ලංකාවේ අනාගතය සහා සම්බාධක

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
ලංකාවේ අනාගතය සහා සම්බාධක

මම මේ සම්බන්ධව ලියපු replies තනි thread එකක


UN එකට බෑ ආර්ථික සම්බාධක දාන්න Security Council එක හරහා යන්නේ නැතුව. Security Council එකේ නිශේධ බලය තියෙන්නේ චීනයට ,රුසියාවට, ප්‍රංශයට, එංගලන්තයට සහා ඇමරිකාවටයි. චීනය ,රුසියාව අපේ පැත්තේ එතකොට UN ආර්ථික සම්බාධක වැටෙන්නේ නෑ මොකද නිශේධ බලය පාවිච්චි කරලා රුසියාවට සහා චීනයට පුලුවන් මේ සම්බාධක යෝජනාවට එරෙහිවෙන්න.

නමුත් තනි තනි රටවල් මගින් සම්බාධක දාන්න පුලුවන් එතකොට යුරෝපා සංගමය, ඇමරිකාව, ඔස්ත්‍රේලියාව, වගේ රටවල් සම්බාධක දායි ඒක පාර්ශීය වශයෙන්. විශේෂයෙන්ම මේ යෝජනාවට පක්ෂව ජන්දය දීපු රටවල් අපේ රටට ඒක පාර්ශීය වශයෙන් සම්බාධක දායි කියලා හිතන්න පුලුවන්. ඒකෙන් ලංකාවට විශාල ආර්ථික ප්‍රශ්ණයක් එන්නේ. එහෙම සම්බාධක වැටුනොත් අපි පරදිනවා කොටින්ට මොකද මේ පිටිපස්සේ ඉන්න කොටින් නිසා. දැන් කොටින් සහා අපි අතරේ යන්නේ Cold War එකක්. මේක ශීතල යුද්ධයේ ගැටුම් එළිපිට නෑ ඔක්කොම තියෙන්නේ දේශපාලණිකමය වශයෙන්, ආර්ථික වශයෙන්. එතකොට අපේ රටේ
ආර්ථික වැට්ටිම කොටින් ලබන ජයග්‍රහණයක් කියල කියන්න පුලුවන්. මේකෙන් බේරෙන්න හොදම වැඩේ තමයි මේ යෝජනාවේ එන පරිදි අන්තර්ජාතික පරික්ෂණයකට ඉඩ දෙන එකයි. මේකෙන් මහින්ද වැරදි කරු වුනොත් මහින්දව විදුලි පුටුවට ගෙනියන්න බෑ මොකද ලංකාව International Criminal Court treaty අත්සන් කරලා නැති නිසා. නමුත් මහින්ද මේ අත්සන් කරලා තියෙන රටකට ගියොත් එතකොට අත් අඩංගුවට ගනියි.

(මේ රතු පාටින් තියෙන්නේ අත්සන් කරලා නැති රටවල්, කොළ පාටින් තියෙන්නේ අත්සන් කරලා තියෙන රටවල්, කහපාටින් තියෙන්නේ ස්ථ්ර/සහතික කරල නැති රටවල් නමුත් අත්සන් කරලා තියෙනවා)

ගොඩක් සංවර්ධිත රටවල් මේකට අත්සන් කරලා නිසා මහින්දට යන්න ඉතුරු වෙන්නේ චීනය, සවුදි සමහර අප්‍රිකානු රටවල්, චීනය, ඉන්දූනීසියාවගේ රටවල් කිහිපයකට විතරයි.

මේකට තවත් විසදුමක් තියෙනවා. ඒ තමයි මහින්ද එහෙම දෙයක් කරලා නම් එහෙනම් පුලුවන් තරම් සාක්ෂි හංගන එක. ඒවා ඔක්කොම හංගලා ඊට පස්සේ පරික්ෂණය කරන්න දෙනවා එතකොට උන්ට මොකුත් හොයාගන්න බෑ ඊට පස්සේ උන් යන්න යයි. නමුත් මෙතන තවත් දෙයක් තියෙනවා මේ බටහිර එවුන් ජිල්මාට් දාන්න දක්ෂයි උන් බොරු සාක්ෂී හදන්නත් බැරි නෑ ඉතින් පුලුවන් තරම් මේ පරික්ෂණ ආණ්ඩුවේ විශේෂඥ්ඥයන්ගේ දැඩි අධීක්ෂණය යටතේ කරන්න දෙන්න ඕනේ.
ආණ්ඩුවේ විශේෂඥ්ඥයන් නැත්නම් චීනයෙන් හෝ රුසියාවෙන් ගෙන්වා ගත්තා නම් හරි ලොකු ගාණක් හරි දීලා (කාර් රේස් වලට ගෙවන්න සල්ලි තියෙනව නම් මේ වගේ එකකට ගෙවන්න බැරි ඇයි?) චීනය, රුසියාව අපිට පක්ෂ නිසා උන්ට හොදට ගෙවනවා නම් ,සලකනවා නම් බටහිර එවුන්ට ජිල්මාට් දාන්න හම්බ වෙන එකක් නෑ.

මේක චෙස් ගේමක් වගේ හොදට කරන්න ඕනේ නැත්නම් අපිටමයි පාඩු. මොකද අපිට බෑ දියුණු රටවල් සමග හැප්පෙන්න, මේ කලාපයේ සමගියකුත් නෑ සාක් කියලා නමට තියෙනවා විතරයි.

800px-ICC_member_states.svg.png







පරික්ෂණයකට ඉඩ දෙනවා හැරෙන්න වෙන විසදුමක් නෑ මොනව කරන්න කියලද උබ එතකොට යෝජනා කරන්නේ? උන්ට එන්න දෙන්න එපා කියලද පරික්ෂණය කරන්න? එතකොට සම්බාධක වැටුනම බඩු මිළ ඉහල ගියාම කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ? දැන්ටම දුප්පත් මිනිස්සු සෑහෙන ඉන්නවා මේ ආණ්ඩුවේ පාලනයේ දූෂණය නිසා මේ සම්බාධක වලින් වෙන්නේ මිනිස්සු තවත් පෙළෙන එකයි. මේකෙන් පෝසත් මිනිස්සුන්ට මොකුත් වෙන්නේ නෑ උන් රට පනියි (විශේෂයෙන්ම කළු සුද්දෝ ටික), ඇමතිලා හම්බ කරගත්තු සල්ලි වලින් කයි, අනෙක් එවුන්ට තමයි ප්‍රශ්ණය වෙන්නේ.

ලංකාවට ඉන්දියාවේ හමුදාව ආවේ කොටි ප්‍රශ්ණයේදි ඒක ජාත්‍යන්තර මැදිහත් වීමක් තමයි. අනික UN එකෙන් පරික්ෂණ කමිටුවක් ඉල්ලුවා නම් ඒක ප්‍රශ්ණයක් නෑ මොකද අපිත් UN සමාජික රටක් නිසා.

ඊළම ඉල්ලන්න බෑ උන්ට. මොකද ඒක අපේ රටේ කොටසක් නිසා. හැබැයි මේ විදියට උනොත් ඊළම උන්ට ඉල්ලන්න පුලුවන්. හදිස්සියේ දෙමළ මිනිස්සු ඔක්කොම උතුරේ තමන්ට වෙනම ප්‍රදේශයක් ඕනේ කියලා ඉල්ලුවොත් එතකොට මේක පෙන්වලා ජනමත විචාරයක් හරහා UN එක ඊළම උන්ට හදලා දෙයි මේකට හොදම විසදුම සිංහල මිනිස්සුන්ව පුලුවන් තරම් රටේ හැම තැනකටම පතුර වන එකයි. දෙමළා,මුස්ලිම් එකෙක්වත් විශ්වාස කරන්න බෑ මොකද උන්ට කියලා වෙනම රටවල් තියෙනවා සිංහල මිනිස්සුන්ට මේක විතරයි තියෙන්නේ.

මේක තමයි ඇත්ත තත්වේ පොඩි රටවල් වලට ලොකු රටවල් ගේම අදින්නයි බලන්නේ මේකට කියන්නේ sphere of influence කියලයි. එතකොට ලොකු powerful රටවල බලපෑම පොඩි රටවලට දේශපාළනිකමය වශයෙන් තියෙනවා මයි. එහෙම ලොකු රටවල් වලට අනුව වැඩ කරේ නැත්නම් වෙන්නේ සම්බාධක දාන එක එහෙම නැත්නම් ඉරාකය වගේ ආක්‍රමණය කරන එක, නැත්නම් රටේ කැරලි කාරයන්ට ආයුධ සපයලා කැරලි කාරයන් මගින් රට තමන්ට ඕන විදියට හසුරවන්න බලන එක (මේක තමයි දැන් සිරියාවේ වෙන්නේ).
අන්තර්ජාතික දේශපාලනය සෙල්ලමක් නෙවෙයි මහින්දට අන්තර්ජාතික දේශපාලණය ගැන දැනුමක් නෑ මේ ඇමති මණ්ඩලයටත් නෑ.

මම කියන්නේ නෑ නෑ අපි ලොකු රටවල් වලට අනුව නටන්න ඕනේ කියලා මම කියන්නේ අපි ටිකක්
flexible වෙන්න ඕනේ, ඒ වගේම ගෝත්‍රික රටවල් සමග නැතුව දියුණු රටවල් සමග සම්බන්ධකම් තියාගන්න ඕනේ, මිත්‍ර වෙන්න ඕනේ නමුත් ඒකට මහින්ද කරේ මොකක්ද? කාලයක් ගඩාෆිව තියාගෙන හිටියා ළගින්, ඊට පස්සේ සුවාසිලන්තේ ගියා , ඊට පස්සේ අපි අහලවත් නැති රටවල් ටිකක් ළගින් තියා ගත්තා පැසිෆික් සාගරයේ තියෙන (පොඩි පොඩි රටවල්) මේවායින් තමයි අපිට කෙළ වෙන්නේ.

අපිට දිනන්න බෑ තනිවම අපි බලවත් රටකට හේත්තු වෙන්න ඕනේ එහෙම නැත්නම් යුරෝපා සංගමය වගේ සංගමයක් හදාගන්න ඕනේ කලාපයේ සංවර්ධිත රටවල් සමග (ආසියාවේම) ඊට පස්සේ ආර්ථික වශයෙන් දියූනු වෙන්නත් පුලුවන්, sphere of influence (බටහිර) එකෙන් යම් තාක් මිදෙන්නත් පුලුවන් , ආක්‍රමණයකදි allies ගොඩාක් ඉන්න නිසා ආරක්ෂාවත් හොදයි.

අනෙක් එක තමයි මේ හැම දේම මෙහෙය වන්නේ දෙමළ ඩයස් පෝරාව මගින්. ආණ්ඩුවට තියෙන්නේ මේ දෙමළ ඩයස් පෝරාවේ නායකයන්ව අල්ලගන්න එකයි හොරෙන් මෙහෙයුමක් දාලා. උන්ට ගේම දුන්නා නම් එහෙනම් මේ කිසිම ප්‍රශ්ණයක් නෑ. අපිට බෞද්ධ රටක් නිසා මරන එක අනුමත කරන්න බෑ නමුත් උන්ව අල්ලගෙන මෙහෙට ගෙනල්ලා හිර කරලා තියාගත්තා නම් හරි.







තව News එකක්. ලංකාවට Team එකක් එවන එක අනිවාර්‍යය නෑ පරික්ෂණය කරන්න. ඒක හොද News එකක් වගේ. මම හිතන්නේ එහෙම තත්වයක් යටතේ ආණ්ඩුව මේකට සහයෝගය දෙනවා නම් හොදයි නැත්නම් ආර්ථික සම්බාධක වැටුනොත් මේ ආණ්ඩුව තවත් දරුණු වෙයි මිනිස්සුන්ව තවත් හූරාගෙන කයි මොකද රටේ ආර්ථිකය සමබාධක එක්ක වැටෙන නිසා එතකොට මිනිස්සුන්ව වැඩියෙන් හුරාගෙන කෑමෙන් තමයි සැලකිය යුතු මුදලක් මේ ඇමතිලාට හොයන්න පුලුවන් වෙන්නේ.

නමුත් ඒකට මිනිස්සු ගොඩක් විරුද්ද වෙයි උද්ඝෝසණ කරයි ඊට පස්සේ ගඩාෆි වගේ තවත් මැර බලය වැඩි කරලා රට පාලනය කරයි මොකද මැර බලයෙන් විතරයි මිනිස්සුන්ව මර්දනය කරන්න පුලුවන් නිසා එතකොට Human rights දිගින් දිගටම කැඩෙන කොට (විශේෂයෙන්ම මිනිස්සු දිගින් දිගටම මැරෙන කොට, පීඩනයට ලක් වෙන කොට) UN එකෙන් තවත් සම්බාධක දායි, ඊට පස්සේ UN Army එකක් එවයි නැත්නම් මෙහේ කැරලි කාර හමුදාවක් රහසේ හදලා උන්ට සහයෝගය දෙයි ලිබියාවේ කරා වගේ ඊට පස්සේ වෙන්නේ රට අරාජික වෙන එකයි.

රට අරාජික වෙච්ච ගමන් වෙන්නේ මුස්ලිම් සන්නද්ද කල්ලි නැගෙනහිරින් නැගෙන්න ගනියි විශේෂයෙන්ම වහබ් වගේ කල්ලි (මේ කල්ලි දැන් යට ගිහින් තියෙන්නේ නමුත් රට අරාජික වුනොත් මුන් ආයි ඔළුව උස්සයි) ඊට පස්සේ යාපනේ පැත්තේ ජයලලිතාගේ සහයෝගය ඇතුව දෙමළ ඊළමක් ආයි ඇතිවෙයි ඊට පස්සේ හුටා තමයි ලංකාව ඉවරයි ඊට පස්සේ. මේක ඇත්තටම dangerous දෙයක් අපේ එවුන්ට තේරෙන්නේ නෑ :no:, මහින්දට තේරෙන්නෙත් නෑ, අපේ රටේ ඉන්න මිනිස්සුන්ටත් තේරෙන්නෙත් නෑ. රට බෙදිලා LTTE එක වෙනම රටක් හදාගෙන, නැගෙනහිරින් මුස්ලිම් එවුන් වෙනම රටක් හදාගත්තම ඒවා ආයි ආක්‍රමණය කරන්නද? එහෙම බෑ කරන්න එතකොට මුස්ලිම් එවුන්ට උන්ගේ රටවලින් සහයෝගය එවයි, දෙමළ එවුන්ට ඉන්දියාවෙන් සහයෝගය එවයි. මේක ඇත්තටම ලොකු ප්‍රශ්ණයක්.

මේක සෙල්ලමක් නෙවෙයි. ලංකාව විනාශ වෙයි මේ විදියට ගිහින්. :(
කාටවත් ඊළමක් දෙන්න ඕන නෑ මේ පරික්ෂණය කරන්න සහයෝගය දෙනවා ඇති හොදටම ඇති අනික මේකට පරික්ෂණ කමිටුවක් ලංකාවට එන්න ඕනෙත් නෑ. මම දන්නවා අනෙක් එවුන්ගේ අතේ ලොකුවට වැරදි තියාගෙන ලංකාවට මේ විදියට පාට් දාන එක වැරදියි කියලා උන්ගේ වැරදි හොයන්නේ නැතුව නමුත් අපි පොඩි රටක් , අපි ලොකු රටවල් එක්ක හැප්පෙන්න කලින් අපි සංවර්ධනය වෙලා, බලවත් වෙන්න ඕනේ නැත්නම් අපිටමයි කෙලවෙන්නේ.