවෙලා යනව

    මුහුද අවට සියලුම මුහුදු ශාක මැරුනම ගිඩ බිම ගස් කපනව වගේ නෙවෙයි අධික රස්නයක් මතුපිට වායුගෝලයේ ඇතිවෙනව විතරක් නෙවේ මේක නිකංම මල මුහුදක් වෙනව මිනිහෙක්ටවත් බහින්න බැරි

    + හරි වන්දියක් දෙනව කිව්වනෙ
    - උඹ කොහොමද මේ සංකීර්න ජෛව ක්‍රියාවලියට මිලක් නියම කරන්නෙ.ඩොලර් ට්‍රිලියනයක් දුන්නත් මේ පාඩුව පියවන්න බෑ
    අනික උඹ දන්නවද ලෝකෙ නැව් සමාගම් අපේ රටවල් ගැන දරන මතය

    + මොකද්ද
    - අර උඹ මුලදිම මගෙන් අහපු එක.ඔය නැවක් ඒ කියන්නෙ තෙල් නැවක් වගේ එකක් කැඩුනම ශේප් එකේ අප්‍රිකන් රටවල් වලට හරි ලංකාවට හරි යන්න කියලලු තියෙන්නෙ.මොකද උන් දන්නව මේකෙ රට පාලනය කරන ගඳ කැත හිඟන්නන්ට කීයක් හරි දුන්නම ශේප් කරගන්න පුළුවන් කියල
    ඩොලර් බිලියන 100 කින් කරගන්න වෙන එක ඩොලර් බිලියන 5 න්කරගන්න පුළුවන් කියල.අනික දියුනු රටවල්වල ඉන්නෙ රටට ආදරේ උන්.එතකොට අපි වගේ රටවල් හැමදාම එකතැන තියෙන්නෙ අපේ උන් රටට ආදරේ නැති හින්ද.සල්ලි දැක්කම අම්මව උනත් විකුනගෙන කන්න පුළුවන් නිසා

    මේක මේ අන්ඩුවේ නෙවේ,අවුරුදු ගානක් තිස්සෙ වෙන දෙයක්.ලෝකෙ අපි දිහා කොහොම දකිනව ඇතිද කියල හිතපං,ලෝකෙ අපි ගැන මොන වගේ තක්සේරුවක් තියල ඇතිද කියල හිතපං

    ඒත් උඹ ගොනා වගේ අහගෙන හිටියට මේක මේ රටේ ගොඩක් එවුන්ට තේරෙන්නෙ නෑ.උන්ට උන්ගෙ වහල් කමෙන් එලියට එන්න මේවට විරුද්ද වෙන්න ඕන නෑ

    මොකද උන්ට මොලේ නෑ

    ලෝකයම කම්පා වෙන මේ විනාශය,මේ රටේ එවුන් සමාන කරේ කොහොමද කියල උඹල දන්නවද

    + මාලු අල්ලගෙන කන්න හොඳයි - කැස්බෑවෙක් මැරුනම අනේ උඹලගෙ සත්තව කරුනාව
    ඔය ගින්න නිවන්න වත් රටේ නමගිය රසායනික මහාචාර්ය වරුන්ගෙන්වට් උපදෙස්ගන්නෙ නෑලු.ඇයි ඒ ? ඒ මේකෙ යතාර්තය එලියට එන නිසා.මේ හිතාමතාම කරපු අපරාදයක් කියල ඔප්පු වෙන හින්ද

    BASAL සම්මුතියට MARPOL සම්මුතියට පිටින් ගිහින්,ඈත මුහුදක කාන්දු උනු නයිට්‍රික් සහ පෙට්‍රෝලීයම් මෙතනෝල් ටොන් ගානක් තියන නැවක් ජෛව විවිධත්වය උපරිමයෙන් තියන නොගැඹුරු මුහුදකට ගෙනල්ල බ්ලාස්ට් කරේ ඇයි ? මොකද්ද හේතුව ? කාගෙද උවමනාව ?

    -Copied-
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    15,849
    27,476
    113
    උඹේ ගෙදරට පැනලා මැරයෝ උඹෙ ගෑනිව දුවව දූෂණය කරන්න යනවා. එතකොට උඹ හිතනවා කමක් නෑ දූෂණය කරාට අපිට අපිට මේකට වන්දියක් ගන්න පුලුවන් උසාවි ගිහින් කියලා.