ලංකාවෙ TV ඩොකියුමෙන්ට්‍රි

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලංකාවේ අනාගත පරපුර විද්‍යාව හා තාක්ෂණය ගැන උනන්දු කරවන්න රූපවාහිනි නාලිකා සත පහක දෙයක් කරන්නෙ නෑ. කොහෙ හරි ඉන්න තක්කඩි ජ්‍යොතිෂය කාරයෝ ගෙනල්ලා උදේ පාන්දර ඉදන්ම තරු වල පිහිටීම එක්ක දවස සුභ අසුභ කියනවා. කසිකබල් ඉන්දියන් කාටූන් ටිකක් රස්තියාදු විදිහට හඩ කවලා පොඩි උන්ගේ ඔලු කුරුවල් කරවනවා. Peo TV හරි Dialog TV වල හරි Discovery වගේ නාලිකාවක් දැම්මත් උදේ ඉදන් හවස් වෙනකල් මොකෙක් හරි කැලයක් අස්සේ රිංගගෙන ඉන්න program මිසක් විද්‍යාව තාක්ශණය ගැන තියෙන කිසිම වැඩසටහනක් යන්නෙ නෑ.

    මේ දවස් වල ලංකාවේ නියම වැඩ ටිකක් යනවා.

    කැළනි පාලම ගහන්නේ extradose ක්‍රමයට. ලංකාවේ පලවෙනි වතාවට තමයි මේ ජාතියේ පාලමක් හදන්නෙ. Balanced cantilever method කියන ක්‍රමයට පාලම දෙපැත්තෙන් මැදට හදාගෙන එන විදිහ engineering ගැන ඉගෙන ගන්න පොඩි උන්ට ආස හිතෙන වැඩක්.

    උමා ඔය බහුකාර්‍ය ජල යෝජනා ක්‍රමය කියන්නෙ පොලොව යටින් කි.මී. ගාණක් මැශින් එකකින් පොලොව විදලා වතුර ගෙනියන, විශාල ජලාශ දෙකක් ඉදිකරලා ඒවායින් ජල විදුලිය නිපදවන මහ විශාල ව්‍යාපෘතියක්. ඒකෙදි මුහුන දීපු ගැටලු, ඒවාට විසදුම් හොයපු විදිහ ගැන වෙනම documentary එකක් ගහන්න පුලුවන්.

    කටුනායක airport එකේ අලුත් පර්‍යන්ත ගොඩනැගිල්ල වෙනම වැඩක්. ඒකෙ ප්ලෑනින් වල ඉදන් ඉදිකිරීම් ඉවර වෙනකම් ඕනිනම් එක දිගට documentary එකක් හදන්න පුලුවන් දැන් වැඩේට බැස්සත්.

    Vega supercar එක තව සුපිරි වැඩක්. ලංකාවෙ කොල්ලෝ සෙට් එකක් එකතු වෙලා බැටරි පාලක පරිපථයේ ඉදන් මෙහෙ design කරලා හදලා අවුරුදු ගානක් කට්ට කාලා supercar එකක් හදන එක ගැන කාර් වලට ආසා කරන පොඩි උන්ට පෙන්නන්න තිබ්බනම් කොච්චර හොදද?

    Arimac ලා දියසෙන් කියන humanoid robot ව හදන එක, kanchayuda game එක හදන එක ලස්සනට documentary එකක් හදලා it field එකට අපේ පොඩි උන්ව උනන්දු කරවන්න තිබුණා ලස්සනට.

    Port city එක හදන එක, ඈත මුහුදු වැල්ල හාරලා ඒවා පොම්ප කරලා අක්කර ගාණක දූපතක් ගොඩ කරලා ඒකෙ ගස් හිටවලා මහ විසාල නගරයක් අපේ ඇස් ඉස්සරහ හැදෙනවා පෙන්නන්න පුලුවන්නම් ඈත ගම්වල ඉන්න කොලඹ දැකලවත් නැති පොඩි උන්ට, උන්ට කොහොම හරි Engineer කෙනෙක් වෙනවා කියන අරමුන ආසාව ඇති වේවි

    උතුරු පලාත් මහ ඇල, වයඹ මහ ඇල වගේ ඒවාත් පොඩි උනාට හරි ලස්සන ප්‍රොජෙක්ට්.

    Dockyard එකේ නැව් හදන හැටි, මහ විසාල නැව් repair කරන හැටි පෙන්නන්න විදිහක් තිබ්බනම් කොච්චර ශෝක් ද?

    SLINTEC එකේ නැනෝ තාක්ෂණය යොදාගෙන කරන පර්‍යේෂණ සහ නව නිපැයුම්, මිනිරන් අරගෙන ලෝකෙ පිරිසිදුම ග්‍රැපීන් ඔකසයිඩ් හදන හැටි, ජයවර්ධනපුර කැම්පස් එකේ වයිරස් ගැන පර්‍යේෂණ කරන හැටි වගේ දේවල් ඇයි පෙන්නන්න බැරි?

    මෙන්න මේ වගේ දේවල් කාලය ශ්‍රමය වැය කරලා TV program එකක් විදිහට documentray එකක් කරන්න පුලුවන්නම් මාරම වටිනවා. හැමදාම ටින්ටස් ඇණයක්වත් මේකෙ හදන්නෙ නෑ කිය කියා අපි අපිවම හෑල්ලු කරගන්නවා වෙනුවට මේ රටේ පොඩි උන්ට මේ රටේ සිද්ද වෙන මාර දේවල් ගැනත් කියන්න ඕනෙ නේද?


    හොඳ නිසා උස්සලා දැම්මෙ
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ඔව් බං... පෙන්නනවා නම් කොච්චර වටින දේවල් තියෙනවද? මුං බලන්නේ එකම විදිහට ...
     
    • Like
    Reactions: Didy

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    ඕක ලියපු එකාට fund කරන්න කියහන්, මොකද මොකෙක් හරි අතින් කයිට් කරන් ඔය වගේ එකක් හැදුවත් අන්තිමට ඔය ලොරි ටෝක් දෙන එක පම්කෙක් නෑ බලන්න. චැනල් වලින් ගන් නෑ viewership එකක් නැති හින්දා. 90 ගනන්වල තිබ්බ ආතල් එකට මීඩියා එක්ස්පිරිමන්ට් කරපු කාලෙ ආයෙ එන්නෙ නෑ බ්‍රෝ. මෙහෙ ගැන කතා ඕනෙ නෑ TLC එකට මොකද වුණේ බලහන්කො
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    අඩුම තරමෙ ඔය වගේ video එකක් youtube දාල බලපන් views කීයද තියෙන්නෙ. හැබැයි tiktok කරන ජන්ගි කෑල්ලක් දාල බලපන් දවසින් monatize කරන්න පුලුවන් 🙄 ලන්කාවෙ මිනිස්සු හරි වෙනස් මචන්
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කියපන් බලන්න දැන් උඹ ඔහේ ඉඳලා බලන්නේ මේ කියපු දේවල්ද?
    අඩෝ සිරාවට, ඒවා තමා බලන්නෙ. iPlayer එකේ ඒවා ඔක්කොම බලනවා. ඒ විතරක් නෙමේ ටොරන්ට්ස් වලිනුත් හොයාගන බලනවා. උඹ අර Truth about . . . සෙට් එක බැලුවෙ නැද්ද?
     
    • Love
    Reactions: Kalegana

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    chande kaleta nam owa gana podi bailawak gahai..

    owa wenne na..

    nelumpokuna, nelum kuluna gana unath gahanna thibba, port eka gana(hambanthota colombo)

    eth dan wadak na.. mokada ewa hadala iwarane..

    moragahakanda unath honda project ekak.. karume kiyanne samajagatha wennema kunu jaraawa witharai..
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,638
    1,901
    113
    දේසේ හැටියට වාසේ කියලා කථාවක් තියෙන්නේ.

    රටේ තියන ඉල්ලුමට තමයි සැපයුම දෙන්නේ.
    sahathika aththe umbala api oowata aasa unaata bahuthareeta eewa wadak naa
    unta oone wenama ekak
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මේකනේ වැඩේ. ඔවා හදලා channel වලින් ගන්න අදි මදි කරනවා. මොකද ලංකාවේ මිනිස්සු බලන්න කැමති අනුන්ගේ කුනු. දේශපාලන මඩ ගැසීම්. සුරංගනා කතා. එතකොට හදන content එක කොච්චර අධ්‍යාපනික වුනත් channel වලින් ගන්න අකමැති. මොකද උන්ට ඔනේ ජරාවල් අස්සේ advertisement පෙන්නලා සල්ලි කඩා ගන්න.
     

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    මතකයි කූඹියෝ ඩ්‍රාමා එකේ ඩිරෙක්ටර් කිව්වා මිනිහා ඩ්‍රාමා එක ඇරං චනල් එක එක ගානෙ ගියාලු අවුරුදු ගානක්. එකෙක් වත් බාරගෙන නෑ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩෝ සිරාවට, ඒවා තමා බලන්නෙ. iPlayer එකේ ඒවා ඔක්කොම බලනවා. ඒ විතරක් නෙමේ ටොරන්ට්ස් වලිනුත් හොයාගන බලනවා. උඹ අර Truth about . . . සෙට් එක බැලුවෙ නැද්ද?
    අයි ප්ලේයර් එකේ ඒවනං ඉඳල හිටල බලනවා. පස්සෙන් පන්න බලන්න විදියක් නෑ මේ ටිකේ පොඩි උන් දෙන්නට උගන්නනවා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඒ ඩොකුමෙන්ට්‍රි නොකළත් මට තියෙන ප්‍රශ්නෙ ඇයි ආණ්ඩුවට වෙනම චැනල් එකක් හදලා ඉස්කෝලෙ සිලබස් එක උගන්වන්න බැරි කියලා. දැන් ලංකාවේ හැම ගෙදරකම ටී වී එකක් තියෙනවනෙ මොනවා නැතත්. එතකොට ළමයිට ඉගෙන ගන්න ගුරුවරු හිඟයි ප්‍රශ්න අඩුවෙනවා. කොළඹ පිට අධ්‍යාපන වෙනස්කම් අඩු වෙනවා. ලැබ් නැති ප්‍රශ්න එහෙම අඩු කරන්න පුලුවන්. මම කියන්නේ නෑ 100% විසඳුමක් කියලා. ඒත් ඉස්කෝලෙ ප්‍රැක්ටිකල් කරන්න බැරි ළමයි අඩුම ගානෙ ටී වී එකෙන් හරි දකිනවා.

    හොඳම ගුරුවරු දාලා වැඩසටහන් කරන්න පුලුවන්.
    අනික් කසිකබල් බලන කාලය අඩු වෙලා මිනිස්සු පිස්සො වෙන එකත් අඩු වෙනවා.