රාවනාගෙ දඩුමොනරෙ ශාක් ෆින් එක වෙන්න බැරිද මේක
හම්මේ ඒ පැතිවල මොන කන්ද බැලුවත් රාවණා කතාවක් ඇහෙනව. ඒකත් හරියට ග්රීක මිනිස්සු තරු දිහා බලන් කතා හැදුව සීන් එකම තමයි. අපි කතා හැදුවෙ ගල්, දියඇලි දිහා බලාගෙන.
ලකේගල ගැනත් අඩුම තරමෙ රාවණා කතා දෙකක් තුනක් තියෙනව. නෑ ඇත්තටමට ඒක තේරුම් ගන්න පුලුවන්. කන්ද පාමුලම තියෙන්නෙ මීමුරේ, ලංකාවෙ පරණම ගම් වලින් එකක්. උදේ නැගිට්ට වෙලේ ඉඳන් උන් දකින්නෙ හෙනම මිතිකල් ගුඨ යෝධයෙක් වගේ ගලක්. ඒ හැඟිම් ප්රොසෙස් කරගන්න ගම්මු අතර ප්රවාද හැදෙන එක ඉතාම සාමාන්යයි. අවුල තියෙන්නෙ ඒ පරිසරයෙන් එලියෙ ඉන්න අපිත් ඕව ලිටරල් ගන්න යද්දි
අදමයි ඇහුවත්
ඕයි මේක හෙන ලෙජන්ඩරි තැනක් නෙ. මන් නැගල නෑ ඈතින් දැකල තියෙනව. ඒ දැකපු ටිකත් පුදුම ලස්සනයි.
ලකේගල මීටර් 1494.
රසවත් මාතෘකාවක්. elevation gain එක හොයාගන්න එකයි කරන්න ඕනේ මෙතනදි ඇත්තටම. ලකේගල 1494ක් උනාට ඇත්තටම නගින්න පටන් ගන්න තැනදි අපේ elevation එක කීයද කියලා හොයාගෙන ඇත්තටම අපි නගින්න ඕනේ උස හදාගන්න පුලුවන්.
ඒකට කරන්න තියෙන්නේ ගූගල් මැප් එකේ අදාල පීක් එක හොයාගෙන මැප් එකේ terrain view එක දාගෙන අපේ ගමන් මාර්ගයේ ආරම්භක ස්ඨානයේ elevation හොයාගන්න එක.ඊයපස්සේ ඕනේම පීක් එකක උස සාමාන්යෙන් හරියට තියෙනවා ගූගල් කරාම. ඒ දෙකේ වෙනස තමා අපේ elevation gain එක වෙන්නේ. ඒ අනුව උසම කන්ද හොයාගන්න පුලුවන්.
මෙන්න මෙහෙම තමයි මාත් උස මැන්නෙ (ගෙදර ඉඳන්

). ඔය ක්රමේ රිලයබිලිටි ගැන අවුලක් තියෙන නිසායි මම ඇහුවෙ. මුලින්ම එන්නෙ කොතනින්ද බේස් ලයින් එක ගන්නෙ කියන ගැටලුව. කොහොමත් හරි තැනක් නෑ ඒත් ක්ලයිම්බ් එක බොහෝ දුරට පටන් ගන්නෙ කන්ද පහළ තියෙන කොළ පාට පදාසය මැද්දක හරියෙ ඉඳල නිසා එතන තමයි ගන්න වෙන්නෙ. ගූගල් මැප්ස් වල ඒ තැන පැහැදිලි නෑ.
ඒ වගේ වැඩිම වියළි කලාපේ කදු වල මේ elevation gain එක වැඩි. මොකද ඒවගේ උස මීටර් 400- 700 වගේ උනාට අපි නගින්න පටන් ගන්නේ 40-60 අතරේ ඉදන්. ඒ නිසා ඔයා හොයන කන්ද ගොඩක් වෙලාවට තියෙන්නේ වියලි කලාපේ වෙන්න පුලුවන්.
උදාහරණයක් විදියට වයඹ පලාතේ උසම කන්ද
බිසෝගල
නකල්ස් රේන්ජ් එකේ උසම කන්ද ගොම්බානිය
ඌව පලාතේ උසම කන්ද - මීරියතැන්න
ඉන්ටරස්ටින්ග්. ඔව්, වැඩිම එලිවේෂන් ගේන් එකක් එන්න ඉඩ තියෙන්නෙ ඒ පැත්තෙ තමයි නෙ පොතේ හැටියට.
ගොම්බානිය නැග්ගා ගිය ජනවාරි වල.
මම පෝස්ට් එක දාද්දි පොඩි අඩුපාඩුවකුත් උනා. මම ටිකක් බර කරල අහන්නෙ ග්රේඩියන්ට් එක වැඩි රොක් ෆෝමේෂන් ගැන කියන කෑල්ල දැම්මෙ නෑ. මට හිතෙන්නෙ ලංකාවෙ එහෙම තැන් ටිකක් අඩුයි කියල. ඇත්තටම එහෙමද? මන් කිව්වෙ ලකේගල, යහන්ගල වගේ දැක්ක ගමන් පැහැදිලිවම ලොකු බෑවුමක් තියෙන ඒව ගැන.
@lovethebomb උබට මාර දැනුමක් තියෙන්නෙ එක දේවල් වල විවිධ කෝණ වලින්. උබ දාපු අනෙක් ත්රෙඩ් බැලුවා හැම එකම වගේ. උබට හොඳ විහිදිච්ච දැනුමක් තියෙන්නෙ හැම දෙයක් ගැනම. අගේ දේ අගයන්න ඕන නිසා කිව්වෙ. සුභපතනවා.!
අඩේ මන් මේ කඳු සීන් ගැන කැරිම නූබ් කෙනෙක්. එහෙමට මුකුත් දන්නෙ නෑ. මේකෙ ඉන්න out and about සෙට් එකෙන් මොනව හරි ඉගෙනගන්න කියල හිතාගෙන දැම්මෙ. ඒත් තෑන්ක්ස්

.
Samanala kanda thama ehama baluwoth usama eka. Lakegalata wada usa kadu godak thiyenawa elevation gain eka baluwath. Ampare walimba hela, wadinagala ehema 800m+
ඔව්. සමනළ කන්දෙ verticle distance එක වැඩියි ලකේගලට වඩා.
usa gnananm adhsaka nha... alagalla nginnm paya 3k giya... loku angle ekkin nginn thynne ekdigt paya 3ma...
ලස්සන තැනක් නේ. අලගල්ලෙ දකුණු මූනත පැත්ත මම කියපු ජාතියෙ near-verticle නැග්මක්.
------
Post added on Jul 21, 2021 at 11:00 AM