ලංකාවේ අති භයානක තත්වය

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,034
    34,522
    113
    ඔව් සමහරු ඉන්නවා නේ බං... රාජපක්ශලාගෙ බෙට්ටක් උනත් අනේ ශෝයි හරිම රසයි කියන උන්.. උන්ට ඉතින් අනතුර පෙන්නෙ නෑ.. රාජ පක්ෂලාගෙ පස්ස විතරයි පේන්නෙ.
    @erozan @N A K A M U R A
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පව් බං... එක අතකට... උන් හෙන මෝඩයි නෙ... ඒක නිසා නේ ඔච්චර කහින්නෙ... 😭 😭 😭 😭 😭
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    කොරෝනා පිලිඹඳ වර්ථමාන තත්වය සහ ලෝකයා අපි ගැන හිතන් ඉන්න තතවය පිලිබඳව පොඩි සමාලෝචනයක් කරන්න හිතුවා... මම මේකට ගත්තෙ අපිට වඩා ප්‍රභල රටවල් කිහිපයක් සහ ආසියාතික රටවල් කීපයක දත්ත අරගෙන කෙටි සමාලෝචනයක් කරන්න තමයි අදහස.

    අද දවස අගෝස්තු 27 වෙනකොට ලෝකයේ ආසාදිතයින් ගනන මේ වෙනකොට 215,495,617 සහ මිය ගිය ප්‍රමානය 4,488,844 වෙනවා.. ප්‍රතිශතයක් විදියට ගත්තොත් 2.09%

    තවමත් වැඩිම ආසාදිත ප්‍රමානයක් ඉන්නෙ ඇමරිකාව. ආසාධිතයින් 39,342,153 ක් සහ මියගිය ප්‍රමානය 651,956 ක්. ප්‍රතිශතය 1.66% ක්

    දෙවැනියට ඉන්නෙ ඉන්දියාව ආසාදිතයින් 32,603,188 ක් මරණ 436,889 ක් සහ ප්‍රතිශතය 1.34% ක්
    තුන්වැනියට ඉන්නෙ බ්‍රසීලය ආසාදිතයින් 20,676,561 ක් මරණ 577,605 ක් සහ ප්‍රතිශතය 2.80% ක්
    හතර වෙනි තැන ඉන්නෙ රුසියාව ආසාදිතයින් 6,824,540 ක් මරණ 179,243 ක් සහ ප්‍රතිශතය 2.63% ක්
    පස්වෙනි තැන ඉන්නෙ ප්‍රංශය ආසාදිතයින් 6,693,019 ක් මරණ 113,775 ක් සහ ප්‍රතිශතය 1.70% ක්
    හය වෙනි තැන ඉන්නෙ බ්‍රිතාන්‍ය ආසාදිතයින් 6,628,709 ක් මරණ 132,143 ක් සහ ප්‍රතිශතය 2% ක්

    මේ ලිස්ට් එකේ ඕස්ට්‍රේලියාව ඉන්නෙ 120 වෙනි තැන. ඒ ආසාධිතයින් 48,794 ක් සහ මරන 991 ක් එක්ක. ප්‍රතිශතය 2.03% ක්
    මේ ලිස්ට් එකේ නවසීලන්තය ඉන්නෙ 185 වෙනි තැන. ඒ ආසාධිතයින් 3,297 ක් සහ මරන 26 ක් එක්ක. ප්‍රතිශතය 0.79% ක්
    මේ ලිස්ට් එකේ ඉන්දුනීසියාව ඉන්නෙ 13 වෙනි තැන. ඒ ආසාධිතයින් 4,043,736 ක් සහ මරන 130,182 ක් එක්ක. ප්‍රතිශතය 3.22% ක්
    මේ ලිස්ට් එකේ ඊශ්‍රායලය ඉන්නෙ 35 වෙනි තැන. ඒ ආසාධිතයින් 1,028,271ක් සහ මරන 6,937 ක් එක්ක. ප්‍රතිශතය 0.68% ක්

    හොඳටම කල අපි ඉන්නෙ 59 වෙනි තැන. ඒ ආසාධිතයින් 412,370 ක් මරන 8,157 ක් සහ ප්‍රතිශතය 1.98% ක් විදියට

    ආසියාවෙ අනෙකුත් රටවල් වලට සාපේක්ෂව අපේ තත්වය බැලුවොත් මරණ ප්‍රතිශතයන්

    ජපානය 1.16%
    පකිස්තානය 2.22%
    නේපාලය 1.41%
    බංගලාදේශය 1.74%
    භූතානය 0.12%

    වෛරසය පැතිරුනා කියන චීනයේ මේ වන විට තත්වය ආසාධිතයින් 94,765 ක් මරන 4,636 ක් සහ ප්‍රතිශතය 4.90% ක්

    වැක්සින් කරනයෙන් අංක එකේ ඉන්න එක්සත් අරාබි එමීර් රාජ්‍ය මේ වනවිට ආසාධිතයින් 713,402 ක් මරන 2,031 ක් සහ ප්‍රතිශතය 0.29% ක්

    අපි දැන් බලමු ලංකාවෙ තත්වය ගැන පොඩ්ඩක් ගැඹුරින් හොයලා. 2020 මාර්තු 11 වන විට ලංකාවෙ මිලියනයකට නව ආසාධිතයින් හමු වීම වුනේ 0.01 යි
    ඊට මාස තුනකට පස්සෙ මිලියනයකට නව ආසාධිතයින් හමු වීම 3.08
    මාස හයකට පස්සෙ මිලියනයකට නව ආසාධිතයින් හමු වීම 0.81
    මාස නවයකට පස්සෙ මිලියනයකට නව ආසාධිතයින් හමු වීම 23.78
    අවුරුද්දකට පස්සෙ මිලියනයකට නව ආසාධිතයින් හමු වීම 17.86
    දැන් නව ආසාධිතයින් හමු වීම 233.81

    මේ වනවිට ඉන්දියාවේ මිලියනයකට නව ආසාධිතයින් හමු වීම සටහන් වෙන්නෙ 23.17 කියලා

    View attachment 141148

    මේ තියෙන්නෙ ඇමරිකාව සහ ලංකාවෙ මිලියනයකට ආසාධිතයින් වාර්ථා වෙන හැටි - පහල පින්තූරය

    View attachment 141153


    පහලින් තියෙන්නෙ වැඩිම ආසාදිත ලිස්ට් එකේ තුන් වෙනි තැන ඉන්න බ්‍රසීලය සහ ශ්‍රී ලංකාව අතර තත්වය

    View attachment 141155

    මේ පහල පින්තූරයෙන් කියන්නෙ ලිස්ට් එකේ පලවෙනි 5 සහ ස්‍රී ලංකාව අතර මිලියනයකට ආසාධිතයින් වාර්ථා වෙන අන්දම.

    View attachment 141158


    ලංකාවෙ දැනට ඉන්න සම්පූර්න ආසාධිතයින් ගනන දෙගුන වීමට ඒ කියන්නෙ 824,740 ක් වීමට ලංකාවට තව ඕන දවස් 81 යි කියලත් ලෝකයා අනතුරු අඟවනවා... මාස තුනකට වඩා අඩු කාලයක්.

    අතිභයානකම තත්වය පෙන්නන්නෙ පහල පින්තූරයෙන්. දැනට වාර්ථා වෙන අන්දමට මිලියනයකට සිදු විය හැකි මරණ අනුපාතිකයින් අතරින් ලංකාව සහ ඉන්දියාව ඉන්න තැන

    View attachment 141164

    මේ පහලින් තියෙන්නෙ අපිට වඩා උඩින් තියෙන රටවල් සහ ලංකාවෙ මිලියනයකට මරණ වාර්ථා විය හැකි ආකාරය


    View attachment 141170

    ලංකාවේ අති භයානක තත්වයක් අත ලඟ කියලා ලෝකයා වාර්ථා කරනවා.. ඇත්තටම මේ වෛරස් එක රටක් විදියට අපි ඉල්ලන් කෑවෙ. වෛරස් එකට යන්න පුලුවන් උපරිම දුර මීටර් දෙකයි. හැබැයි අපි ඒක දෙවුන්දර තුඩුවෙ ඉඳන් පේදුරු තුඩුව දක්වාම අරංගියා.. මම මේ රෙකෝඩ්ස් දාන්නෙ කාව වත් අපහසුතාවයකට පත් කරන්න නෙවෙයි. බය කරන්න නෙවෙයි.. මේ වෙලාවෙ අපිට කරන්න පුළුවන් උපරිම දේ රජයට සහයෝගය පලකරලා පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්න එක. වැක්සින් එක ඉක්මනට ගන්න එක. වැක්සින් එක හොඳද නැද්ද බල බල ඉන්න එපා.. වැක්සින් එකේන් බෝ වීම නවතින්නෙ නෑ.. නමුත් ඔබේ ජීවිතය හරි බේරෙයි.

    හිතන්න ඔබේ අම්මා තාත්තා සීයා ආච්චි අත දරුවා නූපන් දරුවා... ගැබිනි බිරිඳ. සියල්ලන්ගෙම ජීවිතය අනතුරේ තියෙන්නෙ. හැකිතාක් ප්‍රවේසම් වෙන්න. රජයක් විදියට වගකීමක් තියෙනවා මේක පාලනය නවත්තන්න. මම මේ වෙලාවෙ රජය විවේචනය කරන්නෙ නෑ... තේරුමක් නැති නිසා.. මේ විස්තර ටික දැක්කම මට හිතෙන්නෙ අපි ඇවිල්ලා බොරුවෙන් ජීවත් වෙන රටක්. අපිට හෙන ඉතිහාසයක් තියෙනවා කියල පම්පෝරි ගැහුවට අපි ඒ ඉතිහාසෙන් වත් වැඩක් ගත්තෙ නැති රටක්. අන්තිමේට ඉතුරු වෙන්නෙ කොරෝනා නිසා හෙම්බත් වෙච්ච මහන්සි වෙච්ච රටක් සහ අදික ණය වලින් මිරිකිච්ච ජාතියක් විතරයි.

    කරන්න දෙයක් නෑ ඉපදුනු මහ පොලවෙ කවදා හරි වැලලෙනකන් හුස්ම ගමු.

    අපේ ජීවිත දෙවියන්ටම බාරයි....

    සෙංකඩගලපුර දළදා බුදුරැස්‌.....විහිදෙන තුරු නැහැ වරදින්නේ....
    සිංහලයන්හට සිංහල දේසෙට...සරණයි දළදා සමිඳුන්නේ....
    ow bn patta risk ekka inna. mn hithanna covid infection aya pcr karanwata wada sahena innwa kiyala.lankawa population ekin 60% wath infect wela inna ona me vidihata marenna, puluwan tharam parisam weyalla.lockdown kalath samahara !@#$ para ,
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ow bn patta risk ekka inna. mn hithanna covid infection aya pcr karanwata wada sahena innwa kiyala.lankawa population ekin 60% wath infect wela inna ona me vidihata marenna, puluwan tharam parisam weyalla.lockdown kalath samahara !@#$ para ,
    ඔව් බං.. ලෝකෙ මරණ අනුපාතිකයින් වල ඇවරේජ් එකක් ගත්තොත් නිකමට හිතමු 2% කියලා. ආසාධිතයින්ගෙන් 2% මිය යනවා කියලා හිතුවොත් දිනකට මිය යනවා 200ක්. ඒ කියන්නෙ අවමය 10,000 වත් දිනකට ආසාධිතයො ඇති කියලා විශ්වාස කරන්න පුළුවන්.. මේ දෙන දත්ත වල හැටියට දිනකට 200 ක් මැරෙනවා දිනකට ආසධිතයො 4500 වගේ දිනකට හමු වෙනවා නම් මරණ ප්‍රතිශතය 4.45 වෙලා තියෙනවා
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අප්පා
    ඕනෑම එකක අගයන් වල නෙවෙයි බරපතල කම තියෙන්නෙ.. මේ වගේ ප්‍රතිශතයන් වල.. ඉස්සර දවසට 100, 150 හම්බ උනාම ගනන් ගත්තෙ නෑ.. 100යි නේ පොඩි ගානක්. ඒවයෙ ප්‍රතිපල දැන් බුක්ති විඳිමින් ඉන්නවා.ලෝකෙ හැම රටකටම වුනේ ඒක. මිනිස්සුන්ට මේකෙ බැරෑරුම් කම කියල දෙන්න කෙනෙක් හිටියෙ නෑ.. මීඩියා වල වත් කිවෙ නෑ නේ හරියටම. මිනිස්සුන්ට බර කරලා කියන කන් මිනිස්සු ගනන් ගන්නෙ නෑ.. රටේ මුළු එකතුව කියනවට වඩා වැඩි පලදායී තාවයක් තියෙනවා එක එක දිස්ත්‍රික්ක වල ප්‍රතිශතයන් සහ ගනනයන් කියන එක.

    උදාහරනයකට ගත්තොත් මුලු ලන්කාවෙම 4500 ඉන්නවා කියලා නිවස් වලට කිව්වොත් යාපනේ ඉන්න කෙනෙක් හිතයි ඔය ඔක්කොම කොලඹ ඇත්තෙ යාපනේ නෑ එහෙම නැත්නම් ඕවා අම්පාරෙ නෑ කොලඹ ඇත්තෙ එහෙම හිතන්න පුළුවන්. හැබැයි යාපනේ දිස්ත්‍රික්කයේ 450 කොරෝනා ඉන්නවා කිව්වොත් මිනිස්සු පරිස්සම් වෙයි... ඔය වගේ ට්‍රික්ස් පාවිච්චි කරන්න ඕන වසංගතයකදි... මේකෙ බරපතල කම තාම මිනිස්සුන්ගෙ ඔලුවලට ගිහින් නෑ... තාම මිනිස්සු හිතන් ඉන්නෙ මැරෙන්නෙ අවුරුදු 60 ට වඩා වැඩි අය කියලා... දැන් දෙන අලුත් දත්ත වල දැක්කද වෙනසක් ? අවුරුදු 30-ත් 60ත් අතර දිනකට 60කට වඩා මිය යන වා වගේ.. මිය යන්න හේතුව කොවිඩ් සංකූලතා නොවෙන්න පුලුවන්. පරිස්සමක් නැති කම කොවිඩ් කියලා නොදන්න කම නොදැණුවත්වම නාලා සෙම හදාගෙන නිව්මෝනියාව වෙන්න පුලුවන්.. මේක මේ ලෙසියෙන් හැදුන එකා අල්ලන් ගිහින් අයිසලේශන් සෙන්ටර් දාලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේ දත්ත විශ්ලේෂනය කරලා බලන්න ඕන 30ත් 60ත් අතර අය මැරෙන ප්‍රතිශතය එක පාරටම වැඩි වුනේ ඇයි කියලා... අන්තිම දින කීපයේ මම පොඩි රිසච් එකක් කලා ඒකෙ විස්තර බලන්න කො

    28/08/2021 - Covid Death 192 (18.75% ක් වන වයස අවුරුදු 50 ට අඩු අයට දිවි අහිමි වෙනවා)
    30-59 - 36
    60 Above - 156


    27/08/2021 - Covid Death 212 (17.45% ක් වන වයස අවුරුදු 50 ට අඩු අයට දිවි අහිමි වෙනවා)
    30-59 - 37
    60 Above - 173

    26/08/2021 - Covid Death 214 (27.10% ක් වන වයස අවුරුදු 50 ට අඩු අයට දිවි අහිමි වෙනවා)
    30-59 - 58
    60 Above - 151


    25/08/2021 - Covid Death 209 (22% ක් වන වයස අවුරුදු 50 ට අඩු අයට දිවි අහිමි වෙනවා)
    30-59 - 46
    60 Above - 163

    24/08/2021 - Covid Death 198 (25.75% ක් වන වයස අවුරුදු 50 ට අඩු අයට දිවි අහිමි වෙනවා)
    30-59 - 51
    60 Above - 146

    23/08/2021 - Covid Death 190 (20% ක් වන වයස අවුරුදු 50 ට අඩු අයට දිවි අහිමි වෙනවා)
    30-59 - 38
    60 Above - 150

    22/08/2021 - Covid Death 194 (25.75% ක් වන වයස අවුරුදු 50 ට අඩු අයට දිවි අහිමි වෙනවා)
    30-59 - 49
    60 Above - 145

    21/08/2021 - Covid Death 183 (24.59% ක් වන වයස අවුරුදු 50 ට අඩු අයට දිවි අහිමි වෙනවා)
    30-59 - 45
    60 Above - 136

    20/08/2021 - Covid Death 198 (22.22% ක් වන වයස අවුරුදු 50 ට අඩු අයට දිවි අහිමි වෙනවා)
    30-59 - 44
    60 Above - 154

    ඉතින් මේක පාලනය කල යුතුමයි.... 30-59 කියලා කියන වයස් කාන්ඩයේ ඉන්න 1% ක් හරි මැරුනොත් ඔවුන්ගෙන් යැපෙන අයට බරපතල ගැටලුවකට මූන දෙන්න වෙනවා.. සමහර විට මැරෙන කෙනා විතරක් රස්සාවක් කරන කෙනෙක් වෙන්න පුලුවන්. ලමයි දෙතුන් දෙනෙක් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්.. එයාලට යන කල දසාව ? කවුඩ ඒවට වග කියන්නෙ ?

    coronavirus-data-explorer (8).png


    ආසියාවෙ වැඩිම මරණ අනුපාතයක් දැනට වාර්ථා කරන ඉන්දුනීසියාව අභිබවා යන්න ඔන්න මෙන්න... දැනට ලංකාවෙ මරණ මිනිස්සු ලක්ශයකට 43 දෙනෙක්.
    ------ Post added on Sep 2, 2021 at 12:42 PM

    මේ තියෙන්නෙ සතියක කාලයක් ඇතුලත මිලියනයකට මරණ අනුපාතය. උඩ දාපු එකට සම්බන්ද නිසා දැම්මෙ

    coronavirus-data-explorer (12).png



    පුළුවන් තරම් අපි පරිස්සම් වෙන්න ඕන... හරියට නහයයි හරියට කටයි වහන් ඉන්න තියෙන්නෙ

    ------ Post added on Sep 4, 2021 at 10:07 PM
     
    • Like
    • Wow
    Reactions: NewZealand and NRTG

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    Pakisthanayata wada aduin ekatawahgena idapan. Hari dan mokadda uba karanna kiyanne. Hutto rata wahala inna ba.. thota onanam bingeyak hari aethulata hari gihin hitu apita ba........
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    දවස් 10 කට පස්සෙ මේ දත්ත වල යාවත්කාලීනයක් කොල පැහැයෙන්...


    අද දවස අගෝස්තු 27 වෙනකොට ලෝකයේ ආසාදිතයින් ගනන මේ වෙනකොට 215,495,617 සහ මිය ගිය ප්‍රමානය 4,488,844 වෙනවා.. ප්‍රතිශතයක් විදියට ගත්තොත් 2.09%

    06 SEP - ආසාදිතයින් 221,561,152 මිය ගිය ප්‍රමානය 4,582,076 රතිශතයක් විදියට ගත්තොත් 2.068% අඩු වීමක් තියෙනව

    තවමත් වැඩිම ආසාදිත ප්‍රමානයක් ඉන්නෙ ඇමරිකාව. ආසාධිතයින් 39,342,153 ක් සහ මියගිය ප්‍රමානය 651,956 ක්. ප්‍රතිශතය 1.66% ක් / 6th SEP - 1.633% අඩු වීමක් තියෙනව



    දෙවැනියට ඉන්නෙ ඉන්දියාව ආසාදිතයින් 32,603,188 ක් මරණ 436,889 ක් සහ ප්‍රතිශතය 1.34% ක් / 6th SEP - 1.335% අඩු වීමක් තියෙනව

    තුන්වැනියට ඉන්නෙ බ්‍රසීලය ආසාදිතයින් 20,676,561 ක් මරණ 577,605 ක් සහ ප්‍රතිශතය 2.80% ක් / 6th SEP - 2.794% අඩු වීමක් තියෙනව

    හතර වෙනි තැන ඉන්නෙ රුසියාව ආසාදිතයින් 6,824,540 ක් මරණ 179,243 ක් සහ ප්‍රතිශතය 2.63% ක් / 6th SEP - 2.67% වැඩි වීමක් තියෙනව

    පස්වෙනි තැන ඉන්නෙ ප්‍රංශය ආසාදිතයින් 6,693,019 ක් මරණ 113,775 ක් සහ ප්‍රතිශතය 1.70% ක් / 6th SEP - 1.68% අඩු වීමක් තියෙනව

    හය වෙනි තැන ඉන්නෙ බ්‍රිතාන්‍ය ආසාදිතයින් 6,628,709 ක් මරණ 132,143 ක් සහ ප්‍රතිශතය 2% ක් / 6th SEP - 1.91 % අඩු වීමක් තියෙනව

    මේ ලිස්ට් එකේ ඕස්ට්‍රේලියාව ඉන්නෙ 120 වෙනි තැන. ඒ ආසාධිතයින් 48,794 ක් සහ මරන 991 ක් එක්ක. ප්‍රතිශතය 2.03% ක් / 6th SEP 1.654 %

    මේ ලිස්ට් එකේ නවසීලන්තය ඉන්නෙ 185 වෙනි තැන. ඒ ආසාධිතයින් 3,297 ක් සහ මරන 26 ක් එක්ක. ප්‍රතිශතය 0.79% ක් / 6th SEP 0.712 %


    මේ ලිස්ට් එකේ ඉන්දුනීසියාව ඉන්නෙ 13 වෙනි තැන. ඒ ආසාධිතයින් 4,043,736 ක් සහ මරන 130,182 ක් එක්ක. ප්‍රතිශතය 3.22% ක් / 6th SEP 3.291 %


    මේ ලිස්ට් එකේ ඊශ්‍රායලය ඉන්නෙ 35 වෙනි තැන. ඒ ආසාධිතයින් 1,028,271ක් සහ මරන 6,937 ක් එක්ක. ප්‍රතිශතය 0.68% ක් / 6th SEP 0.645 %

    හොඳටම කල අපි ඉන්නෙ 59 වෙනි තැන / SEP 6th 52 වෙනි තැන . ඒ ආසාධිතයින් 412,370 ක් මරන 8,157 ක් සහ ප්‍රතිශතය 1.98% ක් විදියට (27/08/2021) / 6th SEP 2.192 % දින නවයකට ප්‍රතිශතය ඉක්මන් වැඩිවීමක් වෙලා තියෙනවා. දින 9කට මරණ 1983 වෙලා තියෙනව..දිනකට 220.334 ක් පැයකට 9.181 ක්

    මම මේ පෝස්ට් එක මේ දත්ත අරගෙන විශ්ලේශනය කරලා පෙන්නන්නෙ ලංකාවෙ මේ රෝගය පාලනයකින් තොරව ගිහිල්ලා තියෙනවා කියන එක. ගෙවල් වල නිරෝධයනය වෙන එකෙන් ලැබෙන දත්ත වල අනිවාර්යෙන්ම සංකූලතා තියෙනවා. උදාහරනයක් විදියට ගත්තොත් එක පවුලක 6ක් ඉන්නවා නම් එක්කෙනෙක් පී සී ආර් කලාම අනෙක් අයත් එකම ගෙදර නිරෝධායනය වෙනවා. එයාලට උන හැදුනොත් එයාලා පී සී ආර් නොකරම නිරොධායනය වෙනවා. එහෙම බැලුවොත් ආසාධිතයින් සංඛ්යාව අනිවාර්‍යෙන්ම මීට වඩා වැඩියි. දනට වාර්ථාවෙන දත්ත එක්ක බැලුවොත් දින 9 ක රෝගීන්ගෙ වැඩි විම 12.222 % ක ප්‍රතිශතයක්.

    මේ වැඩිවීම එතරම් හොඳ වැඩි වීමක් නෙවෙයි. අවසාන සතිය ගත්තත් නිරෝධාය්න ඇඳිරිනීතිය හමුවේ වුවද ආසාධිතයින් ගේ වැඩි වීමක් පේනවා. මිනිස්සුන්ගෙන් ඉල්ලන්න බෑ ගෙදරට වෙලා ඉන්න කියලා.. උන්ට කන්න දෙන්න මට බෑ නේ.. ඒක නිසා කියන්න පුලුවන් එකම දේ හරියට නහයයි කටයි වහන් ඉන්න කියලා.. ජීවිතේ විනෝද වෙන්න යන්න එපා... ඊයෙ වෙනකොට ලංකාවේ මිලියනයකට කොරෝනා මරණ ප්‍රතිශතය නැවතත් 243.21 % කට ගියා.

    ඉන්දියාවෙ එය 25.71 ක්. කවුරු හරි කිව්වොත් ඉන්දියාවෙ දත්ත වැරදියි කියලා අපි නිකමට හිතමු මේ ගනන් තුන් ගුනයකින් වැඩි වෙන්න ඕන කියලා ඒත් 77.13.


    මේ සියළු දත්ත https://www.worldometers.info/coronavirus/ සහ https://ourworldindata.org/ වෙබ් අඩවි වලින්.




    ආසියාවෙ අනෙකුත් රටවල් වලට සාපේක්ෂව අපේ තත්වය බැලුවොත් මරණ ප්‍රතිශතයන්

    ජපානය 1.16% / 6th SEP 1.048 %
    පකිස්තානය 2.22% / 6th SEP 2.218 %
    නේපාලය 1.41% / 6th SEP 1.409 %
    බංගලාදේශය 1.74% / 6th SEP 1.754 %
    භූතානය 0.12% / 6th SEP 0.116 %
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Pakisthanayata wada aduin ekatawahgena idapan. Hari dan mokadda uba karanna kiyanne. Hutto rata wahala inna ba.. thota onanam bingeyak hari aethulata hari gihin hitu apita ba........
    රට වහන නොවහන එක තීරණය කරන්නෙ මම නෙවෙයි. මම මෙතන කිව්වෙ වත්මන් තත්වය සහ ආරක්ෂා වෙන්න ඕන කියන එක ගැණ පොඩි දැනුවත් කිරීමක්. වහන්න ඕන කාලෙ වැහුවෙ නැති එකෙන් තමා මෙච්චර ප්‍රශ්නෙ දුර දිග ගියේ.. ඒවා වැඩක් නෑ.. නහයයි කටයි වහගෙන ඕන තූත්තු කුඩියක පලයන්.. අම්ම තාත්තා වයසයි නම්... ඒ පාප කර්මෙට සම්මාදන් වෙන්න එපා...
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    කවද විතර ඕක ඉවර වෙයිද බන්..මේ ඊලග උත්ගොෂණයේ බැනර් ටික ප්‍රින්ට් කරන්න දෙන්න..කව්න්ට් එක පරණ එකමනේ එන්නේ එකම සෙට් එකනේ
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කවද විතර ඕක ඉවර වෙයිද බන්..මේ ඊලග උත්ගොෂණයේ බැනර් ටික ප්‍රින්ට් කරන්න දෙන්න..කව්න්ට් එක පරණ එකමනේ එන්නේ එකම සෙට් එකනේ
    මට නිකන් හිතෙනවා මචන් මේක තව මාස තුනකින් හතරකින් එක පාරටම ලෝකෙන්ම ක්ෂනිකව අඩු වෙලා යාවි කියලා.. ලංකාවෙ වැක්සින් කරනයත් වේගවත් ව කරගෙන යනවා. වැක්සින් එකේ බලපෑම මිනිස්සුන්ගෙ ඉමියුනිටි එක දෙකේම එකතුව ආවොත් බෝ වීම 50කින් වගේ අඩු වෙලා යාවි. මොකද ලෝකයේ ම දත්ත ගත්තොත් ගිය සතියට වඩා මේ සතියෙ 13.89% කින් පැතිරීම අඩු වෙලා තියෙනවා. කොහොම වුනත් අන්තිමේ වෙන්නෙ මේක සාමාණ්ය උනක් වගේ හිතාගෙන ජීවත් වෙන්න වෙයි. හැදුනොත් ගෙට වෙලා ඉන්න කියයි... මැරුනොත් පුච්චලා දායි.

    ඇමරිකාව එංගලන්තය වගේ රටවල් වල මිනිස්සු එන්නත් ගහගන්න බයයි. උන් ගහන්නෙ නෑ උන්ට තියෙන ලොකුම තර්ජනය ඒක... එන්නත් ගැන සාර්ථක විග්‍රහයක් කරන්න පුළුවන් ඉන්දියාව ගත්තොත්.. ඉන්දියාවෙ ක්ෂනික අඩු වීමක් දක්නට ලැබෙනවා. ඉන්දියාවෙ මිනිස්සු හැදුනා කියලා හිතන්න බෑ.. මොකද උන් මලාට හැදෙන ජාතියක් නෙවෙයි.. වෛරසයේ පසුබෑම එන්නත් කරනය ස්වාභාවික ප්‍රතිරෝදීතාව මේ ඔක්කොම එකට එකතු උ නාම මේක ක්ශනිකව අඩු වෙයි.. එහෙම වේවා කියලා ප්‍රාර්ථනා කරමු
     
    • Like
    Reactions: dhanuka kumara

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඉන්දියව එක්ක සංසන්දනය කලාම

    මිලියනයකට ආසාධිතයින් ප්‍රමානය 👇

    coronavirus-data-explorer (14).png


    මිලියනයකට මරණ ප්‍රමානය 👇


    coronavirus-data-explorer (16).png
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මට නිකන් හිතෙනවා මචන් මේක තව මාස තුනකින් හතරකින් එක පාරටම ලෝකෙන්ම ක්ෂනිකව අඩු වෙලා යාවි කියලා.. ලංකාවෙ වැක්සින් කරනයත් වේගවත් ව කරගෙන යනවා. වැක්සින් එකේ බලපෑම මිනිස්සුන්ගෙ ඉමියුනිටි එක දෙකේම එකතුව ආවොත් බෝ වීම 50කින් වගේ අඩු වෙලා යාවි. මොකද ලෝකයේ ම දත්ත ගත්තොත් ගිය සතියට වඩා මේ සතියෙ 13.89% කින් පැතිරීම අඩු වෙලා තියෙනවා. කොහොම වුනත් අන්තිමේ වෙන්නෙ මේක සාමාණ්ය උනක් වගේ හිතාගෙන ජීවත් වෙන්න වෙයි. හැදුනොත් ගෙට වෙලා ඉන්න කියයි... මැරුනොත් පුච්චලා දායි.

    ඇමරිකාව එංගලන්තය වගේ රටවල් වල මිනිස්සු එන්නත් ගහගන්න බයයි. උන් ගහන්නෙ නෑ උන්ට තියෙන ලොකුම තර්ජනය ඒක... එන්නත් ගැන සාර්ථක විග්‍රහයක් කරන්න පුළුවන් ඉන්දියාව ගත්තොත්.. ඉන්දියාවෙ ක්ෂනික අඩු වීමක් දක්නට ලැබෙනවා. ඉන්දියාවෙ මිනිස්සු හැදුනා කියලා හිතන්න බෑ.. මොකද උන් මලාට හැදෙන ජාතියක් නෙවෙයි.. වෛරසයේ පසුබෑම එන්නත් කරනය ස්වාභාවික ප්‍රතිරෝදීතාව මේ ඔක්කොම එකට එකතු උ නාම මේක ක්ශනිකව අඩු වෙයි.. එහෙම වේවා කියලා ප්‍රාර්ථනා කරමු
    තව මාස දෙකකින් මේක ඉවරයි බන්..අනිවාර්යෙන්ම.උත්ගොෂණ ද විදේශ සංචාරකයෝද ඕන දෙයක් කරන්න පුළුවන්.
    උබ කියන එක හරියට හරි සති හතරකින් ෆුල් නොර්මල්
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    තව මාස දෙකකින් මේක ඉවරයි බන්..අනිවාර්යෙන්ම.උත්ගොෂණ ද විදේශ සංචාරකයෝද ඕන දෙයක් කරන්න පුළුවන්.
    උබ කියන එක හරියට හරි සති හතරකින් ෆුල් නොර්මල්
    🤭 :lol: :lol: :lol: එහෙම වෙන්නෙ නෑ බං..එහෙම වෙනව නම් හොඳයි ඉතින්
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    🤭 :lol: :lol: :lol: එහෙම වෙන්නෙ නෑ බං..එහෙම වෙනව නම් හොඳයි ඉතින්
    අනිවාර්යෙන් එහෙම වෙනවා,.100% sure මචන්.අපි දෙන්න ජිවත් වෙලා හිටියොත් -2021-11-6 මේක bump කරමු .
     
    • Sad
    Reactions: Underground

    shenat

    Well-known member
  • May 13, 2007
    58,439
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ගහපු තැනින් කෝල් කරලා අහපන්කෝ
    එන්නත් නැත්නම් ආවාම එන්න කියයි උබට එතකන් වැල්ලෙන් නැතුව ඉදපන්

    සවේන්දටයි, නන්නසේනටයි ඕන වෙලාවට එන්න කියලා වැඩක් නෑ. ස්පුට්නික් 1st dose ගහපු අයට 2nd dose එක ගහන්න ඕන කාලෙ පැනලත් ගොඩක් කල්. දැන් වැඩක් නෑ.
     
    • Haha
    Reactions: Tyrion Lannister

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    එන්නත්කරණය වේගවත්ම රටවල් අතරින් අපි ආයෙත් අංක 01
    Updated-2021-9-6 5PM
    Most COVID-19 vaccinations in the last week:
    Sri Lanka 11.6% of the population
    New Zealand 11.3%
    Cuba 10.5%
    Ecuador 9.9%
    Panama 8.9%
    South Korea 8.6%
    Israel 7.6%
    Australia 7.5%
    Uruguay 7.3%
    Cambodia 7.2%
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තව මාස දෙකකින් මේක ඉවරයි බන්..අනිවාර්යෙන්ම.උත්ගොෂණ ද විදේශ සංචාරකයෝද ඕන දෙයක් කරන්න පුළුවන්.
    උබ කියන එක හරියට හරි සති හතරකින් ෆුල් නොර්මල්

    එන්නත්කරණය වේගවත්ම රටවල් අතරින් අපි ආයෙත් අංක 01
    Updated-2021-9-6 5PM
    Most COVID-19 vaccinations in the last week:
    Sri Lanka 11.6% of the population
    New Zealand 11.3%
    Cuba 10.5%
    Ecuador 9.9%
    Panama 8.9%
    South Korea 8.6%
    Israel 7.6%
    Australia 7.5%
    Uruguay 7.3%
    Cambodia 7.2%
    ලංකාවේ ලක්ෂ 160 (අවුරුදු 18 වැඩි සියලු දෙනා) එන්නත්කරණය කරත් දවසකට 50/100 මැරෙන එක නවත්වන්න බැරි වෙන ලයින් එකක් යන්නේ .... එන්නත්කරණය අයාලේ යන පලවෙනි රට ලංකාව වේවි....

    2021-11-6 මේක bump කරන්න...