ලංකාවේ ක්‍රිකට් විකුනනවමයි කියන්නේ.(SLPL)

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
ලංකාවේ ක්‍රිකට් විකුනනවමයි කියන්නේ.(SLPL)

slpl-2012.jpg



ශ්‍රී ලංකාවේ පැවැත්වෙන SLPL 20 – 20 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා සිංගප්පූරුවේ සමර්සෙට් ආයතනය අතර ගිවිසුම් අස්සන් කර තිබේ.

මතභේදයට ලක්වූ SLPL 20 – 20 ක්‍රිකට් තරගාවලි ගිවිසුමේ ශ්‍රී ලංකාවට අවාසිදායක කරුණු සංශෝධනයට ලක්කොට ගිවිසුම අත්සන් කොට ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශකයෙකු පැවැසීය.

ශ්‍රී ලංකාවේ අන්තර් පළාත් විස්සයි – 20 ක්‍රිකට් අයිතිය සමර්සෙට් ආයතනයට වසර 25ක් පැවැතීම, වසර 15 දක්වා අඩුකිරීම ඇතුලු සංශෝධන කිහිපයක් නව ගිවිසුමට ඇතුළත්ව තිබේ.

විස්සයි – 20 අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය ජූලි මස 19 වැනිදා සිටි අගෝස්තු 4 වැනිදා දක්වා පැවැත්වීමට බලාපොරොත්තු වේ.

බස්නාහිර, නැඟෙනහිර, කඳුරට, උතුර, රුහුණ, වයඹ හා ඌව යන කණ්ඩායම් සහභාගි වන මේ තරගාවලියට තරග 24ක් ඇතුළත්ය.

උතුර හා නැඟෙනහිර කණ්ඩායම් ඩැනියෙල් විටෝරි හා ෂහිඩ් අෆ්රිඩිගේ නායකත්වයෙන් තරග බිමට පිවිසෙති. බස්නාහිර ටී. එම්. ඩිල්ෂාන්, වයඹ මහේල ජයවර්ධන, රුහුණ සනත් ජයසූරිය, කඳුරට කුමාර සංගක්කාර, ඌව පිල චමින්ද වාස් මෙහෙයවති.

විදෙස් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම SLPL තරගාවලියට සහභාගිවීම උදෙසා දැනටමත් කැමැත්ත පළකොට ඇත.

ඕස්ට්‍රේලියාවේ ෂෝන් මාෂ්, ඩේවිඩ් වෝනර්, ෂෝන් ටේට්, බටහිර ඉන්දීය කොදෙව්හි ක්‍රිස් ගේල්, පාකිස්තානයේ ෂොහිබ් අක්තාර්, අබ්දුල් රසාක්, උමාර් අක්මාල්, ෂොයිබ් මලික්, මිස්බා උල්හක්, උමාර් ගුල්, ෂහිඩ් අජ්මාල්, ඉන්දියාවේ ඉර්ෆාන් පතන්, දිනේෂ් කාර්තික්, මනිෂ් පාන්ඩි, මනෝජ් තිවාරි, රවින්ද්‍ර ජඩේජා, මුනාෆ් පටෙල්, රවිචන්ද්‍රන් අෂ්වින්, ප්‍රවීන් කුමාර් වැනි ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විශ්වාසය පල කරයි.




lankacnews
 

Similar threads