ශ්‍රී ලංකාවේ සේවකයන් 22%කට AI නිසා රස්සා නැතිවෙයි...

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ශ්‍රී ලංකාවේ සමස්ත සේවා නියුක්ත ජනගහනයෙන් 22.8%ක්, එනම් සේවකයන් මිලියන 1.83කගේ පමණ රැකියා සුරක්ෂිතතාව කෙරෙහි කෘතිම බුද්ධි තාක්ෂණය සෘජුවම බලපෑම් කළ හැකි බව ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සිදු කරන ලද නවතම පර්යේෂණයකින් හෙළි වී තිබේ.
    පවත්නා දත්ත විශ්ලේෂණය කිරීමට පමණක් සීමා නොවී, අලුතින් අන්තර්ගතයන් නිර්මාණය කිරීමේ හැකියාව පවතින උසස් තාක්ෂණික මෙවලමක් ලෙස ‘GenAI’ හඳුනාගත හැකිය.

    2023 වසරේ ශ්‍රම බලකා සමීක්ෂණ දත්ත උපයෝගී කරගනිමින් 2025 වසරේදී නිකුත් කරන ලද මෙම වාර්තාවට අනුව, මෙරට විවිධ වෘත්තීන් රැසක් මේ හරහා වෙනස්කම්වලට භාජනය වීමේ අවදානමක් පවතී.

    මෙම පර්යේෂණයට අනුව, GenAI තාක්ෂණයට නිරාවරණය විය හැකි සේවකයන් අතරින් 187,000කට අධික පිරිසක් ඉතා ඉහළ අවදානම් මට්ටමක පසුවෙති.

    ඉන් බහුතරය, එනම් 179,290ක්ම ලිපිකරු හෝ ලිපිකරු සහාය සේවාවල නියුතු වූවන් වීම විශේෂත්වයකි. ඔවුන්ගේ දෛනික රාජකාරි බොහොමයක් මෙම නව තාක්ෂණය හරහා සෘජුවම අභියෝගයට ලක්විය හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

    මීට අමතරව, වෘත්තිකයන්, තාක්ෂණික ශිල්පීන් සහ ලිපිකරු සේවයේ තවත් පිරිසක් ඇතුළු සේවකයන් 142,000ක් පමණ මෙම තාක්ෂණයේ වර්ධනයත් සමඟ වැඩි වැඩියෙන් මෙයට නිරාවරණය වීමේ හැකියාව පවතී.

    https://www.lankacnews.com/2026/01/22-ai.html
     
    • Wow
    Reactions: Inigo Montoya

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඕවා ලංකාවට ඵනකොට බැරියැ..තාම හරියට 5G වත් නැති රටක් ලංකාව කියන්නේ..
    අමුතුවෙන් එන්න දෙයක් නැහැ. ඔන්ලයින් ඇක්සෙස් කරන්න විතරයි තියෙන්නේ. :lol:
     

    ASR

    Active member
  • Feb 21, 2007
    745
    248
    43
    AI නිසා මගේ නම් රැකියා සුරක්ෂිත භාවය වැඩි උණා. ඉස්සර මොනවහරි web, s/w, graphic එකක් අටවල කරපු වැඩ දැන් quality එකට ඊටත් වඩා ඇඩ්වාන්ස් විදිහට පහසුවෙන් ඉක්මනට කරගන්න පුළුවන්. එක නිසා මගේ නම් රැකියා සුරක්ෂිත භාවය වැඩි වෙලා. අළුතෙන් දේවල් ඉගෙන ගන්නෙ නැතිව මම පොර සීන් එකේ හිටියොත් නම් තමන්ටත් නොදැනීම බඩු බනිස් වෙනව.