ලංකාවේ අපි කන්න ගියත් වීරයෝ

kalharabest

Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    ලංකාවේ අපි කන්න ගියත් වීරයෝ

    985chilly_pepper.jpg


    1505 දී පෘතුගීසි කාරයෝ ලංකාවට අහම්බෙන් ගහ ගෙන ආවෙ මේ පෙරදිග තියෙන කුළුබඩු ගැන හොය හොයා යන ගමන් කියලා හැමෝම දන්නවනේ. ඉතින් මේ ගොල්ලෝ ලංකාවට බැහැලත් මොකද කලේ, පුළු පුළුවන් විදිහට ලංකාවෙ වැවෙන කුළුබඩු ජාති ඒ කියන්නෙ, ගම්මිරිස්, කරාබු නැටි, සාදික්කා, කුරුඳු, (සමහර විට මිරිස් ) වගේ දේවල් පොදි ගහගෙන තමන්ගෙ රටවල් වලට ඇදපු එක තමයි. එහෙම නිකන් ඉන්න බැරුවට ඔච්චර මහන්සි වෙලා කුළුබඩු හොයන්නෙ නෑනෙ මේවට එච්චර ඉල්ලුමකුත් නැතිනම්. අනික පහු කාලෙදි පෘතුගීසින්ගෙ අතේ තිබුනු ඒකාධිකාරය ඩැහැ ගන්න ලන්දේසියොත් හරි හරියට බෙලි කඩාගෙන මුන් එක්ක යුද්ද කරානේ . ඒ ඉතින් උන්ට තිබිච්ච කැහිල්ලට නෙමෙයි මේ කුළුබඩු වලින් හොඳට ප්‍රොෆිට් තිබිච්ච නිසා. අනික පෘතුගීසි කාරයෝ, ලන්දේසි කාරයෝ මේ කුළුබඩු එහෙමත් නැතිනම් "ස්පයිසස්" අරගෙන ගොහිල්ල වෙලඳාම් කලේ කාටද, තනිකරම යුරෝපයට. ඒ කාලේ මේ පෙරදිග කුළුබඩු වලට කොහොම ඉල්ලුමක් තිබුනද කිව්වොත්, යුද්ද කරගෙන, මරාගෙන බෙලිකඩාගෙන, නැව් ගිල්ලෝගෙන මේවා උන්ගේ රටවල් වලට අරගෙන ගියත් කට කපලා 400% ක විතර ශුද්ධ ලාබයක් තිබුනලු. එහෙනන් කොහොම ඉල්ලුමක් යුරෝපයෙන් මේවාට තියෙන්න ඇතිද ? ඒත් මට තියෙන පුරස්නේ තමයි හත් ඉලව්වෙ මෙච්චර ලංකාව ඇතුළු පෙරදිග රටවල් වලින් කුළුබඩු හූරගෙන හූරගෙන කෑවත් මේ යුරෝපයේ ඉන්න සුදු බුවාලා මිරිස් කරලක් දැක්ක ගමන් ගැහිලා, ගැහිලා සීතල වෙලා උණ ගන්නවා. උන් මිරිස් වලට එච්චරටම බයයි. වැඩිය ඔනෙ නෑ, ගම්මිරිස් වලටත් උන් කියන්නෙ "ගන් පව්ඩර්" එහෙම නැතිනම් වෙඩි බෙහෙත් කියලා. පෙනේද මේ චන්ඩි මිරිස් වලට තියෙන බය. ඔය ෆිල්ම් වල තුවක්කු උස්සගෙන චන්ඩි පාට් දාන රම්බෝලා, කමාන්ඩෝලා ට්‍රාන්ස්පෝටර්ලා නිකන්ම බිම දාන්න පුළුවං හොඳට කොච්චි දාලා අඹරපු සම්බෝලත් එක්ක බත් කටවල් දෙකක් අනලා කැව්වනං.

    ලංකාවෙ අපි වගේම තමයි අල්ලපු රටේ ඒ කියන්නෙ ඉන්දියාවෙ ඈයොත් හරි හරියට මිරිස් කනවා කියලා කියනවා. අපිට ගොඩක්ම නෑ කමක් තියෙන්නෙ ඉන්දියාවෙ කේරළ ප්‍රාන්තෙන් කියලත් කියනවනේ. ගොඩක් වෙලාවට අපේ කෑමයි, කේරළේ කෑමයි එක සමානයි. උන් අපෙන් කොපි කරලද අපි උන්ගෙන් කොපි කරලද කියලා උන් දන්නෙත් නෑ අපි දන්නෙත් නෑ.

    මම අර කලින් දාපු ඉඳි ආප්ප කතාවෙදි කිව්වනේ මගේ ටීම් එකේ හිටපු ලීනා කියලා කේරළේ, එහෙම නැතිනම් මලබාරෙන් ආපු යාළුවා ගැන. මෙයා දවසක් ඔය කලින් ප්‍රොජෙක්ට් එහෙක ඔෆිෂල් වැඩකට ඉස් ඉස්සෙල්ලාම ලංකාවට ඇවිල්ලා. කටුනායකින් බැහැලා නවතින හෝටලෙන් දීපු වාහනේ එන අතරමගදි ඩ්‍රයිවර්ට කියලා බඩගිනි නිසා මොනවහරි කන්න පුළුවන් තැනක නවත්තන්න කියලා. ඩ්‍රයිවරුත් ඉතින් දෙයියනේ කියලා පේස්ට්‍රි ෂොප් එකක නවත්තලා. ඔන්න ඉතින් අපේ ලීනට පෙස්ට්‍රි ෂොප් එකෙන් පිඟානක් පුරවලා එක එක ජාතියේ ෂෝට් ඊට්ස් ගොඩක් ගෙනැල්ලා තියලා. දැක්කම හරි ආස හිතෙන දුඹුරු පාට දිගට දිගේ තියෙන චයිනීස් රෝල් එකක් අතට අරගෙන ලීනා කන්න පටන් අරගෙන. කටවල් දෙක තුනක් කනකොට ලීනගේ ඉස් මුදුනේ ඉඳන් කරන්ට් එකක් වදිනවා වගේ පටන් අරගෙන ඉහින් කනින් දාඩියයි හොටුයි බේරෙන්න පටන් අරගෙන. ඊට පස්සෙ වතුර ගැළුමක් විතර ඉල්ලගෙන බීලා ලීනා අසිහියෙන් වගේ ඇවිල්ලා ආපහු වාහනේට නැගලා. යමින් ගමන රියදුරු උන්නැහේට දුක කිය කිය ගිය ලීනට රියදුරු උන්නැහේ කියලා තියෙන්නෙ ලංකාවෙ කෑම සාමාන්‍යයෙන් ඔහොම තමයි කියලා. ඊට පස්සෙ බය වෙච්ච පාර ලීනා මොකද කරලා තියෙන්නෙ, රියදුරු උන්නැහේට වැඳලා සුපර් මාකට් එකක් ගාව නවත්තගෙන "මැගී ක්ෂණික නූඩ්ල්ස්" පැකට් තොගයක් අරගෙන තමයි හෝටලේට ගිහිල්ලා තියෙන්නෙ. ඊට පස්සෙ ලංකාවෙ ගත කරපු දවස් කීපයටම ලීනා හෝටලේ බුෆේ එක පැත්ත පලාතෙ යන්නෙ නැතිව මැගී වලින්ම තමයි ජීවත් වෙලා තියෙන්නෙ. ඔන්න බලන්න හරි හරියට මිරිස් කනවැයි කියලා පම්පෝරි ගහන ඉන්දියාවටත් අපේ රෝල් එකක් කරපු හරිය.
     
    Last edited:

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    අපි කවුරුත් දන්න අපේ අබේපාල මාමා ඔය සංචාරක ක්ෂේත්‍රෙට සම්භන්ධව පොඩි ව්‍යාපාරයක් කරන නිසා මම දවසක් කතා කරපු වෙලාවක කිව්වා, මගේ ඉන්දියාවෙ යාළුවන්ට ලංකාවෙ සංචාරය කරන්න මොනව හරි පැකේජ් ටිකක් හදලා දීපන් කියලා. ගත් කටටම අබේපාල මාමා කිව්වෙ

    "හපොයි දුමී අයියේ, ඉන්දියන් කාරයන්ව නම් ගෙන්න ගන්න බෑ. උන්ව වද්දගන්න ලංකාවෙ හෝටල් කැමති නෑ..... මොකද උන් හෝටලේ අයන් එකෙන් රොටි පුච්චගෙන කනවා...." කියලා

    ඇත්තම තත්වෙ තමයි උන්ට ලංකාවෙ හොටල් වලින් දෙන කෑම කෑවොත් පැය ගානක් ඇතුලත හුස්ම යනවා කියන එක තියන දැවිල්ලට. ඉතින් බඩගින්නෙ ඉන්නයෑ කියලා අමාරුවෙන් පාන් පිටි ටිකක් ගෙනැල්ලා අයන් එකෙන් රොටියක් දෙකක් පුච්චගෙන කනවා ඇති.

    මම දැන් ඉන්න කම්පැණියට බැඳිච්ච අළුත මට මාසයකට විතර පස්සෙ ඉන්දියාවෙ ඉඳන් ආපු බුවෙකුත් ජොයින් උනා මම හිටපු ටීම් එකටම. මේ බුවා ඇවිල්ල ඉන්දියාවෙ හයිද්‍රාබාද් නගරෙ ඉඳන් තමයි ඇවිල්ලා තිබුනේ. ඔන්න ඇවිල්ලා දෙවනි දවසෙ වගේ පොර මට කතා කලා ලන්ච් එකට යන්න එන්න කියලා. ඔන්න ඊට පස්සෙ පොර මාවත් එක්කගෙන ගියා කිට්ටුව පාත තිබුනු "හයිද්‍රාබාද් බුරියානි" තියන ටිකක් පොෂ් ඒ වගේම ගානත් හුඟක්ම පොෂ් රෙස්ටුරන්ට් එහෙකට. ඔන්න ඉතින් දෙන්නත් එක්ක කන්න වාඩි උනහම පොර කියනවා අද උගේ ගානෙ තමයි දවල්ට කෑම කියලා. එක පාරටම උඩ පැනලා කැමති වෙන්න හොඳ නැති නිසා මමත් ඉතින් පොඩ්ඩක් එහෙන් මෙහෙන් අදි මදි කරලා අන්තිමට එකඟ උනා. ඊට පස්සෙ ඌ අහනවා,
    "උඹ ස්පයිසි ෆූඩ් කනවද ?" කියලා. මමත් කිව්ව "ස්පයිසි ෆූඩ් නැතිව මට නම් ජීවත් වෙන්නවත් බැහැ" කියලා. ඒක ඉතින් බොරුවක් නෙමෙයි. මෙහෙ තියෙන හෝටල් වලින් කෑම කනකොට මම අමු මිරිස් කරල් දෙක තුනක් ගෙන්න ගන්නවා මොකද එච්චරටම ඒ කෑම සැර මදි නිසා. ඔන්න ඉතින් මගේ අළුත් සඟයත් "ඔව් ඔව්, හය්ද්‍රාබාද් වල අපිත් හොඳට දැවිල්ලට කනවා...." කියලා වේටර් කොළුවට කතා කරලා බිරියානි ඕඩර් කරන ගමන් කිව්ව "එක්ස්ට්‍රා ස්පයිසි !" කියලා. ටික වෙලාවකට පස්සෙ වේටර් කොළුවත් උස්සගෙන ආවා "හය්ද්‍රාබාදි ඩම් බිරියානි" මුට්ටියක් (ඒ බුරියානි එක දෙන්නෙ මුට්ටියක ). ඉතින් දැන් දෙන්නත් එක්ක හරි හරියට බෙදාගෙන වැඩ පටන් ගත්තා. ෂහ් මට නම් නියමෙට කටට දැවිල්ලට හරි අපූරුවට කෑම ටික තියෙනවා. ඔහොම ඉතින් කටවල් දෙක තුනක් කන ගමන් මම බැළුවා අපේ ඉන්දියන් සගයාගේ දිහා. යකෝ මූව දම් පාට වෙලා.....! මුළු ඇඟේම දාඩිය දාලා, මටත් පේන්න කන්දෙකෙන් දුම් පිට වෙනවා. මම ඉතින් ඇහුවා

    "මොකෝ දැවිල්ලද.....?"

    "අර පාහර වේටරයා මාව මරන්න හදන්නෙ....!" ඌ ගොත ගගහ කියනවා..

    "ඉතින් උඹමනෙ එක්ස්ට්‍රා ස්පයිසි කියලා ඉල්ලුවෙ" මමත් හිනා වෙවී කිව්වා.

    ඌම එක්ස්ට්‍රා ස්පයිසි කියලා ගෙන්න ගත්ත කෑම එක කන්න බැරිව වේටර්ට බැනලා වැඩක් නෑනෙ. අනේ මූ දැන් බිරියානි කෑම නවත්තලා සීනි දාගෙන මී කිරි කනවා හිටු කියලා. (කොහොමත් ගොඩක් වෙලාවට ඉන්දියන් කෑමත් එක්ක මීකිරි දීසියකුත් දෙනවා ). අන්තිමට බිරියානි කැවිල්ල පැත්තක තියලා බුවා මී කිරි කෝප්ප තුන හතරක් කාලා තමයි ගොඩ ගියේ.

    අන්තිමට උගේ ස්පයිසි කැවිල්ල නිසා බිල ගෙවන්න උනෙත් මට. එදායින් පස්සෙ ඌ මගේ ලඟට ඇවිල්ලා අනලා කැව්වත් ඌත් එක්ක නං ආපහු කෑම කන්න ගියේ නෑ.

    ඔය අතරේ පහුගිය දොහේ අපි උතුරේ ත්‍රස්තවාදී යුද්දේ දිනපු දවස්වල ඒක සමරන්න මම අපේ ඔෆිස් එකේ ඉන්න එවුන්ට කිරි බත් ගෙනිච්චා. ගම හාමිනෙත් ඉතින් උදේ පාන්දරම නැගිටලා යස අපූරු කිරිබත් මුට්ටියකුයි, පදමට ලුණු මිරිසකුයි, සීනි සම්බෝලෙකුයි තව මාළු ඇඹුල් තියල් එකකුයි හදලා දුන්නා. (සීනි සම්බලෙයි ඇඹුල් තියල් එකයිනන් හැදුවෙ කලින් දවසේ )


    ඔන්න ඉතින් කට්ටිය වටවෙලා දැන් බැටින් පාර දෙනවා. අපේ ඔෆිස් එකේ ඉතින් හැම ජාතියකම බුවාලා සහ බුවීලා ඉන්නවා. වැඩියමක් ඉන්දියානු, ඊට පස්සෙ ඊජිප්තු, ලෙබනන් සහ ලෝකල් (එමරාටි ) එවුන් තමයි වැඩි හරියක් ඉන්නෙ. කට්ටිය ඉතින් දුම් දම දමා, හොටු පෙර පෙර කිරිබත් කනවා පේන්කොට දුකේ බැරුවා. ඒත් කට්ටිය අත අරින්නෙත් නෑ.

    "Too good to resist this man...." කිය කියා තමයි උන් කන්නෙ.

    ඔහොම අත අරින්නෙ නැතිව හරි හරියට ලුණු මිරිසුත් එක්ක කිරිබත් කාපු ලෝකල් අරාබියෙක් ඊට පස්සෙ දවස් දෙකක් ඔෆිස් ආවෙ නෑ. ඔන්න තුන් වෙනි දවසේ පොර ඔෆිස් එකට ඇවිල්ලා මැලවිලා ඉන්නවා. මම ඉතින් ලඟට ගිහින් ඇහුවා මොකද උනේ කියලා.

    ඒ පාර ඌ ඉඳන් කියනවා,

    "මිනිහෝ, උඹලගේ කෑම කාල ගිහිල්ලා පහු වෙනිදා ටොයිලට් එකේ ඉඳන් මම කෑ ගහපු කෑගැහිල්ලට අපේ ගෙදර අය ඇම්බියුලන්ස් එහෙකටත් කෝල් කරා..."

    "ඊට පස්සෙ එලියට ඇවිල්ල අඩිය තියන්න බෑ, තට්ටං දෙක එකට ගෑවෙන ගෑවෙන පාරට මට කෑගැහෙනවා...."

    "මම මේ අහන්න හිටියේ, උඹලගේ ආමි එක යුද්දේ දිනුවෙ අර රතු පාට පේස්ට් (ලුණු මිරිස් ) එකෙන් ගහලද ?"

    එදායින් පස්සෙ මම හිතා ගත්තා මොන මගුලක් සමරන්න උනත් ආපහු නම් මුන්ට අපේ කෑම දෙන්නෙ නෑ කියලා. ඇයි හත් වලාමෙ මුන් මේවා කාලා හුස්ම හිරවෙලා මැරුනොත් මගේ දරු පවුල අනාත වෙන නිසා.

    ඕකෙන් මේකෙන් දවසක් ලංකාවෙ නිවාඩුවකට ගිහිල්ලා ආපහු ආපු සුද්දෙක් අපේ එකෙක්ට මෙහෙම කිව්වලු

    "උඹලගේ රටේ ටොයිලට් ගියාට පස්සෙ ටොයිලට් පේපර් පාවිච්චි කරන්නෙ නැතිව වතුර පාවිච්ච කරන හේතුව මම හොයාගත්තා....!" කියලා.

    "ඒ මොකක්ද...?" අපේ එකත් අහුවලු.

    “ඇයි, උඹලගේ පස්ස පැත්තට ඔය ටොයිලට් පේපර් එකක් ලං කරපු ගමන් ගිනි ගන්නවනේ...!”

    **************************************************

    ගල් කොරගෙන අවේ දුමින්ද අයියගේ කට කහන පොට්‌ එකෙන්

    HTML:
    Read more: http://dhumee.blogspot.com
     
    Last edited:

    odda

    Active member
  • Oct 2, 2006
    940
    33
    28
    Aththa kathava. Allapu rate guu haththa hithan inne un thamai porawal kiyala. Honda wade. Ape rata ganda gassavanna apu wal haththa.
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    oya kathawa aththa. eath morokko jathikayo hariyata miris kanawa thawamama danna widihata brazil walath kotasak innawa hodata miris kanna puluwan..
    thanks