ලංකාවම කොරෝනා ආසාදිත බල ප්‍රදේශයක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ශ‍්‍රී කොරෝනා ආසාදිත ප‍්‍රදේශයක් ලෙස නම් කෙරේ..
    October 16, 2020 at 10:40 am | lanka C news
    ශ්‍රී ලංකාව කොරෝනා රෝගී ආසාදිත බල ප්‍රදේශයක් ලෙස නම් කරන ලද බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

    නමුත් රට පුරාම පුද්ගලික හා රාජ්‍ය ආයතන ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත පවත්වාගෙන යා හැකි යැයි ද ඔහු පවසයි.

    පවත්වාගෙන යන ඕනෑම ආයතනයක සිටින සේවකයන් සංඛ්‍යාව ප‍්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් විසින් නිර්දේශ කරනු ඇති බවත් ඒ අනුව සේවක සංඛ්‍යාව පවත්වාගෙන යා යුතු බවත් ඔහු පැවසීය.

    සියලුම සේවකයන්ගේ වරින්වර උෂ්ණත්වය පරික්ෂා කළ යුතු බවත්, දුරස්ථභාවය පවත්වාගෙන යා යුතු බවත්, සියලු දෙනාම මුහුණු ආවරණ පැළඳිය යුතු බවත්, දෑත් සේදීමේ ස්ථාන ස්ථාපිත කළ යුතු බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    ටිකිරි මොලේ , රටම රිරෝදායන මද්‍යස්තානයක් කලානම් වාර්තා වෙන හැම රෝගියෙක්ම නිරොදායන මද්‍යස්තාන වලින් විතරයි!
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    රටම නිරෝදායන මද්‍යස්තානයක් කලානම් හරි... එතකොට සමාජෙන් කවුරුත් වාර්තා වෙන්නෙ නෑ.

    මිනිස්සුන්ගෙ ජීවිත සෙල්ලමට අරන් දැන්... :(