ලංකාවේ අප්‍රිකානු අලි පරපුර

redhat

Well-known member
  • Aug 2, 2008
    3,137
    2,535
    113
    Redhat lab - Aukland

    ලංකාවේ අප්‍රිකානු අලි පරපුර
    බිබී (Bibi)
    බිබී කියන්නේ ශ්‍රි ලංකාවේ 1992 වසර වන තුරු ජීවත් වුනු අප්‍රිකානු කැළෑ අලි විශේෂයට අයත් ඇතින්නක්.
    1992 වර්ශයේ බොස්වානා වල වෙනත් අප්‍රිකානු අලි පැටවුන් දෙන්නෙකුට ( ජෝආ සහ නන්දිපා) බිබීව මාරු කරනවා.
    ඒ Randall Moore කියන පුද්ගලයාට අයත් බොස්වානා වල Okavonogo ප්‍රදේශයේ ක්‍රියාත්මක වුන අලි සෆාරියකට බිබීව අරන්‍ යෑමේ අරමුණින්. බිබී එක්ක එයාගේ හස්ති පාලකයා වුනු සුමනදාසත් බොස්වානා වලට යනවා. ශ්‍රී ලංකාවේ ඉදන් නැව් මගින් අරන් ගියපු බිබී බොස්වානා වල සත්ව නිරෝධායන නීති වල සිදු වුනු වෙනස් වීමක් නිසා දකුණු අප්‍රිකාවේ සත්වඋද්‍යානයක වසරක පමන කාලයක් නතර වෙන්න සිද්ද වෙනවා.
    දකුණු අප්‍රිකාවේ සත්වඋද්‍යානයේ ගත කරපු කාලයේ එහෙ හිටපු අලි රංචුවක නායිකාව වුණ ආසියානු ඇතින්නක් සහ බිබී අතර ඇති වුන ගැටුමක ප්‍රතිපලයක් විදියට පොලවේ ස්පර්ශ වෙන තරම් දිගක් තිබුනු දළ යුගල මුලුමනින්ම එයාට අහිමි වෙනවා.
    මේ සියල්ල අවසානයේ බොස්වානා වල සෆරි කදවුරට එයාව රැගෙන ගිහින් එහෙ තවත් වසර දහයක පමණ කාලයක් සංචාරකයින් පිට මත තබාගෙන යාමේ ව්‍යාපාරයක යොදවා සිටින අතරතුර බිබී මිය යනවා. බිබී වෙනුවට ලංකාවට ගෙනාපු නන්දිපා කියන අප්‍රිකානු ගැහැණු සතාත් වසර පහකට පමණ පසු දෙහිවල සත්වඋද්‍යානයේදී මිය යනවා. නන්දිපා එක්ක දෙහිවලට ආපු පිරිමි සතා ජෝආ මේ වෙද්දී රිදියගම සෆාරි උද්‍යානයේ ආසියානු අලි රංචුවක් එක්ක නිදහස් ජීවිතයක් ගත කරනවා.


    1599473678877.png

    118963663_2690199347903218_2839082196514755558_o.jpg


    118983615_2690199401236546_8481610599582629182_o.jpg