ලංකාවේ අපනයනය 6‍.2% කින් පහළට

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ලංකාවේ අපනයනය 6‍.2% කින් පහළට

    වසරේ ගතවූ මාස තුන තුල ශ්‍රී ලංකාවේ අපනයනය 6‍.2%කින් පහළ වැටී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
    ඉතාලිය, ජර්මනිය, අමෙරිකාව ඇතුළු මෙරට නිෂ්පාදන මිලදී ගන්නා විදෙස් රටවල පවතින අභ්‍යන්තර ප්‍රශ්න හේතුවෙන් එම තත්ත්වය උද්ගතවී ඇති බව එහි සභාපති යූසුෆ් මරික්කාර් මහතා සදහන් කළේය.
    කෙසේ වෙතත් එය තාවකාලික තත්ත්වයක් ලෙස පෙන්වා දෙන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පවසන්නේ ලබන ජූනි මාසය පමණ වනවිට අපනයනය ඉහළ යනු ඇති බවය.


    මේ අතර 2012 වසරේදීද ශ්‍රී ලංකාවේ අපනයන 6%කින් පහළ ගිය බව ද යූසුෆ් මරික්කාර් මහතා පැවසීය.


    ඔහු සදහන් කළේ, මෙම බිඳ වැටීම් පිළිබදව සොයා බලා අපනයනකරුවන්ට, බදු සහන, බදු රහිත වාහන ඇතුළු පහසුකම් ලබාදී අපනයන ඉහළ නැන්වීමට කටයුතු කරන බවය.


    කෙසේ වෙතත් 2011 වර්ශයේ ශ්‍රී ලංකාවේ අපනයනය 23% කින් ඉහළ ගිය බව ද අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
    newsfirst


    http://apennews.com/export-decrease/