ලංකාවේ වින්ඩොස් හොර කොපිවලට තිත.

KBW123

Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    ලංකාවේ වින්ඩොස් හොර කොපිවලට තිත.

    ලෝකප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගම නිෂ්පාදනය කර බෙදාහරින වින්ඩොස් මෙහෙයුම් පද්ධතියෙහි සංස්කරණයන් හා ඔෆිස් පැකේජය යන මෘදුකාංග ප්‍රවර්ධන කටයුතු ශ්‍රී ලංකාව තුළ ආරම්භ කර ඇති බව වාර්ථා වනවා. මෙමගින් ඔවුන්ගේ නිෂ්පාදනවල මුල් පිටපත් (Original Copies) ජනතාව අතර ප්‍රචලිත කිරීමටත් දැනට ලංකාව තුළ භාවිතා වන ක්‍රැක් කරන ලද පිටපත් හෙවත් හොර කොපි අවම කිරීමටත් බලාපොරොත්තු වනවා. මෙලෙස භාවිතා වන ක්‍රැක් කරන ලද හෝ පැච් භාවිතා කරමින් ක්‍රියා කරන ලද මෙහෙයුම් පද්ධති හා ඔෆිස් පැකේජ භාවිතා කිරීම නීති විරෝධි ක්‍රියාවක් නැතිනම් හොර වැඩක් බව මයික්‍රොසොෆ්ට් සමාගමේ ලංකාවේ නියෝජිතයන් පෙන්වා දෙනවා. එය සනාථ කරමින් මේ දිනවල ෆේස්බුක් සමාජ ජාළය ඔස්සේ හිතට දැනෙන වීඩියෝවක්ද පළ කර තිබෙනවා. එම වීඩියෝව පහතින්.



    කෙසේ වෙතත් එලෙස ක්‍රැක් කරන ලද මෘදුකාංග භාවිතා කරන පුද්ගලයන්ට මෙම පුවත එතරම් සුභදායි පණිවුඩයක් නොවන්නේ එලෙස ව්‍යාජ පිටපත් භාවිතය හේතුවෙන් බුද්ධිමය දේපළ පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් වන බැවිනි. ලංකාව තුළ මීට පෙර මෙම පනත ක්‍රියාත්මක වූයේ පොත්, චිත්‍රපට ව්‍යාජ පිටපත්, ගීත ආදිය සඳහා ක්‍රියාත්මක වූවද මෘදුකාංග සදහා ක්‍රියාත්මක වූ බවක් අසන්නට නැත. මතු වී ඇති තත්වය මත එය ඉදිරියේදී ක්‍රියාත්මක වීමටද ඉඩ ප්‍රස්ථාව ඇත.

    ඔබ දැනට භාවිතා කරන්නේ ව්‍යාජ පිටපතක් නම් නිවැරදිම ක්‍රියාමාර්ගය වන්නේ වින්ඩොස්හි අව්‍යාජ (Genuine) පිටපතක් මිළදී ගෙන එය භාවිතා කිරීමයි. එමගින් ව්‍යාජ පිටපතෙහි ඇතුලත් නොවන වරප්‍රසාද බොහොමයක් ඔබට ලැබෙනවා පමණක් නොව මයික්‍රොසොෆ්ට් ආයතනය ව්‍යාජ පිටපත් සම්බන්ධව නීතිමය පියවරක් අනුගමනය කළහොත් එයින්ද ඔබ නිදහස් වනු ඇත.


    :angry::angry::angry:
     
    • Like
    Reactions: dark92b

    Platy

    Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    oka dan wenne gdak kalekata kalin idan bn. compnies walatanm e dawas wala idan awa balanna
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මම Original OS දාගෙන ඉන්නේ copy කරන එක වැරදි නිසානම් නෙමෙයි crack කරපුවගේ මොන වයිරස් තියනවද කියල දන්නේ නැති නිසා. මුන් advertisement එක හදන්න ඕනේ එක target කරලා
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඕව ගෙයින් ගෙට ගිහින් හොයන්න අමාරුනේ නේද? බැරිම වුනොත් ඩොලර් 120 ට හෝම් වර්ෂන් එක ගන්න වෙන්නේ :sorry:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,570
    16,402
    113
    ane hu_e oya okkoma tika dawasai. :angry: balamuko. owa nawaththanna baha.
    oka karoth karanne shop walata. :eek:
     

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    ඔව්ව කොරන්න පුළුවන් වැඩද . අපි වෙනස්ම ජාතියක් නේ :P:P:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    fb එකෙන් කඩේ ගිය ටොයියන්ට අරින්ඩ යන්නෙ, දැන් ෆී වයිපයි එහෙමත් හම්බුනානෙ කොහොමද වින්ඩොස් සල්ලි දීල ගනිද්දි දැනෙන ආතල් එක ඔකට තමයි වෙනස කියල ලක්ශ 62ක ගොන්නු චන්දෙ දුන්නෙ.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕව අපිට බලපාන්නේ නෑ බන්. මේක ලංකාවනේ. අපිත් ගන්නවා රුපියල් 3000 ක් 4000ක් වගේ සාදාරන කොට ගානකට දුන්නොතින්.
     

    Similar threads