ලංකාවේ පළමු ලොතරැයි දිනුම
ලංකාවේ පළවෙනි ස්වීප් ලොතරැයිය තමයි ආරෝග්‍යශාලා ලොතරැයිය. 1955 සැප්තැම්බර් 15 වෙනිදා තමයි ඒක දිනුම් ඇදල තියෙන්නේ කොළඹ නගර ශාලාවේදී. ආරෝග්‍යශාලා සංවර්ධනයට අවශ්‍ය මුදල් සොයාගන්න තමයි මෙය පාවිච්චි කරලා තියෙන්නේ.. කොහොම හරි මේ කියන්න යන්නේ ලංකාවේ මුල්ම ලොතරැයි දිනුම ඇදුන කෙනා ගැන. ලංකාදීප පුවත්පතේ තිබ්බ ලිපයක් දැකල තමයි මේක පළ කරන්න හිතුනේ මොකද ඒක රසවත් කතාවක් නිසා. ඔහුගේ නම කිරිඅප්පු. ගලිගමුව ප්‍රදේශයේ පුද්ගලයෙක්. තෑග්ගේ වටිනාකම 97,434.50 (අද වගේ ල...ොතරැයි තෑගි වලිනුත් බද්දක් ගැහුවද කියලනම් දන්නේ නෑ). කිරිඅප්පු කියල කියන්නේ අඹන්පිටියේ තේ ස්ටෝරුවේ කම්කරුවෙක්. ඔහුගේ බාල සහෝදර සහෝදරියන් හා දෙනෙක් ජිවත් වෙලා තියෙන්නේ ඔහුගේ මෙම වැටුපෙන්. තේ එකක් බොන්න තේ කඩේට ගොඩවුන වෙලාවක ආපු ස්වීප් වෙළෙන්දෙක්ගෙන් ශත 50 ක් දීල මේ ටිකට් ඒක මිලට ගත්තු කිරිඅප්පු මහත්තය, ඒක ගෙදර බිත්තියේ ගහල තිබ්බ ගෝන අඟ අස්සේ පරිස්සමට අරන් තියල තියෙනවා. ඒ කලේ අද වගේ නිව්ස් ඇලර්ට් නැති හින්ද, කාලෙකට පස්සේ තමයි කිරිඅප්පු මහත්තයට දැන ගන්න ලැබිල තියෙන්නේ එම ටිකට් එකේ මුල් තෑග්ග ගලිගමුව ප්‍රදේශයට ඇදිල කියල. ඒක දැනගත්තු කිරිඅප්පු මහත්තය තමන් මිලට ගත්තු ටිකට් ඒක මුළු ගේ පුරාම හොයල තියෙනවා මොකද තිබ්බ තැන අමතක හින්ද. කොහොමහරි අන්තිමට ඒක හොයාගෙන, එකත් අරන් කෑගල්ලේ නිව්සිටි ස්ටෝර්ස් එකට ගිහින් ජය අංක හොයල බැලුවම තමයි දැනගෙන තියෙන්නේ පළවෙනි තෑග්ග ඇදිල තියෙන්නේ තමන්ට බව. රුපියල් 97,434.50 කියල කියන්නේ ඒ කාලේ ලොකු ගානක්. කොහොම හරි කිරිඅප්පු මහත්තය ත්‍යාගය හිමිකරගත් කතාව ඒ කාලේ පත්තර වලත් පළවෙලා තියෙනවා.
කොහොම හරි කිරිඅප්පු මහත්තය තමන් දිනපු දේ නැති නාස්ති කරගෙන නෑ. ඒ මුදලින් ඉඩකඩම් මිලට අරගෙන තමන්ගේ සහෝදර සහෝදරියන්ට ලබාදීලා තියෙනවා. ඊට පස්සේ, ඔහු ඔහුට අක්කර විස්සක ඉඩමක් සහ කුඹුරු යායක් මිලට අරන් තියෙනවා. වාහනයක් එහෙමත් මිලට අරන් තියෙනවා. එකපාරට පොහොසත් වෙච්ච අවරුදු 24 තරුණයා පස්සෙන් ගමේ ගොඩේ තරුණියන් පමණක් නෙමෙයි එයාලගේ මව් දෙමව්පියොත් එන්න ගත්තලු තමන්ගේ දුවරු දෙන්න. පුංචිඑතනා රාජකරුණා කියන තරුණියක් සමග ඔහු විවාහ වෙලා තියෙනවා දවස් හතරක් ජයට මගුල් කාල. පස්සේ තමන් මිලට ගත් ඉඩමේ විශාල නිවසකුත් ඉදිකරලා තියෙනවා. මාවනැල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ මෙම නිවාස ස්වීප් වත්ත යනුවෙන් ප්‍රසිද්ධ වෙලා ඇති අතර කිරිඅප්පු මහත්තය ස්වීප් මුදලාලි නමින් ප්‍රසිද්ධ වෙලා තියෙනවා.
තමන්ට ලැබුන වාසනාව හරියට යොදාගෙන, සියල්ලන්ටම සලකාගෙන දියුණු වෙච්ච කිරිඅප්පු මහත්තයා හැමෝටම ආදර්ශයක් මොකද අද බොහෝ දෙනාට මේ වගේ වාසනාවක් ලැබුනොත් සිදුවෙන්නේ හිටපු තැනෙනුත් පහළට වැටෙන එක. කොහොම හරි කිරිඅප්පු කියල කියන්නේ ලංකාවේ පළවෙනි ලොතරැයි වාසනාවන්තය විසියට ඉතිහාස ගත වෙච්ච පුද්ගලයෙක්.
issuwe Fb eken