ලංකාවේ ජනප්රවාදයේ එන අවතාර 7ක්
දිගු ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව තුළ ජනප්‍රවාද වල එන කට කතා බොහොමයක් තියෙනවා. ඉතිහාස කතා වලත් අස්වාභාවික, අද්භූත සිදු වීම් බොහොමයක් ගැන විස්තර අඩංගුයි. මේවා අතිශයෝක්ති වර්ණනාද, සැබෑ වාර්තාද කියන එක අඳුනා ගන්නත් පහසු නැහැ. මේ නිසා ලංකාව කියන රටේ ඉතිහාසය කියන්නේ අද්භූත දේවල් වලින් පිරුණු එකක් කිව්වොත් වැරැද්දක් නෑ.
දැන් තියෙන තාක්ෂණයෙන් දියුණු සමාජය සහ පාසල් අධ්‍යාපනය එක්ක යක්කු ගැන සමාජයේ තිබ්බ විශ්වාසය බොහෝ අංශ වලින් ඈත් වෙලා ගිහින්. කැලෑබද ප්‍රදේශ වලට ආසන්නයෙන් තිබුණු ගම්මාන වල උදවියට ගමනක් බිමනක් යද්දී, නාන්න යද්දී, හේනට කුඹුරට යද්දී, දර කඩන්න යද්දී වගේ ඒ කාලේ ජන ජීවිතයට බද්ධ වුණු ක්‍රියාකාරකම් වලදී තනි වෙන්න සිදු වන අවස්ථා බහුලව තිබුණා. අද හැම තැනම ලයිට් පත්තු කරපු පාරවල් වගේම ළඟ ළඟ තියෙන ගෙවල් නිසා රෑකට වුණත් පාලු තැන් දකින්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. නාගරීකරණය නිසා බොහෝ දෙනා එකිනෙකාට ලංව තමයි ජීවත් වෙන්නේ. (භෞතිකව ලං වුනාට ආධ්‍යාත්මිකව දුරස් වෙලා කියලත් පැහැදිලිව දකින්න තියෙනවා.)
කොහොම වුණත් ලංකාවේ හැම තැනම තත්වය මේ වගේ නෙවෙයි. ප්‍රධාන නගර වලට එපිටින් තියෙන ගම්මාන වල මේ වගේ දේවල් ගැන විශ්වාසයන් අදටත් ඉතුරු වෙලා තියෙනවා. ලංකාවේ නගරබදව වෙසෙන, තාක්ෂණික මෙවලම් නිතර පාවිච්චි කරන, විද්‍යාත්මක පැත්ත විතරක් විශ්වාස කරන අය තරමටම යාග හෝම, බලි තොවිල් බලාගෙන හැදුණු, “මෝහිණී” දකියි කියලා බයෙන් ජීවත් වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා.
ලංකාවේ ජනප්‍රවාද වලට අයත් වෙන යක්ෂයන් සහ වෙනත් අස්වාභාවික ජීවීන් ගැන අපි පොඩි විවරණයක් කරන්න හිතුවේ ඒ නිසයි. වැඩි දෙනා මේ අයගේ නම් අහලා තිබුණත් ලොකුවට විස්තරයක් නොදන්න නිසා ඒ ගැන දැනුවත් වෙන්න මේ ලිපිය උදව්වක් වේවි. මේවයේ ඇත්ත නැත්ත කොහොම වුණත් කාගේත් දැන ගැනීම සඳහා මේ වගේ කොතැනත් ජනප්‍රිය අවතාර 7ක් ගැන විස්තරයක් තමයි මේ කියන්න යන්නේ.
කිඳුරි
රෑ ජාමේ දොරට තට්ටු කරනවා ඇහුණොත් බලාගෙනයි! රූපය : ju-on-the-grudge.wikia.com
රෑ ජාමේ දොරට තට්ටු කරනවා ඇහුණොත් වැඩි දෙනෙක් හිතන්නේ හොරෙක් හතුරෙක්, මැරයෙක් හරි එහෙම නැත්නම් කුඩු කාරයෙක් හරි කියලා. ඒ හින්දා කවුරුත් මුලින් කතා කරලා බලලා සුදානම් පිට තමයි දොර ඇරලා බලන්නේ. නමුත් ගම්මුන් බොහෝ දෙනෙක් අතර මේ වගේ රෑ මැදියමේ ඇවිත් දොරට තට්ටු කරන අවතාරයක් ගැන ප්‍රසිද්ධයි. “කිඳුරි” කියලා නම දාල තියෙන මේ අවතාරය ගැබ්බර කාන්තාවක්ලු. පරණ තරහවක් නිසා තමයි මෙයා අවතාරයක් වෙලා සැරි සරනවා කියන්නේ. ඉතින් මෙහෙම රෑ දෙගොඩ හරියේ දොරට තට්ටු කරාම දොර ඇරලා බලන්නේ ගැහැණු කෙනෙක් නම් කිඳුරිගෙන් එයාට කිසි කරදරයක් නැහැ; තමන්ගේ පාඩුවේ නොපෙනී යනවා. නමුත් පිරිමි කෙනෙක් දොර ඇරියොත් නම් ඒ මනුස්සයාගේ අවසානය තමයි. එදා රෑ එළි වෙන්න කලින් කිඳුරිට අහු වුණු පිරිමි මනුස්සයා මළවුන් ලඟට ගිහින්!
මේ කිඳුරිට පිරිමි අය එක්ක තියෙන තරහ ගැන නම් කතා ගොඩයි. සමහරු කියන්නේ සල්ලාලයෙක්ට අහු වෙලා ගැබ්බර වුණු කාන්තාවක් සියදිවි හානි කරගෙන කිඳුරි වුණා කියලයි. සමහර අය කියන්නේ මෙයාගේ ස්වාමියා මෙයාව මරලා කියලා. තවත් කතාවක් තමයි පිරිමි අයට උපතේ ඉඳන් වෛර කරපු කාන්තාවක් මිය ගියාම මෙහෙම අවතාරයක් වුණා කියලයි. කොහොම වුණත් මේ කවුරුත් පිළිගන්න දේ තමයි රෑ මැදියමේ දොරට ගහනවා ඇහුණාම පිරිමි අය ගිහින් දොර ඇරලා බලන්න හොඳ නෑ කියන එක.
අපි කවුරුත් දන්නා මෝහිණී එක්ක සංසන්දනයක් කළොත් පිරිමි අයත් එක්ක තියෙන වෛරය කියන සමාන කම දකින්න පුළුවන්. ඉතින් මේ දෙන්නා සමහර විට හොඳම යාළුවො වෙන්නත් ඇති.
කළු කුමාරයා
කළු කුමාරයා – අඳුරේ මුණ ගැහෙන උස මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න. රූපය : Supul Amarakoon/supztermc.com
තමන්ගේ පාඩුවේ ඉන්න ලස්සන කාන්තාවන්ට කරදර කරන අවතාර ගැන බොහෝ රටවල ජනප්‍රවාද වල දකින්න ලැබෙනවා (හැබැයි ඉතින් අවතාර වලටත් වඩා මේ වගේ දේවල් පිටිපස්සේ ඉන්නේ අපි අතරේම ඉන්න අසහනකාරයෝ). ලංකාවේ ඒ තැන හිමි කරගෙන ඉන්නේ කළු කුමාරයා තමයි. බොහෝ දෙනාගේ පිළිගැනීම මේ කළු කුමාරයා ඇත්තටම ඉස්සර හිටපු රජ කුමාරයෙක් කියලයි. තමන්ගේ තාත්තාගෙන් රජකම පැහැර ගන්න කුමන්ත්‍රණය කරලා අතටම අහු වුණු නිසා ඔහු සියදිවි නසා ගත්තලු. කොහොම වුණත් ඔහු කරපු පාප කර්මය නිසා යක්ෂයෙක් වෙලා. වෙලාවකට අනිත් අවතාර වලට වඩා කළු කුමාරයා ටිකක් වාසනාවන්තයි කියලත් හිතෙනවා. තමන්ගේ ජීවිත කාලය පුරාවටම ලස්සන ගැහැණු ළමයි එක්ක රමණය කරන්නනේ ඔහුට වෙලා තියෙන්නේ, ඒක පව් පඩිසන් දීමක් වෙන්න පුළුවන්ද? ඇත්තටම ගැහැණු ළමයින්ට තමයි බලාගෙන යද්දී පව් ගෙවන්න වෙලා තියෙන්නේ. මේ වගේ අමුතු විස්තර අනිත් ජනප්‍රවාද වලත් දකින්න පුළුවන්.
කතාවේ එන විදිහට කළු කුමාරයා කියන්නේ ගැහැණු ළමයි පස්සෙන් ඇවිත් බය කරන, එයාලාව පොළඹවා ගන්න වගේම අන්තිමේදී මරලා දාන අවතාරයක්. ඔහු කළු වුණත් හරිම කඩවසම් කියලත් කියවෙනවා. කැලෑවක හරි අඳුරු, පාලු තැනක හරි හැංගිලා ඉඳලා ලස්සන තරුණ ගැහැණු ළමයි සහ තනි වුණු කාන්තාවන් පොළඹවා ගන්න එක තමයි ඔහුගේ ක්‍රමය. මේ කාන්තාවන් කළු කුමාරයා එක්ක රමණයේ යෙදෙන අතරතුර ආශාවෙන් උමතු වෙලා තමන්ගේ බෙල්ල කපලා දාන්නම කියලා බල කරනවාලු. කළු කුමාරයත් එහෙම කියපු ගමන් ඒ කාන්තාවගේ බෙල්ල කපලා දානවලු!
කළු කුමාරයා ගැන කියවෙන ටිකක් වෙනස් කතාවකුත් තියෙනවා. මේ කළු කුමාරයාත් කලින් වගේම හරිම කඩවසම්, කළු පැහැයෙන් යුක්ත කෙනෙක්. හැබැයි මෙයාට ලස්සන කාන්තාවන් සහ විශේෂයෙන්ම ගැබිණි කාන්තාවන් එක්ක තියෙන්නේ කේන්තියක්. ඉතින් මේ වගේ අය තනියෙන් ඉන්න නාන තොටුපළවල එහෙම ඉඳලා ඔවුන්ව බය කරන එක තමයි මෙයාගේ වැඩේ. ගැබිණි කාන්තාවන් මුණ ගැහුණොත් මෙයා ඔවුන්ගේ බඩට අත තියනවා, එතකොට දරු ගැබ නැති වෙනවාලු. තමන් පාලනය කරපු රාජධානිය විනාශයට පමුණවපු රජ කුමාරයෙක් තමයි මෙහෙම කළු කුමාරයා වෙලා ඉන්නවා කියන්නේ. මිනිස්සු ඔහුගේ විනාශය නවත්වන්න මොන තරම් පඬුරු පුද කළත් බැරි වෙලා. ඉතින් ඒ පවට තමයි ඔහු කළු කුමාරයා වෙලා තියෙන්නේ.