ලංකාවේ කුඩ්ඩන්ටත් මේ බෙහෙත දෙමුකො

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ලංකාවේ කුඩ්ඩන්ටත් මේ බෙහෙත දෙමුකො

මැතිවරණ පොරොන්දුව ඉටුකරමින් පිලිපීනයේ “මත් ලෝලීන්“ මහ පාරේ මරාදමයි..! (PHOTOS/VIDEO)
2016-08-29010596
පිලිපීනයේ ජීවත්වන මත් ලෝලීන් සහ ජාවාරම්කරුවන් මරා දැමීමේ මෙහෙයුමක් අරඹා තිබෙනවා. මේ වනවිට මත්ලෝලීන් 2000ක් පමණ මරාදමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පිලිපීනයේ නව ජනාධිපති රොඩ්‍රිගෝ ඩස්ටර්ස්, තම මැතිවරණ ව්‍යාපාරයේ ප්‍ර‍ධානම පොරොන්දුවක් වූයේ මත්ද්‍ර‍ව්‍ය ජාවාරම සහ අපරාධ මැඩලීමය.

මේ වනවිට පොලිස් මෙහෙයුම් හේතුවෙන් 750ට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, මීට සහය දෙනු ලබන වෙනත් කණ්ඩායම් විසින් 1150ට වැඩි පිරිසක් මරා දමා තිබෙනවා. මත්ද්‍ර‍්‍ය සහ අපරාධ මැඩලීම සඳහා ගෙන ඇති මෙම පියවරට පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව එරට බහුතර ජනතාවක් තම කැමැත්ත පල කිරීම විශේෂත්වයක්.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් විරෝධය දක්වන පිරිස්ද වනවා. ඔවුන් පෙන්වා දෙන්නේ නිසි විනිශ්චයකින් තොරව මෙසේ මිනිසුන් මරා දැමීම යුක්තිසහගත නොවන බවය. ඇතැමුන් පවසන්නේ මත් මත් ලෝලීන් සහ ජාවාරම්කරුවන් නොවන්නන්ද මින් මරණයට පත්වන බවයි.

මත්ද්‍ර‍ව්‍යන්ට ඇබ්බැහිවූවන් මෙසේ මරා දැමීම ඇරඹීමත් සමග, එවන් පිරිස් විශාල වශයෙන් ස්වකැමැත්තෙන්ම පුනුරුත්තාපනය සඳහා භාර වීමද දක්නට ලැබෙනවා. මේ හේතුවෙන් පුනුරුත්තාපන මධ්‍යස්ථානවල අනුමත පිරිසට වඩා වැඩි පිරිසක් මේ වනවිට රැඳී සිටිනවා

Philippine-www.nethnews.lk-00001.jpg

Philippine-www.nethnews.lk-00007.jpg