ලංකාවේ දකුණු පළාත!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ලංකාවේ දකුණු පළාත!

    මේ ව්‍යාපාර වල උපත ලංකාවේ දකුණු පළාත බව දන්නවාද?​




    1. හරිශ්චන්ද්‍ර මිල්ස්

    southern-companies-aniwa-01.jpg


    C.A. හරිස්චන්ද්‍ර මහතා සිය ව්‍යාපාර ආරම්භ කරන්නේ 1943 දී මාතර දියි. රුපියල් 25000ක මුලික ධනයක් ආයෝජනය කරමින් පර්චස් 20ක බිම් කඩකයි ව්‍යාපාරය අරඹන්නේ. මුල් කාලයේ සමාගම වැඩි වශයෙන් නිෂ්පාදනය කලේ හාල්, කුරක්කන් සහ විවිධ ධාන්‍ය වර්ග සම්බන්ධ නිෂ්පාදනයි. ඉන් පසුව 1952 දී සමාගම වඩාත් වැඩි දියුණු තත්වයට රැගෙන එන හරිස්චන්ද්‍ර මහත්මයා පොල් තෙල් සිඳීම වැනි කර්මාන්ත වලට අත පොවනවා.

    1959 වන විට දකුණු පළාතේ ප්‍රධානතම ව්‍යාපාරය ලෙස ගරු සම්මාන ලබන හරිස්චන්ද්‍ර මිල්ස් සමාගම ඒ වසරේ දීම සිය සමාගමේ සේවකයින්ට සිය සමාගමේ කොටස් 40% බෙදාදෙනවා.

    අදටත් නුඩ්ල්ස්, කුරක්කන් පිටි, උළුඳු පිටි, සබන් සහ සේදුම් සබන් නිෂ්පාදනයේ ප්‍රමුඛයින් ලෙස අපරටේ පමණක් නොව විදෙස් රටවල් රැසකට සිය නිෂ්පාදන අපනයනය කරනවා.

    2. මැලිබන්


    southern-companies-aniwa-02.jpg

    අඟුලුගහ ගමගේ හින්නි අප්පුහාමි විසින් 1954 දී ගොඩ නගන ලද ව්‍යාපාරය මුලින්ම ස්ථාන ගත වෙන්නේ පිටකොටුවේ මැලිබන් වීදියෙයි. එයට පෙර ඔහු 1935 දී මැලිබන් හෝටලය ලෙස සිය ව්‍යාපාර කරගෙන යනවා. තමන්ගේ දෙවැනි හෝටලය ලෙස පළමුවෙනි හරස් වීදියේ හෝටලයක් ආරම්භ කරන හින්නි අප්පුහාමි මහතා ඉන්පසුව තවත් හෝටලයක් නොරිස් පාරේ විවෘත කරනවා.
    සිය සහෝදරයින් වෙන වික්‍රමපාල සහ ජිනදාස හට තම ව්‍යාපාර වෙතට එක්වන ලෙස ආරාධනා කරන හින්නි අප්පුහාමි මහතා පිලිවෙලින් බේකරියක්, බිස්කට් නිෂ්පාදනාගාරයක් සහ අයිස්ක්‍රීම් නිෂ්පාදනාගාරයක්ද පිහිටුවනු ලබනවා.

    ඔවුන් පුර්ණ කාලීනව බිස්කට් ව්‍යාපාරයට අවතීර්ණ වෙන්නේ දෙවෙනි ලෝක මහා යුද්ධයෙන් කලකට පසුව 1954 දී බේකර් පර්කින්ස් සමාගමේ නිෂ්පාදනාගාරයක් මිලදී ගත්තාට පසුවයි.

    කොතරම් ව්‍යාපාර දියුණුවට පත් වුනත්, නිතරම තමන්ගේ නිෂ්පාදන වල තත්වයේ උසස් බව ගැන හින්නි අප්පුහාමි මුදලාලි මහත්මා සිතුවා, අන්න ඒ නිසයි, ඔහු තමන්ගේ සමාගම නිෂ්පාදනය කරන බිස්කට් පාරිභෝගිකයින් වෙත ලබා දෙන්නට පෙර ඒවා තමන්ගේ පවුලේ කෙනෙකු අනිවා රස බැලිය යුතු බවට ප්‍රකාශයක් කලේ. ඔහු ඒ තරමට නිෂ්පාදන වල ගුණාත්මක බව ගැන සැලකිල්ලක් දැක්වුවා.

    වර්තමානයේ 1250කට අධික සේවකයින් සංඛ්‍යාවක් සේවය කරන මැලිබන් ව්‍යාපාරයේ වසරකට බිස්කට් පැක් මිලියන 25කට අධික ගණනක් නිෂ්පාදනය කරන අතර රටවල් 35කට අපනයනය කරනු ලබනවා.


    3. DSI

    southern-companies-aniwa-03.jpg

    ඩී සැම්සන් ඉන්ඩස්ට්‍රීස් යන තේරුමින් යුතුව 1962 වර්ෂයේදී ඩී.එස්.අයි ආයතනය ආරම්භ කරන්නේ ඩී සැම්සන් රාජපක්ෂ මහත්මා විසින්. තම ගම වූ ගාලු පුරවරය කේන්ද්‍ර කරගනිමින් සිය ව්‍යාපාර හසුරුවන සැම්සන් මහතා, පිටකොටුවේ සුදු රෙදි ව්‍යාපාරයක් ආරම්භ කරනවා. නමුත් දෙවන ලෝක යුද්ධ කාලයේදී ඔහුගේ ව්‍යාපාර අසාර්ථක වනවා. ඉන්පසුව ඒ මහතා නැවතත් ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්නේ තම උපන් ගම වූ ගාලු පුරවරයෙන්මයි.

    අයිකොනික “බැලරිනා” විලාසිතාවේ පාවහන් නිෂ්පාදනය කරමින් පාවහන් ලොවේ සිය සලකුණ තැබූ DSI ආයතනය වර්තමානය වෙන විට රට පුරා විහිදුනු 200ක පමණ ශාඛා ජාලයකින් යුක්තයි. මේ වනවිට DSI නිෂ්පාදන 10කට වැඩි ගණනකුත්, ආනයනික නිෂ්පාදන 20කට ආසන්න ගණනකුත් සමගින් ලංකාවේ ජනප්‍රියම පාවහන් නාමය බවට පත් වෙලා තිබෙනවා.

    4. P.G. Martin

    southern-companies-aniwa-04.jpg


    උත්සහවන්ත තරුණයෙකු වන පී.ජී.මාර්ටින් නිමලසිරි රුපියල් 500ක් අතදරමින් සිය ගම් පියස වූ මාතරින් 1948 දී පිටත් වෙන්නේ කොලොම්තොටට පැමිණ සිය සිහිනය සැබෑ කරගන්නයි.

    තමන්ගේ පළමු ව්‍යාපාරය ලෙස කරන්නේ ගාලු මුවදොර පිටියේ අන්නාසි විකිණීමයි. ඉන් පසු එයින් එකතු කරගත් මුදලින් කොළඹ වරායේ නැංගුරම් ලන නැව් වලින් සපත්තු මිලදී ගෙන ඒවා අලෙවි කිරීමෙන් පසුවයි ඔහු සම්භාණ්ඩ ඇතුළු නිෂ්පාදන ලෝකයට ඇතුළු වෙන්නේ.

    සපත්තු, පසුම්බි සහ සම්භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කරන එතුමාගේ විශේෂත්වය වන්නේ තමන් නිෂ්පාදනය කරන සියලුම භාණ්ඩ ඉහලම තත්වයෙන් යුතු ඒවා වීමයි.

    වසර 40කට වඩා වැඩි කාලයක් තිස්සේ ගමන් මලු, සම්භාණ්ඩ සඳහා ලංකාවේ ජනප්‍රියතම නාමය ලෙස ව්‍යාපාරික ලොවේ කිරුළු දරන්නට හැකිවන්නේ මේ නිසයි.

    ඊට අමතරව ලංකාවට ගෙන්වන සුපිරි තත්වයේ ගමන් මලු සහ සපත්තු සහ වෙනත් සම්භාණ්ඩ නිෂ්පාදන සඳහා ලංකාවේ කාගේත් මුවග කියවෙන නාමය ලෙස පී.ජී. මාටින් පත් වන්නේ අතීතයේ විඳි දුක් වලට නියම ම වටිනාකමක් ලැබෙන බව අපට සිහිගන්වමිනුයි.

    5. දාස සහ සමාගම

    southern-companies-aniwa-05.jpg

    අතීතයේ අපේ දෙමාපියන්ගේ කාලයේ ජනප්‍රිය නාමයක් ව පැවතුනු ඩියුරෝ වෙළඳ නාමය සමඟ අපේ මතකයට එන දාස සහ සමාගම, වර්තමානයේ සිය මෙහෙයුම් කටයුතු නොකලත් හින්නි අප්පු හාමි, නවලෝක මුදලාලි, පී.ජී.මාටින් වැනි ව්‍යාපාරික ලෝකයේ නම් අතර ගැටුණු නමක්.

    1931 වසරේ මාතර තලල්ලේ ඉපදුනු එස්.ඩී ගුණදාස තමන්ගේ වැඩිමල් සොයුරන් ගේ මග යමින් කොළඹට පැමිණියේ ව්‍යාපාර කිරීමට වුවත් වැඩිමල් සහෝදරයාගේ කීමට මරදාන මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබනවා. නමුත් කුඩා කාලයේ කරන දඟ වැඩක් නිසා පාසල් ගමනට සදහටම ආයුබෝවන් කියන ගුණදාස අවසානයේ තමන්ගේ සහෝදරයින් මෙන්ම පුංචි පුංචි ව්‍යාපාර කරන්නට යොමු වෙනවා. මුලින්ම ඔහු කරන්නේ කපුරුබෝල සහ ලේන්සු විකිණීමයි.

    ඉන් පසුව අත්කරත්තයක මනිබඩු වෙලන්දාමත්,එයින් පීරිසි කෝප්ප වෙළඳාමත්, කල දාස,ඉන් නොනැවතී කඩ දෙකක් බදු ගෙන සිල්ලර බඩු වෙළඳාමත් යොමුවනවා, ඉන් පසුව ටැක්සියක හිමි කරුවෙක් වන ගුණදාස අවසානයේ විවාහයෙන් පසුව නිවසක් කුලියට ගෙන රෙදි වෙලන්දාමටත් අත ගසනවා. එවකට පවතින ආණ්ඩුවේ සම්බන්ධතා නිසා රෙදි කම්හල් ආරම්භ කරන ගුණදාස මුදලාලි ඉන් පසුව දියුණුවේ හිනිපෙත්තට ගියත්, අවසානයේ දේශපාලන පලිගැනීම් නිසා ඔහුගේ ව්‍යාපාර අවාසනාවන්ත ලෙසින් වසා දැමෙන්නට කටයුතු සිදුවීම දෛවයේ සරදමක් වැනියි.


    http://www.aniwa.lk/2017/01/12/1701123-southern-companies/
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඉතින් මොකක්ද බන් විශේෂත්වය
    නිකමට හිතපන් කොළඹ දිස්ත්‍රික්කය ගැනම
    ඕක මූලික කරගෙන කොච්චර නම් සමාගම් ආරම්භ වෙල ඇත්ද
    අනේ මංදා උබලා නම්
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ඉතින් මොකක්ද බන් විශේෂත්වය
    නිකමට හිතපන් කොළඹ දිස්ත්‍රික්කය ගැනම
    ඕක මූලික කරගෙන කොච්චර නම් සමාගම් ආරම්භ වෙල ඇත්ද
    අනේ මංදා උබලා නම්

    onna okamai matath hithune. dakuna wunath basnahira wunath api okkoma lankikayo
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දකුණේ උන් මොකද අපි දකුණේ කියලා උලුප්පලා පෙන්නන්ඩ හදන්නේ? වෙන පළාත්වල උන් ඔහොම නෑනේ?
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    දකුණේ උන් මොකද අපි දකුණේ කියලා උලුප්පලා පෙන්නන්ඩ හදන්නේ? වෙන පළාත්වල උන් ඔහොම නෑනේ?

    ඒකනෙ....... හීනමානයද මන්ද :confused:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    දකුණේ උන් මොකද අපි දකුණේ කියලා උලුප්පලා පෙන්නන්ඩ හදන්නේ? වෙන පළාත්වල උන් ඔහොම නෑනේ?

    ඔය උන් හෙන පොරවල් කියල පෙන්න්ඩ හදන්නේ. රෙද්දේ පොර කම තමයි උදේ පාන්දර හුලු අතු පත්තු කරන් දාඩිය නාගෙන කෝච්චිවල බස්වල පුට් බෝඩ් වල එල්ලිලා කොලඹ ඇවිල්ලා රෑ වෙලා ආයෙ හුලු අතු පත්තු කරන් ගෙදර යනවා. මොන ජීවිතද අයිසේ ඕවා :lol: ඇහුවොත් හෙණ පඩ ටෝක්ම තමයි දෙන්නේ ගොඩක් එවුන්. සිරාවට රටේ අනිත් පැතිවල උන්ට ඔහොම මොලේ අමාරුවක් නෑ.
     
    Last edited: