ලංකාවේ අති භයානක තත්වය

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කොරෝනා පිලිඹඳ වර්ථමාන තත්වය සහ ලෝකයා අපි ගැන හිතන් ඉන්න තතවය පිලිබඳව පොඩි සමාලෝචනයක් කරන්න හිතුවා... මම මේකට ගත්තෙ අපිට වඩා ප්‍රභල රටවල් කිහිපයක් සහ ආසියාතික රටවල් කීපයක දත්ත අරගෙන කෙටි සමාලෝචනයක් කරන්න තමයි අදහස.

    අද දවස අගෝස්තු 27 වෙනකොට ලෝකයේ ආසාදිතයින් ගනන මේ වෙනකොට 215,495,617 සහ මිය ගිය ප්‍රමානය 4,488,844 වෙනවා.. ප්‍රතිශතයක් විදියට ගත්තොත් 2.09%

    තවමත් වැඩිම ආසාදිත ප්‍රමානයක් ඉන්නෙ ඇමරිකාව. ආසාධිතයින් 39,342,153 ක් සහ මියගිය ප්‍රමානය 651,956 ක්. ප්‍රතිශතය 1.66% ක්

    දෙවැනියට ඉන්නෙ ඉන්දියාව ආසාදිතයින් 32,603,188 ක් මරණ 436,889 ක් සහ ප්‍රතිශතය 1.34% ක්
    තුන්වැනියට ඉන්නෙ බ්‍රසීලය ආසාදිතයින් 20,676,561 ක් මරණ 577,605 ක් සහ ප්‍රතිශතය 2.80% ක්
    හතර වෙනි තැන ඉන්නෙ රුසියාව ආසාදිතයින් 6,824,540 ක් මරණ 179,243 ක් සහ ප්‍රතිශතය 2.63% ක්
    පස්වෙනි තැන ඉන්නෙ ප්‍රංශය ආසාදිතයින් 6,693,019 ක් මරණ 113,775 ක් සහ ප්‍රතිශතය 1.70% ක්
    හය වෙනි තැන ඉන්නෙ බ්‍රිතාන්‍ය ආසාදිතයින් 6,628,709 ක් මරණ 132,143 ක් සහ ප්‍රතිශතය 2% ක්

    මේ ලිස්ට් එකේ ඕස්ට්‍රේලියාව ඉන්නෙ 120 වෙනි තැන. ඒ ආසාධිතයින් 48,794 ක් සහ මරන 991 ක් එක්ක. ප්‍රතිශතය 2.03% ක්
    මේ ලිස්ට් එකේ නවසීලන්තය ඉන්නෙ 185 වෙනි තැන. ඒ ආසාධිතයින් 3,297 ක් සහ මරන 26 ක් එක්ක. ප්‍රතිශතය 0.79% ක්
    මේ ලිස්ට් එකේ ඉන්දුනීසියාව ඉන්නෙ 13 වෙනි තැන. ඒ ආසාධිතයින් 4,043,736 ක් සහ මරන 130,182 ක් එක්ක. ප්‍රතිශතය 3.22% ක්
    මේ ලිස්ට් එකේ ඊශ්‍රායලය ඉන්නෙ 35 වෙනි තැන. ඒ ආසාධිතයින් 1,028,271ක් සහ මරන 6,937 ක් එක්ක. ප්‍රතිශතය 0.68% ක්

    හොඳටම කල අපි ඉන්නෙ 59 වෙනි තැන. ඒ ආසාධිතයින් 412,370 ක් මරන 8,157 ක් සහ ප්‍රතිශතය 1.98% ක් විදියට (27/08/2021)

    - Daily Update below-

    28/08/2021 - ඊයෙ 1.98% තිබ්බ මරන අනුපාතිකය අද වෙනකොට 2.07% දක්වා වැඩි වෙලා තියෙනවා...


    ආසියාවෙ අනෙකුත් රටවල් වලට සාපේක්ෂව අපේ තත්වය බැලුවොත් මරණ ප්‍රතිශතයන්

    ජපානය 1.16%
    පකිස්තානය 2.22%
    නේපාලය 1.41%
    බංගලාදේශය 1.74%
    භූතානය 0.12%

    වෛරසය පැතිරුනා කියන චීනයේ මේ වන විට තත්වය ආසාධිතයින් 94,765 ක් මරන 4,636 ක් සහ ප්‍රතිශතය 4.90% ක්

    වැක්සින් කරනයෙන් අංක එකේ ඉන්න එක්සත් අරාබි එමීර් රාජ්‍ය මේ වනවිට ආසාධිතයින් 713,402 ක් මරන 2,031 ක් සහ ප්‍රතිශතය 0.29% ක්

    අපි දැන් බලමු ලංකාවෙ තත්වය ගැන පොඩ්ඩක් ගැඹුරින් හොයලා. 2020 මාර්තු 11 වන විට ලංකාවෙ මිලියනයකට නව ආසාධිතයින් හමු වීම වුනේ 0.01 යි
    ඊට මාස තුනකට පස්සෙ මිලියනයකට නව ආසාධිතයින් හමු වීම 3.08
    මාස හයකට පස්සෙ මිලියනයකට නව ආසාධිතයින් හමු වීම 0.81
    මාස නවයකට පස්සෙ මිලියනයකට නව ආසාධිතයින් හමු වීම 23.78
    අවුරුද්දකට පස්සෙ මිලියනයකට නව ආසාධිතයින් හමු වීම 17.86
    දැන් නව ආසාධිතයින් හමු වීම 233.81

    මේ වනවිට ඉන්දියාවේ මිලියනයකට නව ආසාධිතයින් හමු වීම සටහන් වෙන්නෙ 23.17 කියලා

    coronavirus-data-explorer.png


    මේ තියෙන්නෙ ඇමරිකාව සහ ලංකාවෙ මිලියනයකට ආසාධිතයින් වාර්ථා වෙන හැටි - පහල පින්තූරය

    coronavirus-data-explorer (1).png



    පහලින් තියෙන්නෙ වැඩිම ආසාදිත ලිස්ට් එකේ තුන් වෙනි තැන ඉන්න බ්‍රසීලය සහ ශ්‍රී ලංකාව අතර තත්වය

    coronavirus-data-explorer (2).png


    මේ පහල පින්තූරයෙන් කියන්නෙ ලිස්ට් එකේ පලවෙනි 5 සහ ස්‍රී ලංකාව අතර මිලියනයකට ආසාධිතයින් වාර්ථා වෙන අන්දම.

    coronavirus-data-explorer (4).png



    ලංකාවෙ දැනට ඉන්න සම්පූර්න ආසාධිතයින් ගනන දෙගුන වීමට ඒ කියන්නෙ 824,740 ක් වීමට ලංකාවට තව ඕන දවස් 81 යි කියලත් ලෝකයා අනතුරු අඟවනවා... මාස තුනකට වඩා අඩු කාලයක්.

    අතිභයානකම තත්වය පෙන්නන්නෙ පහල පින්තූරයෙන්. දැනට වාර්ථා වෙන අන්දමට මිලියනයකට සිදු විය හැකි මරණ අනුපාතිකයින් අතරින් ලංකාව සහ ඉන්දියාව ඉන්න තැන

    coronavirus-data-explorer (5).png


    මේ පහලින් තියෙන්නෙ අපිට වඩා උඩින් තියෙන රටවල් සහ ලංකාවෙ මිලියනයකට මරණ වාර්ථා විය හැකි ආකාරය


    coronavirus-data-explorer (7).png


    ලංකාවේ අති භයානක තත්වයක් අත ලඟ කියලා ලෝකයා වාර්ථා කරනවා.. ඇත්තටම මේ වෛරස් එක රටක් විදියට අපි ඉල්ලන් කෑවෙ. වෛරස් එකට යන්න පුලුවන් උපරිම දුර මීටර් දෙකයි. හැබැයි අපි ඒක දෙවුන්දර තුඩුවෙ ඉඳන් පේදුරු තුඩුව දක්වාම අරංගියා.. මම මේ රෙකෝඩ්ස් දාන්නෙ කාව වත් අපහසුතාවයකට පත් කරන්න නෙවෙයි. බය කරන්න නෙවෙයි.. මේ වෙලාවෙ අපිට කරන්න පුළුවන් උපරිම දේ රජයට සහයෝගය පලකරලා පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්න එක. වැක්සින් එක ඉක්මනට ගන්න එක. වැක්සින් එක හොඳද නැද්ද බල බල ඉන්න එපා.. වැක්සින් එකේන් බෝ වීම නවතින්නෙ නෑ.. නමුත් ඔබේ ජීවිතය හරි බේරෙයි.

    හිතන්න ඔබේ අම්මා තාත්තා සීයා ආච්චි අත දරුවා නූපන් දරුවා... ගැබිනි බිරිඳ. සියල්ලන්ගෙම ජීවිතය අනතුරේ තියෙන්නෙ. හැකිතාක් ප්‍රවේසම් වෙන්න. රජයක් විදියට වගකීමක් තියෙනවා මේක පාලනය නවත්තන්න. මම මේ වෙලාවෙ රජය විවේචනය කරන්නෙ නෑ... තේරුමක් නැති නිසා.. මේ විස්තර ටික දැක්කම මට හිතෙන්නෙ අපි ඇවිල්ලා බොරුවෙන් ජීවත් වෙන රටක්. අපිට හෙන ඉතිහාසයක් තියෙනවා කියල පම්පෝරි ගැහුවට අපි ඒ ඉතිහාසෙන් වත් වැඩක් ගත්තෙ නැති රටක්. අන්තිමේට ඉතුරු වෙන්නෙ කොරෝනා නිසා හෙම්බත් වෙච්ච මහන්සි වෙච්ච රටක් සහ අදික ණය වලින් මිරිකිච්ච ජාතියක් විතරයි.

    කරන්න දෙයක් නෑ ඉපදුනු මහ පොලවෙ කවදා හරි වැලලෙනකන් හුස්ම ගමු.

    අපේ ජීවිත දෙවියන්ටම බාරයි....

    සෙංකඩගලපුර දළදා බුදුරැස්‌.....විහිදෙන තුරු නැහැ වරදින්නේ....
    සිංහලයන්හට සිංහල දේසෙට...සරණයි දළදා සමිඳුන්නේ....
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔව් හිතන තරම් සුන්දර තැනක නෙවෙයි අපි ඉන්නෙ.. අපේ ඩේටා පොඩි වගේ පෙනුනට ප්‍රතිශතයන් සහ පොසිබිලිටීස් ඉතා ඉහලයි. නායකයෙක් සතු ගුණාංග තමයි නිවැරදිම වෙලාවෙ නිවැරදිම තීන්දුව ගන්න එක.

    අපි ඇවිල්ලා බොරුවෙන් ජීවත් වෙන රටක්

    100% agreed
    ඔව් බං... අපි හෙන පම්පෝරි ගහනවා නේ ඉතිහාසය හෙල වෙදකම රාවණා යක්ක පුත්තු බොදු බලේ අරව මේවා කිය කිය... කයිය විතරයි.. ඔය එකකින් වත් වැඩක් අරන් තියේද ? නෑ පම්පෝරිය නම් තියෙනවා ලොකෙට පරකාසෙ...
    ------ Post added on Aug 27, 2021 at 11:34 AM
     

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,247
    113
    සෙංකඩගලපුර දළදා බුදුරැස්‌.....විහිදෙන තුරු නැහැ වරදින්නේ....
    සිංහලයන්හට සිංහල දේසෙට...සරණයි දළදා සමිඳුන්නේ....


    Good info machan. Thank you
    ------ Post added on Aug 27, 2021 at 11:57 AM
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,491
    113
    In the eyes of my girl
    තියන ආණ්ඩුව පුළුවන් විදිහට කරනවා
    එන්නත් නැ කියන්න බැ එන්නත් ගහනවා හැම තැනම

    ඔය කියන විදිහට වැඩි වෙන එකක් නැ මොකද එන්නත්කරණය නිසා
    රට වැහුවම හොරෙන් පාරට බහිනවා
    මාස්ක් දාපං කිව්වම නිකන් රට වටේ යනවා

    මිනිසුන්ගේ හොද කම නිසා තමයි මේ ගානට වැඩි උනේ
    ඉන්දියාවේත් උනේ ඕකනේ එත් රැස්වීම් එනම් මනම් තියෙනවනේ
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    රුවැන්වැලි සැය ලග පම්පෝරි ගහලා පච හලලා දිවුරුම් දීලා ඔය කොරගත්ත හරිය මදැයි

    සෙංකඩගලපුර දළදා බුදුරැස්‌.....විහිදෙන තුරු නැහැ වරදින්නේ....
    සිංහලයන්හට සිංහල දේසෙට...සරණයි දළදා සමිඳුන්නේ....

     
    • Like
    Reactions: errors

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    අන්තිමේට ඉතුරු වෙන්නෙ කොරෝනා නිසා හෙම්බත් වෙච්ච මහන්සි වෙච්ච රටක් සහ අදික ණය වලින් මිරිකිච්ච ජාතියක් විතරයි.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    තියන ආණ්ඩුව පුළුවන් විදිහට කරනවා
    එන්නත් නැ කියන්න බැ එන්නත් ගහනවා හැම තැනම

    ඔය කියන විදිහට වැඩි වෙන එකක් නැ මොකද එන්නත්කරණය නිසා
    රට වැහුවම හොරෙන් පාරට බහිනවා
    මාස්ක් දාපං කිව්වම නිකන් රට වටේ යනවා

    මිනිසුන්ගේ හොද කම නිසා තමයි මේ ගානට වැඩි උනේ
    ඉන්දියාවේත් උනේ ඕකනේ එත් රැස්වීම් එනම් මනම් තියෙනවනේ
    මට Sputnik එක ගහන තැනක් කියපන් කෝ. 1 වෙනි එක ගහලා දෙවැනි එක නැතුව මාස 2 වෙනවා. 🤭 🤭 🤭