ලංකාවේදී විදුලි දුම්රිය හදලා

Terra Nova

Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    ලංකාවේදී විදුලි දුම්රිය හදලා

    ශ්‍රී ලංකාවේදී විදුලි දුම්රිය හදලා විකුණන සුපිරි ව්‍යාපෘතියක් ඇමතිලා නිසා කොට උඩ" ඇමති මලීක් හා සුජීව සේනසිංහ අල්ලස් ඉල්ලූ නිසා මවුබිමට යූරෝ බිලියන පහක් අහිමියි?

    එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය මලීක් සමරවික්‍රම සහ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ විසින් අල්ලස් ඉල්ලීම නිසා ශ්‍රී ලංකාවට වටිනා ව්‍යාපෘතියක් අහිමි වීමට යාමේ සුදානමක් පිළිබද පුවතක් වාර්තා වෙනවා.

    මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් සෘජු රැකියා අවස්ථා විසිදෙදහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කිරීමටත් නියමිතය. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ විදුලි දුම්රිය නිෂ්පාදනය කර විදේශයන්ට විකිණීමේ ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතියෙන් යුරෝ බිලියන පහක වාර්ෂික අඛණ්ඩ විදෙස් අපනයන ආදායමක් රටට ලැබීමට නියමිතය.

    කෙසේ වෙතත් අමාත්‍ය මලීක් සමරවික්‍රම සහ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ යන දෙදෙනා මෙම ව්‍යාපෘතියෙන් අල්ලස් මුදල් ඉල්ලමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම ප්‍රමාද කර තිබෙන බව කියවේ. අමාත්‍යවරුන් දෙදෙනා විසින් මෙම ව්‍යාපෘතියෙන් ඉල්ලූ අල්ලස් මුදල යුරෝ මිලියන 25ක් බව කියවේ.

    මේ අනුව මෙම අමාත්‍යවරුන් දෙදෙනා විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය කොමිස් මුදල් හා ව්‍යාපාර කොටස් මුදල් ලබා ගැනීමේ චේතනාවෙන් වසර දෙකක් තිස්සේ ප්‍රමාද කරන බව එම සමාගමේ සභාපතිනි අනුශ්කා රේණු මහත්මිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පැමිණිලිකර තිබේ.

    අමාත්‍ය මලීක් සහ සුජීව සේනසිංහගේ පෞද්ගලික ආපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්කළ පුද්ගලයකු රටේ සුබ සිද්ධිය උදෙසා කටයුතු කරනවා වෙනුවට, කරන මෙම විනාශය රටේ සංවර්ධනය නවතා දැමීමට කරන්නාවූ ක්‍රියා මාර්ගයක් බැවින් ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසද අනුශ්කා රේණු මහත්මිය සිය ලියුම මඟින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

    අදාළ ඇමැතිවරයා හා රාජ්‍ය ඇමැතිවරයා ඔවුන්ගේ ඉල්ලීම පරිදි තම සමාගමේ හා තම ආයෝජකයන්ගෙන් කොමිස් මුදල් හා සමාගමේ කොටස් මුල් අවස්ථාවේදීම ලබාදීමට එකඟ නොවීම නිසා, ඔවුන්ගේ දූෂිත වැඩ කටයුතු සඳහා ආයෝජන මණ්ඩලයේ සිටින ඔවුන්ගේ කීකරු ගෝලයන් තම රැකියා ආරක්ෂා කර ගැනීම සඳහා මෙම දූෂිත ක්‍රියාවලට සහයෝගය දෙන බවත් එනිසාම එම ආයතනය දේශපාලනික මාෆියාවක් බවට පත්ව ඇති බවත් ඇය පෙන්වා දෙයි.

    කෙසේ වෙතත් අමාත්‍යවරුන්ගේ මෙම අල්ලස් ඉල්ලීම නිසා ශ්‍රී ලංකාවට අහිමි වීමට යන්නේ විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතියකි. ශ්‍රී ලංකාවේ විදුලි දුම්රිය නිෂ්පාදනය කර අපනයනය කිරීම රටේ ආර්ථිකයට ඉතාමත් පිටිවහලක් නිසා අදාල අමාත්‍යවරුන් මෙම ව්‍යාපෘතියෙන් අල්ලස් ඉල්ලීම නවතා එය සිදු කිරීමට දැන්වත් ඉඩ දිය යුතුය.


    Source - http://nethgossip.lk/article/32039


    1.jpg


    2.jpg


    3.jpg


    4.jpg


    5.jpg
     
    Last edited:
    • Like
    Reactions: chinthaka156

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පකේ පාන්ඩුව අගමැතියගෙ ඉදන් ඉන්නෙ පල් හොරු ඔකුන් අල්ලල කූඩුවට දාන්ඩ ඔනෙ පර හැත්ත..
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,788
    113
    ඕකුන් ඔක්කොම එකයි, ගිය ආණ්ඩුවේ බැසිල්, මේකේ මලික්. මුන් හම්බ කරගන්නවා මිසක් මේ රටට වැඩක් කරන්නේ නෑ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහා බැංකුව කැඩුව උන්ට ඕවගේ කොමිස් ලොලිපොප් කන්නත් මදි
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ලංකාවේ දේශපාලය කතාකරල වැඩක් නැ!!!
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මලික් යනු මලික් නොව රනිල්ගෙ නියෝජිතයාය
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    :Dඅනුන්ට හදලා දෙන එකේ අපිට එකක් හදාගමුකෝ.

    මුන්ට හදන්න පුලුවන් කොච්චිය විතරයි බන්. ඉතිරි එවා හදන එක රජය රාජකරිය බන්:(
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කෙහෙක්ල් සුජියගේ සුදු පිරුවට ගැලවිලා නේද ? :angry::angry:

    මෙන්සස්ගේ සංවර්දන නිවුස් එකට දාන්න තිබ්බනේ කෙසෙල් සුජියයි අයිසිස් කාරයයි වැඩේ කාලනේ :angry::angry:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    පකේ පාන්ඩුව අගමැතියගෙ ඉදන් ඉන්නෙ පල් හොරු ඔකුන් අල්ලල කූඩුවට දාන්ඩ ඔනෙ පර හැත්ත..

    මහින්දගෙ කාලෙත් ඔහොම තමා කොමිස් නිසා රටට කොච්චර හොඳ ප්‍රොජෙක්ට් නැති උනාද. එක එකාට බැනල වැඩක් නෑ උගත් හොඳ එකෙක් රටට පත් කරනකං රනිල් ආවත් මහින්ද ආවත් ඔව්ව වෙනස් වෙන්නෙ නෑ.