ලංකාවේ බේබද්දෝ වර්ග 7ක්

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ලංකාවේ බේබද්දෝ වර්ග 7ක්

    අමුතු විදහේ බොන පුරුදු තියන ලංකාවේ බේබද්දෝ වර්ග 7ක්




    [FONT=&quot]


    බියර් සහ වයින් වලින් පටන් අරගෙන කන සාක්කුවට වැටෙන තරම් සැර බීම ගහන උදවියත්, ඉඳල හිටල සීයක් වනාගැනීමේ ඉඳල ඩේලි කුඩු වෙන්න ගහන උදවියත් අතරේ තවත් බෙබ්ස්ලා වර්ග ගොඩක් ඉන්නවා. ඔයත් ඩ්‍රින්ක් එකක් ගන්න කෙනෙක්නම් වෙනස් සහ අමුතු විදිහේ බීම පුරුදු තියන මිනිස්සු ඔයත් දැකල හමුවෙලා ඇති. ඒ අයත් එක්ක චියර්ස් කියලත් ඇති. අන්න ඒ විදිහේ ලංකාවේ බෙබ්ස්ලා, එහෙමත් නැත්නම් බොනපාට්ලා වර්ග ටිකක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ. ඔයත් බොන කෙනෙක්නම් මේ කැටගරි වලින් එකකට හෝ කීපෙකට අයිති වෙන්න පුලුවන්. ඒ මොකකටද කියල අපිට කමෙන්ට් එකකින් කියාගෙනම යන්න.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    1. පාටි ඇනිමල්


    Alcoholic-Types-aniwa-01.gif
    Source – pinterest.com
    [FONT=&quot] මේ වර්ගේ කස්ටිය ගහන්නේ පාටි වලදී විතරයි. මේකට හේතුව ගෙදර නෝනා, මුණ යකා කරගෙන ගෙදර ඉන්න නිසා වෙන්නත් පුළුවන්. නැත්නම් අතින් සල්ලි වියදම් කරලා බොන්න කැමති නැති නිසා වෙන්නත් පුලුවන්. ගොඩක් වෙලාවට මේ වර්ගේ කස්ටිය පාටි වලට එන්නෙත් නෝනව ගෙදර දාලා. ඒ වගේම මේ විදිහෙ හුඟක් අය ආපහු ගෙදර යන්නෙ ටයි එක පාටියෙ දාල තමයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    2. ලයිට් ෂොට්


    Alcoholic-Types-aniwa-02.gif
    Source – pastemagazine.com
    [FONT=&quot] “මම වැඩිය ගන්නේ නැහැ. බිෆෝ ලන්ච් එක ෂොට් එකක් වගේ තමා”[/FONT]
    [FONT=&quot] මෙහෙම කියලා ආඩම්බරෙන් අනික් අය දිහා බලන වයසක අංකල්ලා, ඕනේ තරම් ඉන්නවා. මේ අය ගොඩක් වෙලාවට ඇත්තටම බොන්නේ නැතිම තරම්. සමහර වෙලාවට සමාජයෙන් කොන් වෙන නිසා හෝ ඇත්තටම බොන්නේ එච්චර වගේ නිසා තමයි එහෙම ස්ටෙලා වෙන්නේ.[/FONT]



    [FONT=&quot]
    [/FONT]
    3. ඇඩ්‍රස් නෑ


    Alcoholic-Types-aniwa-03.jpg
    Source – weweddingguide.com
    [FONT=&quot] මෙන්න චරිතේ! පටන් ගන්නේ ස්මෝල් ෂොට් එකකින්, ඒ වුනාට ළඟ නැවීම් කිහිපයක් සහ ගුඩුස් පාරවල් දෙක තුනක් ගිය ගමන් මේ වර්ගේ කස්ටිය ෂට් ඩවුන් තමා. ඊට පස්සේ දෝලාවෙන් යහන්ගත කිරීම් වලින් පසුව තමා පසුදින උදෑසන ආපහු මැෂිම ඔන් කරගෙන වැඩ පටන් ගන්නේ. [/FONT]

    4. කොක්ටේල් ලවර්


    Alcoholic-Types-aniwa-04.gif
    Source – latenightwithj.com
    [FONT=&quot] මෙයා ඔය විස්කි බ්‍රැන්ඩි නීට් ගහන්නේ නැහැ. ගැහුවත් ගහන්නේ කොහේ හරි රෙස්පෙක්ටබල් ස්පොට් එකකින් කොක්ටේල් එකක් වගේ තමයි. නානාප්‍රකාර නම් වලින් තියන කොක්ටේල් හොඳටම හදන බාර් ගැන එහෙම මෙයාට ඉහල දැනුමක් තියනවා. ඒ වගේම ගන්න කොක්ටේල්ස් ඔක්කොම වගේ සෝෂල් මීඩියා ශෙයා වෙනවා එකෙන්ම.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    5. බියර් බේබි


    Alcoholic-Types-aniwa-05.jpg
    Source – newsmobile.in
    [FONT=&quot] “දුමින් මතින් තොරයි බියර් වලට බරයි “ටයිප් මේ අය ඔය හාඩ් ලිකර් ගන්නේ නැහැ. හැබැයි කොහේ හරි ගිහින් ආවත්, නිකන් ගෙදෙට්ට වෙලා හිටියත් බියර් එකක් නම් අතේ වරදින්නේ නෑ. එහෙම නැතිනම්, හවසට ඇවිත් යාලුවෙක් එක්කලා චැට් එකක් දාගෙන බියර් කේස් එකක් උනත් හිස් කරන එක මේ අයට සුළු දෙයක්.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    6. කලර් කොන්ෂස්


    Alcoholic-Types-aniwa-06.gif
    Source – esquire.com
    [FONT=&quot] බොද්දි අරක්කු වල පාට ගැන හිතන අය ඕනේ තරම්. ඒ අය හිතන්නේ තමන්ට වැඩිපුර වදින්නේ ඩ්රින්ක් එකේ තියෙන පාට නිසා කියලයි. මේ අය සුදු සහ දුඹුරු පාට පිල් වලට තමයි ප්‍රධාන වශයෙන් බෙදිල ඉන්නෙ. ඒ වගේම තමන් බොන්න කැමති පාට වලින් පිට මොනා හරි ඩ්‍රින්ක් එකක් බොන්න සෙට් උනොත් අනිවා කබරයා පාර තමා. නැත්නම් පහුවදාට ඔලුවෙ කැක්කුම.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    7. වෙජිටේරියන් බෙබා


    Alcoholic-Types-aniwa-07.gif
    Source – indiatimes.com
    [FONT=&quot] මෙයාලා සාමාන්‍යයෙන් ජීවිතේ හොඳට මස් මාළු කන අය. අනේ ඒ වුනාට දෙකක් දාගත්තට පස්සේ එළුහාමි වගේ හොයන්නෙම එළවලු වර්ග. ගෝවා තම්බලා ලුණු ගම්මිරිස් ටිකක් ඉහලා ගන්නවා කියන්නේ මෙයාලාට නිධානයක් පහල වුනා වගේ තමා.[/FONT]