ලංකාවේ අන්තර්ජාල ළමා අපයෝජන ඉහළ යන බව අැමෙරිකාව කියයි..⚠️⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    xPo2s0U.jpeg


    මෙරට බාලවයස්කාර දරු දැරියන් අන්තර්ජාලය ඔස්සේ අපයෝජනයට ලක්වීම ඉහළයෑම සම්බන්ධයෙන් අමෙරිකානු ආයතනයක් ශ්‍රී ලංකාවට දැනුම්දීමක් කර තිබේ.

    එම වාර්තා පදනම් කරගනිමින් අධිකරණයට ගිය පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බවය.

    කෙසේ වෙතත්, අන්තර්ජාලය හරහා දරුවන්ගේ නිරුවත් ඡායාරූප භාවිත කරමින් ඔවුන්ට තර්ජනය කිරීම හා බලපෑම් කිරීම් සම්බන්ධයෙන් මේ වසරේ පළමු මාස තුනේදී පමණක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී ඇති පැමිණිලි ගණන 55කි.

    කුඩා කළ සිය මව්පිය රැකවරණ මැද හැදීවැඩෙන දරුවන් කෙමෙන් කෙමෙන් සමාජයට නිරාවරණය වීමත් සමග ජංගම දුරකථන හා අන්තර්ජාල ක්‍රියාකාරකම් සඳහා යොමු වෙයි.

    එය වර්තමානය වනවිට විශාල ගැටලුවක් බවට පත්වී ඇත්තේ දිනෙන් දින අන්තර්ජාලය ඔස්සේ සිදුවන ළමා අපචාර ඉහළයෑම හේතුවෙනි.

    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පැවසුවේ අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාලා හරහා දරුවන්ගේ නිරුවත් ඡායාරූප භාවිත කරමින් ඔවුන්ට තර්ජනය කිරීම හා බලපෑම් කිරීම්වලට අදාළව 2023 වසරේදී පැමිණිලි 150ක්ද මේ වසරේ අප්‍රේල් 31 දක්වා පැමිණිලි 55ක්ද ලැබී ඇති බවය.

    අමෙරිකානු ආයතනයක් වන අතුරුදන් වූ සහ සූරාකෑමට ලක්වූ ළමයින් පිළිබඳ ජාතික මධ්‍යස්ථානය අනාවරණ කරන්නේ, අපයෝජන සඳහා අන්තර්ජාලය ඔස්සේ ළමයින් පොළඹවා ගැනීම් 2021, 22 සහ 23 වසරවලදී සියයට 300කින් වැඩි වී ඇති බවය.

    ශ්‍රී ලංකාවේ, බාලවයස්කාර දරු දැරියන්ගේ ඡායාරූප අසභ්‍ය ලෙස නිර්මාණය කරමින් සන්තකයේ තබාගැනීම හා අන්තර්ජාලයට මුදාහැරීමට කිසියම් පිරිසක් පියවර ගෙන ඇති බව ද එම අමෙරිකානු ආයතනය දැනුම්දී තිබේ.

    ඒ සම්බන්ධයෙන් ඊයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ගිය පොලිස් මූලස්ථාන ළමා හා කාන්තා කාර්යංශය පැවසුවේ එම වාර්තාව පදනම් කරගනිමින් විමර්ශන ආරම්භ කරන බවය.

    කෙසේ වෙතත්, කොපමණ දරු දැරි පිරිසකගේ ඡායාරූප එසේ අසභ්‍ය ඡායාරූප ලෙසට නිර්මාණය කර ඇත් ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැත.

    කරුණු සලකාබැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා පොලිස් මූලස්ථාන ළමා හා කාන්තා කාර්යංශයට නියෝග කළේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසය.

    අතුරුදන් වූ සහ සූරාකෑමට ලක්වූ ළමයින් පිළිබඳ ජාතික මධ්‍යස්ථානය පෙන්වා දෙන ආකාරයට දරුවන් පොළඹවා ගැනීමට භාවිත කරන වඩාත් සුලබ ක්‍රමවේද ලෙස ලිංගික සංවාදවල නිරත වීම, දරුවන්ගේ ලිංගික ඡායාරූප ඉල්ලීම හෝ බෙදාගැනීම, අසභ්‍ය ඡායාරූප බෙදාහැරීම සහ ත්‍යාග, මත්ද්‍රව්‍ය, ප්‍රවාහන පහසුකම්, ආහාර සැපයීම වැනි දෑ ලබාදීම දැක්විය හැකිය.

    සමාජ මාධ්‍ය හරහා පෙන්නුම කරන ඇතැම් හැසිරීම් මගින් පොළඹවා ගැනීමේ අවදානම වැඩි අතර ඉන් ලිංගික අපයෝජනයට ගොදුරු විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

    එම සංවේදී කරුණ පිළිබඳව අප රටේ මව්පියන් හරිහැටි දැනුවත් වී තිබේ ද?

    එසේ නම් සමාජජාලා සහ අන්තර්ජාලා ඔස්සේ සිදුවන මෙවැනි අපචාරයන්ගෙන් සිය දරුවන් වළක්වා ගන්නේ කෙසේද?

    ශ්‍රී ලංකා ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය මියුරු චන්ද්‍රදාස,

    "දරුවන්ට අවුරුදු 16ක් වෙනකම් තමන්ගේම ස්මාර්ට් ෆෝන් එකක් භාවිත කිරීම එතරම්ම යෝග්‍ය වෙන්නේ නැහැ කියලා දෙමව්පියන් දැනුවත් වෙන්න ඕනේ. දරුවෙක් ස්මාර්ට් ෆෝන් එකක් භාවිත කළොත් එකේ ඉතිහාසය සෝදිසි කර බලන්න දෙමව්පියන්ට හැකියාවක් තිබෙන්න ඕනේ"

    https://sinhala.adaderana.lk/news.php?nid=196695
     
    • Like
    Reactions: Asmodeus

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,320
    9,212
    113
    26
    Matara
    අඩෝ මාත් විනාස උනේ Internet නිසා කියල හිතෙනවා බං.මම මාර විදියට ඇබ්බැහි වෙලා ඉන්නේ.:(
     
    • Like
    Reactions: Truth Hurts

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    අමෙරිකානු ආයතනයක් ශ්‍රී ලංකාවට දැනුම්දීමක් කර තිබේ
    > be 'murica
    > Epstein ගෙන් පුකේ ඇරෙගෙන අනිත් රටවල් වල ඇද හොයන්න එනවා
    > Iraq, Afgan වල පොඩි එවුන්ට දෙන්න පුලුවන් වද ඔක්කොම දීලා රුසියාවට war-crime sanction දානවා
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,320
    9,212
    113
    26
    Matara
    නැහැ.ඉන්ටනෙට් යන්න තමා.මම porn වලට ඇඩික්ට් වෙලා නැහැ.ඒ උනාට Facebook,Youtube වල මාර විදියට ඇබ්බැහි වෙලා.නවත්වා ගන්න බැරි තරමට.කාලේ නාස්ති කර කර.
     
    • Wow
    Reactions: revox

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    @gamerlk මුගේ අම්මා කාලා කාලා රෙද්දි තමා මූව වැටුනේ.වැටෙද්දි පොඩ්ඩක් ඔලුව කොමඩ් එකේ වැදුනා.දැන් අවදාන ගණිකාවක් වෙලා.ජීවිතේම ෆේල් පොන්නයෙක් වෙලා ඉන්නේ
    :lol:
    .