ලංකාවේ අපි කන්න ගියත් වීරයෝ
1505 දී පෘතුගීසි කාරයෝ ලංකාවට අහම්බෙන් ගහ ගෙන ආවෙ මේ පෙරදිග තියෙන කුළුබඩු ගැන හොය හොයා යන ගමන් කියලා හැමෝම දන්නවනේ. ඉතින් මේ ගොල්ලෝ ලංකාවට බැහැලත් මොකද කලේ, පුළු පුළුවන් විදිහට ලංකාවෙ වැවෙන කුළුබඩු ජාති ඒ කියන්නෙ, ගම්මිරිස්, කරාබු නැටි, සාදික්කා, කුරුඳු, (සමහර විට මිරිස් ) වගේ දේවල් පොදි ගහගෙන තමන්ගෙ රටවල් වලට ඇදපු එක තමයි. එහෙම නිකන් ඉන්න බැරුවට ඔච්චර මහන්සි වෙලා කුළුබඩු හොයන්නෙ නෑනෙ මේවට එච්චර ඉල්ලුමකුත් නැතිනම්. අනික පහු කාලෙදි පෘතුගීසින්ගෙ අතේ තිබුනු ඒකාධිකාරය ඩැහැ ගන්න ලන්දේසියොත් හරි හරියට බෙලි කඩාගෙන මුන් එක්ක යුද්ද කරානේ . ඒ ඉතින් උන්ට තිබිච්ච කැහිල්ලට නෙමෙයි මේ කුළුබඩු වලින් හොඳට ප්‍රොෆිට් තිබිච්ච නිසා. අනික පෘතුගීසි කාරයෝ, ලන්දේසි කාරයෝ මේ කුළුබඩු එහෙමත් නැතිනම් "ස්පයිසස්" අරගෙන ගොහිල්ල වෙලඳාම් කලේ කාටද, තනිකරම යුරෝපයට. ඒ කාලේ මේ පෙරදිග කුළුබඩු වලට කොහොම ඉල්ලුමක් තිබුනද කිව්වොත්, යුද්ද කරගෙන, මරාගෙන බෙලිකඩාගෙන, නැව් ගිල්ලෝගෙන මේවා උන්ගේ රටවල් වලට අරගෙන ගියත් කට කපලා 400% ක විතර ශුද්ධ ලාබයක් තිබුනලු. එහෙනන් කොහොම ඉල්ලුමක් යුරෝපයෙන් මේවාට තියෙන්න ඇතිද ? ඒත් මට තියෙන පුරස්නේ තමයි හත් ඉලව්වෙ මෙච්චර ලංකාව ඇතුළු පෙරදිග රටවල් වලින් කුළුබඩු හූරගෙන හූරගෙන කෑවත් මේ යුරෝපයේ ඉන්න සුදු බුවාලා මිරිස් කරලක් දැක්ක ගමන් ගැහිලා, ගැහිලා සීතල වෙලා උණ ගන්නවා. උන් මිරිස් වලට එච්චරටම බයයි. වැඩිය ඔනෙ නෑ, ගම්මිරිස් වලටත් උන් කියන්නෙ "ගන් පව්ඩර්" එහෙම නැතිනම් වෙඩි බෙහෙත් කියලා. පෙනේද මේ චන්ඩි මිරිස් වලට තියෙන බය. ඔය ෆිල්ම් වල තුවක්කු උස්සගෙන චන්ඩි පාට් දාන රම්බෝලා, කමාන්ඩෝලා ට්‍රාන්ස්පෝටර්ලා නිකන්ම බිම දාන්න පුළුවං හොඳට කොච්චි දාලා අඹරපු සම්බෝලත් එක්ක බත් කටවල් දෙකක් අනලා කැව්වනං.
ලංකාවෙ අපි වගේම තමයි අල්ලපු රටේ ඒ කියන්නෙ ඉන්දියාවෙ ඈයොත් හරි හරියට මිරිස් කනවා කියලා කියනවා. අපිට ගොඩක්ම නෑ කමක් තියෙන්නෙ ඉන්දියාවෙ කේරළ ප්‍රාන්තෙන් කියලත් කියනවනේ. ගොඩක් වෙලාවට අපේ කෑමයි, කේරළේ කෑමයි එක සමානයි. උන් අපෙන් කොපි කරලද අපි උන්ගෙන් කොපි කරලද කියලා උන් දන්නෙත් නෑ අපි දන්නෙත් නෑ.
මම අර කලින් දාපු ඉඳි ආප්ප කතාවෙදි කිව්වනේ මගේ ටීම් එකේ හිටපු ලීනා කියලා කේරළේ, එහෙම නැතිනම් මලබාරෙන් ආපු යාළුවා ගැන. මෙයා දවසක් ඔය කලින් ප්‍රොජෙක්ට් එහෙක ඔෆිෂල් වැඩකට ඉස් ඉස්සෙල්ලාම ලංකාවට ඇවිල්ලා. කටුනායකින් බැහැලා නවතින හෝටලෙන් දීපු වාහනේ එන අතරමගදි ඩ්‍රයිවර්ට කියලා බඩගිනි නිසා මොනවහරි කන්න පුළුවන් තැනක නවත්තන්න කියලා. ඩ්‍රයිවරුත් ඉතින් දෙයියනේ කියලා පේස්ට්‍රි ෂොප් එකක නවත්තලා. ඔන්න ඉතින් අපේ ලීනට පෙස්ට්‍රි ෂොප් එකෙන් පිඟානක් පුරවලා එක එක ජාතියේ ෂෝට් ඊට්ස් ගොඩක් ගෙනැල්ලා තියලා. දැක්කම හරි ආස හිතෙන දුඹුරු පාට දිගට දිගේ තියෙන චයිනීස් රෝල් එකක් අතට අරගෙන ලීනා කන්න පටන් අරගෙන. කටවල් දෙක තුනක් කනකොට ලීනගේ ඉස් මුදුනේ ඉඳන් කරන්ට් එකක් වදිනවා වගේ පටන් අරගෙන ඉහින් කනින් දාඩියයි හොටුයි බේරෙන්න පටන් අරගෙන. ඊට පස්සෙ වතුර ගැළුමක් විතර ඉල්ලගෙන බීලා ලීනා අසිහියෙන් වගේ ඇවිල්ලා ආපහු වාහනේට නැගලා. යමින් ගමන රියදුරු උන්නැහේට දුක කිය කිය ගිය ලීනට රියදුරු උන්නැහේ කියලා තියෙන්නෙ ලංකාවෙ කෑම සාමාන්‍යයෙන් ඔහොම තමයි කියලා. ඊට පස්සෙ බය වෙච්ච පාර ලීනා මොකද කරලා තියෙන්නෙ, රියදුරු උන්නැහේට වැඳලා සුපර් මාකට් එකක් ගාව නවත්තගෙන "මැගී ක්ෂණික නූඩ්ල්ස්" පැකට් තොගයක් අරගෙන තමයි හෝටලේට ගිහිල්ලා තියෙන්නෙ. ඊට පස්සෙ ලංකාවෙ ගත කරපු දවස් කීපයටම ලීනා හෝටලේ බුෆේ එක පැත්ත පලාතෙ යන්නෙ නැතිව මැගී වලින්ම තමයි ජීවත් වෙලා තියෙන්නෙ. ඔන්න බලන්න හරි හරියට මිරිස් කනවැයි කියලා පම්පෝරි ගහන ඉන්දියාවටත් අපේ රෝල් එකක් කරපු හරිය.

Last edited: