ලංකාවට සුමාත්‍රා භූචලනය දැනුනේ ඇයි?

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
ලංකාවට සුමාත්‍රා භූචලනය දැනුනේ ඇයි?

ඊයේ (11) සුමාත්‍රා දිවයින ආශ්‍රිත ඇතිවූ භූමිකම්පාව නිසා ශ්‍රී ලංකාවේ කොළඹ, නුවරඑළිය ඇතුළු ඇතැම් ප්‍රදේශ වලද දෙදරීම් ඇතිවුනා. භූවිද්‍යාව පිළිබද මහාචාර්ය සී බී දිසානායක මේ පිලිබදව බිබිසි සිංහල සේවයට පැහැදිලි කර තිබුනා. ඔහු පවසන අන්දමට ශ්‍රී ලංකාවේ මෙම දෙදරීම් ඇතිවුයේ භූවිද්‍යාත්මකම දුර්වල පෘතුවි කබොලක් ඇති ප්‍රදේශ බවයි.

මේ පිලිබදව අදහස් දක්වන මහාචාර්ය වරයා කියා සිටින්නේ "ලංකාවේ හැම තැනකටම නෙමෙයි, සමහර තැන්වලට දැනුනා. එය සිදු වන්නේ ඒ ඒ ප්‍රදේශයේ පිහිටීම් අනුවයි. ඒ කියන්නේ පැලීම්, දුර්වල ස්ථාන වලටයි භූවිද්‍යාත්මකම අන්න ඒවගේ එව්වට දැනෙන්නට පුළුවන්. ඒ වගේ විභේද රාශියක්, පද්ධතියක් තිබෙන්න පුළුවන් යම් රටක." කියායි.

http://soundcloud.com/gossip9/bbc-sinhala-earthquake-gossip9
 
Last edited: