ලංකාවෙත් එබෝලා රෝගියෙක් හමුවේ

hellbound

Junior member
  • Jul 1, 2011
    52
    6
    8
    ලංකාවෙත් එබෝලා රෝගියෙක් හමුවේ

    මේ නිවුස් හෙඩ් ලයින් එක කවදා විතර එයිද?
     
    • Like
    Reactions: mcwolfe

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,232
    167
    63
    ane%2Btho%2Bwage%2Bkalakanniyek.jpg
     

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    අද අද එයි මරු පින් කර ගන්නේ
    කෙලෙසද හෙට මාරු නේති සිතන්නේ
    කි කලද මහසෙන් මරු ඇප වන්නේ
    කුමටද කුසලට කම්මැලි වන්නේ
     

    hellbound

    Junior member
  • Jul 1, 2011
    52
    6
    8
    ඉබෝලා’’ රෝගියකු ලංකාවට - බරපතල සෞඛ්‍ය අනතුරක්!
    Details Created On Saturday, 18 October 2014 00:59 Category: සාමාන්‍ය
    ebola-1ජීවිත හානි වළක්වා ගැනීමට රජය වහා මැදිහත්විය යුතුයි.
    ඉබෝලා රෝගියකුයැයි සැක කළ හැකි රෝගියකු දැනට හඳුනාගෙන ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වී ඇති බව සමස්ථ ලංකා හෙද සංගමය පවසයි. මෙම රෝගය සම්බන්ධයෙන් බරපතල අනතුරු ඇඟවීමක් සියළු අංශ මගින් කළ නමුදු ඉබෝලා යැයි සැක කළ හැකි රෝගියකු හඳුනාගැනීමෙන් පැහැදිලි වන්නේ එවැනි සූදානමකින් ආණ්ඩුව කටයුතු නොකළ බවත් එම සංගමය තවදුරත් පෙන්වා දෙයි.



    එම සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනය තවදුරටත් පහතින් පලවේ.

    මේ සඳහා සෞඛ්‍ය අංශය සියළු සූදානමකින් තබා ඇති බවද පසුගිය කාලයේ ජනමාධ්‍ය මගින් ආණ්ඩුව පුළුල් ප‍්‍රචාරයක් ලබා දී තිබුණි. කෙසේ නමුදු සෞඛ්‍ය සේවාව සඳහා අත්‍යවශ්‍ය උපකරණ, ඖෂධ ලබා නොදී මෙවැනි ප‍්‍රචාරයන් කිරීමෙන් පමණක් ඉබෝලා වැනි රෝග වළක්වා ගත නොහැකි බව අපගේ අදහසයි. විශේෂයෙන් පසුගිය කාලයේ සෞඛ්‍ය සේවාව මුහුණ දී ඇති බරපතල අර්බුදය සම්බන්ධයෙන් වෘත්තීය සමිති ලෙස අප දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශයට හා ආණ්ඩුවට දන්වා සිටියද ඒ සඳහා කිසිදු ප‍්‍රතිචාරයක් ලබා දී නොතිබිණි.

    එවැනි වටපිටාවක් තුල මාරාන්තික ‘‘ඉබෝලා’’ වැනි රෝගයක් සඳහා මුහුණදීමට රජය ගන්නා ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් කෙසේවත් සෑහීමකට පත්විය නොහැකිය. එම නිසා සියළු සෞඛ්‍ය සේවාවන් සඳහා අත්‍යවශ්‍ය උපකරණ හා ඖෂධ, ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දී ජනතාවගේ ජීවිත හානි වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අංශය සූදානම් කළ යුතුය. එසේ නොමැතිව මාධ්‍ය ප‍්‍රචාරයන් මගින් පමණක් මෙම රෝගය මගින් ජනතාවගේ ජීවිතවලට එල්ල වන තර්ජනය
    වැළැක්වීමට නොහැකි වනු ඇත.