අපේ රටේ ලිංගිකත්වයට විරුද්ධ අය බොහෝ විට ඒවාට විරුද්ධ වන්නේ තම තමන්ගේ මත හෝ ආගමික මත නිසා. නැතිනම් ගතානුකතිකවාදියෝ නිසා. එහෙමත් නැතිනම් අනවශ්‍ය ගැබ් ගැනීම් වැලැක්විය යුතු නිසා. තමන්ගේ මත අනුන්ට බලෙන් ඔබන්නට යාම සාධාරන නෑ. ඒ වගේම සමාජ ක්‍රමයක් අසාර්ථක නම් එය රැක ගැනීමෙන් පලක් නැහැ. අපේ රටේ තරුනයො ලිංගික කුහකත්වයෙන් පිරිල, කිසිම ආත්ම අභිමානයක් නැහැ , ඒ වගේම ප්රචන්ඩකාරියි. එමෙන්ම අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වන්න විවාහ වෙනකන් ලිංගික කාර්යයන්ගෙන් වැලකිය යුතු යැය් අනුමත කරන බොහෝ වෛද්‍යවරු එහෙම කරන්නෙ පදනමක් ඇතුව නෙමෙයි, තමන්ගෙ පෞද්ගලික මත නිසා. ඒක හරියට සීනි වලින් දිය වැඩියාව හැදෙන්න පුලුවන් නිසා සම්පූර්නයෙන් සීනි පරිභෝජනය නැවැත්විය යුතුය් වගේ කතාවක්. අනවශ්‍ය ගැබ් ගැනීම් වලට විසඳුම උපත් පාලන ක්‍රම. නමුත් අවාසනාවට පාසල් වලටත් දෙමව්පියන්ටත් ලිංගිකත්වය කුනුහර්පයක්, ඒ නිසා ලමයින්ට උපත් පාලන ක්‍රම ගැන වගේම ලිංගිකව එක්වීමේදී තමන්ට ඇති වගකීම ගැන අධ්‍යාපනයක් ලැබෙන්නෙ නැහැ. කන්‍යාභාවය පූජනීය දෙයක්ය, එය නැති විය යුත්තේ විවාහය නමැති නීත්‍යානුකූල බැඳීමට එකඟ වීමෙන් පසුව පමනක්ය යන මතය අපේ රටේ බහුතරයක් වෛද්‍යවරු පවා දැරීම අවාසනාවට කාරනයක්.
ඔබ දන්නවාද? පර්යේශන වලට අනුව දිනකට පිරිමියෙකු දහතුන් වතාවකුත්, ගැහැනුන් පස් වතාවකුත් ලිංගිකත්වය ගැන හිතනව. නමුත් ලිංගිකත්වය කියන්නෙ නොහොඹිනා දෙයක්ලු......, ලිංගික ක්‍රියා වල නිරත වීම මහ පොලව නුහුලන අපරාධයක්ලු. එයින් වසර 2600 ක් පරන අපගේ සංස්කෘතිය විනාශ වෙනවාලු. නිරුවත, ලිංගික ක්‍රියා රස විඳීම අපේ සංස්කෘතියට අයිති නැහැලු. මේ දිනපතා අපිට පාසලෙන්, රූපවාහිනියට එන ගන්න තියෙන ආතල් ඔක්කොම අරගෙන ඉවර කරපු පඬියන්ගෙන් ඇහෙන දේ. එහෙනම් ලංකාවෙ ඉන්නෙ අමුතුම මිනිස්සුද, නැත්නම් ඔය ඇතිවෙන ලිංගික හැඟීම් පිට වෙන්නෙ නැති අයද?
ලංකාවෙ මිනිස්සුන්ට ලිංගිකව හැසිරීම තියා තරුණ ජෝඩුවක් අත් අල්ලන් ගියත් කේන්ති යනවා, නිරුවත තියා කොට සායක් දැක්කමත් ඉහ මොල රත් වෙනව. අත් පටලවා ගෙන යාමත්, කොට සාය ඇඳීමත් රටක් විනාශ කරන්න පුලුවන් අපූරු බලයක් තියෙන දෙයක් කියලායි ඔවුන් කියන්නේ. ඉතින් පාලකයන්ටත් මේ අයව සතුටින් තියන්න ක්‍රියා මාර්ග ගන්න වෙලා. මම දැක්කා පහුගිය දවස්වල පුවතක් කුරුනෑගලදි අත් අල්ලන් ගිය ජෝඩු දෙසීයක් විතර අත් අඩංගුවට අරන්. තවත් හෝටල් කාමර වටලනව, ගාල්ල කොටුව පෙම්වතුන්ට තහනම් කලාපයක් කරනව. දැන් සියල්ල හොඳින්, රට යහපත් උනාද? ..... නැහැ, තරුනයො කාම චිත්‍රපටි වලට ඇබ්බැහි වෙලා, ගනිකා ව්‍යාපාරය සරුවට සිදුවෙනව, රට තවත් අනතුරේ. කාම චිත්‍රපටි අවහිර කරනව, ගනිකා මධ්‍යස්ථාන වටලනව. ඒත් තත්වය තවත් නරක අතට හැරෙනවා, ග්‍රීස් යක්කු බෝ වෙලා ගෑනුන්ට අතවර කරනව, මේ අතරෙ පාරට බහින මහ ජනයා ග්‍රීස් යක්කුන්ට ගහල මරනව. සමාජයම අබ්බගාත වෙලා, නොදියුනු අප්‍රිකානු රටක තත්වයට ලංකාව වැටී ගෙන යන්නේ.
ඉතින් ඔබ හිතනවාද ලිංගිකත්වය සමාජයෙන් යටපත් කලාම ඔක්කොම හරි යයි කියල. නමුත් යටපත් කරන්න කරන්න තත්වය තවත් තවත් නරක අතට හැරෙනව. ඒකයි යතාර්ථය.
කාම චිත්‍ර පටි, ගනිකා වෘත්තිය පවතින්නෙ ඒවට ඉල්ලුමක් පවතින නිසා. මිනිස්සු තමන්ගෙ ලිංගික ෆැන්ටසි තෘප්තිමත් කර ගන්න කාම චිත්‍රපටි පාවිච්චි කරනවා. තමන්ගෙ ෆැන්ටසිය වෙනුවෙන් අපචාර වල නිරත වීමට වඩා ඒ ක්‍රමය දහස් ගුනයක් හොන්දයි කියලායි මම නම් හිතන්නේ. කාම චිත්‍රපටි තහනම් නැති රටවල් වල ලිංගික අපරාධ අඩු බව වාර්තා වෙනවා. ගනිකා ව්‍යාපාරය කියන්නෙ මුදලට ලිංගිකත්යව ගන්න බලන් ඉන්න පිරිස් වගේම එය සපයන්න සූදානමින් ඉන්න පිරිස් සමාජයෙ ඉන්න ඒ ක්‍රමයක්. ඒක නැති කරන්න බැහැ. ලෝකෙ කිසිම රටක් ගනිකා වෘතිය නැති කරන්න සමත් වෙලා නැත්තෙ ඒ නිසයි. එම නිසා තහනම් කරපු පලියට ගනිකා වෘතිය නතර වෙලා නැහැ නේද? හොරෙන් හරි සිද්ධ වෙනව, ඉතින් කල යුත්තේ එය නීත්‍යානුකූල කොට පාලනයකට යටත් කිරීමයි. නැතිනම් වගකීම් රහිත ගනිකා ව්‍යාපාරයක් රට තුල හොරෙන්ම ක්‍රියාත්මක වීමයි සිද්ධ වෙන්නෙ. නමුත් තාමත් අපේ රටේ සදාචාරය ලඟා කර ගත හැකි එකම ක්‍රමය හැටියට දක්වන්නෙ ලිංගිකත්වය හැංගීම. සමාජයේ මිනිසුන් ලොකු ලිංගික පීඩනයනට ඒ ක්‍රමය ලක් කරල. ඒ පීඩනය වහගන්න ආපහු අපි බොරු සංස්කෘතියක් දේශනා කරනව. ලිංගික ආසාවල් සංසිදවගන්න තියෙන හැම ක්‍රමයක්ම අවහිර කරල. අපිට වෙලා තියෙන්නෙ අපේම ඔලු ඇතුලෙ නිරුවත් රූප මවාගෙන අපිටම තනියෙන් ආතල් දීගන්න. අපේ රටේ පිරිමි ගෑනු ඇඟ පේනවට අඳිනවට අකමැති අමුතුම ජාතියක්ද? නැහැ, තමන්ටම ලොකු බොරුවක් කර ගන්නෙ. අන්තිමට අපි හැමෝම මහ බොරු කාරයො වෙලා. අපිට රූපවාහිනියෙ පේන නිලියෙක්ගෙ කකුලකුත් මහා වින්දනීය දෙයක් වෙලා නිලි ගනිකාවො මහ ලොකු ප්රවෘත්ති වෙලා. එහෙමත් නැතිනම් මාධ්‍ය ඒවා එහෙම කරලා.
බලන්න, පෙබරවාරි පටන් ගන්නකොටම සදාචාර කල්ලි හැදිල වැලන්ටයින් තහනම් කරන්න කියනව. සමරන අයට හිරිහැර කරනව. පොලිසි වලින් සදාචාරය රකින්න හෝටල් වලට පනිනව. තරුණ යුවලකට අත් අල්ලන් පාරේ යන්න බෑ. හැගීමක් ප්‍රකාශකරන්න සිප ගැනීමක් කරන්න බෑ. ඕක තමයි අපේ රටේ ලිංගික කුහකත්වය. යම් අධ්‍යාපන ක්‍රමයක් යටතේ ගැහැනුන්ගෙන් වෙන්ව හැදෙන අපේ රටේ පිරිමින්ට ගැහැනිය ලිංගික සෙල්ලම් බඩුවක් බවට පත්වෙලා නේද? ලිංගිකව එක් වීමෙන් ආදරය ඉවත් වෙලා. ගැහැනිය කියන්නෙ හැඟීම් දැනීම් නැති බස් එකේ යන ගමන් හේත්තු වෙන්න තියෙන භාන්ඩයක් බවට පත්වෙලා. කොටට අඳින ගෑනු වල් ගෑනු කියල හිතන්න අපිව පුරුදු කරල. පිරිමින්ගෙ හැඟීම් ඇවිස්සෙන විදියට ඇඳුම් අඳින ගෑනුන්ට වෛර කරන්න පුරුදු කරල. ගෑනුන්ව වැරදි කාරයො කරල. ලිංගික ආසාවල් යටපත් කරගැනීම නෙමෙයි. කාටවත් හිරි හැරයක් නැති විදියට ඒව විඳගැනීමයි සමාජයටත් තමන්ටත් වඩා හොඳ කියල අපේ අය තවමත් තේරුම් අරන් නැහැ. මොනව කිව්වත් ලෝකෙ හැම රටකම මිනිස්සු වගේ අපේ රටේ මිනිස්සුත් මහම මහ වලත්තයො. අපේ අය ඒක පිලිගන්න නම් සූදානම් නැහැ. අපේ අය හදන්නේ ඒක වහගන්න. එහෙම නේද?
meke klin post ekakin copy karapu ekak mchnala. kagenda mathaka na