ලංකාවේ ප්‍රථම සිංහල මුද්‍රණාලය
ලංකාවේ ප්‍රථම සිංහල මුද්‍රණාලය
ලංකාවේ ප්‍රථම සිංහල බෞද්ධ පුවත්පත "ලංකාලෝකය" මුද්‍රණය කලේ ප්‍රථම සිංහල මුද්‍රණාලය වන "ලංකෝපකාර" මුද්‍රණාලයේය.
මෙම ලංකාවේ පැරණිතම හා ප්‍රථම සිංහල බෞද්ධ මුද්‍රණාලයේ මුද්‍රණ යන්ත්‍රය දැනට තිබෙන්නේ කොග්ගල කතළුව රංවැල්ල පුරාණ විහාරස්ථානයේය.
එංගලන්තයේ නිෂ්පාදිත මෙම යන්ත්‍රය තායිලන්තයේ හිටපු රජ කෙනෙකු වූ චූලලංකාර රජතුමා ක්‍රි.ව. 1862 දී බුලත්ගම ධම්මාලංකාර හාමුදුරුවන්වහන්සේට, ලංකාලෝකය මුද්‍රණය කළ ලංකෝපකාර මුද්‍රණාලය ලබා දී තිබේ.
එවකට මේ යන්ත්‍රය ගාලු වරායට ගෙනවිත්, ගාල්ලෙ අටපට්ටම් විහාරය නොහොත් පරමානන්ද විහාරයේ සවිකර භාවිතයට ගෙන ඇත. ජාතිය අවදිකල පංචමහා වාද පැවැත්වූ යුගයේදී බෞද්ධයින්ට මහා ශක්තියක් වුනේ මේ මුද්‍රණ යන්ත්‍රය තමයි. පානදුරාවාදයේදී, බද්දේගම වාදයේදී අවශ්‍ය පත්‍රිකා මෙන්ම පෝස්ටර් යනාදියත් නිර්මාණය කළේ මේ යන්ත්‍රයෙන්. සැබවින්ම මෙය ජාතියක් අවධිකළ පුරාවස්තුවකි.
1942 දී, ලෝක යුද සමයේදී මෙය පානදුරේ රන්කොත් විහාරයට ගෙනගොස් ඇත . 1910 වනතුරුම මේ "ලංකෝපකාරය" මුද්‍රණාලය භාවිතා කර ඇත. ඉන්පසුව මෙය කතළුව රංවැල්ල පුරාණ විහාරයට රැගෙනගොස් ඇත .
මේ තමයි "ලංකෝපකාරය" මුද්‍රණාලයේ මුද්‍රණය කළ ලංකාවේ ප්‍රථම සිංහල බෞද්ධ පුවත්පත වූ "ලංකා ලෝකය" අච්චු ගැසූ යන්ත්‍රය.