ලංකාවේ කතා තුනක්

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    ලංකාවේ කතා තුනක්

    ලංකාවේ කතා තුනක් 👮

    👉 සේයා සදෙව්මි ඝාතනයට පොලිසිය අවස්ථා තුනකදි නිවැරැදිකරුවන් තුන්දෙනෙක්ව අත්අඩංගුවට ගත්තා. ඒ විතරක් නෙමෙයි පොලිසිය පෞද්ගලික නිවසක සැකකරුවන් රඳවා ගැනිමින් වඳදුන් බවත් පසුව හෙළිවුනා.
    එම සැකකරුවන් අතරින් කොණ්ඩයා කියන පුද්ගලයා ටක්කෙටම වැරදිකරු බව පැවසෙන ප්‍රවෘත්ති තමයි මාධ්‍ය හරහා ප්‍රචාරය වුනේ. මුළු ලංකාවම කොණ්ඩයා වැරදිකරු බව එක හිතින්ම විශ්වාස කරා. ඔහුව පොලිසියට අහුනොවි මිනිස්සුන්ට අහුවුනානම් අනිවාර්යයෙන්ම ගහලා මරණ තත්වයක් තමා තිබ්බෙ. නමුත් DNA පරික්ෂණය නිසා ඔවුන් තුන්දෙනාම නිවැරදිකරුවන් බව සොයාගත්තා.

    🤔 නඩු දාන්නෙ නැතුව පොලිසියට වැරදිකරුවන් මරණ්න දුන්නනම් ඔවුන් තුන්දෙනාම ජිවතුන් අතර නැතිවෙනවා පමණක් නොව වැරදිකරුවාද බෙරෙනවා.

    👉 කොටකෙත නිවසක එක්තරා කාන්තාවක් ඝාතනය වෙනවා. මෙම සිද්ධියට වැරදිකරු විදියට එම කාන්තාවගේම පුත්‍රයා අත්අඩංගුවට ගැනිමෙන් නොනවති පොලිසිය මාධ්‍යටත් තොරතුරු ලබාදෙනවා. ඒ අනුව පැවසෙන්නෙ වැලන්ටයින් දිනයට පෙම්වතියට තැග්ගක් ලබාදිමට පුත්‍රයා මවගෙන් මුදල් ඉල්ලු බවත්, මුදල් ලබා නොදුන් නිසා මවව ඝාතනය කළ බවත්.. මේ සිද්ධිය මාධ්‍යවල අකුරෙන් අකුර රසකර කර ලියවෙනවා. මුළු රටම කම්පා වෙනවා. හෙන ඉල්ලනවා.. නමුත් එම පුත්‍රයා අවුරුද්දකට වැඩි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව ඉද්දි සැබෑ වැරදිකරු අහුවෙනවා. එම නිසා පුතා නිදහස් වෙනවා.

    🤔 පොලිසියටම විසදන්න දුන්නනම් අද එම පුතා ජිවතුන් අතර නැතුවාක් පමණක් නොව අදාල වැරදිකරුද නිදැල්ලෙ.

    👉 උතුරේ පොලිස් නිළධාරින් දෙන්නෙක් මුරපොළකදි ඝාතනය වෙනවා. පොලිසිය පුනුරුත්ථාපනය වු හිටපු එල්ටීටීඊ සමාජිකයෙක් අත්අඩංගුවට අරන් රිමාන්ඩ් කරනවා. වැරදිකරු අහූවුනු නිසා පරික්ෂණ මන්දගාමි වෙනවා. කාලයකට පසු පාස්කු ප්‍රහාරය එල්ලවෙනවා. සැකකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගන්නවා. ඔවුන් පාපොච්චාරණය කරනවා පොලිස් නිළධාරින් දෙදෙනා මැරුවෙත් තමන් බව. ඒ වෙනකොටත් අර දෙමළ මිනිසා එම ඝාතනයට බන්ධනාගාරයේ.

    🤔 පොලිසියට විසදන්න දුන්නනම් අද ඒ මිනිහා ජිවතුන් අතර නැ වගෙම පාස්කු ත්‍රස්තයන් පාපොච්චාරණය කරත් ඒක එලියට එන්නෙ නෑ. පොලිසියේ වැරැද්ද අහුවෙන නිසා.
    - උපුටා ගත්තකි -

    මේ ඔබ, මම, හැමෝම දන්නා ප්‍රසිද්ද කතා 3ක් පමණි.

    වැරදි කරුවන්ට අනිවාර්යයෙන්ම දඬුවම් කල යුතුයි! වෙඩි තබා බැරි නම්, එල්ලා මරා මදි නම්, මැරෙන තුරු ගල් ගසා හෝ දඩුවම් කල යුතුයි. නමුත් එය කල යුතු වන්නේ නිවැරදි ක්‍රමවේදයක් තුලිනි.

    ශිෂ්ට සම්පන්න රට වල නීති පද්දතියක් ඇත්තේ ඒ සඳහා වේ. නීති පද්දතියේ අඩු පාඩු ඇත්නම් එය නිවැරදි කරගන්නේ නැතුව, කැලේ නීතියෙන් යුක්තිය පසඳලීමට යාමෙන් වෙන්නේ බලය සහ මුදල් යහමින් ඇති අය අසරණ මිනිසුන් දඩමීමා කරගැනීමට ඉඩ කඩ ලබා දීමයි.


    උපුටා ගැනීමකි...තීරණය ඔබේ අතේ
     
    • Like
    Reactions: Shadow.Walker

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කොටකෙත නිවසක එක්තරා කාන්තාවක් ඝාතනය වෙනවා. මෙම සිද්ධියට වැරදිකරු විදියට එම කාන්තාවගේම පුත්‍රයා අත්අඩංගුවට ගැනිමෙන් නොනවති පොලිසිය මාධ්‍යටත් තොරතුරු ලබාදෙනවා. ඒ අනුව පැවසෙන්නෙ වැලන්ටයින් දිනයට පෙම්වතියට තැග්ගක් ලබාදිමට පුත්‍රයා මවගෙන් මුදල් ඉල්ලු බවත්, මුදල් ලබා නොදුන් නිසා මවව ඝාතනය කළ බවත්.. මේ සිද්ධිය මාධ්‍යවල අකුරෙන් අකුර රසකර කර ලියවෙනවා. මුළු රටම කම්පා වෙනවා. හෙන ඉල්ලනවා.. නමුත් එම පුත්‍රයා අවුරුද්දකට වැඩි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව ඉද්දි සැබෑ වැරදිකරු අහුවෙනවා. එම නිසා පුතා නිදහස් වෙනවා.

    අඩො මෙහෙමත් උනාද
    මන් තාම හිතන් හිටියෙ පුතා මැරුවා කියලා
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ලංකාවෙත් ආයුධ පෙන්නන්න ගිහිල්ලා පොලිසියෙන් මැරුම් කාපු සිද්ධි දෙක තුනක් වුනානෙ. ඒ එකකවත් ඇත්ත වැරදි කාරයා නෙවෙයි වෙන එකෙක් තමයි එහෙම මැරුම් කෑවේ කියලා ආරංචි වෙලා තියෙනවද?

    එහෙම ආයුධ පෙන්නන්න ගිහිල්ලා පොලිසියෙන් මැරුම් කෑවනම් සල්ලි දීලා ජනාධිපති සමාවක් ගන්න ජූඩ් සමන්ත කෙනෙක් ඉතිරි වෙනවද?

    රැල්ලට රැඩිකල් වෙන්න හදන්නෙ නැතුව ටිකක් මධ්‍යස්තව හිතලා බලන්න...
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    ලංකාවෙත් ආයුධ පෙන්නන්න ගිහිල්ලා පොලිසියෙන් මැරුම් කාපු සිද්ධි දෙක තුනක් වුනානෙ. ඒ එකකවත් ඇත්ත වැරදි කාරයා නෙවෙයි වෙන එකෙක් තමයි එහෙම මැරුම් කෑවේ කියලා ආරංචි වෙලා තියෙනවද?

    එහෙම ආයුධ පෙන්නන්න ගිහිල්ලා පොලිසියෙන් මැරුම් කෑවනම් සල්ලි දීලා ජනාධිපති සමාවක් ගන්න ජූඩ් සමන්ත කෙනෙක් ඉතිරි වෙනවද?

    රැල්ලට රැඩිකල් වෙන්න හදන්නෙ නැතුව ටිකක් මධ්‍යස්තව හිතලා බලන්න...


    ජනාධිපති පඹයෙක් නේ බන්:lol: