ලංකාවේ බොරු කුඩුකර, ඇවන්ගාර්ඩ්ට යුරෝපයෙන

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ලංකාවේ බොරු කුඩුකර, ඇවන්ගාර්ඩ්ට යුරෝපයෙන

    එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් නුවර පිහිටි යුරෝපිය ව්‍යාපාරික සම්මේලනය විසින් ලෝකයේ විශිෂ්ටතම ජාත්‍යන්තර සමුද්‍රාරක්ෂක ක්ෂේත්‍රයේ ව්‍යාපාරික සන්නාමය සඳහා වාර්ෂිකව පිරිනමන ' සොක්‍රටීස් සම්මානය' 2016 වසර සඳහා පිරිනමා ඇත්තේ ශ්‍රිලංකාවේ ඇවන්ගාර්ඩ් සමුද්‍රාරක්ෂක සමාගමටය.

    ලොව පුරා පවතින ප්‍රධාන පෙලේ සමුද්‍රාරක්ෂක සමාගම් 175ක් පසුපසට ඇද දමමින් මෙම සම්මානය ඇවන්ගාර්ඩ් සමාගම දිනා ගෙන ඇත. පසුගිය 7 වනදා ප්‍රංශයේ කේන්ස් නුවර කාර්ල්ටන් ඉන්ටර්නැෂනල් හෝටලයේදි මෙම සම්මාන පිරිනැමීම සිදුකොට තිබේ.

    කෙසේ නමුත් වත්මන් යහපාලන ආණ්ඩුව බිහිවීමෙන් පසුව ඇවන්ගාඩ් සමාගමට එරෙහිව චෝදනා පිට චෝදනා එල්ල විය. මූල්‍ය චෝදනා, අවිජාවාරම් චෝදනා ඒ අතර විය. මේවන විට අල්ලස් කොමිසම මෙම සමාගම විසින් රජයට පාඩුවක් සිදු කළාය යනුවෙන් චෝදනා කොට නඩු පැවරීම සිදුකොට ඇති අතර බරපතල අපරාධ පිලිබඳ ජනාධිපති විමර්ශන විශේෂ කොමිසමද පසුගියදා නිවේදනය කර තිබුනේ එම විමර්ශන අවසන් කර ඇති බවත් නෛතික පියවර ගන්නා බවත්ය.

    මේ අතර ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා අන්දොලනාත්මක ප්‍රකාශයක් සිදු කරමින් මෙම සමාගම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම නඩු පැවැරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක්ද එල්ල කළේය.

    කෙසේ නමුත් ඇවන්ගාර්ඩ් සමාගමට එරෙහිව ක්‍රියාත්මක වූ මෙරට බලවේග දේශපාලන වුවමනාවන් හා කප්පම් මුදල් නොලැබීම හා එම ව්‍යාපාරය තමන් සන්තක කර ගැනිමේ වුවමනාවන් මත ක්‍රියාත්මක වු බව පැහැදිලිව අනාවරණය විය. එහෙත් මේ දක්වා පැහැදිලි චෝදනාවක් එම ව්‍යාපාරයට එරෙහිව සිදුකර නොමැත. අල්ලස් කොමිසම විසින් පැවැරූ නඩුවද විවාදාපන්නය.

    මෙරටදි චෝදනා පිට චෝදනා එල්ල වී ඇති මොහොතක ඇවන්ගාර්ඩ් සමුද්‍රාරක්ෂක සමාගමට ජාත්‍යන්තරයෙන් විශිෂ්ට ඇගයුමක් ලැබී තිබීම මෙම චෝදනා සම්බන්ධයෙන් නැවත වරක් සිතා බැලීමට චූදිතයන්ට සිදුවනු ඇති නමුත් කෙසේ හෝ මෙම සමාගම විනාශ කර දැමීමේ නොනිත් ආශාවෙන් පෙලෙන නිසා ඔවුන් ඒ නොසලකා හැරීම සිදුවිය හැකි වූවත් සිහි බුද්ධියක් ඇති ජනතාවට ඒ ගැන නොතකා සිටිය නොහැක.

    දේශපාලන න්‍යාපත්‍රයන් මත මේ රටේ අපරාධ විමර්ශන කටයුතු සිදුවන බවට පසුගියදා ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට මෙම සම්මානය මඟින්ද වලංගුතාවයක් ලබා දී ඇති බව කල්පනා කිරීම වැරදි නොවේ.
     
    • Like
    Reactions: ruchira55

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වද &න්නය ඔනෙම තැනකට ගියොත් කියන්නෙ අපනයනය දියුනු කරල ඩොලර් හොයමු කියල, ඒත් වද &න්නයට අමතක වෙලා ඇවන්ගාඩ් එක කරෙත් ඩොලර් ලක්ශ ගනනින් ලකාවට ගෙනත් දීපු එක කියල,ඒකයි ඇවන්ගාඩ් එක &න්නය විනාශ කරල දැම්මෙ.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    thama ship walata avant garde aya yanawa
    eth dan floating armory naha
    eka loku paduwak
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    පච කඳු මතින් ජාතියක් විනාස කරපු මීහරක් 62ලක්ශයට දැන් සනීපද?