ලංකාවේ කෝලම් හා නාට්‍ය කලාව

Jan 15, 2009
9,238
368
0
කෝළම්


Mask_dancer2.jpg


සිංහල ජන නාට්‍ය අතර කෝළම් වලටද වැදගත් තැනක් හිමිවෙයි.කෝළම් නැටීම නාට්‍ය ධර්ම ඝනයට අයත්වේ.සොකරිය තරම් පහසු නොවන අතර මෙයට පිළිගත් සිද්ධාන්ත තිබේ.වෙස් මුහුණු නාට්‍ය ලෙසද හැඳින්වේ.දකුණු පළාතේ වෙරළබඩ ගම්මානවල මෙම ජන නාට්‍ය ප්‍රසිද්ධවේ.
කඳුරැ, රැක් අත්තන,සමඳරා වැනි සැහැල්ලු ලීයෙන් සදනලද වර්ණවත් වෙස් මුහුණු පැළද නැටීම කෝළම් වල ප්‍රධාන ලක්ෂණයකි.කෝළම් නාට්‍යයේ ප්‍රථම භාගයේදි කථා වස්තුවට සම්බන්ධ නැති විවිධ පාත්‍රයන් ඉදිරිපත් කොට අවසානයේ කථා වස්තුවක් හෝ දෙකක් නිරෑපනය ‍කෙරේ.මේ නිරෑපණය සඳහා මාධ්‍ය වශයෙන් උපයෝගී කොට ගන්නේ කවි කීම හා හිටිවන සංවාදයයි. නාට්‍ය ස්වරෑපයෙන් ඉදිරිපත් කිරිම සඳහා කවියට නඟා සකස් කරන ලද කථා වස්තු කිහිපයක් කෝළම් නාට්‍ය කණ්ඩායම සතුවේ.

ස්ත්‍රිය හාස්‍යයට ලක්කිරිමක් මෙම නාට්‍යය තුළ සිදුවේ.ඒ සඳහා යම් යම් සංවාද යොදාගනි.මඩුවක් තනා එය ඉදිරිපිට සකස් කරන ලද රඟමඩලක කෝළම් නැටීම සිරිතවේ.පොතේ ගුරැන්නාන්සේ හෙවත් කාරියකරවනරාළ පළමුව ත්‍රිවිධ රත්නයට නමස්කාරකොට දේවාරාධන ගී ගයයි.ඉක්බිති කෝළම් උපත කවියෙන් කීමට පටන්ගනි. මෙම කවි‍ ගායනයෙන් පසු කෝළම් නැටුම මුලින්ම කරන්නට යෙදුන අවස්ථාව සඳහන් කරන අතර ඉනික්බිත්තෙන් විවිධ වු කෝළම් පාත්‍රයන් ගණනාවක් සභයට ඉදිරිපත්වේ.සඳ කිඳුරැ,මනමේ වැනි කථා මෙහිදි රඟ දැක්වේ


කෝලම් නිර්මාණය හා රංගනය ගැමියන්ගේ කලා කුසලතාවන් මෙන්ම ගැමි කලාවක් ඉදිරිපත් කිරිමෙහි ඔවුන් සතුවු පෞරැෂයද මැනවින් විදහා දක්වයි.


 
  • Like
Reactions: DiLakshika

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    දහඅට සන්නිය

    පහතරට ප්‍රදේශයේ පවත්වන තොවිල් වර්ග හතරෙන් එකක් වන සන්නි යකුම දහඅටසන්නිය වශයෙන් ප්‍රසිද්ධය. තාම බලසම්පන්න ශාන්ති කර්මයක් වන මෙය ගමකට හෝ ප්‍රදේශයකට සෙත්පතා කරනු ලබන පොදු ශාන්ති කර්මයක් මෙන්ම කිසියම් රෝගී තැනැත්තෙකුට හෝ එවැනි පවුලක් අරභයා කරන ශාන්ති කර්මයක් වශයෙන්හැඳින්විය. මාතර ප්‍රදේශය තුළ සන්නි යකුම නටනු ලබන්නේ බයවීම, ඉදිමීම, බෙල්ලේ ඇවිලීම, සිහි මූර්ඡාව, අංශ ඉදිමීම, අංශභාග වැනි රෝග සඳහා වන අතර මෙම රෝග සන්නි යකා විසින් ඇති කරන සන්නි රෝග වශයෙන් හඳුන්වයි. වැලිගම සම්ප්‍රදායට අනුව සන්නි යකා විසින් ඇති කරනු ලබන ඇඟ සීතල වීම, අංශයක රුදාව, බිබිලි ගෙඩි හටගැනිම, නිතර උණ ගැනීම, අංශභාග කොරවීම, වලිප්පුව, මාන්දම, කෝල සන්නි, වායු පිත්, ගුල්ම වේලීම, උෂ්ණ, අඩස්සී ඔල්මාද වැනි රෝග පීඩා නැතිකිරීමට සන්නි යකුම නටනු ලබයි.

     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අගය කල යුතු වැඩක් .....ටිකක් හොයලා බලලා විස්තර සපයන්නම්...

    ඔබට ජය !
     
    Jan 15, 2009
    9,238
    368
    0

    දොළදුකින් උපන් කෝලම

    n12-2.jpg

    ශ්‍රී ලංකාවට ආවේනික සාම්ප්‍රදායික වෙස්‌ මුහුණු කෝලම්, සන්නි, පාලි, රාක්‍ෂ වශයෙන් වර්ග කිහිපයකට බෙදා වෙන් කළ හැකි අතර ඒ එක්‌ එක්‌ වෙස්‌ මුහුණු සමග බැඳී ගියා වූ පුරාවෘත්ත ද ඇත.

    වෙස්‌ මුහුණු කලාව කවදා කොතනකින් ආරම්භ වූවා දැයි පැහැදිලි සාක්‍ෂි මඳවුවද සාම්ප්‍රදායික වෙස්‌ මුහුණු නර්තන පරම්පරාවන්හි ඓතිහාසික සාධක මත මෙය ශත වර්ෂ දෙකකට ආසන්න කාලයක්‌ පුරා පහත රට මුහුදු බඩ පළාත්හි රඟ දැක්‌වෙන බව පැහැදිලිය. අම්බලන්ගොඩ, මිරිස්‌ස සහ බෙන්තර, පොකුණුවිට ඒ අතර ප්‍රධාන වේ.

    ජනප්‍රවාද තොරතුරු අනුව ප්‍රධාන වෙස්‌මුහුණු නර්තන විශේෂයක්‌ වන කෝලම් නාට්‍ය කලාවේ උපත දොළදුකක්‌ මුල්කරගෙන නිර්මාණය වූවකි. ස්‌ත්‍රියකගේ කුස තුළ දරුගැබක්‌ හටගත් විට සමහර ස්‌ත්‍රීන්ට අඹ, බිලින්, සියඹලා වැනි ඇඹුල් රසැති ආහාර ද තවත් සමහරුන්ට කරදිය මසුන්, මිරිදිය මසුන් වැනි දැ කෑමට රුචි වේ. මේ ආකාරයෙන් පෙර කල මහසම්මත රජු දවස රජුගේ බිසව ද ගැබ්බර වූ අවස්‌ථාවේ ඇයට ඇති වූ දොළදුක නම් විසිළු කෙළි නැටුම් දැකීමේ ආශාවයි.

    ශ්‍රී ලංකාවේ දකුණු වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව ආරම්භ වී ව්‍යාප්ත වූ කෝලම් නාට්‍ය කලාව අම්බලන්ගොඩ, බෙන්තර, මිරිස්‌ස වැනි ප්‍රදේශවල ප්‍රසිද්ධියට පත්වී ශතවර්ෂ දෙකකට ආසන්න කාලයක්‌ රැකගෙන ඒමට පාරම්පරික කෝලම් නාට්‍යයකරුවන් සමත් වී ඇත. එහෙත් මේ වනවිට ක්‍රම ක්‍රමයෙන් අභාවයට යන කෝලම් නාට්‍ය කලාව රැකගෙන පවත්වාගෙන යැමට ශ්‍රී ලංකා රජයේ සංස්‌කෘතික අමාත්‍යංශයේ අනුග්‍රහය ලැබිය යුතුය. එහෙත් අවාසනාවට මෙන් සංස්‌කෘතික අමාත්‍යංශයේ අනුග්‍රහය ලැබෙන්නේ පහතරට පාරම්පරික කෝලම්කරුවන්ට නොවීම කනගාටුවට කරුණකි.

    ජර්මන් රජයේ පූර්ව අනුග්‍රහය මත සාම්ප්‍රදායික කෝලම් සහ නර්ථන එම රටට ගෙන ගොස්‌ වේදිකාගතකර ඇති වාර ගණන ද අපමණය.

    භද්‍රනන්ද විඡේසූරිය
    අම්බලන්ගොඩ වෙස්‌ මුහුණු කෞතුකාගාරය


     
    Jan 15, 2009
    9,238
    368
    0

    නාඩගම්

    ජන නාට්‍ය අතර නාඩගම්වලට සුවිශේෂී ස්ථානයක් හිමිවේ.ඊට හේතුව ‍ශෛලිගත නාට්‍ය සම්ප්‍රද්‍රාය ප්‍රතිෂ්ඨාපනයට නාඩගම මුල්විය.දේශීය නාට්‍ය කලාවේ සමාරම්භය සිදුවුයේ මෙම ජන නාට්‍ය වි‍ශේෂයක්වු නාඩගම් ඇසුරිනි. දහනව සියවසේ මුල් භාගයේ නාඩගම් බිහිවුනා යැයි සැලකේ.මෙම නාට්‍ය වඩාත් ප්‍රචලිතව ඇත්තේ බටහිර මුහුදු බඩ වෙරළෙහිය.අංග සම්පුර්ණ දෟශ්‍ය කාව්‍ය ලක්ෂණ නාඩගම් තුළ තිබෙන බව පිළිගැනේ.නාඩගමක් සම්පුර්ණයෙන්ම විකාශනය වන්නේ ගීතය මාර්ගයෙනි.මෙහි නාට්‍ය රසය උත්පාදනයට විශාල අවධානයක් ලැබේ.
    සිංහල පැරණි නාඩගම් රචකයාලෙස සැලකෙන්නේ පිලිප්පු සිංඤ්ඤෝ නැමැත්තාය.මේඅයුරින් බිහිවු නාඩගම් අනෙකුත් ජන නාට්‍ය සේම රාත්‍රියේ රඟ දක්වයි.රැයක් මුළුල්ලේ මෙයරඟ දැක්වේ.නාඩගම් රඟ දක්වනු ලබන්නේ පස්ගොඩ ගැසීමෙන් පොළවේ මටිටමෙන් උස්කාට අර්ධ කවාකාරයෙන් තනාගත් රංඟභුමියක් ප්‍රේක්ෂකාගාරය කරගනිමිනි.මෙම නාඩගම් තුළින් ප්‍රේක්ෂකයාගේ පරිකල්පනය අවදිකරයි.කිසියම් වින්දනයක් අත්කරදීමට සමත් කලාත්මක සන්දර්භයක් තුළ මෙම නාඩගම විකාශනයවේ.කෙසේ වුවද මෙම නාඩගම් නුතන නාට්‍ය කලාවට ‍බෝහෝ සෙයින් වැදගත්වේ.

    අපේ සංස්කෘතික උරැමයන් ලෙස ගතහැකි මෙම ජන නාට්‍ය සමහරක් අදටත් අප අතර පවති. මේවා කියාපාන්නේ අපගේ අනන්‍යතාවය නොවේද ඉතා පෞරාණික සංස්කෘතියකට උරැමකම් කියන අප මෙම ජන නාට්‍ය තවදුරටත් රැක ගැනීමට කටයුතු කළ යුතුය


    .

     
    Jan 15, 2009
    9,238
    368
    0
    නාඩගම්

    නාඩගම් වල භාෂාව දෙස බලන විට විවිධ භාෂා වලින් ගත් වචන දැකිය හැකිය. ශබ්ද රසයට මුල් තැනක් දී තිබෙන බැව් පැහැදිලි කරුණකි. සාහිත්‍යයක වචන වෙනස් කරමින් අර්ථ ශුන්‍ය වචන භාවිතය විශේෂයෙන් දැකිය හැකි අතර එසේ කර ඇත්තේ ශබ්ද රසයට ප්‍රමුඛතාව දීමට විය හැකිය. නාඩගම් සදහා යොදා ගනු ලැබුවේ කර්ණාටක සංගීතයයි. සිංදු මාධ්‍ය කොට ගත් කවි වලට සමාන තාලයක් නොමැති ගායනා විලාස දැකිය හැකිය.
    "නිල්සිකි පිලසේ දිගු වරලා
    හෙලා පුලාවි අදරී"

    ආදී වශයෙන් පිලිප්පු සිංඤෝගේ ස්ථාක්ති නාඩග‍මේ ඇතුලත් ගීතයේ "රංග ශෘංගාරතුංග ජෝගියේ" ආදී වචන යොදා ගෙන තිබේ.


    ද්‍රවිඩ අභාෂය

    "ඉන්ද්‍ර කැට, සුරඔ සබායා, කුඹු ‍සොලවාලු නෙත නටවාලු" වැනි විවිධ භාෂාවන් වල වචන යොදා තිබෙන බැව් පෙනේ. එමෙන්ම නාඩගම් කවිවල යොදා ඇත්තේ ද්‍රවිඩ ඡන්දස්ය. එම කවිවල විරිත් ද ද්‍රවිඩ ගී විරිත් අනුගමනය කරන ලද බැව් පෙනේ. එමෙන්ම නාඩගම් වල භාවිතා කරන තර්ගම් හා වචනම් ද ද්‍රවිඩ අභාෂයෙන් යොදා ගත්තක් බව පෙනේ. එපමණක් නොව ගායන ශෛලීන් ‍වලද කොච්චිකම්, වඩබෝධි, තෙක්මෝඩි, මුරිවාඩ්, කුරිඩාඩ් ආදියද ‍පොතේ ඉන්නිස තර්ගය, සිංදුව, තෝඩායම ආදිය ද සෙල්ලන් ළමා කෝනංගී සෙල්ලයිලෙ‍් ආදී භාවිතයෙන් ද්‍රවිඩ අභාෂයන් ලබා ඇති බැව් පෙනේ. එබැවින් ද්‍රවිඩ අභාෂය තුලින් නාඩගම් පෝෂණය වී ඇති බව නොරහසකි. කෙසේ නමුත් 19 වන සියවසේ ඇරඹි නාඩගම් කලාව පසු කාලය වන විට දේශිය ලක්ෂණ වලින් යුතුව දේශිය නාට්‍ය සම්ප්‍රදායක් බවට පත් ‍වී තිබුණු බ‍ව පෙනේ.

     
    Jan 15, 2009
    9,238
    368
    0
    ගැමි නාට්‍ය සම්ප්‍රදායයේ මහිමය විදහාපාන
    මීගමු දූවේ රජතුන් කට්ටුවේ නාඩගම


    av10011016-1.jpg



    ඉපැරැණි සිංහල කතෝලික නාඩගමක් වන ’මීගමු දූවේ රජතුන් කට්ටුව නාඩගම’ පසුගිය 8, 9, සිට පැවැත්වුණු අතර 10 (අද) සවස 4 සිට 8 දක්වා මීගමු දූවේ ශුද්ධ වූ සිඳුතරු දේවමාතා දෙව්මැදුර ඉදිරිපිටදි වේදිකාගත වෙයි. මෙවර මේ නාඩගමේ පොතේගුරු හා ප්‍රධාන පුහුණුකරු (ගී, ගමන් තාල, රංගනය) ලෙස කටයුතු කරන්නේ ජේම්ස් ප්‍රනාන්දු ගුරුන්නාන්සේය.

    ඩබ්ලිව්. ඇන්ටනි ප්‍රනාන්දු (බෙලිචෝර් රජ) සංගීත් පෙරේරා (බල්තසාර් රජ) මිල්රෝයි ප්‍රනාන්දු(ගස්බාර් රජ) ජෝශප් මාටින් ප්‍රනාන්දු (හෙරෝද් රජ) ටී. රොම්ලස් කුරේරා (සේසරු රජ) ඇතුළු නළු නිළියෝ සිය ගණනක් රජතුන් කට්ටුවේ නාඩගමට ද රංගනයෙන් එක්වෙති. මීගමු දූවේ ජනරංග කේන්ද්‍රය මේ පැරැණි නාඩගම නිෂ්පාදනය කරයි.


    පැරැණි සිංහල නාඩගම මේ වනවිට අභාවයට ගොසිනි. එපමණක් නොවේ; සොකරි, කෝලම් වැනි පැරැණි ජනසම්මත නාට්‍ය පවා අද රංගගත වන බවක් අසන්ට නොලැබේ. එබඳු පසුබිමක ඉඳහිට හෝ පැරණි නාඩගමක් නැටවෙන සිංහල කතෝලික ධීවර ගම්මානයක් ඇත. ඒ මීගමු දූව ය.


    එහි රඟදැක්වෙන නාඩගමද ඓතිහාසික වශයෙන් සුවිශේෂත්වයක් ගනී. මන්දයත්; එය ශ්‍රී ලංකාවේ මුල්ම සිංහල නාඩගම ලෙස ඇතැම් නාට්‍ය කලා ඉතිහාසඥයන් විසින් සලකනු ලබන බැවිනි. ඒ නම් ’රජතුන් කට්ටුවේ’ නාඩගමය.


    පැරණිම රජතුන් කට්ටුවේ නාඩගම රංගගතව ඇතැයි පැවසෙන්නේ හලාවතය. ඒ 1700 ගණන්වලය. එසේම මීගමු දූවේ නැටවෙන රජතුන් කට්ටුවේ නාඩගමට ද අවුරුදු 200 ඉක්ම වූ ඉතිහාසයක් ඇත.


    අවුරුදු 23 කට පසු මීගමු දූවේ පැරණි ‘රජතුන් කට්ටුවේ නාඩගම’ ඒ මුල් ස්වරූපයෙන්ම රංගගත වූයේ 1977 දීය. ඒ අවස්ථාවේදී මේ නාඩගමේ නළු නිළියන් පුරුදු කරන ලද්දේ එම්.එස්. මොයිසස් ප්‍රනාÁදු අන්නවි මහතා හෙවත් මොයිසස් ගුරුන්නාන්සේ විසිනි. එම නාඩගම නැරඹීමට පන්දහසක පමණ ප්‍රේක්‍ෂක පිරිසක් පැමිණි බවට වාර්තාවී ඇත.


    රජතුන් කට්ටුවේ නාඩගම සාමාන්‍යයෙන් වාර්ෂිකව රඟ දැක්වෙන්නේ ජනවාරි මාසයේදීය. විශේෂයෙන් පුංචි නත්තල ලෙස හැඳින්වෙන රජතුන් කට්ටුවේ මංගල්‍යය පසුබිම් කර ගෙනය. එම මංගල්‍යය නිල වශයෙන් යෙදෙන්නේ ජනවාරි මස 6 වැනිදාටය. එහෙත් මේ මංගල්‍යය ද අද වනවිට අභාවයට යමින් පවතී.


    මිගමු දූවේ සංක්‍රමණික ධීවරයෝ ද බෙහෙවින් වෙසෙති. ඔවුන් අවුරුද්දෙන් වැඩි කොටසක් ගත කරන්නේ උතුරුකරයේ මන්නාරම, මුලතිව්, නයාරු, කෝකිලායි වැනි ධීවර ප්‍රදේශවලය. මේ සියලු දෙනා යළි ගමට පැමිණෙන්නේ එක්කෝ නත්තලටය; නැත්නම් පල්ලියේ මංගල්‍යය දවසටය. නත්තලට ගමේ හැමෝම සිටින බැවින් නාඩගමක් නැටවීම පහසුය.


    av10011016-2.jpg
    ”අපේ මිනිස්සු කවුරුත් නාඩගම් රාග තාල දන්නවා. අහවල් දවසේ නාඩගම නටන්ඩ යමවු බොල කියලා කිව්වම ඔක්කොම එක්සත් වෙනවා. රෑට රෑට නැටුම් පාට් පුරුදු වෙන්ඩ කවුරු කවුරුත් ලාම්පු ලන්තෑරුම් අරගෙන එනවා.

    බෙරකාරයෝ හොයාගෙන එන්ඩ තවත් කොට්ඨාශයක් යනවා. ඔය විදියට අපේ මිනිස්සු කාණ්ඩවලට බෙදිලා ඒ වැඩේ කරනවා. කාටවත් අමුතුවෙන් කියලා දෙන්ඩ දෙයක් නෑ”


    ඒ ඉහත දැක්වූයේ නාඩගම් කලාව පිළිබඳ අපේ රටේ සිටින ඉහළම විද්වතකු වන මහාචාර්ය එම්.එච්. ගුණතිලකයන්ට මීගමු දූවේ රජතුන් කට්ටුවේ නාඩගම නැටූ මොයිසෙස් ගුරුන්නාන්සේ 1973 දී කළ ප්‍රකාශයකි.


    1986 දී දූවේ රජතුන් කට්ටුවේ නාඩගම නැරඹීමේ භාග්‍යය මට ද ලැබිණි. එම නාට්‍ය දැක්ම නැරඹීම සඳහා කොළඹින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ ද පැමිණ සිටියහ.


     
    Jan 15, 2009
    9,238
    368
    0
    රජතුන් කට්ටුව නාඩගම දින තුනක් තිස්සේ රඟදැක්වෙන්නකි. මෙම නාඩගමෙන් කියැවෙන්නේ ක්‍රිස්තුන් වහන්සේ උපන් අවස්ථාවේ එතුමන් බැහැ දැකීමට පෙරදිගින් රජවරුන් තිදෙනකු පැමිණි කතාවය. පළමු දින කොටසින් ක්‍රිස්තුන් වහන්සේගේ උපත දැක්වෙන අතර දෙවැනි කොටස වෙන්වන්නේ රජ තිදෙනගේ පැමිණීමටය. හෙරෝද් රජ බිළිඳු දරුවන් ඝාතනය කිරීම තුන්වැනි කොටසට ඇතුළත් වෙයි.

    දිනපතා සවස 6 ට පමණ නාඩගම් නැටීම ඇරඹෙයි. දිනකට පැය දෙකතුනක් නාඩගම රඟ දක්වයි.


    ’රජතුන් කට්ටුව‘ සඳහා යොදා ගැනෙන නාඩගම් කරළිය තැනෙන්නේ කවාකාර හෙවත් වෘත්තාකාර ලෙසිනි. වේදිකාව පිදුරු සෙවිලි කරන ලද දාරුමය එකකි. එහෙත් සෙසු නාඩගම් වේදිකාවට මඳක් වෙනස් ස්වරූපයකි රජතුන් කට්ටුව වේදිකාවේ දක්නට ලැබෙන්නේ. එය රූකඩ හා පාස්කු නාට්‍ය වේදිකාව මෙන් ත්‍රිභාග ය. මධ්‍ය වේදිකාව භාවිතා වන්නේ ක්‍රිස්තු උප්පත්තිය නිරූපණය කිරීම සඳහා ය.


    වම්පස වේදිකාව හෙරෝද් රජ මාළිගාව සඳහා ද දකුණු පස වේදිකාව සේසරු රජු ගේ මාළිගාව සඳහා ද යොදා ගැනේ. ඊට අමතර ව අඩි 25ක උසින් යුත් පොල් අතු සෙවිලි කළ පරිවාර වේදිකාවක් ද දක්නා ලැබේ. එය සැකසෙන්නේ ප්‍රධාන වේදිකාවට දකුණින් පිහිටාය. එය සුරදූතයා ගේ ආගමනය දැක්වීම සඳහා භාවිතයට ගැනේ.


    රජතුන් කට්ටුවේ චරිත සිය ගණනක් වෙති. රජවරුන්, ඇමැතිවරුන්, සේනාධිපතිවරුන්, එඬේරුන්, දාසයන්, මවුවරුන්, ප්‍රසාදිවරුන්, අණබෙරකරුවන්, දේවදූතයන් යනාදී වශයෙනි. ඇතැම්විට මේ චරිත රඟපාන සමහර නළුවෝ මළ පොතේ අකුරක්වත් නොදත් අයය. එහෙත් ඉතා දීර්ඝ සංවාද පවා ඔවුහු කට පාඩමෙන් කියති.

    av10011016-3.jpg
    දූවේ රජතුන් කට්ටුව නාඩගම රඟදැක්වීමේ දී අනු දකිනු ලබන සාම්ප්‍රදායික චාරිත්‍ර කීපයක්ම පවතී. සාමාන්‍යයෙන් නළු නිළියන් නිවෙස්වල සිට නාඩගම් මඩුව වෙත කැඳවාගෙන එන්නේ හේවිසි, හොරණෑ තූර්ය වාදන මධ්‍යයේ මහත් උත්සවශ්‍රීයෙනි. නෑදෑහිතවතුන් විසින් රතිඤ්ඤා පත්තු කර, රබන් ගසා මල් මාලා පලඳා නළු නිළියන් පිළිගනු ලබයි.



    ‘රජතුන් කට්ටුවේ නළුවකුට අඳිනවයි කිව්වම ඒක ඒ පවුලට බොහෝම ආඩම්බරයක්. ඒකයි ඔය පිළිගන්නේ’ කෙනෙක් කියති. රංගනයට පෙර ප්‍රේක්ෂකයන්ට ආචාර කිරීම නළු නිළියන් ගේ චාරිත්‍රයකි. නාඩගම හමාරවීමෙන් පසු නළු නිළියන් ප්‍රමුඛ නාට්‍ය කණ්ඩායම දේවස්ථානයට ගොස් ආගමික වතාවත් ඉටු කර දේවාශිර්වාදය ලබා ගනිති.


    මීළඟට රජතුන් කට්ටුව නාඩගමේ රංග වින්‍යාසය කෙබඳු දැයි විමසා බලමු. නාඩගම ආරම්භ වන්නේ පොතේගුරු ප්‍රමුඛ අත්වැල් ගායක කණ්ඩායම විසින් ගයනු ලබන මූලාරම්භක විරිඳුවෙනි. (මෙබඳු නාඩගමක කිසියම් නළුවකුට පොතේගුරු ගේ චරිතය ප්‍රදානය කිරීම ඔහුට කරන්නා වූ ගෞරවයක් ලෙස සැලකෙයි) අනතුරු ව පූර්ව රංගනය ඉදිරිපත් කරේ. මුලින් ම කරළියට එන්නේ බහුභූතයන් හෙවත් කෝලමුන් දෙදෙනා ය.



    ඒ චරිත දෙකේ අභිප්‍රාය හාස්‍ය රස උත්පාදනය යි. පොතේ ගුරුගේ ආඛ්‍යානය හැරුණු කොට නාට්‍යය විකාශනය වන්නේ ඒ චරිත දෙකේ කථෝපකථනයෙනි. ඒ සඳහා ඔවුන්ට ස්ථිර (ලිඛිත) දෙබස් මාලාවක් නොමැත. ඔවුන් කියන්නේ හිටිවන දෙබස් ය.

    අනතුරුව වේදිකාවට ප්‍රවිෂ්ට වන්නේ සබේ ළමෝ, සෙල්ලන් ළමෝ, ගණිතයෝ, දිවැස් ප්‍රසාදිවරු යන චරිත සමූහයයි. ඒ චරිත ඕනෑ ම නාඩගමක එන ස්ථාවර චරිතයෝ වෙති. ඒ සෑම චරිතයක ම රංග ප්‍රවේශය පොතේ ගුරු විසින් ගායනයකින් දක්වනු ලබන අතර සෑම චරිතයකට වේදිකාව පරික්‍රමණය කරමින් කියා නටන සින්දුවක් ඇතුළත් ය. මේ පූර්ව රංගනයෙන් ඉනික්බිති ව ය මූලික නාට්‍ය සංසිද්ධිය නිරූපණය කරන්නේ.


    රජතුන් කට්ටුවේ නාඩගම සඳහා සංගීතය ද භාවිත කැරේ. ඒ සඳහා උපයුක්ත කර ගැනෙන්නේ මද්දල් බෙර දෙකක් සහ තාලම් පොටක් පමණි. පසුබිම් වේදිකාව සඳහා චිත්‍රවස්ත්‍ර යොදා ගැනේ. ඉන් පෙනීයන්නේ නාඩගම ලද නූර්තියේ ආභාසය යි.
    රජතුන් කට්ටුවේ නාඩගම සාමාන්‍යයෙන් රඟදැක්වෙන්නේ ශාන්තිකර්මයක් වශයෙනි. මහාචාර්ය තිස්ස කාරියවසම් දක්වා ඇති ආකාරයට රජතුන් කට්ටුව රඟපාන්නේ ලෞකික සුබසාධක පිණිස දෙවිවරුන් ගේ වරම් ලැබීමට ය. අපගේ මුතුන්මිත්තන් විසින් රජතුන් කට්ටුව නාඩගම රඟදක්වන ලද්දේ ජනතාවටත් පාලකයන්ටත් ආශිර්වාද ලබාදීමේ ශාන්ති කර්මයක් වශයෙන් බව දූවේ ධීවර ජනරංග කේන්ද්‍රයේ සභාපති එම්.ජෝශප් මාටින් ප්‍රනාන්දු සඳහන් කර සිටී.
    ධීවර දිළිඳු දරුවන්ගේ ආරක්ෂාව පතා සිදුකෙරෙන ශුද්ධ වූ පඬුරු පූජාවක් වශයෙන් ද රජතුන් කට්ටුව සැලකෙන බව එක්තරා ලිපියක දැක්වී ඇත.



    - සුනිල් මිහිඳුකුල


     
    • Like
    Reactions: BEN TANNYSON

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    දැන් තමයි මේ ත්‍රෙඩ් එකේ වටිනාකම වැඩිවෙන්නේ
    මේ වෙදිකාවේ අපිත් එක්ක දැනුම බෙදාගන්න සියලුම මිතුරැ මිතුරියන්ට ස්තුතියි..:)
     
    • Like
    Reactions: sandun thilaka
    Jan 15, 2009
    9,238
    368
    0
    නාඩගම්

    නාඩගම් යනු‍වෙන් හැදින්වෙන ගැමි නාටක විශේෂය වඩාත්ම ප්‍රචලිතව පවතින්නේ බටහිර මුහුදු වෙරළෙහි ගම්මාන වල එනම් උතුරෙහි පිහිටි හලාවත සිට දකුණේ වැලිගම , මාතර හා ඊටත් ඹබ්බෙහි පිහිටි තංගල්ල ආදි පෙදෙස් දක්වාය . මේවා ලක්දිව ‍මධ්‍ය ප්‍රදේශයට හෝ කදුකරයට හෝ ව්‍යප්ත වු බවක් නොපෙනේ.
    නාඩගම් වු කලී අව‍ශේෂ ගැමි නාටක විශේෂය වඩා සම්පුර්ණ දෘශ්‍ය කාව්‍ය ලෙස සැළකිය හැකිය . මුළුමනින්ම පහේ ගීතය මාර්ගයෙන් අනාවරණය වන වස්තූ වලින් යුක්ත වු මේ නාට්‍ය "බටහිර ඔපෙරා" නමින් හැදින්වෙන ගීත නාටක වෙසෙසටත්"පීකිං ගීත" නාටකයටත් සමාන කළ හැකිය. නාඩගම් වල කිසියම් නිශ්චිත රංග ශෛලියක් ඇත. මේ ශෛලිය වනාහිකෝලම්, සොකරි ආදියෙහි මෙන් නොව නාට්‍යමය අවස්ථාවන් ඉදිරිපත් කිරිමට හා නාට්‍ය රසය ජනනය කිරිමට ප්‍රමාණවත්ය.
    නාඩගම් පොදුවේ ඹපෙරා ගණයෙහි ලා සැළකිය හැකි වුවද රංග ශෛලිය අතින් සලකන විට ඵය වඩාත් සමාන යුරෝපීය ඹපෙරාවට නොව චීන ගීත නාටකයකට යැයි හැගේ . යුරෝපීය ඔපෙරාවෙහි නාට්‍ය රසය මුළුමනින්ම වාගේ ප්‍රකාශ වන්නේ සංගීතයෙනි. එහෙත් සිංහල නාඩගමෙහි ඒ ඒ අවස්ථාවන්ට උචිත ලෙස සංගීතය යොදා ගන්නා නමුත් නාට්‍ය ධර්මී ආංගික හා සාත්වික අභිනයද රස නිෂ්පත්තිය සඳහා බෙහෙවින් උපයෝගි කර ගනු ලබයි.

    නාඩගම් සාහිත්‍යය


    පැරණිම ග්‍රන්ථාරූඪ නාඩගම් රචනා කරන ලද්දේ "පිලිප්පු සිංඤ්ඤා" නැමැත්තෙකු විසිනැයි ජන ප්‍රවාදයෙහි ඇතත් මොහු ගැන වැඩි විස්තරයක් දැනගන්නට නොමැත. මෙකල ශේෂව පවත්නා නාඩගම් පොත් කිහිපයක කර්තෘ වශයෙන් මුඛ පරම්පරාගත සාක්ෂියෙන් පිළිගැනෙන පිලිප්පු සිංඤ්ඤො වු කලි කොළඔ උපන් කම්මල්කරුවෙකු බවද මුලදී ද්‍රවිඩ භාෂාවෙන් තිබුණු නාඩගම් පළමු වරට සිංහලයට පෙරලා ඉදිරිපත් කරනු ලැබුවේ ඔහු විසිනැයි පිළිගැනේ. මොහු1870 උපන් බව තහවුරු වී තිබේ.

    පැරණිම මුද්‍රිත නාඩගම් පෙළ "ස්ථාක්ති නාඩගම" යැයි පිළිගැනේ. මෙය වු කලී දෙමළ නාටකයක සිංහල අනුවාදයක් බව ප්‍රාරම්භ කවියෙහි කිය වේ. "බැලසත්ත නාඩගම" වු කලි ප්‍රංකර දේශයේ පෙපැයින් නම් වු රජුගේ සහෝදරිය වන බැලසත්ත කුමරිය පිළිබඳ කතා පුවත ඇසුරු කොට ගෙන රචනා කරන ලද්දකි. "බ්‍රම්පොර්ඩ්" නාඩගමෙහි ඇත්තේ වොලිලන්ඩ් නම් සිටු පුත්‍රයා‍ගේ කතා පුවතයි. "සෙලෙස්තිනා" නාඩගමද විදේශික කතාවක් ඇසුරින් රචිතය. කතෝලික නොවන නාඩගම් ලෙස "දිනතර" නාඩගම හා "කාපිරි" නාඩගම සැළ‍‍කේ.



    නාඩගම් බස


    නාඩගම් බස විශේෂිත වුවක් ලෙස සැළකිය හැකිය. පිලිප්පු සිංඤ්ඤාගේ බස නම් ඔහුටම විශේෂිත වු එකක් ලෙස පෙනේ. එහි දෙමළ වචන හා අපභ්‍රෂ්ට සංස්කෘත වචනද රාශියක් තිබේ. පහත දැක්වෙන්නේ "ස්ථාක්ති" නාඩගමෙන් උපුටා ගත් ගීතයකි.
    "නිල් සිකි පිල සේ දිගු වරල හෙලා පුලා වී අදරී(නිල් සිකි) මදන සිසාරා සුගුන විචාරා රංග ශෘංගාර තුංග ජෝගියෙ හෙලා පුලා(නිලි) තරුණ සුබාවී"
    පොදුවේ බලන කල නාඩගම් බසෙහි කිසියම් කාව්‍යමය මුහුණුවරක්ද අනුප්‍රාසාදියෙන් යුක්ත වු මඳක් ප්‍රශස්ති කාව්‍ය රීතියට සමාන වු රචනා ශෛලියක්ද ඇති බව පෙනේ.

    නාඩගමේ රංග ශෛලිය


    වෙනත් ගැමි නාට්‍ය මෙන් නාඩගම්ද රඟ දැක්වීමට පටන් ගන්නා ලද්දේ රාත්‍රියෙහිය. එක් නාඩගමක් පිට පිටම සත් දවසක් රඟ පෑමේ චාරිත්‍රය ආදිය තිබුණි. සෑම රාත්‍රියකම පූර්ව රංගයෙන් එනම් බහු භුතයා, සෙල්ලම් ළමා, බෙරකාරයින් ආදි ස්ථාවර පාත්‍රයන් ඉදිරිපත් කරන භාගයෙන් පටන් ගන්නා වු රැගුම නාට්‍ය කතාවට පැමිණි කල පුර්ව රාත්‍රියෙහි නතර කරන ලද ස්ථානය සිට රඟ දක්වනු ලබයි."කරලිය" යන නමින් හැදින්වෙන නාඩගම් රංඟ භුමිය වු කලි පස් ගොඩ ගැසීමෙන් පොළොවේ මට්ටමෙන් උස් කොට අර්ධකවාකාරයෙන් තනන ලද්දකි. කරලිය පිටතට නෙරා ඒමට සලස්වා ඊට යාබදව පොල් අතු මඩුවක් තනනු ලැබේ. මඩුවක් කරලියත් අතර සිතුවම් කරන ලද තිර දෙකක් එල්ලිමට සලස්වයි. මේ තිර කරලියත් මඩුවක් වෙන් කිරීමට යොදා ගනී. ප්‍රේක්ෂකාගාරය වශයෙන් පාවිච්චි කරනු ලැබුවේ එළිමහන් බිමයි. පොතේ ගුරුන්වහන්සේ සිටින ඉදිරියෙහි අනෙක් පස වාදක කණ්ඩායම හා ගායකයෝ බිම හිදගෙන සිටිති. බෙර වාදකයෝ දෙදෙනෙක්ද හොරණෑකරුවෙක්ද කයිතාලම් ගසන්නෙක්ද වාසක කණ්ඩායමට අයත් වෙති. නාඩගම් වල භාවිතා වන බෙර "මත්තාලම්" කියාද "මද්දල" කියාද නැතහොත් "දෙමළ බෙර" කියාද හදුන්වනු ලබයි.

    ඉහත සියලු දෙනාගේ සහභාගිත්වයෙන් ඇරඹු සිංහල නාඩගම සිංහල ජන සම්ප්‍රදායේ තවත් එක් සාහිත්‍යමය අංගයක් ලෙස හදුන්වා දිය හැකිය.