ලංකාවට ෆෙඩරල්?

ලංකාවට ෆෙඩරල්?

පුළුවන් නම් පක්ෂ පාට වලින් බලන්නේ නැතිව, රටට ගහන හෙනේ තොපි බලහල්ලා
උතුරු පළාත් සභාව ඉන්දීය අගමැති හමුවේ
දිගහැරියේසිය පෙඩරල් මාර්ග සිතියමයි
- ආචාර්ය දයාන්ජයතිලක
විධායක ජනාධිපති තනතුරේ බලතල අඩු කරන 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මෙමආණ්‌ඩුව ජනතාවට දුන් මැතිවරණ පොරොන්දුවකි. 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ අඩංගුවගන්ති මේ වන විටත් බොහෝ දෙනාගේ අවධානයට ලක්‌ වී හමාරය. 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයබල රහිත කොට 17 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය යළි බලගැන්වීම හැරෙන්නට 19 වැනි ව්‍යවස්‌ථාසංශෝධනයේ සාධනීය ලක්‍ෂණ කිසිවක්‌ නැතැයි පවසන ආචාර්ය දයාන් ජයතිලක විධායක ජනාධිපතිතනතුරේ බලතල කප්පාදු කිරීම පෙඩරල් ආණ්‌ඩු ක්‍රමයට අත වැනීමක්‌ විය හැකි බවට දඅනතුරු අඟවයි.

විධායක ජනාධිපති තනතුරේ බලතල අඩුකිරීම සඳහා ඉදිරිපත් කර ඇති 19 වැනි සංශෝධනය පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?

19 වැනි සංශෝධනයේ ඇති යහපත්අංගෝපාංගය වන්නේ 17 වැනි සංශෝධනය ශක්‌තිමත් කර, 18 වැනි සංශෝධනය කටුගා ස්‌වාධීනකොමිෂන් පිළිබඳ සංකල්පය ඉදිරියට ගැනීම පමණයි. 19 වැනි සංශෝධනය සමස්‌තයක්‌ ලෙසගත්තොත් එය යහපත් ඉදිරි පියවරක්‌ හැටියට සලකන්න බෑ. එය ආපස්‌සට තැබූපියවරක්‌.

විධායක ජනාධිපති තනතුරේ බලතල සංවරණය කිරීම රට ආපස්‌සට හරවනපියවරක්‌ වන්නේ කොහොමද?

ජනාධිපති ධුරය යනු සමස්‌ත කලාපයම එක මැතිවරණ ඒකකයක්‌හැටියට සලකා පුරවැසියන්ගේ ජන්දයේ බහුතරයෙන් තෝරා පත්කරන ධුරයක්‌. වෙනත් ආකාරයකින්කියතොත් මහජන ස්‌වෛරීභාවයේ ප්‍රධාන වාහනය වන්නේ ජනාධිපති ධුරයයි. එම නිසා රටේව්‍යවස්‌ථාවේ වැඩි බලය තිබිය යුත්තේ එම ධුරයටයි. ජනාධිපති ධුරය සංකේතවත් කරන්නේ රටේසමස්‌තයයි. රටේ සමස්‌තය පිළිබිඹු කරන, මහජන ස්‌වෛරීභාවය රඳා පවතින තනතුරටයි රටේවැඩි බලය හිමිවිය යුත්තේ. වැඩි බලය යනු වුවමනාවට වැඩි බලය නොවේ. වුවමනාවට වැඩිබලයක්‌ ඇත්නම් එය සංවරණය කිරීම හෝ වෙන ආයතනයකට පැවරීම හොඳයි. නමුත් ස්‌වාධීනකොමිෂන් යළිත් බලගැන්වීම තුළින් විධායක ජනාධිපති තනතුරේ බලය සීමාකිරීම සිදුවෙන බවයිමගේ මතය. ඉන් එහාට විධායක ජනාධිපති තනතුරේ බලතල සංවරණය කිරීමේ අවශ්‍යතාවක්‌ නෑ. එසේකළහොත් සිදුවන්නේ රටේ ස්‌වෛරීභාවය පළුඳුවන ආකාරයට රටේ සමස්‌ත ජනතාවගේ බහුතරකැමැත්තෙන් පත් නොවූ අගමැති තනතුරකට බලය පැවරීමයි. 19 වැනි සංශෝධනයෙන් ඇත්තවශයෙන්මසිදුවනුයේ එයයි.

මෙහිදී වචන පාවිච්චි කිරීමේදී පවා අප සැලකිලිමත් වියයුතුයි. 19 වැනි සංශෝධනය යනු ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ නෙමෙයි. එතැන ලොකු වංචාවක්‌තියෙනව. පිටු 6070 ක ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ලෝකෙ කොහේවත් නෑ. ව්‍යවස්‌ථාසංශෝධනයක්‌ කියන්නේ කිසියම් නිශ්චිත ප්‍රශ්නයක්‌ හෝ ප්‍රශ්න කිහිපයක්‌ වෙනුවෙන් කරනසංශෝධනයක්‌. 19 වැනි සංශෝධනය කියවාගෙන යන විට තැන් ගණනාවක හමුවෙනවා තිබෙනව්‍යවස්‌ථාවේ අහවල් පරිච්ඡේදය, අහවල් කොට්‌ඨාසය අවලංගු කරනවා, අහෝසි කරනවා කියල.මේක සංශෝධනයක්‌ නෙමෙයි, තිබෙන ව්‍යවස්‌ථාව එහෙම්පිටින්ම වෙනස්‌ කිරීමක්‌. මේ කරලතියෙන්නේ ව්‍යවස්‌ථා සංශෝධනයක මුවාවෙන් නව ව්‍යවස්‌ථාවක්‌ ඇතුළත් කිරීමයි. ඒ නවව්‍යවස්‌ථාවෙන් පරණ ව්‍යවස්‌ථාවේ තිබුණු තර්කානුකූල භාවය මුළුමනින්ම උඩුයටිකුරු කරතිබෙනවා. 1978 ව්‍යවස්‌ථාවේ තර්කානුකූල පදනම වූයේ මහජනතාවගේ වැඩි ඡන්දයෙන් තෝරාපත්වුණ තනතුරේ වැඩි බලයක්‌ තිබිය යුතුය යන්නයි. එය ලෝකයේ බොහෝ රටවල තිබෙනමූලධර්මයක්‌. මහජන ඡන්දයෙන් පත්වන ජනාධිපති තනතුරක්‌ තිබෙන සෑම රටකම වැඩි බලයතිබෙන්නේ එම ජනාධිපති ධුරයටයි. නමුත් මේ 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් සිදුකරන්නටඋත්සාහ දරන්නේ මහජනතාවගේ වැඩි ඡන්දයෙන් තෝරා පත් වූ ජනාධිපති තනතුරට තිබෙන බලය කූටආකාරයට, වඩා සීමිත පදනමකින් පත්වන අගමැතිවරයාගේ අතට මාරු කිරීමයි.

නමුත්ජනාධිපතිවරයා ආණ්‌ඩුවේ ප්‍රධානියාය යන්න 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙනුත් තහවුරු කරතිබෙනවා නේද?

මතුපිටින් එබඳු අදහසක්‌ තිබෙනවා. නමුත් 19 වැනි සංශෝධනය කියවාබැලු විට තිබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස්‌ අර්ථයක්‌. 19 වැනි සංශෝධනයෙන් කියන්නේකැබිනට්‌ටුවේ ප්‍රධානියා අගමැති බවයි. කැබිනට්‌ටුවේ ප්‍රධානියා අගමැති නම් ආණ්‌ඩුවේප්‍රධානියා ජනාධිපති බව කීම බොරුවක්‌. රට ආණ්‌ඩු කරන්නේ කැබිනට්‌ටුවයි.කැබිනට්‌ටුවේ ප්‍රධානියා හැටියට අගමැති සිටිනවා නම් සහ කැබිනට්‌ටුවට පත්කිරීම් හාඅමාත්‍යාංශවල විෂයයන් පිළිබඳ තීන්දු ගන්නේ අගමැතිවරයා නම් ජනාධිපතිවරයා ආණ්‌ඩුවේප්‍රධානියා වන්නේ කුමන අර්ථයෙන්ද? ව්‍යවස්‌ථා සංශෝධනයක තිබෙන මෙවැනි දේ පිළිබඳඅනිවාර්යයෙන්ම අප බැලිය යුත්තේ සැකයෙන්.

අපේ රටේ පළාත් සභා පිළිබඳශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වූයේ පළාත් සභා රටේ ඒකීය භාවයට බලපෑමක්‌ නොවන්නේ ජනාධිපතිතනතුරට හිමි බලතල නිසා බවයි. ජනාධිපති ධුරයේ බලතල මේ ආකාරයට සංවරණය වීම පළාත් සභාකෙරේ ඇති කරන බලපෑම කෙබඳුද?

ජනාධිපති තනතුරේ මේ බලතල අඩුකිරීම නිසා පළාත්සභා සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම අලුත් සහ අහිතකර සමීකරණයක්‌ ඇතිවෙනවා. 13 වැනිව්‍යවස්‌ථා සංශෝධනය ඇත්තවශයෙන්ම සංශෝධනයක්‌. එනම් තිබුණු ව්‍යවස්‌ථාවට යම්කිසිසංශෝධනයක්‌ ගෙනඒම. තිබුණු ව්‍යවස්‌ථාව විධායක ජනාධිපති ක්‍රමය මුදුන් කොත වූව්‍යවස්‌ථාවක්‌. එම මුදුන් කොතෙහි තිබෙන බලය රාජ්‍ය ව්‍යqහය වෙනතැනකට මාරු කරනවානම් රාජ්‍යයේ ගුරුත්ව කේන්ද්‍රයේ මාරුවීම සිදුවෙනවා නම් අනිවාර්යයෙන්ම 13 වැනිව්‍යවස්‌ථාවේ තිබුණු තත්ත්වය වෙනස්‌ වෙනවා. පළාත් සභාවකට හිමි බලතලවලට යම්කිසිපරිපාලනයක්‌ හා සීමාවක්‌ ඇතිවන්නේ පළාත් සභාවට ඉහළින් භ්‍රමණය වන, සමස්‌ත රටනියෝජනය කරන, රටේ ජනතාවගේ බහුතරයෙන් පත් වූ ශක්‌තිමත් විධායක ජනාධිපති ව්‍යqහයක්‌තිබෙන විටයි. එම ව්‍යqහයේ බලය පහළට මාරු කර අගමැතිවරයාගේ සහ කැබිනට්‌ටුව අතේ එයපතිත කිරීම තුළින් සිද්ධවන්නේ අනිවාර්යයෙන්ම පළාත් සභාවට තිබෙන බලය වැඩිවීමයි. එසේවන්නේ පළාත් සභාවට වඩා ඉහළින් තිබෙන ශක්‌තිමත් ජනාධිපති ක්‍රමයකට පළාත් සභාවසම්බන්ධයෙන් තිබෙන බලය, පාර්ලිමේන්තුවට නොතිබෙන බැවිනි. ජනාධිපතිවරයා හා මහඇමතිවරයාඅතර තිබෙන දුරස්‌ථ භාවය පාර්ලිමේන්තුව සහ පළාත් සභාව අතර ඇතිවන්නේ නෑ.පාර්ලිමේන්තුව හා පළාත් සභාව ඊට වඩා සමාන මට්‌ටමින් කටයුතු කරන ආයතන දෙකක්‌ වනුඇත.

පසුගිය සතියේ සිදු වූ සිදුවීම් ගැන අවධානය යොමු කිරීමෙන් මේ තත්ත්වයවඩාත් හොඳින් සලකා බැලිය හැකිය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ලංකාවට පැමිණීමටපෙර උතුරු පළාත් සභා මහඇමති විග්නේශ්වරන් මහතා හින්දු පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක්‌දෙමින් පවසා සිටියේ 13 වැනි සංශෝධනය නුසුදුසු බවත් 1987 ඔක්‌තෝබර් මාසයේ සිට දමිළදේශපාලන නායකයින් 13 වැනි සංශෝධනයේ දොස්‌ ඉදිරිපත් කරමින් සිටි බවත්, ඒ නිසා වඩාත්ගතික බල බෙදීමක්‌ සහිත විසඳුමක්‌ අවශ්‍ය බවත්ය. විග්නේශ්වරන් මහතාගේ හින්දුපුවත්පත් සාකච්ඡාව පළවූ දවසට පසු දවසේ මෝදි අගමැතිතුමා ලංකාවේ පාර්ලිමේන්තුව සහජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වූ කතාවලදී එතුමා ඉන්දියාවේ ස්‌ථාවරය වෙනස්‌කළේය. මේතාක්‌ ඉන්දියාවේ ස්‌ථාවරය වූයේ 13 වැනි සංශෝධනය යුහුසුළුව හා පරිපූර්ණවක්‍රියාත්මක කර එය මත ගොඩනැගිය යුතු බවය. මෙය ප්‍රකාශ වූයේ රාජ්‍ය නායකයින් සමගදෙපාර්ශ්වීයව සාකච්ඡා කරන අවස්‌ථාවලදීය. එය කිසිදිනක ලංකාවට පැමිණ ප්‍රසිද්ධියේ කළප්‍රකාශයක්‌ නොවේ. නමුත් පසුගියදා පැමිණි ඉන්දීය අගමැතිතුමා 13 වැනි සංශෝධනයක්‍රියාත්මක කර ඒ මත ගොඩනැගිය යුතුය යන ස්‌ථාවරය වෙනුවට එතුමා ප්‍රකාශ කළේ 13 වැනිසංශෝධනය වහාම හා පරිපූර්ණව ක්‍රියාත්මක කර ඉන් ඔබ්බට යායුතු බවත් පෙඩරල් ක්‍රමයක්‌පිළිබඳව තමාගේ විශ්වාසයක්‌ ඇති බවත්ය. එය ඔහු ප්‍රකාශ කළේ කොළඹදීය. පසුවදා යාපනයටගිය මෝදි අගමැතිතුමා කොළඹදී තමා පෙඩ්රල් ක්‍රමයක්‌ වෙනුවෙන් කතා කළ බවත්, ඉන්දියාවකිසිදිනක දමිළ ජනතාව අත් නොහරින බව ඔවුන් දැනගතයුතු බවත් කියා සිටියේය. මෝදිඅගමැතිතුමාගේ කතාවට පිළිතුරු දෙමින් විග්නේශ්වරන් මහතා යළිත් වතාවක්‌ කීවේ දැනටපවතින 13 වැනි සංශෝධනය දමිළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් ඉටුවීමට බාධකයක්‌ වන බවත්, ඉන්දියානු පෙඩරල් ක්‍රමය යටතේ ප්‍රාන්ත රාජ්‍යයකට හිමිවන ඉඩම්, පොලිස්‌ සහඅභ්‍යන්තර ආරක්‌ෂාව පිළිබඳ බලතල ක්‍රියාත්මක කිරීම සුදුසු බවත්ය. මෙයින් අපට පෙනීයන්නේ උතුරු පළාත් සභාව ඉන්දියාවේ ආශිර්වාදය සහ සහයෝගය ඇතිව 13 වැනි සංශෝධනයෙන්එපිට පෙඩරල් ක්‍රමයක්‌ කරා යන මාර්ග සිතියම නිර්මාණය කර එය ප්‍රසිද්ධියට පත්කර ඇතිබවය. එවැනි තත්ත්වයක්‌ තුළ 19 වැනි සංශෝධනය ක්‍රියාත්මක කර ශක්‌තිමත් විධායකජනාධිපති තනතුරේ බලතල අගමැතිවරයා හා කැබිනෙට්‌ටුවට බාර දෙන්නේ නම් උතුරු පළාත් සභාවපෙඩරල් ක්‍රමයක්‌ වෙත යන ගමනට තිරිංගයක්‌ දැමීමට ශක්‌තිමත් කිසිම ආයතනයක්‌ ඉතුරුවන්නේ නැත. 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් සිදුවන්නේ විධායක ජනාධිපතිතුමා සහඅගමැතිතුමා අතර බලය බෙදී යාමෙන් බල කේන්ද්‍රයන් දෙකක්‌ නිර්මාණය වීමයි. එසේ වෙන්වීයාමෙන් මතුවන පරතරය තුළ තුන්වැනි බල කේන්ද්‍රයක්‌ ලෙස මතුවීමට ඉන්දියානු සහයෝගයසහිත උතුරු පළාත් සභාවට ඉතාමත් පහසු වනු ඇත.

සාකච්ඡා කළේ පාලිතසේනානායක
 
Last edited:

Similar threads