ලංකාවේ වින්ඩොස් හොර කොපිවලට තිත.
ලෝකප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගම නිෂ්පාදනය කර බෙදාහරින වින්ඩොස් මෙහෙයුම් පද්ධතියෙහි සංස්කරණයන් හා ඔෆිස් පැකේජය යන මෘදුකාංග ප්‍රවර්ධන කටයුතු ශ්‍රී ලංකාව තුළ ආරම්භ කර ඇති බව වාර්ථා වනවා. මෙමගින් ඔවුන්ගේ නිෂ්පාදනවල මුල් පිටපත් (Original Copies) ජනතාව අතර ප්‍රචලිත කිරීමටත් දැනට ලංකාව තුළ භාවිතා වන ක්‍රැක් කරන ලද පිටපත් හෙවත් හොර කොපි අවම කිරීමටත් බලාපොරොත්තු වනවා. මෙලෙස භාවිතා වන ක්‍රැක් කරන ලද හෝ පැච් භාවිතා කරමින් ක්‍රියා කරන ලද මෙහෙයුම් පද්ධති හා ඔෆිස් පැකේජ භාවිතා කිරීම නීති විරෝධි ක්‍රියාවක් නැතිනම් හොර වැඩක් බව මයික්‍රොසොෆ්ට් සමාගමේ ලංකාවේ නියෝජිතයන් පෙන්වා දෙනවා. එය සනාථ කරමින් මේ දිනවල ෆේස්බුක් සමාජ ජාළය ඔස්සේ හිතට දැනෙන වීඩියෝවක්ද පළ කර තිබෙනවා. එම වීඩියෝව පහතින්.
කෙසේ වෙතත් එලෙස ක්‍රැක් කරන ලද මෘදුකාංග භාවිතා කරන පුද්ගලයන්ට මෙම පුවත එතරම් සුභදායි පණිවුඩයක් නොවන්නේ එලෙස ව්‍යාජ පිටපත් භාවිතය හේතුවෙන් බුද්ධිමය දේපළ පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් වන බැවිනි. ලංකාව තුළ මීට පෙර මෙම පනත ක්‍රියාත්මක වූයේ පොත්, චිත්‍රපට ව්‍යාජ පිටපත්, ගීත ආදිය සඳහා ක්‍රියාත්මක වූවද මෘදුකාංග සදහා ක්‍රියාත්මක වූ බවක් අසන්නට නැත. මතු වී ඇති තත්වය මත එය ඉදිරියේදී ක්‍රියාත්මක වීමටද ඉඩ ප්‍රස්ථාව ඇත.
ඔබ දැනට භාවිතා කරන්නේ ව්‍යාජ පිටපතක් නම් නිවැරදිම ක්‍රියාමාර්ගය වන්නේ වින්ඩොස්හි අව්‍යාජ (Genuine) පිටපතක් මිළදී ගෙන එය භාවිතා කිරීමයි. එමගින් ව්‍යාජ පිටපතෙහි ඇතුලත් නොවන වරප්‍රසාද බොහොමයක් ඔබට ලැබෙනවා පමණක් නොව මයික්‍රොසොෆ්ට් ආයතනය ව්‍යාජ පිටපත් සම්බන්ධව නීතිමය පියවරක් අනුගමනය කළහොත් එයින්ද ඔබ නිදහස් වනු ඇත.