ලංකාවේ කෝලම් හා නාට්‍ය කලාව

Jan 15, 2009
9,238
368
0
ලංකාවේ නාට්‍ය කලාව


ජන නාට්‍ය


අද දක්නට ලැබෙන තාත්වික හෝ විදග්ධ නාට්‍යවලට ඉතා දිගු ඉතිහාසයක් නොමැත.එසේ දීර්ඝ කාලීන ඉතිහාසයක් ඇත්තේ ජන නාට්‍යවලටය .දේශීයආරට සමීපවු නාට්‍ය කලාවක්බිහිකිරීමේ උත්සාහිවු එදිරිවීර සරත්චන්ද්‍රයන් විසින් එම නාට්‍ය කලාව සොයා පහදා ගැනීමේදි මෙමජන නාට්‍යවල ආභාෂය බොහෝ සෙයින් ලබාගෙන තිබේ. තොවිල් පවිල්,කංකාරි,ගමිමඩු,දෙවොල් මඩු,ශාන්ති කර්ම ඇසුරෙන් ලබා ගත් ආභාෂය ඔහු අපේම නාට්‍ය කලාවක් බිහිකිරිමෙදි යොදා ගත්තේය.
මෙ අයුරින් අපට හදුනාගත හැකි ජන නාට්‍ය වනුයේ,

  • සොකරි
  • කෝළම්
  • නාඩගම්




එන්න... ඔබගේ දැනුමත් බෙදාගමු
:D

 
Last edited:

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඉතාමත් වටින වැඩක් මල්ලියා අතගහලා තියෙන්නේ
    හැකිනම් පිංතුර සහ විස්තර තව සොයලා දාමු.. විශේෂයෙන් ඉගෙන
    ගන්න අයටත් කෝලම් නාට්‍ය හා ශාන්ති කර්ම දැන ගැනිමට උනන්දු
    අයටත් මේක මසුරන්...අනිත් අයත් එකතු වෙලා
    මේ වැදගත් කාර්‍යයට අත හිත දෙමු..​
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සොකරි

    200px-Mask_dancer1.jpg


    සොකරි නාටකය වනාහි උඩරට පළාත් වලටත් වන්නියටත් සතර කෝරළේ ඇතැම් පෙදෙස් වලටත් සීමාවු ගැමි නාට්‍ය විශේෂයකි.මේ නාට්‍යය මුහුදුබඩ පෙදෙස් වල හෝ දකුණු පළාතේ රඟදැක්වීම සිදුනොවේ.මෙම සොකරි නාට්‍යයේ විශේෂ ලක්ෂණය නම් අනුරෑපණ මාධ්‍යයෙන් කථාවක් කීමය.කණ්ඩායමේ නායකයා විසින් කිසියම් සිද්ධියක් කවියෙන් විස්තර ‍කරන අතර නළුවෝ එය අනුකරණාත්මක නැටුමකින් දක්වති.මෙහි සමහර නළුවෝ වෙස් මුහුණු පළදින අතර නැටුමටහා ගැයුමට උපයෝගී කරගන්නා බෙරය වනාහි උඩරට භාවිතා වන ගැට බෙරයයි. සොකරි නාට්‍යයට මුලාශ්‍ර වන්නේ සොකරි කථාවයි.මෙම කථාවේ ස්වරෑප පළාතින් පළාතට ‍මඳ වශයෙන් වෙනස්වේ.ඊට අනුව නාට්‍යයේ ස්වරෑපයද වෙනස්වේ.කෙසේ වුවද සොකරි නාටකයක පොදු කථාවක් තිබේ. මේ කථාව එක් එක් කණ්ඩායම් ප්‍රදේශයෙන් ප්‍රදේශයට යම් යම් වෙනස්කම් ඇතුව ඉදිරිපත් කරයි.
    මෙහි පොදු කථාව වනුයේ ගුරැහාමි නැමැත්තා ඔහුගේ බිරිඳ වන සොකරිය සහ පරයා සමග ලක්දිවට පැමිණ පදිංචියට ඉඩමක් සොයති.තඹරාවිටදී ඔවුන්ට වෙදරාළ කෙනෙක් ඉඩම් කැබැල්ලක් දෙයි.එහි ගෙයක් සාදාගෙන සිටින අතර ගුරැහාමිගේ කකුල බල්ලෙක් සපාකයි.ඔහුට වෙදකම් කිරිමට කැඳවනු ලැබු වෙදරාල සමඟ සොකරිය රහසිගතව පලායයි.කෙළවර ආපසු ගෙනඑනුලැබ සියළු දෙනා සමා‍දානවෙයි.මුලික වශයෙන් කථාව එසේ වුවද රංගනයේදී නොයෙකුත් අතුරැ කථා රසවත් සිදුවීම් අපමණව නිරෑපණය කෙරේ.
    සොකරි නාටකය පිළිබඳ පර්යේෂණ කළ විද්වතුන් පවසන්නේ මුලික වශයෙන් ගැමි රඟ මඩලෙහි නිර්මාණ කෞශල්‍යය හා ගැමි ජන විඥානය මේ තුළින් මැනවින් දක්නට ලැබෙන බවයි.කෘෂිකාර්මික ජීවිතයක් ගතකරන ගැමියාට සැහැල්ලුවක් විනෝදයක් ලැබිමට මෙම ජන නාට්‍ය මගින් හැකිවේ.සරල හාස්‍යය මෙන්ම සමාජ ශෝධක ක්‍රියාවක්ද මෙම ජන නාට්‍ය තුළින් සිදුවේ.

    අනුප්‍රාසයට මුල්තැන දෙමින් ඒ අනුව බෙර පද වයමින් ඊට අනුව ගායනය,රංගනය ඉදිරිපත් කිරී‍මෙන් විචිත්‍රතාවයෙන් යුත් රඟ මඬලක් දැකිය හැකිය.සොකරි නාටකයෙහි ගායනා කරන ඇතැම් කවි ජන කවිවල විද්‍යමාන සාහිත්‍යමය අගය පළකරයි.පහතින් දැක්වෙන්නේ එහි ගැ‍යෙන කවියකි


    "ආල වඩන පියයුරැ දෙක

    ළැම දිලිසෙන්නේ
    කෝළ නැතුව සබයට
    එළි බැසලා නටන්නේ
    මලා කරට දමා හැට්ට සළු
    පළදින්නේ
    බාළ සොකරි ළමා මෙනුඹ
    නටා වරෙන්නේ

    සෘංගාරයක් ඇතිවන අයුරින් මේවා ගායනා කරයි.මෙය මධ්‍යම රාත්‍රියේදි රඟ දක්වන කොටසකිකෙසේ වුවද සිංහල ජන නාට්‍ය අතර ගැමි මතය මුර්තිමත් කරන සරළ ප්‍රියමනාප අංගයක් ලෙසසොකරි දැක්විය හැකිය.

    සිංහල ජන නාට්‍ය අතර තවත් කැපී පෙනෙන ජන නාට්‍යයක් වනුයේ කෝළම් නැමැති ජන නාට්‍යයයි.


     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Honda wadagath tread ekak. keep going. rep denna balu. 24 Hrs walata denna puluwan uparime dala tiyenne. Good work. Welcum to the club.
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    වැදගත් වැඩකට අතගහලා තියෙන්නේ සදුන් සහෝදරයා...
    මගේ දැනුමටත් එකතු කරගත්තා..

     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සඳුන් අයියා තවත් අපූරු වැඩක් පටන් අරං වගේ ...... නියමයි

    + + + රෙප්
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ලංකාවෙ කෝළම් වල උපත ගැන කතා කරනව නම් එහි ඉතිහාසය හෙළයේ මහා සම්මත රජුගෙ කාලය තරම් ඈතට දිවයනවා. හෙළයේ මේ වනවිට පළමු රජු ලෙස හැඳින්වෙන්නෙ මහා සම්මත මනු රජතුමායි. (මීට වසර 12 500 කට පමන පෙර යුගය)

    මනු රජුගෙ බිසව වන මැණික්පාළි බිසවට සිය කුළුඳුල් දරුවා ලැබෙන්නට ඉද්දි ඇතිවුණ දොළ දුකක් සංසිඳවන්න තමයි මුලින්ම කෝළම් නැටුවෙ. මැණික්පාළි බිසවට සිනාසෙන්න ඕන උනත් සිනා නොවී සිටියළු ....... ඉතිං මනු රජ්ජුරුවො රට පුරා අඬ බෙර ගහලා රටේම ඉන්න කවටයින් ගෙනත් දේවිය ඉස්සරහා විහිළු කෙරෙව්වත් බිසවට ඒ එකකටවත් හිනා ගියේ නැහැළු. නමුත් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් කදුරු ලීයෙන් කල වෙස් මුහුණු පැලඳ කල කෝළමට දේවියට සිනා පහල උනා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. අදටත් කෝළම් වල විශේෂ තැනක් මහාසම්මත මනු රජුට හා මැණික්පාළි බිසවට ලැබෙන්නෙ ඒ අතීතය සිහිපත් කරන්නයි.
     
    • Like
    Reactions: sandun thilaka

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කෝලම් වල අතීත කතාව අමල්කා නංගී කියලා තියනවා..:D
    ප්‍රහසනය අතින් ඉහළ තැනක් ගන්නමේ කෝළම් නැටුම් වල පසුව බිහිවූ නිර්මාණ වල අධිරාජ්‍ය වාදීන්ට හෙමීට ගහන හැටි හරි අපූරුයි
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ලංකාවෙ කෝළම් වල උපත ගැන කතා කරනව නම් එහි ඉතිහාසය හෙළයේ මහා සම්මත රජුගෙ කාලය තරම් ඈතට දිවයනවා. හෙළයේ මේ වනවිට පළමු රජු ලෙස හැඳින්වෙන්නෙ මහා සම්මත මනු රජතුමායි. (මීට වසර 12 500 කට පමන පෙර යුගය)

    මනු රජුගෙ බිසව වන මැණික්පාළි බිසවට සිය කුළුඳුල් දරුවා ලැබෙන්නට ඉද්දි ඇතිවුණ දොළ දුකක් සංසිඳවන්න තමයි මුලින්ම කෝළම් නැටුවෙ. මැණික්පාළි බිසවට සිනාසෙන්න ඕන උනත් සිනා නොවී සිටියළු ....... ඉතිං මනු රජ්ජුරුවො රට පුරා අඬ බෙර ගහලා රටේම ඉන්න කවටයින් ගෙනත් දේවිය ඉස්සරහා විහිළු කෙරෙව්වත් බිසවට ඒ එකකටවත් හිනා ගියේ නැහැළු. නමුත් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් කදුරු ලීයෙන් කල වෙස් මුහුණු පැලඳ කල කෝළමට දේවියට සිනා පහල උනා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. අදටත් කෝළම් වල විශේෂ තැනක් මහාසම්මත මනු රජුට හා මැණික්පාළි බිසවට ලැබෙන්නෙ ඒ අතීතය සිහිපත් කරන්නයි.

    ස්තුතියි නංගි :D
     
    • Like
    Reactions: migaramk