ලංකාවේ මුල්ම Alternative Arduino IDE එක මෙන්න.

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ලංකාවේ මුල්ම Alternative Arduino IDE එක මෙන්න.

    ලංකාවේ මුල්ම Alternative Arduino IDE එක මෙන්න.

    splash-jp.jpg


    satanderd Ardunio IDE එකේ තියෙන පහසුකම් වැඩි දියුණු කරලා එක එක Alternative IDE බිහිවෙලා තියෙනවා. එහෙම තියෙන එවායෙන් ගොඩක් ඒවා commercial software. අද මම කියන්න යන්නේ ඒ විදිහට හදපු Alternative Arduino IDE ගනයි. මේක 100% ක්ම මගේ නිර්මාණයක්. ඒ වගේම තමයි මේක 100% Free software එකක්. කැමතිනම් donate කරන්න පුලුවන්. මේකේ නම තමයි Codino (කෝඩිනෝ).

    Codino Install කිරීම.

    මේකෙන් වැඩ කරන්න MS .Net Framework 4.0 හරි ඊට පස්සේ ආපු අලුත් version එකක් හරි ඕනේ. ඔයාලා ගාව MS .Net Framework 4.0 නැත්නම් මෙතනින් download කරගන්න.
    ඊට පස්සේ පහලින් තියෙන link එකෙන් ගිහිල්ලා software එක download කරගන්න.

    Download codino from : http://codino.businesscatalyst.com/

    setup file එක download කරගෙන install කරාට පස්සේ පොඩි settings වගයක් කරන්න ඕනේ. ඒකට software එක RUN කරලා File > Preferance > Arduino වලට ගිහිල්ලා Arduino main EXE path කියන තැනින් Arduino IDE එක තෝරලා දීලා OK කරන්න. එච්චරයි කරන්න තියෙන්නේ. දැන් ඉතින් තියෙන්නේ Code කරන්න තමයි.
    set.PNG


    අලුත් Arduino Project එකක් පටන් ගැනීම.

    ඒකට Codino software එක RUN කරලා File > Create new Porject ගිහිල්ලා ලැබෙන window එකෙන් "Arduino sketch" තෝරලා කැමති නමක් දීලා Save වෙන්න ඕනේ Folder එකත් තෝරලා Create button එක ඔබන්න. ඊට පසේ Code කරන්නට් තමයි තියෙන්නේ.

    np.PNG


    Codino එකෙන් code කරන්න කලින් ඒකෙ තියෙන පහසුකම් ටික දැන ගන්න ඕනෙනේ. පහලින් තියෙන්නේ codino එකේට් තියෙන අලුත් features ටික.
    Code Auto compete

    ඔයාල Codino පාවිච්චි කරනවනම් කලින් වගේ code සම්පූර්ණයෙන් type කරන්න ඕනේ වෙන්නේ නෑ. Arduino වල තියෙන keyword එකක පලවෙනි අකුරු 2 type කරහම ඒ අකුරු 2න් පටන් ගන්න වචන list එකක් පහලය දිගහැරෙනවා. ඊට පස්සේ කරන්tන තියෙන්නේ Arrow key වලින් හරි වචනය select කරලා enter ඔබන්න විතරයි. මේක නිසා ගොඩක් කාලය ඉතුරු කරගන්න පුලුවන් වගේම දන්නේ නැති keywords එහෙමත් හොයා ගන්න පුලුවන්.
    ac.PNG



    Serial Inspector

    මේක Arduino IDE එකේ තිබුන Serial monitor, Serial plotter කියන 2 ම එකතු කරලා හදපු එකක්. මේකෙ තියෙන විශේෂත්වය තමයි Serial monitor, Serial plotter කියන 2 ම එකම Window එකකදී එකම වෙලාවකදී බලාගන්න පුලුවන්. ඒ වගේම USB cable එක ගලවන්නේ නැතුව Serial data එන එකයි යන එකයි නවත්තන්න පුලුවන්.
    si_p.PNG

    Object Explorer

    Arduino එකෙන් ලොකු ලොකු program ලියන කොට අපිට class, voids ගොඩක් ඕනකරනවා. ඒ උනාට code එක ගොඩක් දිග වැඩි වෙනකොට මේවා තියෙන තැන් හරියටම හොයාගන්න අමාරුයි. ඒ කට විසඳුමක් විදිහට තමයි මේ Option එක ඉදිරිපත් කරලා තියෙන්නේ. මෙතන්දී ඔයාලා හදන class, void වගේ ඒවා Auto detec කරගන්නවා. ඔයාට මොකක් හරි void එකකට යන්න ඕනෙ උනහම ඒකෙ නම උඩ click කලානම් ඇති.

    Keyword Browser

    Arduino programming වලට මො නතරම් දක්ෂයෙක් උනත් අමාරුවෙ වැටෙන තැනක් තමයි Arduino libraries වල keywords නොදන්න එක. Codino වල ඒකට විසදුමක් තියෙනව. ඒ තමයි Keyword Browser එක. මෙතනදි දැනට install කරලා තියෙන හැම Arduino library එකක්ම පෙන්නනවා. ඒකේ නම උඩ Double click කලහම library eඑකේ තියෙන හැම keyword එකක්ම පෙන්නනා. ඔනෙනම් examples උනත් බලාගන්න පුලුවන් මේකෙන්. Tools > Keyword Browser හරහා ගියාම මේක ලබාගන්න පුලුවන්.

    Auto save option

    කලින් Arduino එකෙන් වැඩ්කර කර ඉද්දී කරන්ට් ගියොත් එහෙමත් නැත්නම් මොකකහරි error එකක් නිසා computer එක off උනොත් එහෙම code එක save කරලා තිබ්බේ නැත්නම් ඔක්කොම ඉවරයි. එත් Codino use කරන කොට එහෙම වෙන්නේ නෑ. මොකද කියනවනම් Autosave option එක නිසා off උන computer එක ආයේ on කරලා ආයෙ Codino run කරන කොට කලින් වැඩකර කර හිටිය project ටික Recover කරගන්න පුලුවන්.

    Bookmark

    මෙකත් codino එකෙ තියෙන තවත් වැදගත් අංගයක්. ඔයා දිග program එකක් code කරනවනම් එක එක ලයින් වලට ඉක්මනින්ම යන්නමේ function එක use කරන්න පුලුවන්. කරන්න තියෙන්නේ Doucment එකේ bookmark කරන්න ඕනෙ line එක click කරලා ඉටපස්සේ එතනම Right click කරලා Add Bookmark select කරන්න විතරයි.

    මේ වගේ තවත් ගොඩක් features තියෙනවා ඔක්කොම කියවන්න මේ link එකෙන් යන්න. http://codino.businesscatalyst.com/codino---features.html
    වැඩේ හොදයි නම් post එක share/comment කරන්න. ඒවගේම මතක ඇතුව codino facebook page එකටත් like කරන්න.


    උපුටා ගැනීම.

    Yashodha Lakshana

    http://www.softwarelanthaya.com/2016/11/alternative-arduino-ide.html



     
    Last edited: