ලංකාවේ අන්තිම දළ පූට්ටුවත් අතුරුදන්.....!

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ලංකාවේ අන්තිම දළ පූට්ටුවත් අතුරුදන්.....!

    10367742_726944134039586_1478235529242315453_n.jpg

    10410708_726944837372849_8294845137270067812_n.jpg


    අඩි 4 1/2ක දළත් එක්ක ලංකාවේ අන්තිම දළ පූට්ටුවත් අතුරුදන්
    මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සිටි 'දළ පූට්ටුවා' නමින් හඳුන්වන දැවැන්ත ඇතා අතුරුදන්ව ඇතැයි වනජීවී නිලධාරීහු සඳහන් කළහ. මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රැඳී සිටි මෙම ඇතාට පසුගියදා කිසියම් පුද්ගලයකු විසින් වෙඩි තබා තිබූ අතර ඒ නිසා ඇති වූ තුවාලවලට ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් එක්වරක් ප්‍රතිකාර ලබාදී තිබිණි.අඩි 12ක් පමණ උසින් යුත් මේ දැවැන්ත ඇතාට අඩි 4 1/2ක් දිගින් යුත් දළ යුගල එකිනෙක හාවී ගැටීමට ආසන්නව පැවැතිණි.
    ශ්‍රී ලංකාවේ ජීවත්වන 'දළ පූට්ටු' වූ එකම ඇතා මේ බව වනජීවී නිලධාරීහු සඳහන් කරති. මින්නේරිය ජාතික වනෝද්‍යානයට පැමිණ සිටි මේ ඇතා දැක බලාගැනීමට පසුගිය මාස කිහිපය තුළදී දෙස් විදෙස් සංචාරකයෝ් දහස් ගණනක් පැමිණියහ.
    මීට සති දෙකකට පෙර සිට මෙම ඇතා අතුරුදන්ව ඇතැයිද මේ වනවිට එම ඇතා සිටින ඉසව්ව හරිහැටි කිව නොහැකි බවද මින්නේරිය ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු එච්.ජී. වික්‍රමතිලක මහතා පැවැසීය.
    ශ්‍රී ලංකාවේ ජීවත්වන අලි පරපුරේ සුවිශේෂී පෙනුමකින් යුත් මෙම දළ ඇතා රැකබලා ගැනීමට කිසිදු වැඩපිළිවෙළක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තුළ නොමැති බවට පරිසරවේදීහු චෝදනා කරති.

    2.gif
    2.gif
    2.gif
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දල දෙක ඇති දැන් රඡපවුලේ ගෙදරක හරි ඇමැති නිවසක හරි .මේ වගේ වටින සතෙක් වත් ආරක්ෂා කරගන්න වැඩපිලිවෙලක් නෑ වනඡිවි එකට.වෙන රටක නම් ලොකේෂන් ට්‍රැක් කරන බෙල්ට් එකක් වත් දාලා එ සතා‍ ගැන හොයලා බලනවා .අපේ එවුන් ඉතින් ඌ පෙන්නලා සංචාරයකයින්ගෙන් මල්ල පුරව ගන්නවා විතරයි .