උන් සභාග ආණ්ඩුව කාලේ පොඩි කාලයක් කරලා තියෙනවා
චුල්ල ධර්මපාල මොඩර්න් වර්ෂන්...
ඉස්සර මම වැඩකරා ලංකාවේ පැරැණි ආයතනයක. අයිතිකරු යාපනේ දෙමළ ජාතික ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්...
හැමදාම රජයේ ආයතන, ප්‍රාදේශීය සභා, වෙනත් රාජ්‍ය ආයතන රැසකින් භාණ්ඩ මිලදී ගන්න මිනිස්සු එනවා. ඇවිත් කියනවා... විශේෂයෙන් ප්‍රාදේශිය සභාවල අය...
"මහත්තයා අපේ කොටේෂන්ස් ගොඩක් තියෙනවා.. මිලියන විස්සක විතර... අපිට 2% වගේ බැරිවෙයිද බිල් දාලා දෙන්න...?"
"මහත්තයා අර අපේ එහාපැත්තෙ කඩේ බඩු තියෙනවා... මේවනම් නෙවෙයි හැබැයි මහත්තයට ඕන දේ කරල දෙයි... අපි ඕවා කරන්නෑ..."
"එහෙම කියන්න එපා. මේක මිලියන 6ක වැඩක්නෙ..."
බොසා උඩට යන්නෙ.. " I dont want this type of bloody business" කියල..
ඒ යකා අර කඩදාසි වල සඳහන් මිලටම බඩු අරං... "මහ පිස්සු යකෙක්" කියල බැණ බැණ යනවා.
තව වතාවක් මිලියන විස්සක විතර බඩු අරං හමුදා ප්‍රධානියෙක්. වංචාවක් කරල රජයට. ටික කාලෙකින් FCID ආවා. ඒ යකා හොරබිල් හදල දාලා... අපේ බිල් සියල්ල ක්ලියර් සියලු සාක්ෂි වලින් අපි නිදහස් වුණා. මිනිහා ගස් ගියා...
කොහොමහරි දවසක් අල්ලපු කඩේට එහා ගෑස් කඩේ ගිනිගත්තා.. ගින්න අල්ලපු කඩේටත් පැතිරෙනවා... ගිනි නිවන හමුදාව ගින්න නිවනවා.. වහාම වටිනා ලිපිලේඛන අයින් කරගන්න කියල අපිට දැනුම් දුන්නා.. වහාම ඉවත්වෙන්න කියල...
බොසාට කෝල් කරාම... පොර ආ... ඇත්තද? කලබල වෙන්න එපා කිව්වා... අපි කිව්වා සර් බඩු අයින් කරගන්න ඕනි කියල...
"නෑ... නෑ... ඕනි වෙන්නෑ... 83 මගේ තැන ගිනිතිබ්බෙත් නෑ... දැන් ගිනිගන්නෙත් නෑ.. මම කවදාවත් මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරල නෑ...!" කිව්වා...
ඒක ඉතාම පිස්සු ප්‍රකාශයක් වුණත්, ඒ තරම් විශ්වාසයක් කියන එක විකාරයක් විදියට පෙනුණා..
හැබැයි ගින්නෙ දැල්ල උඩ තට්ටුවෙ බිත්ති වලට වැදිලා නතරවුණා!
එදා තමා මම තේරුම් ගත්තා බිස්නස් වුණත් හරියට කරොත් අපිව අළුවෙලා යන්නෑ කියල...
-copied from
https://web.facebook.com/ksnmweerasinghe-
අඩුකුලේ එවුන්ට එහෙම profit දෙන්න ඔනේ නෑ 
------
Post added on Oct 9, 2024 at 11:53 AM