ලංකාවේ රස්සා කරන අයගෙන් සීයට 42ක් ඉගෙනගෙන තියෙන්නේ 10 ශ්‍රේණිය වෙනකන් විතරයි 😂😂😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,622
    113
    people-go-to-work.jpeg


    රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවය කරන සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 42ක් පමණ 10 ශ්‍රේණිය දක්වා පමණක් අධ්‍යාපන සුදුසුකම් ඇති අය බවත් උසස් පෙළට වඩා ඉහළ සුදුසුකම් ඇත්තේ සියයට 26.7කට පමණක් බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

    මෙම සංඛ්‍යාලේඛනය යුරෝපීය සංගමය (EU) හා සසඳන විට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින අතර, රැකියා කරන ජනගහනයෙන් සියයට 15කට පමණක් අඩු අධ්‍යාපන සුදුසුකම් මට්ටමක් ඇත.

    2025 පළමු කාර්තුව සඳහා වන ශ්‍රම බලකා වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වත්මන් රැකියා නියුක්තිකයන් ගණන මිලියන 8.1කි.

    ඉන් මිලියන 1.3ක් රාජ්‍ය සේවකයන් වන අතර මිලියන 3.8ක් පෞද්ගලික අංශයේ සේවකයන් වේ.

    රැකියා නියුක්තිකයන්ගෙන් සියයට 42ක් 10 ශ්‍රේණිය දක්වා සුදුසුකම් ලබා තිබුණද, දත්ත මගින් පෙන්නුම් කරන්නේ 2019 සිට 2025 පළමු කාර්තුව දක්වා සියයට 3.9ක අඩුවීමේ රටාවක් පෙන්නුම් කරන බවයි.

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තවදුරටත් ශ්‍රම වෙළඳපොළේ ගැටළු ආමන්ත්‍රණය කරමින් පෙන්වා දෙන්නේ මුළු රැකියා නියුක්තිකයන්ගෙන් සියයට 62.4ක් වයස අවුරුදු 40 සහ ඊට වැඩි අය වන අතර සියයට 15.3ක් පමණක් අවුරුදු 20ත් 29ත් අතර වයස් කාණ්ඩයේ සිටින බවයි.

    ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළඳපොළේ තරුණ සහභාගීත්වය අඩු මට්ටමක පවතින බව එමගින් ඉස්මතු කර පෙන්වයි.

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, රැකියා සඳහා පිරිමි සහභාගීත්වය සැමවිටම කාන්තාවන්ට වඩා ඉහළ මට්ටමක පවතී.

    “ආර්ථික වශයෙන් අක්‍රිය ජනගහනය මිලියන 8.6ක් පමණ වේ. ආර්ථික වශයෙන් අක්‍රිය ජනගහනයෙන් සියයට 27.6 ක් පිරිමින් වන අතර සියයට 72.4 ක් කාන්තාවන් වේ.”යනුවෙන් එම වාර්තාවේ සඳහන් වේ.

    ශ්‍රී ලංකාවේ විරැකියා ගැටලුව උගත් පිරිමින්ට වඩාත් උග්‍ර බව සමීක්ෂණ ප්‍රකාශනයේ සඳහන් වූයේ, පසුගිය වසරවල එහි නිරන්තර නිරීක්ෂණයන්ට අනුවය.

    රාජ්‍ය මූල්‍ය සමාලෝචනය පිළිබඳ මෑත කාලීන ලෝක බැංකු වාර්තාවට අනුව, ද්විතීයික අංශයේ රාජ්‍ය සේවකයන්ගෙන් සියයට 40ක් විශේෂඥයන් නොවන අය වන අතර එයින් අදහස් කරන්නේ සාමාන්‍ය ද්විතීයික පාසල් අධ්‍යාපනයක් ඇති නමුත් විශේෂිත හෝ වෘත්තීය පුහුණුවක් නොමැති අය බවයි.
     
    • Wow
    Reactions: Asmodeus

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,509
    8,698
    113
    Galaha
    ගොඩක් ඇත්තෙ කම්කරු ජොබ්නේ. ඉතින් ඕක හරි ඇති. මම දන්න කොල්ලො ඉන්නව උසස්පෙල ෆේල් වෙලා රෝහල් කම්කරු එහෙම ගියපු.
     
    • Like
    Reactions: Asmodeus

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,962
    4,938
    113
    Enna Tuition dance karawanawa free. Paper eka athata lebunama poddak dance karala kiyanna patan ganna

     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,940
    543
    113
    Sri Lanka
    ගොඩක් ඇත්තෙ කම්කරු ජොබ්නේ. ඉතින් ඕක හරි ඇති. මම දන්න කොල්ලො ඉන්නව උසස්පෙල ෆේල් වෙලා රෝහල් කම්කරු එහෙම ගියපු.
    Look at the sample you took :(
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,516
    47,694
    113
    අැයි ඉතිං නගර සභාවල කුණු අදින්නත් ඒලෙවල් පාස් වෙන්න ඕනද?
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Enna Tuition dance karawanawa free. Paper eka athata lebunama poddak dance karala kiyanna patan ganna


    මේවාට යන උන්ට පිස්සුද මන්ද... යකෝ සල්ලි දීලා මොකක් හරි විෂයක් ඉගෙනගන්න ගියාම, ඒවගේ සින්දු කියනවා පාටි දානවා ජීවිතේට උපදෙස් දෙනවා බණ කියනවා දේශපාලනය කරනවා...

    මම ගිය ක්ලාස් එකක එහෙම ඔය වගේ ගොං පාර්ට් දැම්මා නම් උකා ගනින් කියලා ගෙදර එනවා නැගිටලා... ඇයි යකෝ AL කාලේ වැඩේ ගොඩ දාගන්න වේලාව මාරම වටිනවා...
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,962
    4,938
    113
    මේවාට යන උන්ට පිස්සුද මන්ද... යකෝ සල්ලි දීලා මොකක් හරි විෂයක් ඉගෙනගන්න ගියාම, ඒවගේ සින්දු කියනවා පාටි දානවා ජීවිතේට උපදෙස් දෙනවා බණ කියනවා දේශපාලනය කරනවා...

    මම ගිය ක්ලාස් එකක එහෙම ඔය වගේ ගොං පාර්ට් දැම්මා නම් උකා ගනින් කියලා ගෙදර එනවා නැගිටලා... ඇයි යකෝ AL කාලේ වැඩේ ගොඩ දාගන්න වේලාව මාරම වටිනවා...
    Ow ow AL Subject walata witharak e two years Mind concentrate nokara athal oluwata dagattoth sorry. Sometimes tuition Buwa may not be intelligent one but he wants to raise wealth deceiving majority of students. In that teen age it's very easy to misleading them towards fun rather core studies
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Ow ow AL Subject walata witharak e two years Mind concentrate nokara athal oluwata dagattoth sorry. Sometimes tuition Buwa may not be intelligent one but he wants to raise wealth deceiving majority of students
    ටියුෂන් බුව ඉන්ටලිජන්ට්... ඕවට යන උන් තමයි ගොං...
     
    • Haha
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,962
    4,938
    113
    ටියුෂන් බුව ඉන්ටලිජන්ට්... ඕවට යන උන් තමයි ගොං...
    Eka hari.

    Jeevitheyta One page wath nokiyawana ewun Rellata jandiyata Adan BMICH books exhibition eke porakanawa...rella, moda kama Gon kama .. Sinhala geenu vitarada mehem thadi Gon ?😂
     
    • Like
    Reactions: ttj

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    ඕවා සමීක්ෂණ කරලා හොයන්න ඕනේ නෑනේ. පාරට බැස්සම පාරේ යන හැටි, පාර තියන හැටි දැක්කම රටේ ඉන්නේ මොනවගේ මිනිස්සුද කියල හිතාගන්න පුළුවන්. :ROFLMAO: :ROFLMAO: