ලංකාවේ භූ කම්පන

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ලංකාවේ භූ කම්පන

දමන ප්‍රදේශ රැසක පෙරේදා භූ කම්පන

සුසන්ත අමරබන්දු - අම්පාර විශේෂ

දමන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ප්‍රදේශ රැසකට පෙරේදා (24 වැනිදා) සිට විටින් විට භූ කම්පා රැසක්‌ සිදු වූ බව එම ගම්මානවල ප්‍රදේශවාසීහු පවසති. වඩිනාගල, කිව්ලේගම, දේවාලහිඳ, ගල්කන්ද ආදී ග්‍රාමසේවා වසම්වලට මෙලෙස භූ කම්පා සිදුව තිබේ. මේ නිසා ඇතැම් ප්‍රදේශවල බිත්ති ද ඉරි තැලී ගොස්‌ තිබේ.

පෙරේදා උදෑසන 10.30 ට පමණ පොළව දෙදරුම් කන අයුරු මට දැනුණා. එදින සවසත් පොළොව දෙදරුම්කනවා දැනුණා. ප්‍රදේශ රැසකට මේ අයුරින් විටින් විට භූමිකම්පා තත්ත්වයන් ඇති වූ බව ගම්වාසීන් පැවසුවා යෑයි ද වඩිනාගල ග්‍රාම නිලධාරි තුෂාර ගමගේ මහතා පැවසීය.

"උදේ 10.30 සිට සවස 5.30 වන විට විටින් විට අවස්‌ථා 06 කදී පොළව දෙදරුම්කෑවා. එකපාරටම පොළවෙන් ලොකු ශබ්දයක්‌ එක්‌ක නිවසේ තිබූ පුටුත් සෙලවෙන්න ගත්තා. වහළත් දෙදරුම්කන්න පටන් ගත්තා. 24 වැනිදා උදේ 10.30 සිට අවස්‌ථා 06 කදී මෙලෙස භූ චලනයන් සිදුවුණා. මීට මාස කිහිපයක සිට අවස්‌ථා කිහිපයකදී මේ ආකාරයෙන් විටින් විට භූ චලනයන් රැසක්‌ සිදුවුණා. එක්‌වරකදී මාගේ නිවසේ බිත්තිත් ඉරිතැලී ගියා යෑයි දමන ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක ඡේ. ඊ. ප්‍රේමලාල් මහතා පැවසීය.

කෙත්සිරිගම ආරණ්‍යයේ විහාරාධිපති බිබිලේ පියදස්‌සි හිමියන් ද පවසා සිටියේ පෙරේදා සවස්‌ කාලයේ අවස්‌ථා 03 කදී භූ චලනයන් සිදුවූ බවයි. එක්‌වරම ශබ්දයක්‌ සමඟ යම්කිසි දෙදරීමක්‌ වූ බව ද උන්වහන්සේ පැවසූහ.

මේ ආකාරයෙන් විටින් විට සුළු භූ චලනයන් මෙම ප්‍රදේශයන්ට ඇතිවීම අනාගතයේ විශාල විනාශයකට මුල පිරීමක්‌දැයි ප්‍රදේශවාසීන් තුළ බියක්‌ ඇතිව තිබේ. එබැවින් මෙලෙස විටින් විට ඇතිවන භූමිකම්පා පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස ද ඔවුහු වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.

 
  • Like
Reactions: crazybuddy

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්ද බං.. ලංකාවටත් කෙලවීගෙන එන පාටයි..
    මොන තරම් ධනය බලය තනතුරු තිබුණත් අප සියලු දෙනා ස්වභාව ධර්මයට යටයි
     

    Pol Raa

    Member
    Nov 25, 2012
    3,047
    131
    0
    අනේ මන්ද බං.. ලංකාවටත් කෙලවීගෙන එන පාටයි..
    මොන තරම් ධනය බලය තනතුරු තිබුණත් අප සියලු දෙනා ස්වභාව ධර්මයට යටයි

    :(:(