ලංකාවේ නිපදවූ මුල්ම ත්‍රිමාන (3D) සිනමාපටය

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,583
    3,997
    113
    Lanka
    ලංකාවේ නිපදවූ මුල්ම ත්‍රිමාන (3D) සිනමාපටය

    ලංකාවේ නිපදවූ මුල්ම ත්‍රිමාන (3D) සිනමාපටය


    Re%2BEntry.jpg


    ලංකාවේ නිපදවූ මුල්ම ත්‍රිමාන (3D) සිනමාපටය 2012 වසර මැදදී එළිදැක්වීමට නියමිතයි.

    "Re-Entry" ලෙස නම් කර ඇති මෙය විද්‍යා ප්‍රබන්ධයක් ඇසුරෙන් නිපදවූවක් වන අතර වයඹ පලාතේ රූගතකිරීම් කර තිබෙනවා.

    2018දී ඇමරිකාවේ නොසැලකිල්ලක් නිසා පිටසක්වල ජීවීන් ක්‍රමයෙන් මෙලොව වාසයට පැමිණ ගංගා ඇල දොල මුහුද ක්‍රමයෙන් ඔවුන්ගේ අයිතියට පත්වීම සමඟ එයට මෙලොව වාසීන් මුහුණ දෙන ආකරය, ශ්‍රී ලංකා වාසීන් මුහුණ දෙන ආකාරය මෙම චිත්‍රපටය සඳහා යොදාගන තිබෙනවා.

    මේ වනවිට කැමරාකරණ කටයුතු සියල්ලම අවසන් වන අතර නිෂ්පාදන කටයුතු මේ දිනවල කෙරෙමින් පවතිනවා.

    2012 මාර්තු මාසයේදී උතුරු හා දකුණු ඇමරිකාවේ සීමිත සිනමාශාලාවන් ප්‍රමාණයකද, 2012 මැද භාගය පමන වනවිට යුරෝපයේ, ඕස්ට්‍රේලියාවේ හා ආසියාවේ සීමිත සිනමාශාලාවන් ප්‍රමාණයකද මෙය තිරගත කිරීමට නියමිතව තිබෙනවා.

    පසුව එහි තිමාන චිත්‍රපටය Blu-ray මඟින් හා ද්විමාන චිත්‍රපටය DVD මඟින්ද ජාත්‍යන්තර සිනමා වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

    මෙම චිත්‍රපටය සඳහා රඟපෑමෙන් දායක වන සියල්ලන්ම නවකයන් වන අතර ප්‍රධාන චරිත තුනක් මෙහි තිබෙනවා. ඒ සඳහා එක් ශ්‍රී ලාංකිකයෙක් හා විදේශිකයන් දෙදෙනෙක් රඟපෑමෙන් දායක වනවා.

    මෙය නවක සිනමාකරුවෙකු වන Ray J ගේ නිර්මාණයක්. නවසීලන්තයේ ඕක්ලන්ඩ් සරසවිය සහ සවුත් ඊස්ට් ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන් උසස් අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනය ලබා ලංකාවට පැමිණ කරන ලද ඔහුගේ මුල්ම නිර්මාණය "Train To Kandy" නම් වන අතර "Re-Entry" ඔහුගේ දෙවන නිර්මාණය වනවා.

    ඉදිරියේදී තවත් විද්‍යා ප්‍රබන්ධ ඇසුරෙන් සිනමාකරණයේ යෙදීමට අදහස් කරගන සිටින බව Ray J පවසනවා.

    පහත දැක්වෙන්නේ "Re-Entry" සිනමාපටයේ පසුබිම් දර්ශනයකි.




    Source
    Code:
    gossip9
    :yes::yes::yes: