ලංකාවෙ අබිලිං ලා නොහොත් අපේ මාධ්‍ය

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ලංකාවෙ අබිලිං ලා නොහොත් අපේ මාධ්‍ය


    ලංකාවෙ අබිලිං ලා නොහොත් අපේ මාධ්‍ය


    ලංකාවෙ මාධ්‍යද දැන් දැන් ගමේ අබිලිං ලා ගේ තත්වයට පත් වී ඇත. පුවතක් නිසි ලෙස. වාර්තාකිරිම වෙනුවට පලමුවෙන් නිව්ස් කීමෙ තරගයක් ඔස්සෙ දුවන බහුබූත මාධ්‍ය කරුමක් කාරයන් පිරිසක් ලංකාවෙ දැන් බිහිවී ඇත

    ඊයෙ සවස බෙරුවල දුම්රිය අන්තුර සිදු වූ සැනින් ලංකාදිපය සුපිරි පහේ අබිලිං නිව්ස් එකක් ලංකාවටම බෙදා හැරියේය මේ එකි පුවතයි.


    මුහුදු බඩ දුම්රිය මාර්ගයේ බේරුවල හා මග්ගොන අතර මාගල්කන්දේදී බස්රියක් දුම්රියක ගැටී අඩු ගණනේ 20 දෙනකු මිය යන්නට හෝ බරපතල තුවාල ලබන්නට ඇතැයි රෝහල් ආරංචි කියයි. මහනුවර සිට බසයකින් මළ ගෙදරක ආ පිරිසක් කොළඹ සිට ගාල්ලට ධාවනය වූ දුම්රියේ හැපෙන්නට ඇතැයි අසල් වැසියෝ කියති.


    2013 අපේ‍්‍රල් මස 20 20:23:49 |

    බේරුවල ක්‍රොස්ලන්ඩ් හන්දිය අසළදී බසය දුම්රියේ හැපුණු ගමන් කොළඹ, ගාල්ල මහා මාර්ගයට වැටී ඇත. මළ සිරුරු තුනක් එහිදී දැකගත හැකිවිය. තුවාලකරුවන් රැසක් රෝහල කරා රැගෙන යනු දුටුවෙමු. බසය මහපාරට වැටීම හේතුවෙන් දැඩි වාහන තදබදයක් ද මිනිත්තු 30ට පමණ කලින් ඇතිවිය. එහි පැමිණි පොලිස් නිලධාරීන් කඹ දමා බසය මහපාරෙන් ඉවත් කිරීමට උත්සාහ කරයි


    2013 අපේ‍්‍රල් මස 20 20:37:31


    බේරුවල‍ රොක්ලන්ඩ් හන්දිය දුම්රිය බස්රිය අනතුරින් අඩු ගණනේ තුවාල ලැබූ 30 දෙනකු නාගොඩ රෝහලට ගෙනයන්නට ඇතැයි සහන සේවකයෝ කියති. මිය ගිය ගණන ස්ථිර වශයෙන් දැනගන්නට නැත.


    ලංකාවෙ වගකිවයුතු මාධයක් සේ සැලකෙන මොවුන් කිසිදු විස්තර තහවුරු කරගෙනීමකින් තොරව. පල කල මෙම පුවත් වලට අනුව අඩුම ගානේ 20ක් වත් මිය ගිය බව මොවුන් පවසන ලදී.

    ඉන් පසු පැයබාගයකට පසු ඔවුන්ගේ පුවත් අඩවියේ එකී පුවත් සියල්ල වෙනස් කොට මෙසෙ පලකරන ලදී


    මුහුදු බඩ දුම්රිය මාර්ගයේ බේරුවල හා මග්ගොන අතර මාගල්කන්දේදී බස්රියක් දුම්රියක ගැටී අඩු ගණනේ 20 දෙනකු තුවාල ලබන්නට ඇතැයි රෝහල් ආරංචි කියයි. මහනුවර සිට වයිකින් බසයකින් මළ ගෙදරක ආ පිරිසක් කොළඹ සිට ගාල්ලට ධාවනය වූ දුම්රියේ හැපෙන්නට ඇතැයි අසල් වැසියෝ කියති.


    විනාඩි කිහිපයකට පෙර 20 දෙනෙකු මරා දැමු ලංකාදිපය ඉන පසු මැරුනු සියල්ල තුවාලකරුවන් බවට පත් කරන ලදි. මල සිරුරු 3ක් මහ මග වැටී තිබෙනු ඇසින් දුටු අයුරින් පල කල ලංකාදිපයේ මාධ්‍ය වගකීම එලෙස ලංකාවට පෙන්වා දෙන ලදී. අගේ හැප්පුනත් මාඬ්ය නිදහස ගැන කෑ කෝ ගහන අපේ මාධ්ය මිනිසුන්ගේ ජීවිත පවා
    විහිලුවකට ගෙන ඇති පරිසරයක් ලංකාවෙ නිර්මානය වී ඇත . වගකිවයුතු මාද්යක් ලෙස තොරතුරු හරි හැටි සත්‍ය අසත්‍ය සොයා බලා
    වාර්තා නොකර ගමෙ ගොඩෙ අබිලිං ලා මෙන් පුවත් විකාශනයේ යෙදීමෙන් , එම අනතුරට අදාල පවුල් වල අය කොතරම් බියකට අපහසුතාවයකට
    පත් කර ඇද්ද යන්න සිතීම ඔබ සතු කාරනයකි.



     
    Last edited:

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    lankadeepa site eka nam patta chater...home page ekata giyoth add witharayi...news walath kisi wistarayak na..samahara news line 1i 2i...comment ekak dammoth edit karanawa ponna type ekata...eke comment edit karanna dala inna ekaa p dial ekakda koheda...
     

    Cool Kitty

    Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    අපෝ ලංකාදීපේ ගන්න දෙයක් නෑ. අපි නිව්ස් එකකට කමෙන්ට් එකක් දැම්මොත් එක උන හදලා කරලා නලවලයි දාන්නේ. අපි කියන බාසාවෙන් දැම්මට උන් ඒක පොස්ට් කරන්නේ ලියන බාසාවෙන්. අන්තිම පාර මම උන්ගේ අම්මා තාත්තා මතක් කරලා එකක් යැව්වා.
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    අපෝ ලංකාදීපේ ගන්න දෙයක් නෑ. අපි නිව්ස් එකකට කමෙන්ට් එකක් දැම්මොත් එක උන හදලා කරලා නලවලයි දාන්නේ. අපි කියන බාසාවෙන් දැම්මට උන් ඒක පොස්ට් කරන්නේ ලියන බාසාවෙන්. අන්තිම පාර මම උන්ගේ අම්මා තාත්තා මතක් කරලා එකක් යැව්වා.


    සහතික ඇත්ත