ලංකාවේ පවතින අසභ්‍ය සඳහා නීතිය
1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනතේ අසභ්‍ය ඡායාරූප ගැන වරද දැක්වෙන්නේ පහත පරිදියි.
286 (අ) අසභ්‍ය ඡායාරූප, වීඩියෝපට, මුද්‍රිත ප්‍රකාශන සඳහා ළමයෙකු කුලියට ගැනීම හෝ සේවයේ යොදා ගැනීම ඒ සඳහා පොළඹවා ගැනීම, බලකිරීම හෝ එවැනි ඡායාරූපයක් හෝ චිත්‍රපටයක් බෙදාහැරීම, විකිණීම හා සන්තකයේ තබා ගැනීම වරදකි.
සිංහල භාෂාව හොදින් දන්නෙකුට මෙම අර්ථ කථනයේ කියැවෙන්නේ කුමක්දැයි එක් වරම තේරුම් ගත හැකි නමුත් රාජකාරි නීතිරීති පමණක් දන්නා පොලිසියේ මහත්තුරුනට මෙහි ඇති අර්ථය නොතේරීම පුදුමයක් නොවේ. පුදුමය නීතිය ගැන කතා කරන උගත් නීතීඥ මහතුන්ට හෝ විනිසුරුවන්ට හෝ මෙහි අර්ථ කථනය නොතේරීමයි.
අසභ්‍ය ඡායාරූප, විඩියෝපට, මුද්‍රිත ප්‍රකාශන සදහා ළමයෙකු කුලියට ගැනීම හෝ සේවයේ යොදා ගැනීම - පොළොඹවා ගැනීම හෝ ඒ සඳහා බල කිරීම වරදක් බව පෙන්වා දෙයි. එය ඇත්තකි. හිස් මුදුනින් පිළිගත හැකිය. එහෙත් ඊළග වාක්‍යයේ කියැවෙන්නේ “ එවැනි ඡායාරූපයක් හෝ චිත්‍රපටයක් “ බෙදාහැරීම, විකිණීම හා සන්තකයේ තබා ගැනීම වරදක් බවය. එවැනි ඡායාරූපයක් යනුවෙන් අර්ථ දැක්වෙන්නේ ඊට ඉහත ඇති විස්තරය අනුව නිර්මාණය කළ ඡායාරූපයකි. එනම් කැමැත්තෙන් හෝ පෙළඹවීමෙන් හෝ බලකිරීමකින් ළමයෙකු යොදා නිර්මාණය කළ ඡායාරූපයක් යන්නයි. එසේ නොමැතිව ඕනෑම අසැබි දර්ශනයක් යන්න නොවේ. (අනෙක් අතට අසභ්‍ය යනු කුමක්ද යන්න ගැන මෙතෙක් නිශ්චිත අර්ථ දැක්වීමක් ද නැත.) එය එසේ වූයේ නම් පනත සකස්කිරීමේ දී “අසභ්‍ය ඡායාරූප, විඩියෝපට, මුද්‍රිත ප්‍රකාශන සදහා ළමයෙකු කුලියට ගැනීම හෝ සේවයේ යොදා ගැනීම - පොළොඹවා ගැනීම හෝ ඒ සදහා බල කිරීම හෝ ඕනෑම ආකාරයක එවැනි ඡායාරූප හෝ විඩියෝ පට බෙදාහැරීම,විකිණීම, තමන් සන්තකයේ තබා ගැනීම “ ලෙස එම වරද අර්ථ කථනය කළ යුතුව තිබුනි. පනත ලිවුවා හරිය. අද නීතිය ක්‍රියාත්මක කරන්නෝ අර්ථය තේරුම් ගෙන ඇත්තේ වැරදි ආකාරයටය.
පොලිසියට නීතිය හෝ සිංහල හෝ උගන්වන්නට අපට බැරිය. අතපය , ඇට , සන්ධි ප්‍රවේශම් කර ගත යුතු බැවිනි.
LEN