ලංකාවෙ මිනිස්සුන්ට කෙමිකල් ගහපුව කන්න දීල හොඳ පලදාව 98%ක්ම රට පටවනවා.ලංකාවෙ උන් රොඩ්ඩ කකා ලෙඩ හදන් මැරිලා යනවා.අැයි ඕකුන්ට 50% ක් රට යවල 50%ක් ලංකාවෙ පරිභෝජනය සඳහා මාකට් වලට දැම්මහම හෙණ ගහනවද..කුණු පෙරේත හැත්ත.පොඩි ලාභෙට කුණු වැඩ කරනව.මේ වගේ උන් ඉන්නෙ ලෝකෙන්ම ලංකාවේ විතරයි.
ඉතින් බන් ඕන වෙලාවක ඕන තරං ඕව ගන්න තියෙන්නෙ බන් සුපර් මාකට් වල එහෙම. ඕව රට යවන්න කලින් ග්‍රේඩ් කරනවා, එකම ගස් වල හැදෙන ගෙඩි පිට පැත්තෙ ලප, ගෙඩියෙ පාට,සයිස් එක අනුව ග්‍රේඩ් කරලා හොඳ ඒව තමයි රට යවන්නෙ, එහෙම පැල්ලම් පාට අනුව රට යවන්න බැරි ඒව තමයි මෙහෙ මාකට් එකේ තියෙන්නෙ
එහෙම උනා කියලා ඒව නරක හරි කුනු අඹ හරි, වස අඹ නෙමෙයි, අර ගස් වලම අර වතු වලම ඒ විදියටම හැදෙන ගෙඩි,
අඹ ගහක් ගෙදරට කන්න ඕන නම් බට් පැලයක් අරන් හදා ගනින්, අපි ගෙදර හදන්න කලින් බිම ෆ්ලැට් කරපු වෙලාවෙ ඩෝසරෙන් වලක් හාරල හිටවපු බට් අඹ පැලේ අපි පදිංචි වෙලා අවුරුද්දකින් විතර ගෙඩි හැදුනා. ගහ හිටවලා අවුරුදු 4ක් වගේ ගියේ ගෙඩි හැදෙන්න.
උඹලගෙත් මාර අයිඩියා තමයි තියෙන්නෙ, කවුරු හරි මොනවා හරි රට යවලා රටට කීයක් හරි ගේන්න හදනකොට ඌට බනිනවා, මොකෙක් හරි රටින් බඩුවක් ගෙනත් විකුනනකොට ඌට බනිනවා මේ රට අමාරුවෙන් දුවන වෙලාවෙ මොකටද මේව ගෙන්නන්නෙ කියලා
ඌ රට යවලා ගානක් හොයන නිසා ලංකාවෙ විකුනන අඹ ලාබෙට විකුනන්න පුලුවන් ඇති, ඔය විදියට වියදම් කරලා ලංකාවට විතරක් විකුනන්න හැදුවා නං ගෙඩියක් 2000ට විතර විකුනන්න වෙයි, එතකොට උඹලා ගනී අඹ